2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

කුවේට් ගිය කතගේ පියයුරේ කටු ගහලා

2012 අගෝස්තු මස 02 18:30:45 | ලසන්ත නිරෝෂණ පෙරේරා

කුවේට්හි ගෘහසේවිකාවක ලෙස රැකියාවට ගිය කල්තොට එක්දරු මවකට (26) එහිදී ලංකාවේ කතක හා රැකියා නියෝජිතයකු එක්වී ඇගේ පියයුරකටද උල්කටු ගසා ඇතැයි පැමිණිලිකර ඇත. එම කටු දෙක ඉවත් කිරීමට බලන්ගොඩ  රෝහලේදී සැත්කමක්   කිරීමට නියමිතය.

අදහස්(90) බැලූවෝ (23842)

කුවේට් ගිය කතගේ පියයුරේ කටු ගහලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චතුල වෙරෝනා 2012-08-02 18:45:29

තව අහිංසකයෝ කී දෙනෙකුට මෙහෙම වෙලා ඈත්ද?(නු)

දනුක 2012-08-02 18:59:35

පව් ස්වාමියාගෙ අතත් කපලා... දුප්පත් මිනිසුන්ටම මේවා වෙන්නෙ ඇයි..??(නු)

හර්ෂණ 2012-08-02 19:05:19

මේවා කරන අයට හොදක් නම් සිදුවන්න එපා..!!(නු)

සමිත 2012-08-02 19:06:06

හෘහ සේවිකාවන් කියන්නේ ඇත්තටම හරි පව්.. මේක සුරපුරයක් කියලා හිතුවට මේකෙ හැටි දන්නේ ගිය අය පමණයි.. ලංකාවෙ අය ගෘහ සේවය සදහානම් එන්න එපා...කොපමණ නැතිබැරි කම් තිබුණත්.. සම්බෝලයි බතුයි කාලා ඉන්න එක හොදයි.. මෙහෙ එනවාට වඩා...!!(නු)

මංගලා අබුඩාබි 2012-08-02 19:04:24

මේ අය කියන කතාව ඇත්තනම් පව්.. ලංකාවෙ අය හිතාගෙන ඉන්නෙ මැදපෙරදිග කියන්නෙ සුර පුරයක් කියලා.. මේ ගෙවල්වලින් ලංකාවෙ අයට තාඩන පීඩන එල්ලවෙලා තානාපති කාර්යාලයට ගියාම කිසිම සැළකිල්ලක් දක්වන්නෙ නැහැ.. ලංකාවෙ පිරිමින්ට කියන්නෙ ඔබේ පෙම්වතිය, බිරිදට ආදරයක් ඇත්නම් කරැණාකර මෙහෙට එවන්න එපා.. මේවගේ හිංසනයන්ට ලක්වෙනවා ගොඩක් අය...

(නු)

එරික් ඇන්තනී පෙරේරා 2012-08-02 19:04:31

අසරණයන්ට වෙන දේවල් බලන්න කවුරුත් නැහැ... බලධාරියෝ ඇහැරලා ඉන්නෙ ගුවන්තොටුපලේ විතරයි.. බදු ගෙව්වද බලන්න...(නු)

ගීත් 2012-08-02 19:07:30

හරිම කණගාටුදායක සිදුවීමක්.... අනිවාර්යයෙන් වන්දියක් ලබා දිය යුතුයි....!!(නු)

බියංකා 2012-08-02 19:10:17

මේ කරන අපරාධවලට හොදක් වෙන්නෙ නැහැ...!!(නු)

අනෝමා 2012-08-02 19:22:20

වෙන ජාතිකයෙකුට මෙහෙම දෙයක් උනානම් මුළු ජාතියම මේකට විරුද්ධව නැගීසිටලා...(නු)

සෑම් පෙරේරා 2012-08-02 19:32:39

මේගොල්ලන්ට තියෙන්නෙ පුදුම අසනීප තමයි.. තේරෙන්නෙ නැද්ද දන්නෙ නැහැ මේත් මිනිස්සු නේද කියලා..!!(නු)

නුවන් 2012-08-02 19:40:22

ඒ පර දැන් කටු ගහන්නේ අපේම අයනේ...(නු)

නිශාද් 2012-08-02 19:49:58

ලංකාවෙ පිරිමින්ට කියන්නෙ ඔබේ පෙම්වතිය, බිරිදට ආදරයක් ඇත්නම් කරැණාකර මෙහෙට එවන්න එපා.. මේවගේ හිංසනයන්ට ලක්වෙනවා ගොඩක් අය...(නු)

ඉක්‍රම් සෞදි අරාබිය 2012-08-02 19:51:30

නැති බැරි කමට එනවා තමා.. ගිගාකෑවත් ගැහැණුන්ව පිට රට නම් යවන්න එපා...!!

(නු)

මානවඩු 2012-08-02 19:53:40

ඔය කරන දේවල් තමන්ගේ කෙනෙකුට උනානම් කියලා හිතෙන්නෙ නැති හැටි මේ කරන අයට....!!(නු)

fb-icon යොහාන් 2012-08-02 20:06:14

කටුගහපු දෙන්නගේ ඒ අයටවය කපලම දාන්න ඕන...(ස)

සුදේෂ් 2012-08-02 20:32:35

මේවා කරන්නේ ලංකාවේ කාන්තාවන්ට විතරයි. මොකද එයාලා දන්නවා කවුරුවත් මේවට විරුද්ධව හඩක් නගන්නේ නැහැ කියලා. (නි)

මොහොමඩ් රිස්වාන්, සෞදි 2012-08-02 20:39:00

දෛවය විසින් දඩුවම් ලැබෙනු ඇත‍ (ස)

රිස්වාන් - සවුදි 2012-08-02 20:39:10

මොනවා කරන්නද? අපේ රටේ ප්‍රධානම ආදායම් මාර්ගය මේකනේ. (නි)

අතුල 2012-08-02 20:47:18

කොන්ද පණ තියෙනවා නම් පිරිමියෙක් හැටියට තමන්ගේ බිරිදව මැද පෙරදිග හෝ වෙනත් කිසිම රටක බැළ මෙහෙවර කරන්න එවන්න එපා. මේ අහිංසක කාන්තාවත් මුහුණදී ඇත්තේ තවත් දහස් ගණනක් විදින දුක් කරදර වලින් එක අවස්ථාවකට පමණයි. ඇයගේ ස්වාමියා ඉන්න තත්වය අනුව ඇය තමන්ගේ පවුලේ දියුණුව බලාගෙන මේ ගමන ආවත් අවසානයේ මොකද්ද වුණේ? හරිම අවාසනාවන්ත සිදුවීමක්. අපේ රටේ පාලකයන් මීට වඩා මේ කාන්තාවන් විදින කරදර වෙනුවෙන් යමක් කළ යුතු බව මතක් කරන්න ඕනෑ. මොකද අපේ රටට විදේශ විණිමය සපයන්නේ මෙහෙම දුක්විදල බව ඒ අයට හැගෙන්නේ නැද්ද? (නි)

සෙනරත් 2012-08-02 21:07:47

කුවේට් වල ඉන්න අදාළ ලාංකීය කාන්තාව සොයා ගත්තා නම් නඩුවක් දාලා වන්දියක් ගන්න තිබුණා නේද? (නි)

අමිල 2012-08-02 21:22:19

මේ දේ කරලා තියෙන්නේ ලංකාවේ අය නිසා එයා දන්නවා ඇතිනේ ඒ කවුද කියලා. (නි)

ප්‍රේමසිරි 2012-08-03 13:25:13

වසන්තට තමයි කටු ගහන්න ඕනෑ. (නි)

අමරා ඉරංගනී 2012-08-02 21:31:50

මේ අහිංසක මවට කර දේට ඔවුන්ට සාප වේවි...(ස)

සුභාෂිණී 2012-08-02 21:52:10

ඔයාලගෙ අදහස් මනුස්සකමින් පිරිලා.. අපේ රටේ කුල කාන්තාවන් අද ලොකු අනතුරකට ලක්වෙලා ඉන්නෙ.. වගකිවයුතු අය ඇහැක් අරින්නෙ නැහැ.. මට කියන්න තියෙන්නෙ අපේ රටේ පිරිමින්ව ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලකට සම්බන්ධ නොකර කාන්තාවන්ට වෙන අසාධාරණය වලක්වන්නන බැහැ.. මේ කකාවෙ ඉන්න අසරණ මහත්තයා හිතිං ගතින් තවත් දුර්වල නොවන විදිහට බලධාරීන් උදව් කළොත් හොදයි..!!

(නු)

ඇරිස් 2012-08-02 21:52:52

පුරවැසියන් සියල්ලන්ම රැකියා ලැයිස්තුවට ඇතුළත් කරගෙන සියල්ලන්ටම සුදුසු රැකියාවක් ලබා දෙන්න බලන්න.එවිට මෙවැනි ප්‍රශ්න සිදු නොවේවි. (නි)

නාලක 2012-08-02 21:58:45

ඇයි මෙහෙම කරන්නේ? මොනවද ඒ අය මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? (නි)

රොෂාන්-ඩුබායි 2012-08-02 22:22:11

එවන්න එපා ඔයාලගේ කාවවත් මෙහේ නම්. අපි දන්නවා මෙහේ සිද්ධ වෙන දේවල්. අනේද කියන්නේ? (නි)

fb-icon සංජය 2012-08-02 22:34:14

ඔටු‍වන් පිටේ ගිය මිනිස්සුනේ මේ.(නි)

චමින්ද 2012-08-02 22:40:26

කාන්තාවන් රට නම් එවන්න එපා. ලංකාවේ ගාමන්ට් එකකට හරි යවන්න. පේනවනේ වෙන දේවල්. (නි)

උපාලි 2012-08-02 22:50:48

මේ මිනිසුන් මේ විදියට යන්නෙ බැරිම කම නිසයි.. මේවගේ‍ දේවල් දැං කොපමණ උනාද... ලංකාවෙ ගැහැණු මේ වගේ රටවලට ගෘහසේවය සදහා යන එක නොකළ යුතුම දෙයක්.. යවනවානම් හැකියාවක් ඇති රැකියාවලට යැවිය යුතුයි..!!

(නු)

පියල් 2012-08-02 23:16:07

මොන දුකක් හරි විදගෙන පිට රටකට ගියත්, ගියාට පස්සේ තමයි ලංකාවේ අගය තේරෙන්නේ. (නි)

නිමල් සෞදි 2012-08-02 23:30:08

සෞදිඅරාබියෙ සේවය කළ ඉන්දුනීසියානු ජාතික එක හෘහසේවිකාවකට සිදුවූණු හිංසාවක් නිසා ඉන්දුනීසියානු රජය සෞදි අරාබියට ගෘහසේවිකාවන් එවන එක නතර කළා. මේ වන විට සෞදියට ගෘහසේවිකායන් එවන්නෙ ආසියාවෙන්ම ලංකාවෙ පමණයි.. විදේශවිනිමය වෙනුවෙන් අපේ ගැහැණුන් බිල්ලට දීලා..

(නු)

ජගත් චන්දන 2012-08-02 23:33:49

රටට විදේශ විනිමය එනවා නම් ඒ හොඳටම ඇති. මේවට විරුද්ධව අපේ ආණ්ඩුව මොනවද කළේ? (නි)

යෝනුසලවි 2012-08-02 23:51:23

ලංකාවේ දෙන්නෙක් කරපු නිසා මේ වගේ අදහස් අපට බලාගන්න පුළුවන්.මේ සිද්ධියම කුවේට් කාරයෙක් කරළා තිබුණා නම් බලන්න තිබුනා අපේ අයගේ ප්‍රතිචාර. ජාතිවාදය අවුස්සලා, ශාප කරලා. මේ අදහස් ප්‍රකාශ කරන උදවියට මම ආරාධනා කරනවා මැද පෙරදිගට එන්න. අපේ නෝනලා කරන දේවල් දැක බලාගන්න. ළිං මැඩියෝ වගේ ඉන්නේ නැතුව එළියට ඇවිත් බලන්න. හැබැයි මෙවැනි සිද්ධි අනිවාර්යයෙන්ම හෙලා දැකිය යුතුයි. එසේම දැඩි දඩුවම් දිය යුතුයි. (නි)

සමරකෝන් 2012-08-02 23:57:55

මේවා කරන්නේ මවුකිරි නොබීපු කට්ටිය. (නි)

සාගර තරංගා 2012-08-03 00:23:28

ඔය සමහර විදෙස් රැකියා යන අයට කොන්ත්‍රාත් කාලයට කලින් ලංකාවට එන්න ඕනෑ නම් ඔය වගේ වැඩ කරලා නොමිලේ ප්‍රවේශ පත්‍ර ලබාගන්න උත්සාහ කරනවා ...වරක් අපේ ආයතනයේ හිටපු ඉන්දියානුවෙක් තක්කාලි කාලා වමනය අරන්, ලේ වමනය කළා කියලා ගෙදර යන්න උත්සාහ කළා..... (නි)

අබ්දුර් රහ්මාන් 2012-08-03 01:32:02

ලාංකීය දියණියනි, ඔබලා විදේශ රටවල ගෘහ සේවිකාවන් ලෙස පැමිණෙන්නට එපා. මන්දයත් මේ වන විට බොහෝ රටවල විදේශ කාන්තා ගෘහ සේවය නවතා ඇත. (නි)

ලලිත් 2012-08-03 02:56:17

තවටික දවසකින් අපේම අය කියාවි මෙයාමයි කටු ගහගෙන තියෙන්නේ කියලා. (නි)

සමන් රොහාන් 2012-08-03 03:50:50

කතරගම දෙවියන්ව අරාබිකරයට ගෙන්වා ගන්න වුවමනා වෙලා වගෙයි. (නි)

සිල්වා 2012-08-03 05:03:24

අපේ අහිංසක ගෑණු රට ගිහින් රටේ සංවර්ධනයට දායක වෙද්දි මෙන්න වෙන දේවල්...අනේ රටට ගිය කලක්..(ස)

ලක්මාල් 2012-08-03 06:32:59

අපි අපට හැකි ආකාරයට අපේ රටේම ජීවත් වෙමු. (නි)

වසන්ති 2012-08-03 06:43:37

කෝ කටු ගහපු බව පෙන්වන පින්තුරයක් දාල නෑනේ. මේ කථාව පිළිගන්න අමාරුයි. (නි)

කිත්සිරි 2012-08-03 07:51:20

ලංකාවෙන් මැද පෙරදිග රට වලට ගෘහ සේවිකාවන් යවන එක නතර කරන්න බැලුවොත් හොඳයි. පුහුණු ශ්‍රමිකයන් පමණක් රට රස්සා වලට යවන්න වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි. (නි)

කුරුප්පු 2012-08-03 07:57:40

වසන්ති, මේ අන්තර්ජාල පිටුව වැදගත් සංවාද පළ කරන තැනක්. ඔබගේ දූෂිත ඇතුළාන්තය අනෙක් අයට පෙන්වන්න එපා. (නි)

ජගත් 2012-08-03 08:19:05

දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි (නි)

සමන් 2012-08-03 08:26:33

සමන් රොහාන් රණසිංහ,

මේ අවුල් සියල්ලම ලිහෙනවා තමන්ගේ ජාතියට තමන්ගේ මව්බිමට අවංකව සේවය කරන්නට පටන්ගත්තුදාට.(ස)

නිෂාඩ් ප්‍රීනා 2012-08-03 08:43:47

දුප්පත් ජනතාවට කරන මේ වින වලට මොවුන්ට කවදා හෝ වන්දි ගෙවීමට සිදු වේවි. (නි)

නිශාන්ත 2012-08-03 08:55:35

කරුණාකර කාන්තාවන් විදෙස් සේවයට එවීමෙන් වළකින්න. ලංකාවේ කුමක් හෝ දෙයක් කර ජීවත් වීමට බලන්න. (නි)

රංග 2012-08-03 09:19:52

දැන්වත් ලංකා රජය ගෘහ සේවිකාවන් යැවීම පිළිබදව තීරණයක් ගත්තොත් හොදයි නේද? (නි)

තුෂාර 2012-08-03 09:41:32

මේවට බලධාරීන් වග කියන්න ඕනෙ අපේ අයට පිටරට්ටුන්ගෙ ඉදුල් හෝදන්න උනේ කාගෙ වරදින්ද?(ස)

ෆයිසාර් 2012-08-03 09:46:13

ඇයි මේ වගේ දේවල් කාන්තාවන්ටම වෙන්නේ...(ස)

සමන් රොහාන් රණසිංහ 2012-08-03 10:14:39

දෙවියන්, බුදුන් බලන්නෙත් ස්වභාවිකව ජීවත් වෙන අයට ස්වභාවිකව කරදරයක් වුණොත් පමණයි. (නි)

වන්නියා 2012-08-03 10:41:22

කටු ගහණකම් නිකම් බලන් හිටියද? කන රත්වෙන්න දෙකක් දෙන්න තිබ්බේ. (ත)

රිස්වාන් - සවුදි 2012-08-03 10:54:43

ඇත්තටම මේක අරාබියේ කෙනෙක් කළා නම් ජාතිවාදය අවුස්සලා මෙලහකට ප්‍රතිචාර 500ක් විතර දාලා. (නි)

මහේල 2012-08-03 10:59:11

මේ කාන්තාවට කටු ගැසූ ලංකාවේ ගැහැණිය නැවතත් මේ රටට පැමිණි දිනයක ඇයට අගල් පහක් යටට ඇණයක් ගසන්න ඕනේ. එතකොට දුක, දේවනාව තේරේවි. (නි)

සෙනරත් 2012-08-03 11:00:19

ඉතිං හොදයිනේ. (නි)

Lelana 2012-08-03 11:23:48

කරපු අයට ලොකු දඩුවමක් දෙන්න ඕන. (ත)

අරුණ 2012-08-03 11:34:18

මොනවද බලන්න ඕන කියන්නේ..(ස)

අජිත් 2012-08-03 12:08:33

හොදක් වෙන්න එපා. (ත)

ඩයස් 2012-08-03 12:31:03

කාන්තාවන් ගෘහ සේවය සදහා රට යැවීම නැවැත්විය යුතුයි. (නි)

සුසිල් 2012-08-03 12:33:55

වසන්ති, ඔයාට එහෙම දෙයක් උනොත් ඔයත් පෙන්න පෙන්න ඉන්නේ නෑනේ....(ස)

ප්‍රනාන්දු 2012-08-03 12:35:37

එරික් ඇන්තනී පෙරේරා , ඔබ හරියටම හරි...(ස)

සුසිල් 2012-08-03 12:38:30

ලංකාවේ ඉදලා කරන චණ්ඩිකම් එහේ ගිහින් කරන්න බැහැ. (නි)

අනු 2012-08-03 13:44:28

ඔය දේවල් රටට හොද නැහැ. (නි)

රවි 2012-08-03 13:47:10

වසන්ති, ඔයාගෙ කටුවක් ගැසුවොත් ඔයත් අපට පෙන්නනවද. මෝඩ කතා ලියන්නෙ නැතිව ඉන්නවා. (නි)

සජී 2012-08-03 14:02:05

වසන්තිටත් කටුවකින් ඇන්නා නම් තේරෙයි. පවු, අර අසරණ කාන්තාව. (නි)

නන්දසේන 2012-08-03 15:33:14

ඉක්මනට මුදල් ගොයන්න පිටරට එන අයට මේවා ආදර්ශයක් උනොත් හොදයි.. පිටරට රැකියා කියන්නෙ වහල් සේවයක්.. නමුත් අපේ රටේ අයත් මුදල් නිසා අපේ අයටම කරදර කරන එක තමා වැරදි.. ඇයි පිටරටකදිවත් ලංකාවෙ කියන හැගීම ඇතිවෙන්නෙ නැත්තෙ..?

(නු)

ඉන්ද්‍රජිත් 2012-08-03 15:37:20

විදේශගත අම්මලාගේ දරුපවුල් වලට සිදුවන ඛේදවාචක වල තවත් පැතිකඩක් ඊයේ මේ අඩවියෙන්ම දැක්කා.

http://www.lankadeepa.lk/index.php/articles/56702

(කුඩම්මා කුඩා දැරියකගේ දිව පුළුස්සලා..)

විදේශයක ගොසින් උපයන කහවණු වලින් මේවාට කවදාවත් පිළියම් යෙදිය නොහැක. (නි)

රුවන් 2012-08-03 18:47:09

එම්බසියේ වැඩ කරන අයත් ඒජන්සියේ පැත්ත ගන්නේ මොකද කියලා අපි දන්නවා. (නි)

රුවන් 2012-08-03 18:49:40

අනේ මැද පෙරදිගට නම් එවන්න එපා. මෙහේ අය විදින දුක බලන්න මෙහාටම එන්න ඕනෑ. (නි)

fb-icon තරංග 2012-08-03 18:56:12

මේ මැදපෙරදිග රටවල් වල ඉන්නේ කිසිම හිතක් පපුවක් නැති මිනිස්සු ජාතියක්. හොද අයත් ඉන්නවා. ඒ වගේම සේවකයන්ට හොදටම සළකන රටවලුත් ඔය අතරේම තියෙනවා. ඊශ්‍රායලය, සයිප්‍රසය යන රටවල් ඒ අතරින්ඉහළයි. මැද පෙරදිග වෙන රටකට එනවාට වඩා ලංකාවේම ගෙදරක වැඩකට යාම හෝ ඇගලුම් කම්හලක සේවය කිරීම වඩාත් යහපත්ය. (නි)

ඉන්දික 2012-08-03 19:09:14

දුප්පත්කම නිසාද මේ හැම දුකක්ම විදින්න වෙන්නේ? (නි)

සිල්වා 2012-08-03 19:33:13

ගැහැණු රට යවන පිරිමින්ව අල්ලලා ඒ අයට තමයි මුලින්ම කටු ගහන්න ඕනෑ. (නි)

ෆාරුක් 2012-08-03 23:02:53

ආණ්ඩුව ගැන කතා කරන්න එපා. වැඩක් වෙන්නේ නැහැ. (නි)

ලලිත් 2012-08-03 23:04:19

මෙහි සම්පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතුයි. (නි)

දිනුෂි නවරත්න 2012-08-04 08:05:10

මේ රටේ ඉන්න පාලකයෝ තීරණයකට එන්න ඕන ගෘහසේවයට පිට රට යවන එක නවත්තන්න...(නු)

sama 2012-08-04 12:55:29

රට දුකයි. (ත)

ලලිත් - කටාර් 2012-08-04 13:46:28

මම දන්න විදියට කටු ගහන්නේ හැට්ටෙට. මේක අලුත් ක්‍රමයක්ද? (ත)

ෆාරුක් 2012-08-04 16:52:11

මම කුවේට් රටේ විදේශ රුකියා නියෝජිතවරයෙකු ලෙස සේවය කරමි.. ඒ පමණක් නොව විදේශ රුකියා නියෝජිතයන්ගේ සුභසාධක සංගමයේ කාරිකසභිකයෙක් ලෙස කටයුතු කරන කෙනෙක්.. මේ නියෝජිතවරියගේ නම, කාර්යාලයේ නම සහ දුරකථන අංකය

ලැබෙන්න සැළැස්සුවහොත් මේ පුද්ගලයන්ට අප සංගමය මගින් තානාපති කාර්යාලය හරහා නීතිමගින් කටයුතු සළස්සන්නෙමු.. එම විස්තර පහත ඊමේල් ලිපිනයට ලබාදෙන්න..slmwakuwait@hotmail.com ස්තුතියි..!!(නු)

රංජිත් 2012-08-04 17:17:30

බලධාරිනි..

ගෘහසේවයට මැදපෙරදිග යැවීම නවත්තන්න.. !!(නු)

සජීව 2012-08-04 18:36:34

තිරිසන් වැඩ මේවා...ඉක්මන් සුවය ලැබේවා..!!(නු)

සම්පත් 2012-08-04 19:10:47

මේ දේවල්වලට බලධාරීන්ගෙ ඇස් ඇරෙන්න නැද්ද? ලංකාවෙ කී දෙනෙක්ට කටුගහල එව්වද? මේ දේවල් නතර කරන්න නිසි වැඩපිළිවෙලක් හදන්න ලංකාවට විදේශ විනිමය වැඩිපුර හොයලා දෙන අය ඒ අයගේ ගැටලු වලට නිසි විසදුම් දෙන්න..!!

(නු)

සුජිත් නිශාන්ත හේවගේ 2012-08-04 20:31:14

මැදපෙරදිග රැකියාවකට ගොස් මේ අතවරය විඳින්නට සිදුවූ අපේම සොහොයුරිය පිළිබඳව අවංකව දුක් වෙමි.කණගාටුවෙමි.මෙවැනි විපත් දෑසට හමු නොවේවා යැයි ප්‍රාර්ථනා කරමි.ඇයට සිදුවූ අතවරය වෙනුවෙන් විශාල වන්දි මුදලක් ඇයට හිමිවිය යුතුමය.අදාළ බලධාරීන්ගේ නෙතඟ මේ සිදුවීම ඇස ගැටී එවන් සහනයක් ඇයට හිමිවේවා යැයි පතමි.අපේ ශ්‍රී ලාංකිකා කාන්තාවන් කුලකතුන් ලෙස ගෞරවාදරයට ලක්වන බැවින් මෙවැනි තුට්ටු දෙකේ කුලී වැඩවලට යැවීමෙන් වළකින මෙන් මම සෑම ස්වාමි පුරුෂයෙකුගෙන්ම ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !!(නු)

සුරංග 2012-08-04 20:43:04

අනේ පව් අහිංසකයෝ.. එයාලට හොදක්ම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා...!!(නු)

ෂාකුර් 2012-08-05 02:21:02

දුප්පත් මිනිස්සුන්ට මේ කරන දේවල් නම් එච්චර හොද නැහැ. (නි)

Ramz 2012-08-05 11:57:17

යෝනුසලවි

කොමෙන්ට්ස් කියවගෙන යනකොට මටත් ඔය ටිකමයි හිතුනේ.

හැම එකක් දිහාම වපර ඇහෙන් බලන එක ඉතින් අපේ අයගේ හැටිනේ. (ත)

හේමාල් 2012-08-06 11:08:25

සර්ව බලධාරියා වෙන රටවල අයට සලකන්නෙ නෑ වගේ..(වි)...

fb-icon සුරේෂ් 2012-08-06 18:09:50

ලංකාවෙ ඉන්නෙ අහිංසක මිනිස්සු. එහෙත් පිටරට ඉන්නෙ තිරිසන්නු. ඕවා පටිසන් දෙනවා අනිවාර්යයෙන්ම. (නි)

හරීන් 2012-08-08 09:35:35

අම්මපා. ලංකාවේ කෙනෙකුත් සම්බන්ධ වෙලානේ. (නි)

පණ්ඩුල 2012-08-11 17:15:35

මුස්ලිම් නිෂ්පාදන මිළදී ගන්නා  අපේ සිහලුන් දැනගත යුතුයි, තමන් මේ මුදල් දෙන්නේ අනාගතයේදි තමන්ගෙ දුවට හෝ මිණිබිරියට මේ  වැඩේටම කර ගහන්න කියල.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :