2013-05-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200 , විකුණුම් මිල රු.165.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200 , විකුණුම් මිල රු.125.1900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102 , විකුණුම් මිල රු.1.2526 |

නිලූක ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ඉතිහාසය අලූත් කරයි

නිලූක නැවතත් අනිද්දා තරග බිමේ

2012 ජූලි මස 30 22:20:35 | සජීක ජයසිංහ

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන පෙර අර්ධ අවසන් පුර්ව තරගයට (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය) අනිද්දා (01) වෙම්බ්ලි ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

මුලික වටයේ ‘සී’ කාණ්ඩයේ තරගයේදී ජපානයේ කිනිචි ටගෝ පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ පෙර අර්ධ අවසන් පුර්ව වටයට අද (30) සුදුසුකම් ලැබීය.

බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ ක‍්‍රීඩක ටගෝ පරදවා නිලූක ලබාගත් මෙම ජයග‍්‍රහණය මෙරට බැඞ්මින්ටන් ක‍්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම ජයග‍්‍රහණය ලෙසද වාර්තාගත වෙයි.

‘‘ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ආරම්භවීමට දින කිහිපයකට පෙර විවේකයක් ලබා ශාරීරිකව හා මානසිකව හොඳ ශරීර සුවතාවයකින් මම පසු වුණා. ඒ වගේම ජපන් ක‍්‍රීඩකයා පිළිබඳව හොඳ අධ්‍යයනයක් කළා. මම තරගයේ ආරම්භයේ සිට ඔහු සමග කරට කර ක‍්‍රීඩා කර තරගයේ වාසිය ලබා ගන්න මට හැකි වුණා යැයි’’ තරගය අවසානයේ නිලූක පැවසීය.

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී කොයිතරම් දක්‍ෂයන් තරග කළත්, තරගය පැවැත්වෙන දිනයේ වාසනාව, දක්‍ෂතාව තිබෙන ක‍්‍රීඩකයාට ජය හිමිවන බව නිලූක වැඩි දුරටත් පැවසීය.

ඉන්දියාවේ කාශ්‍යප පරුපල්ලි සහ වියට්නාමයේ ටින් මින්හ් නගුයෙන් අතර හෙට (31) පැවැත්වෙන ‘ඞී’ කොටසේ තරගයෙන් ජය ගන්නා ක‍්‍රීඩකයා සමග නිලූක තරග කිරීමට නියමිතව ඇතැයි ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා පැවසීය.

නිලූක මෙම ඉන්දීය සහ වියට්නාමයේ ක‍්‍රීඩකයන් දෙදෙනා සමග වසර කිහිපයකට ඉහතදී තරග කර ඇතැයි බස්නායක මහතා පැවසීය.

එහිදී නිලූක, ඉන්දිය ක‍්‍රීඩකයා සමග තරග වට තුනක තියුණු තරගයකින් පසුව පරාජය ලබා ඇති අතර වියට්නාමයේ ක‍්‍රීඩකයාව පරාජය කිරීමට නිලූක සමත්ව තිබේ. ලෝකයේ ඉදිරියෙන් සිටි ජපන් ක‍්‍රීඩකයාව පරාජය කිරීමත් සමග නිලූක ජයග‍්‍රාහී මානසික මට්ටමක පසුවන බව ද බස්නායක මහතා පවසයි.

ඉන්දිය ක‍්‍රීඩකයා ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 21 වැනි ස්ථානයේද, වියට්නාම ක‍්‍රීඩකයා ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයේද පසුවෙයි.

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක 30 වැනි ස්ථානය ලබා ගත්තේ පරිසාධක මට්ටම ඉක්මවමින් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා වෙමිනි.

පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගි වු නිලූක එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ලන්ඩන් නුවර පැමිණියේය. ඔහු ඔලිම්පික් උළෙලට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වේ.

2010 වසරේදී තරග තහනමකට ලක්වීම නිසා පිට පිට 10 වැනි වරටත් පිරිමි කේවල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට නොහැකි වූ නිලූක, 2011 වසරේ යළිත් වරක් ජාතික ශූරතාව දිනා ගත්තේ වත්මන් බැඞ්මින්ටන් ක්ෂේත‍්‍රයේ තමාට තර්ජනයක් නැති බව තවදුරටත් පසක් කරමිනි.

නිලූක ප‍්‍රබල ජපන් ක‍්‍රීඩකයාට එරෙහිව තරගයේදී..

අදහස්(37) බැලූවෝ (5949)

නිලූක ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ඉතිහාසය අලූත් කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

කසුන් 2012-07-31 07:06:23

සුභ පැතුම් සහෝදරයා.. ඉදිරියටම යං...!!(නු)

අමිල 2012-07-31 06:42:18

ලංකාව බබළවන්න නිලූකට හැකි වේවා! (නි)

යොහාන් 2012-07-30 22:32:05

නිලූක අපේ රටට පදක්කමක් ‍ගෙන එන්න..(ස)

චමින්ද 2012-07-30 23:07:27

නිලුක ඔබ රටටත් , ගමටත් සැබෑ ආඩම්බරයක්.ඉතා දුෂ්කර කටුක මාර්ගයක පැමිණි ඔබ අද ඔලිම්පික් ක්‍රීඩා උළෙල රන් පදක්කමින් බැබළුවා. .... සුභ පැතුම්! (නි)

අරෝෂ් 2012-07-30 23:23:58

මට විශ්වාශයි ඔබ ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නා බව. සුභ පැතුම්! (නි)

ධම්මික 2012-07-31 00:59:48

ඔබ ශ්‍රේෂ්ඨයි. අපිට ආඩම්බරයි. (නි)

fb-icon සුභාෂිනී 2012-07-31 02:17:41

නියමයි නිලූක. ඔයාට හදවතින්ම ජය පතනවා. (ත)

තිසර 2012-07-31 03:51:40

ඔබට ජයෙන් ජය (දී)

චමත් 2012-07-31 04:01:45

තව ඉදිරියට යන්න සුබ පැතුම් (දී)

ක්ස් ප්‍රියන්ත (දී) 2012-07-31 05:07:25

ලංකාවේ අපේ කොල්ලන්ට බැරි දෙයක් නැහැ (දී)

දිනේන්ද්‍ර 2012-07-31 11:49:42

සතුටුයි නිලුක.. ඔහොම යං.. මුළු ලංකාව ඔබට ධෛර්යය පතනවා..!!(නු)

වරුණ 2012-07-31 07:51:37

නියමයි නිලුක සුභපැතුම් ඔබට (දී)

තුෂාන් 2012-07-31 08:09:30

විශිෂ්ඨයි..සුභ පැතුම්...(ස)

සමන් 2012-07-31 08:37:01

මේකත් ලොකු ජයක්.සුබ පැතුම්!(ස)

සමන් 2012-07-31 08:38:39

ඔබට ජය !(ස)

ජයන්ත 2012-07-31 09:11:09

නියමයි නිලූක. අපේ රටට පදක්කමක් ‍ගෙන එන්න.ඔබට ජයෙන් ජය..(වි)

රන්ජිත් 2012-07-31 09:15:19

ඔබට ජයම වේවා (දී)

විරාජ් 2012-07-31 09:22:30

ඔබට ජය .ලක් වැසියන් ඔබ සමඟයි .ජය පරාජයට වඩා සහභාගීවීමයි වැදගත්...(ස)

සහන් 2012-07-31 09:23:20

නිලූක ඔයාට මේ තරම් දුරක් යන්න ලැබීමම වාසනාවක්,කොහොම හරි පදක්කමක් ලබා ගන්න උත්සාහ කරන්න..(ස)

අජිත් 2012-07-31 09:33:16

ලංකාවේ කොල්ලන්ට ජයවේවා (දී)

දිලාන් 2012-07-31 09:50:38

එල....එල..(ස)

දීපාල් 2012-07-31 10:04:53

අපි ගොඩක් සන්තෝසයි ඔබලාගේ දක්ෂතා ගැන (දී)

බුද්ධික 2012-07-31 10:22:03

සුභ පැතුම් නිකුක. ඔබට ජය (දී)

අනුර 2012-07-31 10:30:37

අපේ සුබ පැතුම් නිලුක (දී)

සන්ජී 2012-07-31 11:00:45

සුභ පැතුම්...ජය වේවා .!!!(ස)

ගයන් 2012-07-31 11:47:46

ඔබගේ සහජ හැකියාවට අපේ සුබපෙතුම් නිලුක (දී)

දමින්ද 2012-07-31 12:26:45

නිලුක ඔබ ඉතා දක්ෂයි.. ඔහොම ඉදිරියටම යන්න...(නු)

අසංක 2012-07-31 12:44:25

සුභ පැතුම් නිලුක ජයෙන් ජය...!!

එරංග 2012-07-31 12:44:25

මට මේක කියන්න වචන නැහැ.. සුභ පැතුම් නිලුක ඉදිරි තරගවලට.. (නු)

දුෂාන් 2012-07-31 12:46:50

සුභ පැතුම්..........! (ස)

මධුෂාන් 2012-07-31 13:01:43

සුභ පැතුම්..!!(නු)

ද සිල්වා 2012-07-31 13:19:34

ක්‍රීඩා නිලධාරීන් 30-40 දෙනෙක් රට සවාරි වලට වියදම් කරන සල්ලිවලින් ක්‍රීඩාවේ යටිතල පහසුකම්වලට යෙදෙව්වනම් ලංකාවෙ ඉන්න මෙවැනි දක්ෂ ක්‍රීඩකයන්ට පදක්කම් ගැනීම පහසු වෙනවා..!!

(නු)

නිශාද් ප්‍රීනා 2012-07-31 14:45:50

නිලුක ඔබට ලැබෙන සුභ පැතුම් සහ ජනප්‍රසාද ඔබ බලහත්කාරටෙයන් ලබා ගත්දේවල් ‍නොවෙයි.. ඔබේ දක්ෂකම සහ ක්‍රීඩාශ්‍රීලී කම සහ නිහතමානීකම නිසා මේ සෑම දෙයක්ම ඔබ පසුපස හඹා ආවා..ඔබට ජයෙන් ජය ලැබේවා..!!(නු)

හිරන්ත බොතේජු 2012-07-31 14:55:14

නිලුක ඔබට දළදා සමිදු පිහිටයි..!! (නු)

අනුරාධා 2012-07-31 16:33:41

සැමදා ඔබට ජය !!!(නු)

අතපත්තු 2012-07-31 17:58:33

පදක්කම් නැතිවුණත් ඔබේ දක්ෂතාවය අපිට ගොඩක් වටිනවා.. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!!(නු)

ඉරේෂ් මෙන්ඩිස් 2012-07-31 18:19:20

අපේ රටට හා බලපිටියට ඔබ සම්පතක්.. ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.. ජය වේවා..!!(නු)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :