2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

පටිනැති රියදුරා එළියට විසිවී මරුට

සුපිරි මගේ තෙවැනි මාරක අනතුර අද අළුයම

2012 ජූලි මස 28 07:08:42 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ, සජීව විජේවීර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ මැද යකඩවැට කඩාගෙන අනිත් පැත්තට හැරුණු ඩබල්කැබ් රියක සිටි ගාල්ල දංගෙදර රියදුරා ආසනයෙන් ඉවතට විසිවී පාරට වැටී රියට යටවී මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. කොන්ත්‍රාත්කරුවකු වන ඔහු ආසන පටිය නොපැළඳ සිටි බව ද කැබ් රථයේ වායු රයිපලයක් සහ විශාල මන්නා පිහියක් තිබූ බව ද පොලීසිය පවසයි. මෙය අධිවේගී මාර්ගයේ තුන්වැනි මාරක අනතුරයි.

අදහස්(44) බැලූවෝ (15186)

පටිනැති රියදුරා එළියට විසිවී මරුට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ඉන්ද්‍රජිත් 2012-07-29 10:13:05

"සුජිත් බණ්ඩාර ඩුබායි 2012-07-28 11:44:10

චේතනාහං භික්කවේ කම්මං වදාමි.. පර පණ නැසීමේ අදහසින් ගිය ගමනක්ද දන්නෙ නැහැනෙ..(නු)"බෙත්මගේ දොන් ශාන්ත විජේවර්ධන 2012-07-28 15:44:59

"මට පෙනෙන හැටියටනම් මේ රියදුරා කොහෙහරි අපරාධයක් කරන්න ගියාද දන්නෙ නැහැ.."

'දන්නේ නැති' දේවල් ගැන කමෙන්ට් දාන එක තමයි වසංගතයක් වෙලා තියෙන්නේ. මේ මනුස්සයා හේනක් ගොවිතැන් කරන්න ගිය ගමනක්ද කවුද දන්නේ? මොකද මන්නය සහ වායු රයිපලය ඕනෑවෙන්නේ මිනී මැරීමට නොව වගා කටයුතු වලටයි. මේ පුවතට මෙම ආයුධ ගැන ඇතුලත් කල එකත් අනවශ්‍ය වැඩක්. මොකද මේවා මොලේ නැති අය කියවලා රටේවත් නැති නිගමන වලට එනවා. (දී)

අමිල 2012-07-28 07:44:45

පටි නැති නිසා පටි රෝල් වූ අවස්ථාවක්. හරිම දුකයි! (නි)

කින් බෙනට් 2012-07-28 07:40:57

ඔහු විසින්ම කරගත් නියම ක්‍රියාවක්.විශිෂ්ඨයි! (නි)

නීල් 2012-07-28 07:49:08

තමන්ගේම නොසැළකිල්ල. හරිම කණගාටුයි. (නි)

fb-icon ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-28 07:56:29

මම හිතන්නේ වරද කළ කෙනාට ස්වභාව ධර්මය විසින්ම දඬුවම් ලබා දීලා තියෙනවා. රජය මඟින් මෙවැනි නීතියක් පණවා ඇත්තේ කුමන කාරණයකට කියන දේ වටහා ගැනීමට අගනා අවස්ථාවක් මේක. මොකද සමහරුන් තර්ක කරනවා ආණ්ඩුව සල්ලි හම්බ කරන්න මිනිස්සුන්ගෙන් දඩ ගහන්න නීති රීති ගේනවා කියලා. නමුත් දැන් හැමෝටම තේරෙනවා නේද නීතියක් තියෙන්නේ මොකටද කියලා.නීතිය කැඩුවට ඒකේ අමිහිරි ප්‍රතිවිපාකට ඒ වෙලාවේදීම ලැබුනා. (නි)

නිශාඩ් පෙරේරා 2012-07-28 08:41:15

ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකර අවාසනාවන්ත ලෙස අහිමි කරගත් ජීවිතයක්... (ස)

ප්‍රවීන් 2012-07-28 08:58:14

කියන දේ නාහන ගුරු ඉහල ගියත් එකයි පහළ ගියත් එකයි කියලා කියනවනේ..... (ස)

රෝහණ 2012-07-28 09:04:57

කව්රු මොනවා කීවත් ඔය දේවල් තිය්වෙන්නේ අපේ ආරක්ෂාවට (දී)

බෙන් ‍ටෙන් 2012-07-28 09:34:52

දැන් තිබෙන පුරස්නවල හැටියට ඔහුට සීට් බෙල්ට් දාන්න අමතක වුනාද? ‍මාර්ග පිවිසුමේ දී හෝ පොලීසිය මේවා ගැන නොබැලුවාද? වරද කාගේ වුවත් මරණය ලංවෙනකොට ඔහු සීට් බෙල්ට් නෙවෙයි ඉතා ශක්තිමත්ව ඉදිකරන ලද ගොඩනැගිල්ලක මැද සිටිය වුනත් මරණය ඔහු වැළද ගන්නවමයි. අවාසනාවන්ත ලෙස මියගිය ඔහුට නිවන් සුව පතමි. මෙවන් මරණ ‍මින් ඉදිරියට නොවෙවයි ද පතමු. (දී)

රුවන් ගමරාලගේ 2012-07-28 09:35:54

කොහොම උනත් ශෝක ජනකයි ....මගේ බලවත් ශෝකය ..... (දී)

ෆරු 2012-07-28 09:50:03

හරිම කණගාටුයි...!!(නු)

fb-icon වසන්ත පළිහවඩන 2012-07-28 11:01:41

කොන්ත්‍රාත්කරුවකු කිවේ???(නු)

fb-icon සංජය පෙරේරා 2012-07-28 11:16:17

හිරිම කණගාටුයි..!!! ඔයට නිවන්සුව ලැබේවා..!!(නු)

රුවන් 2012-07-28 11:34:01

ඉවසීම නැත්නම් එතන අනතුරක් අනිවාර්‍යයි .. අපේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද දන්නේ නැහැ .. වාහන එලවද්දී පුදුම හදිස්සියක් තියන්නේ... තමන් වෙන වාහනයකට ඉස්සර කලාම ලොකු දෙයක් කියල හිතන්නේ. මම හිටන්නේ ඒක මානසික ලෙඩක් .

අධි වේගේ මාර්ගයේ කව්රු හරි යනවනම් තමන්ගේ වහනය කොච්චර හොද උනත් 100 වඩා වේගය වැඩි කරන්න එපා . .. පාර ලිස්සනව. මමත් ඔය පාරේ ගිය නිසා ඒක දන්නවා.

වහනයක් නවත්වල යද්දී හෑන් බ්රේක් අදාල යන්න කව්රුත් පුරුදුවෙලා ඉන්නවා වගේම වහනයට නැග්ග හැටියේම සීට් බෙල්ට් ඒක දාන්නත් අනිවෙර්යේන්ම පුරුදු වෙන්න ඕනේ.. මම මොන කල්පනාවක හිටියත් වහනයට නැග්ග හැටිය අත යන්නේ සීට් බෙල්ට් එකට. මොකද මට ඒක පුරුදු වෙලා තියන්නේ.

කොහොමහරි හොද ජීවිතයක් නැතිවෙලා තියනවා ඉතා සුළු වැරැද්දකින් ... මගේ සංවේගය ... (ස)

සුජිත් බණ්ඩාර ඩුබායි 2012-07-28 11:44:10

චේතනාහං භික්කවේ කම්මං වදාමි.. පර පණ නැසීමේ අදහසින් ගිය ගමනක්ද දන්නෙ නැහැනෙ..(නු)

ලලිත් කටාර් 2012-07-28 12:01:44

ආසන පටි නීතිය. කිසිම සමාවක් නැහැ. වාහනයක යන සියළු දෙනාම ආසන පටි පැළඳිය යුතුයි. මෙම නීතිය රථවාහන හිමිකරුවන් තේරුම්ගත යුතුයි. (ස)

සුදේශ් 2012-07-28 12:11:30

පව්.......... (ස)

ජීව 2012-07-28 13:04:37

කවුරු කොහොම කිව්වත් ඔය අධිවේගී මර්ගයට දීල තියෙන වේගය බොහොම වැඩියි.වේගය උපරිම වෙන්න ඕනෙ පැයට කිලෝමීටර් 80යි.මේ වේගය උපරිමය මිසක් හැමවිටම තබා ගතයුතු වේගයක් නොවෙයි.කෙනෙකුට මාර්ගයේ වම් පැත්තට බරව 60ත් 70ත් අතර වේගයකින් යාමට අවස්ථාව තිබිය යුතුයි.80ට යන කෙනාට දකුණු පැත්තෙන් ඉස්සර කර යා හැකියි.වේගය පැයට කිලෝ මීටර් 100ක් කියන්නෙ මාරක වේගයක්.මර්ගයක හැම වාහනයකට ම එකම වේගයක් හඳුන්වා දීමත් වැරදියි.බස් රථ වැනි ලොකු වාහන වලට එක වේගයකුත් පොඩි වාහන වලට තව වේගයකුත් තිබිය යුතුයි.අනිත් එක තමයි 100 වේගයට හැම විටම තබා ගන්න කීම.මේක මෝඩ කතාවක් මෙන්ම මිනී මැරීමට අනුබල දීමක්.තව දෙයක් තමයි විශාල වේගයකින් ඔය මාර්ගයේ යන්නෙ වාහන ටිකයි.එහෙම වුනාම ඔය මාර්ගය හදන්න ගත්ත ණය ගෙවන්න මේ පයින් යන අපටත් සිද්ද වෙනවා. (ස)

මදූ 2012-07-28 13:12:42

මරණය කාට උනත් කොහේ හිටියත් පොදුයි.... (ස)

තරංග 2012-07-28 13:14:49

හිරිම කණගාටුයි..!!! (ස)

සජී 2012-07-28 13:20:49

60 -70 අතරේ යන්න ඕන නම් අධිවේගී මගක් මොකටද ?? (ස)

රජිත මංජුල 2012-07-28 13:57:33

උෂ්ණාධික අපේ රටේ මින්ස්සු කමිසයට ටයිපටිය දාන්න තියෙන උනන්දුව අනතුරකදි අවදානම අවම කරගන්න වාහන බදපටිය දාගන්න කැමති නැහැ..!!(නු)

රවි 2012-07-28 14:00:25

60 -70 අතරේ යන්න ඕන නම් පරණ ගාලු පාරෙන්ම යන එකනෙ ඇත්තෙ... (ස)

ගිහාන් 2012-07-28 14:29:22

මාර්ගය අධි වේගී උනත් නැතත් නිවැරදිව ගමන් කිරීමට කවුරුත් ඉගෙන ගත යුතුයි. මොන රටකින් වුනත් හරිදේ ඉගෙන ගත යුතුයි. වැරැද්ද ඉගෙන ගන්න නම් තමන් වැරදි කරන බව මුලින් පිළිගත යුතුයි. මම දකින විදිහට, පාරේ නියමිත වේගයෙනුයි රිය පදවන්න ඕනේ. 70 වේගයට 60 ට වත් 80 ට වත් යාම වැරදි. එහෙම හැමෝම නියමිත වේගයෙන් යනකොට ඉස්සර කිරීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එතකොට මානසික ආතතිය අඩු වෙනවා. කොළඹ රිය පදවනකොට තියෙන ලොකුම අමාරුව තමයි, කොයි මොහොතේ අතුරු පාරකින් වාහනයක් දමයිද කියන එක. බලන්න මොන අසීලාචාර කමක්ද? පටු පාරක නම් ඉදිරියෙන් එන වාහනයට ඉඩ දීමක් නැහැ. කාන්තාවක්, මහලු කෙනෙක් රිය පදවනකොට කියන ඇනුම් පද අනෙක් වාහනවල ඉන්න උදවිය. රිය පදවන උදවිය දැන්වත් හිතට ගත යුතු දේ දෙකකි. - ඉවසීම, අන් අයට ගරු කිරීම (වාහනය මොකක් උනත් , රියදුරු කවුරු උනත්). - උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව දැනගන්නේ. (ස)

ප්‍රගීත් 2012-07-28 15:10:01

පාරක් හැදුව කියල උදම් ඇනුවට වැඩක් නෑ.කට්ටියගේ හැටි අපි නොදන්නවයැ.නියම ප්‍රමිතියන්ට සංයුතියන්ට අනුව හැදුවනම් පොඩි වැස්සකට,වතුර පාරකට ලිස්සන්නෙ නෑ.වන සත්තු ඇතුල්වෙන ප්‍රදේශ තියනවනම් ඒ තැන් දැල් වලින් ආවරණය කරන්න ඕනෙ.අනික ඇක්සිඩන්ට් එකකදි පාරට අලාභහානියක් උනොත් ඒකත් ගෙවන්න ඕනෙ.එතකොට මොකටද ගේට් වලදි ටිකට් කඩන්නෙ.අනික හිමින් යන්නනම් මොකටද අධිවේගී මාර්ග.100 වේගයත් මදි.අඩුම ගානෙ 120-130 වත් වෙන්න ඕනෙ. (ස)

බෙත්මගේ දොන් ශාන්ත විජේවර්ධන 2012-07-28 15:44:59

මට පෙනෙන හැටියටනම් මේ රියදුරා කොහෙහරි අපරාධයක් කරන්න ගියාද දන්නෙ නැහැ.. මොකද වාහනයේ තිබිල තියෙනවා තුවක්කුවක් සහ මන්න පිහියකුත්.. හිතේ බයට පටිය පළදන්න අමතක වෙන්න ඇති.. බයෙන් යන නිසා වේගය ගැනත් අමතක වෙන්න ඇති..(නු)

fb-icon කේ.ඇලෙක්සැන්ඩර් 2012-07-28 16:48:51

ප්‍රගීත් අධිවේගී මාර්ගයක ගිහින් තියනවාද? 100 කියන්නේ ගොඩක් රටවල සම්මතයක්. ඒකෙන් කියන්නේ නෑ 100 ටම යන්න කියලා. 80-90 අතර ගියාම යන්න පුළුවන් හොඳින්ම. මෙහෙ කටාර් වලත් හයිවේ එක කියන්නේ නිතර අනතුරු වෙන තැනක්. ඒ මාර්ගෙත් 100 තමා උපරිම වේගේ. (අ)

සෑම් 2012-07-28 16:57:04

ජිව මොනාද දන්නේ අදිවේගී මාර්ග කියන්නේ දියුණු රටවල තියන සාර්ථක ප්‍රවාහන ක්‍රමයක් අදිවේගී මාර්ග ආරම්භ කරන්නේ කිලෝමීටර් 100 න්තමයි නැත්නම් මොකටද අදිවගි කියන්නේ. මාර්ග පාවිච්චි කරන අය අනිවාර්යයෙන්ම නීති පිළිපැදීම කරන්න ඕනේ. අදිවේගී මාර්ගයක වෙන වෙනෙම වාහන වලට වේග හදුන්වාදීම ප්‍රයෝගිකව කළනොහැකි දෙයක් (නු)

රේමන් 2012-07-28 18:12:19

වේගය වැඩි කරන්න වේගය මැදි

ජගත් 2012-07-28 19:12:16

අනේ අපොයි.... මේවා හොද පාඩම් අපේ අයට... වාහනවල මෙ පටිය තියෙන්නේ ජනතාවගේ ආරක්ෂාවට ඒක නොදා ගියොත් අනතුරක් තමයි ඉතිං....(නු)

ෂෙරිෆ් 2012-07-28 21:41:23

නත්ථි ජාතස්ස අමරණං...!!!(නු)

මාලා 2012-07-28 21:45:01

දේශපාලන අරමුණු වලින් තොරව ප්‍රශ්න දෙස බැලීමට අප සියළු දෙනාම පුරුදු විය යුතුයි. (නි)

ෂ්‍යාම් 2012-07-28 22:48:13

මම යෝජනා කරනවා 'අධිවේගී' කියන වචනය ඉවත් කරන්න. මිනිස්සු වේගය වැඩි කරන්න පෙළඹෙන්නේ ඔය වචනය නිසා තමයි. (නි)

පාලිත 2012-07-28 23:31:28

මාර්ගය අධිවේගී වූ පමණින් අපි අධිවේගී විය යුතු නැත...(නු)

සනත්ය් ඉන්දික 2012-07-29 03:53:53

අධිවේගී මාර්ගයක් කියන්නේ 100 වඩා වේගෙන් යන්න ඕනේ නැත්නම් එක අදිවේගී වෙන්නේ නැහැ.මම ඉන්න රටේ අදිවේගේ පටන්ගන්නෙම 100 න් පලවෙනි මන්තිරුව 2 වෙනි මන්තිරුව 140

3 වෙනි මන්තිරුව 180 දක්වා යන්න පුළුවන් වැරැද්ද නීතියක් තියනවනම් එක පිළිනොපදින එකයි කොහොම උනත් මෙයාගේ වියෝව ගැන මගේ බලවත් කණගාටුව ඔබට නිවන් සුව අපේ රටේ මිනිස්සු ඉන්නෙම වැරදි හොයන්න බලාගෙන මොනවා කෙරුවත් බලන්නෙම වැරද්දක් කියන්න අනේ මන්ද්චා කවදා මේ මිනිස්සු හැදෙයිද කියල මේ මනසිකත්වේ නිසා අපි හැමදාම ලෝකෙත් එක්ක පරම්පරා තුනකට පිටිපස්සේ ඉන්නේ (නු)

මියගිය අය 2012-07-29 10:24:45

"ලකින්දු 2012-07-29 08:59:35

පටි නැතුව ගිහින් පටි රෝල් වුණාට හොද වැඩේ... "

ඔබ වැනි සතුන් අතර වෙසෙනවාට වඩා මියයාම සැපතකි. ඔබ කවදාවත් නොමැරී ඔහොමම ඉන්න. (දී)

ප්‍රගීත් 2012-07-29 08:11:51

කේ ඇලෙක්සැන්ඩර්,

කටාර් වල අධිවේගී මාර්ග ගැන හිතා ගන්න පුලුවන්.එහෙම නැත්නම් ඔබගේ නොදන්නා කම."සනත් ඉන්දික" ගේ කතාව හරි. (නි)

ලකින්දු 2012-07-29 08:59:35

පටි නැතුව ගිහින් පටි රෝල් වුණාට හොද වැඩේ. (නි)

ජිව 2012-07-29 22:10:39

අනේ අපි නම් අධිවේගී මාර්ගවල ගිහිල්ලා නැහැ.නමුත් සමහර මහත්තුරු නම් කියනවා ඒ අය ඉන්න රටවල තිනෙබ අධිවේගී මාර්ගවල ඉතාමත් වේගෙන් යන්න පුළුවන් කියලා. ඒවා ඉතින් දියුණු රටවල් වෙන්න ඇතිනෙ.ඒ රටවලට අධිවේගී මාර්ග ඇවිල්ල අවුරුදු ගණනාවක් වෙනවා. ඒ අයත් දැන් තියෙන ගාණට ටික ටික තමා වේගය වැඩි කර ගන්න ඇත්තෙ.දියුණු රටවල් කරන හැම දෙයක් ම අපට කරන්න බැහැ.අපට අධිවේගී ආවෙ ඊයෙ පෙරේදා.මේ ටිකට මේ විදියට මරා ගන්නවා නම් තව වේගය වැඩි කෙරුවොත් කොහොම හිටියි ද.පිටරට ඉන්න අයට අධිවේගී වල ගිහින් හොඳට පළපුරුදු ඇති.නමුත් මේ අධිවේගයේ යන්නෙ වැඩි දෙනෙක් ලංකාවෙ අය.ඒ අයත් ටික කාලයක් ගියාම කියයි මේ වේගය මදි කියලා. අන්න එතකොට වේගය වැඩි කෙරුවට කමක් නැහැ. ඊට ඉස්සෙල්ලා කාට හරි ඉගිලෙන්න ඕනෙ නම් දකුණු පැත්තෙන් ඉස්සර කරගෙන ඉගිලුනාට කමක් නැහැ.ඒකට නෙ එක පැත්තට මං තීරු දෙකක් තියෙන්නෙ.කොහොම වුණත් ඕව හරියට ම දන්නෙ ඕවායේ ඉන්න අයම තමයි. (නි)

දයා 2012-07-30 01:24:00

පටි නොදැම්මේ එයාගේ වෙලාව නිසයි.එයා ඒ වෙලාවේ ගෙදර හිටියත් ගහක් කඩා වැටිලා හරි මැරෙනවා. (නි)

තරංග 2012-07-30 09:04:04

පිට රට දේ නැතුව අපේ දේ අගය කරන්න පුරුදු වෙන්න....(ස)

ලසිත 2012-07-30 15:46:06

වටිනා ජීවිතයක් ,පව් ! (දී)

නාලක 2012-07-31 08:48:26

තරහ වෙන්න එපා. හොද වැඩේ (දී)

බන්දු 2012-07-31 17:04:56

අපි තවම වැද්දොද? ප්‍රා‍යෝගිකව හිතන්න මෙවැනි දේ ගැන...(නු)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :