2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ඔලිම්පික් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ කෙරුණේ නෑ

ක‍්‍ර‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී

2012 ජූලි මස 25 10:02:58 | නාමල් පතිරගේ

ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණවලට යොමු කිරීමට අවස්ථාව නොලැබුණු බව ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පැවසීය.

කොළඹදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙවර ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බහුතරයක් විදේශගතව සිටීම නිසා තහනම් උත්තේජක ගැනීම පිළිබඳ පරීක්ෂාව නිසි ලෙස කළ නොහැකි වූ බවයි.

‘‘ලන්ඩන් ඔලිම්පික් උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම තහනම් උත්තේජක පරීක්ෂාවට ලක් කළ යුතුව තිබුණා. නමුත් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සම්බන්ධයෙන් එවැනි කිසිදු ගැටලූවක් පැන නොනගිනු ඇතැයි කියලා’’ යයි ද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

ලන්ඩන් නුවරදී ලබන සිකුරාදා (27) ආරම්භ වන ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිටත්ව යාම පසුගිය 20 වැනිදා සිට ආරම්භ විය.

ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනය විසින් පසුගිය මාස හයක පමණ කාලසීමාවකදී කරන ලද කාර්යභාරයන් ගැන කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද, ජාතික ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන් වන වෛද්‍ය සීවලී ජයවික‍්‍රම, වෛද්‍ය ලාල් ඒකනායක, වෛද්‍ය ශිරෝමි පිලපිටිය සහ  ඕස්ටේ‍්‍රලියානු ජාතික භෞත චිකිත්සක ෂේන් වෙන්ට් යන මහත්ම මහත්මීන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

අදහස්(2) බැලූවෝ (904)

ඔලිම්පික් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂණ කෙරුණේ නෑ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

වරුණ 2012-07-25 15:55:54

ක්‍රීඩකයින් පරීක්ෂා කළ යුතුතේ ඔවුන් සමග යන වෛද්‍යවරු විසින් නේද? (නි)

අමිල කටුනායක 2012-07-25 19:32:45

මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහනවා...(ස)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :