Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
බැඳපු දාම මනාලයාට ලැබුණ ලිපිය දැක මනාලියට යකා නැඟලා
2012 ජූලි මස 19 09:54:35 | මතුගම පියසේන දොඩන්ගොඩ
සුනිල් ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගත් තරුණ ගැටව් සියල්ලන්ම සහෝදරත්වයෙන් ඇසුරු කරන කඩිසර උත්සාහවන්ත තරුණයෙකි. මේ වන විට ඔහුගේ කලවයස් පිරී ඇති බැවින් දෙමහල්ලෝ මගුල් කපුවෙකුගේ මංගල යෝජනාවක් මගින් ඈත ගමකින් ඔහුට ගැළපෙන අන්දමේ මනාලියක් සොයා විවාහයක් කර දුන්හ. ගමේ තරුණ පෙළ එකමුතුව තම යහළුවාගේ විවාහය සඳහා සෑම උදව් පදව්වක්ම නොපිරිහෙලා ඉටුකරදුන් අතර අවසානයේ විහිළුවක් ද කිරීමට අමතක කළේ නැත.
මගුල් ගෙදර දෙවැනි ගමනදා දෙපැත්තෙන්ම නෑ දෑ පිරිස සතුටු සාමීචියේ යෙදී සිටියදී සුනිල්ගේ නමට තැපෑලේ ආ ලිපියකි. ලිපිය අතට ගත් සුනිල් සියල්ලන් ඉදිරියේම එය කියවා බලා බලවත් පුදුමයට හා ලැජ්ජාවට පත්විය.
මනාලියද එය අතට ගෙන බලා මේ මොන මගුලක්ද ගෑනියෙකුයි දරුවෙකුයි ඉන්න මිනිහෙක් එක්කද මම ආවේ කියමින් ගෙදර එකම ගාලගොට්ටියක් විය.
ලිපියේ ලියා තිබුණේ ආදර වස්තුවේ ඔයා බැන්දට මගේ තරහක් නැහැ. හැබැයි මාවයි දරුවයි බලාගන්න වුණ පොරොන්දුව නම් කඩ කරන්න එපා. මෙයට ඔබේ සදාදර ලතා යනුවෙනි.
මෙය සුනිල්ගේ යහළුවන් කළ ඇස් රතුවන නොමනා විහිළුවක් බව තේරුම් කර දීමට වැඩිහිටියන් මහත් උත්සාහයක් දැරූ අතර මගුල් ගෙදර මෙතෙක් පැවැති සතුට සන්තෝසය නැත්තටම නැතිවී ගොස් ඇති බව දක්නට ලැබිණි.
අදහස්(39)
බැලූවෝ (21132)
බැඳපු දාම මනාලයාට ලැබුණ ලිපිය දැක මනාලියට යකා නැඟලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
පිලිපිනෝ 2012-07-19 12:39:41
ඔව් ඔව් දැං කාලෙ ලංකාවෙ අය ඕන නැති විහිළු කරල එයාලා සතුටුවෙනවා වැඩියි..පව් වැඩේ මේ බැදපු කොලුවා..
හිරන් 2012-07-19 10:56:00
මේක හොද විහිළුවක් නෙමෙයි..
යූ.ඒ.ඊ. කොල්ලා 2012-07-19 10:49:13
අනේ මෙහෙමත් මනමාලියෝ.. ඔය පොඩි විහිළුවවත් තේරැම් ගන්න බැරිද? ඕවගේ දේව්ල් වලින් තමන්ගෙ සැබෑ ස්වරෑපය පෙනෙනවා...
ලක්මාල් 2012-07-19 10:49:22
ඇති ඔයින් ගියා.....
පාලිත මාලදිවයින 2012-07-19 11:08:27
මේවගේ වැදගත් දවසක ඇස් රතුවන විහිළු කරන්න හොද නැහැ.. ඒ පවුලේ අනාගතයට කුමක් වේවිද?
පොතේගුරා 2012-07-19 11:33:31
තමන්ගේ යාලුවට වඩා අලුතෙන් කැන්දාගෙන ආ කෙනා ගැන අවබෝඅධයක් නෙතිව කරපු විහිලුව භයානකයි .
සුභාෂිණි 2012-07-19 11:02:42
මෙවැනි විහිළු වලින් කඩාකප්පල් වුණු පවුල් ජීවිත දික්කසාදයෙන් කෙළවර වූ අවස්ථා අනන්තවත් තිබෙනවා.
සජී 2012-07-19 11:19:13
පාලිත මහත්තයා හරි. U.A.E කොල්ලටත් ඔහොම දෙයක් වෙන්නයි තිබුණේ වැඩේ කොහොමද බලන්න.
කපුවා 2012-07-19 15:06:33
මේ වැඩ වලින් මම තමයි කපෝති වෙන්නේ.
ශෂීමාල් 2012-07-19 14:58:26
පව් වැඩේ...පවුල් කඩාකප්පල් වෙන විහිළු කරන්න හොඳ නෑ.....
සිංහබාහු 2012-07-19 15:31:59
අපේ ගෙවල් කිට්ටුව ඉන්න සුනිලුත් ගිය ඉරිදා කසාද බැන්දා. දැන් මේ පත්තරේ තියෙන කතාව දැකල මිනිහත් අප්සෙට් ගහලා. මේක උනේ මගේ මගුලේ නෙවෙයි කිය කියා තැන තැන ඇවිදිනවා. ඇයි ඉතින් මේ විස්තරේ ගැන නම සදහන් කලාට ගම සදහන් කරලා නැහැනේ.
සහෘදයා 2012-07-19 18:02:38
සුනිල් ගමේ කොයි කාගේත් හොඳ හිත දිනාගත් තරුණ ගැටව් සියල්ලන්ම සහෝදරත්වයෙන් ඇසුරු කරන කඩිසර උත්සාහවන්ත තරුණයෙකි...........
සුනිල් එහෙම උනාට සුනිල්ට ඉඳල තියෙන්නෙ පාප මිත්‍රයො විතරක්නෙ...
මෙහෙම විහිළුත් කරන යාළුවො ඉන්නවද??
අමිල කටුනායක 2012-07-19 19:23:13
මේ අය යාලුවෝ ද යාලු වෙසින් ඉන්න සතුරෝද
රොෂාන් ඩුබායි 2012-07-19 19:04:30
එපාමකරපු යාලුවෝ පිරිසක්...
අලිබබා 2012-07-19 20:27:36
මේ වගේ දෙයක් මටත් වුනා. මගුල් ගෙදර අවසන් වී හනිමුන්යන දවසේ නිදාගන්න ඇද යට සීනුවක් එල්ලලා. පස්සේ බැරිම තැන බිම තමයි නිදිය ගත්තේ.
සේනානායක 2012-07-20 08:30:38
මරු විහිළුව. හී හී හී හී හී හී හී හී හූ.................
කපුවා 2012-07-19 21:07:46
මගේ ගාණ තවම ලැබුනේ නැහැ
සේනානායක 2012-07-19 23:32:59
මෝඩයන් ඇසුරෙන් වලකින්න පින්වත .
තිලක් 2012-07-20 07:39:09
මගෙ අදහස නම් මෙය ඉතාම කාලෝචිත අදට ගැලපෙන විහිලුවක් බවයි. මෙය මනාලියගෙ දැනුම සහ දරාගැනීමේ ශක්තිය මැනගන්න කළ යුතුම පරීක්ෂණයක්.
සහන් 2012-07-19 23:51:10
යාළුවාගේ වැඩෙත් කැතයි.මනමාලිගේ වැඩෙත් කැතයි. මොළේ කළඳක්වත් නැද්ද ඇත්තට ඔහේලට?
සේනානායක 2012-07-19 23:51:12
බල්ලොත් එක්ක බෑ .........
ලලිත් 2012-07-20 01:41:59
මනමාලි පළවෙනි පරීක්ෂණයෙන් ම ෆේල්! විහිළුව සම්පුර්ණයෙන්ම වැරදියි; ඒවුනාට ඔයවගේ දෙයක් දරාගන්න බැරිව පවුල්කන්න අමරුයි?
ලලිත් 2012-07-20 01:42:10
මනමාලි පළවෙනි ටෙස්ට් එකෙන්ම ෆේල්! විහිළුව සම්පුර්ණයෙන්ම වැරදියි; ඒවුනාට ඔයවගේ දෙයක් දරාගන්න බැරිව පවුල්කන්න අමරුයි?
අමිල කටුනායක 2012-07-20 09:55:40
ආ......................
ගිහාන් 2012-07-20 11:27:12
ඔවැනි විහිළු හොද නැහැ.ජීවිත හානි පවා විය හැකියි නේද? (නි)
ශානක 2012-07-20 13:41:46
කලබල නොවී හොද සංයමයකින් විසදා ගත්තා නම්......... (නි)
චතුර 2012-07-20 14:37:25
ඇයි වෙනදට සද්දේ ඇහිලම නැද්ද ???? (සවි )
බෙන් ටෙන් 2012-07-20 17:34:45
මේක නම් පොඩි විහිළුවක් විතරයි. දැන් ලියුම් ලිය ලිය ඉන්න කාලයක් ද? ඒකවත් තේරැම් ගන්න බැරි මනාලිය හා වැඩිහිටියෝ... ඒ ගනු කෙනාට මගුල කඩාකප්පල් කරන්න ඕන නම් දරැවොත් එක්ක එතනටම ඇවිල්ල හිදියි. ඇත්තටම බැදපු කෙනෙක් දෙවෙනි කසාදේ කරගෙන හෝටලෙන් ගෙදරට එනකොට පැරණි ගැහැණු කෙනා පොලීසිය එක්ක හිටිය කතාව දන්නව නේද අපේ සහෝදරයෝ ටික.... (දී)
ස්වීටි 2012-07-20 20:12:43
පිස්සුද මන්දා (අ)
akila dulaj 2012-07-20 21:22:16
අනේ මනුෂ්සයෝ මේවා විහිළුද? මේවගේ දේවල්කරන්න එපා කියන එක තමා මගේ ඉල්ලීම (අ)
ලලිත් 2012-07-21 11:12:32
මේ වගේ යාළුවෝ ආශ්‍රයටත් හොඳ නෑ..... (ස.වි)
nisansala 2012-07-21 14:19:21
යෝජනාවකින් සිද්ධ වූ කසාදයක් නිසා මනාලියට තරහ එන එක සාධාරණයි. (අ)
නිලු 2012-07-22 06:32:30
කවුරු නමුත් හොඳට මොළේ තියෙන කෙනෙක් කරලා තියෙන්නේ.පින්නට එහෙම යන්න එපා.මොළේ පෙගෙයි. (නි)
නීලවංශ බණ්ඩාර 2012-07-22 08:15:38
ඒක හොද අදහසක් (ත)
නිශ 2012-07-22 11:05:56
අනේ පවු .
ෆෙරාර් 2012-07-22 17:23:37
සීන් එකනම් නියමයි. නමුත් වැඩේ කැතයි.
උපුල් 2012-07-22 18:02:32
වැඩේ නරකයි. (නි)
ඒ.ජේ.එස්. ජයකොඩි 2012-07-24 23:38:49
ඇස් රතුවන විහිළු පව් ඒ කොලුවා..!!(නු)
සැන්ඩෝ
2012-07-27 10:56:50
මේ වගේ මෝඩ වැඩ වලට හොඳයි කියන මෝඩයොත් ඉන්නවනේ හැබෑට ඈ....(ස)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16128)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(107)
(15585)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(103)
(15100)
ප්රසන්න විතානගෙන් ප්රශ්න ඇසුවාම එළියට දමලා
(169)
(14923)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(31)
(10832)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(15)
(10696)
පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට
(83)
(9710)