2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

පුතුගේ පළමු උපන් දිනේට අම්මාගෙන් අපූරු තෑග්ගක්

2012 ජූලි මස 18 09:43:49 | ක‍්‍රිස්ටෝපර් සීපියන්

මෙය දකුණු පළාතේ සිදුවීමකි. තම කුඩා පුතුගේ උපන් දිනය ඉහළින්ම සැමරීමට දෙමව්පියෝ තීරණය කළහ. ඥාති මිත‍්‍රාදීන්ට ආරාධනය කර උදව්වට නැගණියද ගෙන්වා ගත් දරුවාගේ මව එළවළු පිළියෙළ කිරීම නැගණියට සහ අන් අයට පවරා මස් මාළු කැපීමේ කාර්යය තමාම භාරගත්තාය.

ලොකු මාළු කුට්ටියක් පිහියෙන් කැපූ ඇය කුකුළු මස්ද කපන්නට වූවාය. මස් ශීතකරණයේ තැබීම නිසා කැපීමට අපහසු වූ බැවින් ”මන්නා පිහියක්” භාවිත කිරීමට සිදුවිය. කුකුළකු කැබලිවලට කැපූ ඇය තවත් කුකුළකු රැගෙන පිහිය ඔසවා වේගයෙන් ගැසුවාය. අවාසනාවකි. පහර වැරදී ඇයගේ වම් අතේ මාපටඟිල්ලේ අග පුරුකේ කොටසක්, නියපොත්තේ කොටසකුත් සමග වෙන්වී ගියේය.

වහාම ඇය රෝහලකට ගෙන ගිය අතර සිද්ධිය දුටු ඇයගේ නැන්දනිය අනතුරට මුහුණ පෑ අයගේ නැගණිය අමතා ”දුවේ මසුත් කාලා හමාරයි නොවැ”යි පැවසුවාය. පැය කිහිපයකට පසු අවශ්‍ය ප‍්‍රතිකාරයෙන් පසුව දරුවාගේ මව නිවෙසට රැගෙන ආවාය.

සාදයේ වැඩ කටයුතු අන් අය සූදානම් කර තිබිණි. සියල්ලෝම දිවා ආහාරයට වාඩිවූහ. උපන් දිනය සැමරූ පුතාට බත් කවන ලද්දේ පුංචි අම්මාය. ආහාර අනුභව කරන අතරේ පිඟානේ තිබූ දෙයක් දරුවා පෙන්වීය. එය පරීක්ෂා කැරිණි. දරුවාගේ මවගේ වෙන්වුණු ඇඟිලි කැබැල්ල එය බව දැකගත හැකි විය.

අදහස්(38) බැලූවෝ (23193)

පුතුගේ පළමු උපන් දිනේට අම්මාගෙන් අපූරු තෑග්ගක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ගාලු කොලුවා 2012-07-18 11:17:04

දැන්වත් අහිංසක සත්තුන්ගේ මළකුණු කන්නේ නැතුව හිටියොත් ඒකත් මදෑ

නයනා 2012-07-18 10:10:05

අනේ..............අනේ.....?

ලක්මාලි 2012-07-18 10:49:59

මගේ දෙයියනේ...

දයා,saudi 2012-07-18 10:13:29

අනතුරක්... අහඹු සිදුවීමක්....

මස් මාලු කෑමත් එපා වෙනවා නේද? කණගාටුයි.

වරුණ 2012-07-18 10:28:59

මස් හෝදලා නෙමෙයිද හදලා තියෙන්නේ? හේදුවා නම් ඇගිල්ල අහු වෙනවනේ.කමක් නැහැ ඉතිං.දෙකම මස්නේ.

පුංචා 2012-07-18 11:16:17

මේකනම් වෙන්න බෑ...

හේරත් 2012-07-18 11:29:15

ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා.තමන්ගේ දරුවගේ උපන්දිනේට කරන්න ඕනේ හොද ආදර්ශමත් වැඩක් නේද?

පිලිපීනෝ 2012-07-18 11:47:09

මෙයාගේ බොරුද කොහෙද?

මධූ 2012-07-18 12:23:33

මට නම් හිතාගන්න බැරි කොහොමද පුතාටම හම්බ වුණේ? මතක් වෙද්දිත් අප්පිරියයි.

විජේ 2012-07-18 14:01:16

ඕක පට්ටපල් බොරුවක්

සුමන මනන්දුව 2012-07-18 14:03:40

මේකනම් ලොකු බොරුවක් .

සුසිල් 2012-07-18 15:31:45

ඇත්තමද මේ ???

නිශාන්ත 2012-07-18 17:55:21

පළමු උපන්දිනේට මස්ද කට්ටියට දෙන්න හැදුවේ.....

පොතේගුරා 2012-07-18 17:53:40

පිළිගන්නත් අමාරු සිදුවීමක්...අනේ මන්දා.....

සේනානායක 2012-07-18 23:51:35

අවුරුද්දක දරුවෙකු කොහොමද ඇගිලි අදුනා ගන්නේ?

සුදත් 2012-07-18 23:55:31

දෙයියෝ සාක්කි! මෙහෙමත් කතා...!

UAE කොල්ලෝ 2012-07-19 00:19:57

එහෙම වෙන්න පුලුවන් වුණත්, පොඩි එකාටම ඇගිල්ල හම්බ වෙච්ච එකනම් පිළිගන්න බැහැ.

මාමා 2012-07-19 01:05:08

පරිස්සමින් වැඩකල යුතුය....

ජගත් චන්දන 2012-07-19 01:24:31

ලංකාවෙ අයට මේවා ඇත්ත.

ගිරිගොරිස් අප්පුහාමි 2012-07-19 06:19:04

රජ කෙප්පයක්

රට වැසියෙක් 2012-07-19 07:08:26

දකුණු පළාතෙන් ඇහෙන්න්නේ හරි පුදුම දේවල් මේ දවස් වල.

ෂාන් 2012-07-19 07:43:22

මේක නම් බොරුවක්ද කොහෙද? මොකද අවුරුද්දක පොඩි එකෙකුට ඔච්ච්ච්ර දැනුමක්? (වෙන් කර හදුනාගැනීමට පාට ,සතුන් , මල් , පුද්ගලුන් වැනි දේ ).පොඩි එකෙක් මිරිස් සැර කන්නේ නෑ.ගොඩක් වෙලාවට මස් හෝදලා වගේ දෙන්නේ.මේ කතාවේ හැටියට පුංචි අම්මගේ ඉදන් මේ මුළු පවුල අන්ධයි.

රුවන් ගමරාළේ 2012-07-19 09:30:04

කතාව නම් හොදයි. හැබැයි අස්වාභාවිකයි.

ගිහාන් 2012-07-19 08:57:08

කිරිඅප්පට බල්ලෝ පැනපි කිවුවලු

පණ්ඩිත් 2012-07-19 10:29:47

බොරු ප්‍රබන්දයක්ද මන්දා

විලියන් 2012-07-19 09:54:00

බොරු එපා හොදද?

ඉන්දික 2012-07-19 10:51:29

වැඩේ ඇත්ත වගේ කියල තියෙනවා

කුසල් හාමු 2012-07-19 15:51:17

උපන් දිනය දවසේත් සතුන් මරා ගෙන මස් කෑම හොඳද ඒ අහිංසක සතුනුත් ජීවත් වෙන්න ආසයි. උපන් දිනේට පැළයක් රෝපණය කරන්න පුළුවන් නම් ආගමික කටයුතු වල යෙදෙන්න පුළුවන් නම් ඔයිට වඩා කොපමණ හොඳද

වික්මල් 2012-07-19 19:26:49

අද කාලෙ හැටි....

සහන් දසනායක 2012-07-19 22:46:24

නොසැලකිල්ලෙන් වැඩ කරනකොට ඔහොම ටමයි . කොහොමද මේ වගේ දෙයක් හොටෙල් එකක උනානම් එහෙම . පත්තර වල යයි මිනි මස් උයන හොටෙල් එකක් හමුවෙයි කියල ...!!!

වෙනුර 2012-07-20 08:39:00

අප්‍රියෙල් 1 වෙනිදාට නෙමෙයි නේද?

නිමල් සිරිවර්දන 2012-07-20 20:06:11

අන්තිමේදී අම්මගේ මසුත් කන්න උනානේ ... අනේ අපොයි (දී)

නිලු 2012-07-22 06:48:23

කවුද මේ කතාව ලිවුවේ ඇත්තටම? (නි)

ලහිරු 2012-07-22 12:48:41

ළමයට අමතක නොවන දවසක්. අම්මගේ මසුත් ඉව්වනේ (දී)

ලහිරු ලක්මාල් සුබරත්න 2012-07-22 12:48:42

මිනි මසුත් කාලද (දී)

මාර්ලන් 2012-07-23 08:03:24

පොඩි එකා රහස් පොලිසියේ වෙන්න ඇති, ඇගිලි කෑ‍ලි අදුර ගත්තේ. (නි)

සමන්ත 2012-07-25 20:27:25

මමනම් හිතන්නේ හැමදේටම මුල නොසැලකිල්ල...(ස)

මනම්පේරි 2012-07-25 20:27:25

මමනම් හිතන්නේ නොසැලකිල්ලෙන් වැඩකර නිසා තමයි මේ සෑම විපතක්ම......(ස)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :