Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ජාතීන් අතර අවිශ්වාසය නැති කරන හැටි ජනපති කියයි
2012 ජූලි මස 16 19:14:14 | දුෂ්‍යන්ත සමරසේන
රජයේ ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ජාතීන් අතර තිබෙන අවිශ්වාසය දුරලන්නයි. මේ භාෂා ඉගෙන ගැනීම ඉතා වැදගත්. එම භාෂාවලින් අප කතා කරන විට අවිශ්වාසය නැති වෙන්න පුළුවන්‘ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. සමාජ එකාබද්ධතා සතියේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති එසේ පැවැසීය. අරලියගහ මන්දිරයේ පැවැති මෙම උත්සවයේ දී වැඩි දුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය. ‘ ජාතීන් අතර සමානාත්මතාව අපි පොඩි කාලේ ඉඳලම ඉගෙන ගන්න ඕනෑ දෙයක් අපි සිංහල, දෙමළ, මුස්ලිම් කියල පාසල් වෙන් කරනවා. අපි සුහදත්වය ගැන කතා කරනවා. නමුත් පොඩිකාලේ ඉඳලා උගන්වන්නේ වෙන්ව ජිවත් වෙන්න. අපි මේ කාරිය පාසලින් ආරම්භ කරන්න ඕනෑ. ඇමැති වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී කතා කෙළේය.
අදහස්(28)
බැලූවෝ (2305)
ජාතීන් අතර අවිශ්වාසය නැති කරන හැටි ජනපති කියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
එම්.ටී.එම්. අබ්දුල් ලතීfප් 2012-07-17 11:47:21
අති ගරු ජනාධිපතිතුමනි, ඔබගේ අදහසට මා පෞද්ගලිකවම ගරු කර ප්‍රශසා කරනවා. එසේ නමුත් එදා පටන් අද වෙනකම් සෑම පාසලකම භාෂාව සමග තම තමන්ගේ ආගමට මුල් තැන දෙමින් ආගම හා බැදුනු අධ්‍යපන ක්‍රමයක් තුළ සියලුම ජාතීන් එකම පාසල් ක්‍රමයකට ඇතුලත් කර භාෂාව ප්‍රගුණ කිරීමේ වැඩ පිළිවෙළ වෙනුවට, වෙනත් විකල්ප වැඩපිළිවෙළක් යොදා ගතහොත් මෙහි සාර්ථකත්වයක් ලබාගත හැකිවේ යැයි මා විශ්වාස කරන අතර එය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
අලිබබා 2012-07-16 20:10:49
ජනාධිපති තුමනී ඔබ පවසන්නේ ඇත්තෙන්ම සත්‍යයක්. අපි සිංහලය, දෙමළය, මුස්ලිම්ය කියා පාසැල් තුලින්ම වෙන්කරනවා. අපි සුහදතාවය ගැන කතා කරනවා. නමුත් පොඩිකාලේ ඉදලාම අපට උගන්වන්නේ වෙන්ව ජීවත් වෙන්න. මෙම ක්‍රම වේදය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ ඇත. මෙයට භාෂාවන් ප්‍රගුණ කිරීමට කවුරුත් උනන්දු විය යුතුය.
අලිබබා 2012-07-16 20:10:54
ජනාධිපතිතුමනි, ඔබ පවසන්නේ ඇත්තෙන්ම සත්‍යයක්. අපි සිංහලය දෙමළය මුස්ලිම්ය කියා පාසැල් තුලින්ම වෙන් කරනවා. අපි සුහදතාවය ගැන කතා කරනවා. නමුත් පොඩිකාලේ ඉදලාම අපට උගන්වන්නේ වෙන්ව ජීවත් වෙන්න. මෙම ක්‍රමවේදය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ ඇත.මෙයට භාෂාවන් ප්‍රගුණ කිරීමට කවුරුත් උනන්දු විය යුතුය.
මොහොමඩ් රිස්වාන්, සෞදි 2012-07-16 20:43:08
ජනපතිතුමනි, ඒක කරන්න ඔබට පුළුවන්....
ෂෙරීෆ් 2012-07-16 21:11:29
බොහොම වටිනා කියමනක්...
අමිල කටුනායක 2012-07-16 21:14:26
භාෂාව කෙසේ වෙතත් ආකල්පමය වෙනසක් ඇති කර යුතුයි.....
නිශාන්ත 2012-07-17 06:35:42
දැන් භාෂාව ඉගෙන ගත්තය කියලා හරියයි ඔක්කොම
ගිරිගොරිස් 2012-07-17 01:08:51
මේවට කමෙන්ස් දාන්න කව්රුවත් නැහැ වගේ ,
මධු 2012-07-17 02:41:15
දෙමළ ඉගෙන ගත්තාට නම් කමක් නැහැ.මුස්ලිම් ජාතීන් එක්ක නම් ඒ තරම් සම්බන්ධකම් හොද නැහැ
අජිත් වීරක්කොඩි 2012-07-17 02:59:37
විස්වාසය උක් දණ්ඩක් වැන්නේ වැළඳු පසුවයි මිහිර දැනෙන්නේ
දී සිල්වා 2012-07-17 04:54:49
කතාව නම් දෝලාවෙන් ගමන පයින්
SK 2012-07-17 07:19:45
දැන් මේකද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ?
පොතේගුරා 2012-07-17 07:48:14
පළමුවෙන්ම එක් භාෂාවක් කතා කරන මහ ජාතිය අතර විශ්වාශය ගොඩ නැගිය යුතුයි නේද?
ලුම්බිණි 2012-07-17 08:38:51
මම හිතන්නේ වෙන භාෂාවක් කතා කල පමණින් ජාතීන් අතර තිබෙන අවිශ්වාසය නැති වෙන්නේ නැහැ. සියලුම දෙනාට සම අතිවාසිකම් තිබිය යුතුයි ඉස්සර වෙලාම. මේක නීති වල තිබුනට වැඩක් නැහැ. ක්‍රියාවෙන් තිබෙන්න ඕන. අපි සිංහල හෝ අපි දෙමල නැතිනම් මුස්ලිම් කියල හිතන්නේ නැතුව අපි ශ්‍රී ලාංකිකයන් කියල හිතන්න පුළුවන් වෙන්නේ එතකොටයි.
බෙන් ටෙන් 2012-07-17 09:04:04
ජනාධිපතිතුමා හරියටම හරි... භාෂා නොදැනුවත්කම නිසා ගැටළු රාශියක් මතුවෙනවා. භාෂා තුනම ඉගෙනගත්තහම තමන්ටම ඕනෑම දෙයක් තේරුම් ගැනීමට හැකිවෙනවා. එයින් ප්‍රශ්න රාශියක් විසදෙනවා. සැමවිටම ආගම්වාදය, ජාති වාදය තම කරමත තබා සිටින අයටනම් මෙය හොද ප්‍රවෘත්තියක් නොවනු ඇත. මන්ද, ඔවුන් දැනටමත් තම ශරීරයට යම් ආගමක් තදින්ම ඇතුල්කරගෙන සිටින නිසා.
අනේ හපොයි 2012-07-17 09:17:31
බෙන්ටෙන්, ඔබ 100%ට 1000000% ක් හරි යාළුවේ
කම්මලේගෙදර 2012-07-17 08:48:47
අධ්‍යාපනයට වෙන්කරන මුදල (1.68% සිට 6% දක්වා ) වැඩිකලොත් ළමයින්ට භාෂා තුනම උගන්වන්න පුළුවන් වෙයි නැත්නම් ඉතින් සොරිම තමයි ..
චන්දි 2012-07-17 09:38:13
සිංහල බෞද්ධ පාසල් වසාදැමිමේ වැඩපිළිවලේ ආරම්භය.....
එස්.කේ 2012-07-17 09:38:50
අතීසාරෙට අමුඩ ගහන මිස්සු තමයි වැඩිහරිය..
ලොක්කා 2012-07-17 09:27:46
ලංකාවේ ශිෂ්ටාචාරය ගොඩ නැගු සිංහල ජාතියට ඉතිහාසයෙන්ම හිමි තැන අහිමි කරන වැඩ පිළිවෙළේ තවත් එක් පියවරකි මේ. සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝය. අපි අලුත්ම භාෂාවක් හදල දෙමු මේ අමුතු ජාතියට.
ගාල්ලගේ 2012-07-17 09:28:51
එක හොඳ අදහසක් නමුත් මගේ පෞද්ගලික මතය වන්නේ හැමෝටම මේ රටේ සම අතිවසිකම් හිමිවිය යුතු වෙන්න ඕනි .සාමාන්‍යයෙන් බහුතරයක් කතා කරන භාෂාව තම ඒ රටේ පළමු භාෂාව වෙන්න ඕනි. මොකද අපි එංගලන්තෙට හරි ඇමෙරිකාවට හරි ගියාම ඒගොල්ල අපේ භාෂාව කතා කරන්න පුරුදුවෙන්නේ නැහැනේ. අපිට කතා කරන්න වෙන්නේ ඒගොල්ලන්ගේ භාෂාව .මේක ඇති කරලා තියෙන්නෙත් අපේම රටේ අය.අපි සුද්දට බැන්නට සුද්ද හරි.....
ශාන් 2012-07-17 10:12:34
මධූ, ඔයා එකක් මතක තියා ගන්න.ඔබලාව එදා බේරුවේ මුස්ලිම් රටවල් තමයි
ෆාරු 2012-07-17 10:58:08
ඔවු මධූ. අපේ ජාත්‍යන්තර ප්‍රශ්න වලට උදවු කළේ මුස්ලිම් රටවල් නෙමෙයිනේ.ඒ නිසා ඔයා කියන විදියකට අපි ඉන්නම්
ෆිරෝ 2012-07-17 11:28:54
මේවා තේරුමක් නැති කතා
හීන් මැණිකා 2012-07-17 13:06:05
මට ඔය කියන ඒවා ගැන විශ්වාසයක් නෑ
aaa 2012-07-17 12:33:33
මධූ වගේ අයට ගැළපෙන්නේ ප්‍රභාකරන්ව තමයි
අලිබබා 2012-07-17 12:43:10
මුස්ලිම්වරුන්ට බොහෝවිට භාෂා කීපයක්ම කතා කිරීමට පුලුවන. දෙමළ, සිංහල, අරාබි, ඉංග්‍රීසි. මෙයට අමතරව තවත් අය අමතර භාෂාවන්ද උගනී. මේ සියලුම භාෂාවන්දනී. නමුත් බොහෝ ලාංකිකයන් දන්නේ තම මවු භාෂාව පමණි.සිංහල උගතුන් පමනක් ඉංග්‍රීසි කථා කරයි. ඒ හැර භාෂා ප්‍රගුණත්වය නැති නිසා බොහෝ විට අන්අය දෙස වපර ඇසින් බැලීමට සමහරක් සිංහල කියා ගන්නා වු පුද්ගලයන් පුරුදුව සිටි. මෙය සාමයට සමගියට සහජීවනයට තිබෙන ප්‍රබල බාධාවකි.මෙහි අදහස් දක්වා ඇති අයගේ අදහස්වලින්ද එය ඉතා පැහැදිලිය.
ඔසන් සලාම් - දෝහා 2012-07-17 13:48:06
කුමන භාෂාවකින් ඉගෙන ගත්තත් අපගේ සිසු පරපුර ඉගෙන ගන්නේ එකම විෂයයන්. නමුත් භාෂාව සහ ආගම යන විෂයයන් දෙක හැර. මගේ පෞද්ගලික මතය නම් එක්කෝ කොළඹ ඩී.එස්. සේනානායක වැනි විද්‍යාලයන් රටේ සෑම අධ්‍යාපන කලාපවලම එක බැගින් බිහිවිය යුතුය. එසේ නැතිනම් සෑම පාසලකම ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්විය යුතුය. කුමක් හෝ සුදුසු තීරණයකට රජය පැමිණිය යුතුයි.
වෑන් රිය දුම්රියේ හැපෙයි
(85)
(15931)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(100)
(14739)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(166)
(14672)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(95)
(14000)
සමාජශාලාවේ වී.අයි.පී. සිස්ටම්
(39)
(12218)
පැහැරගත් රිය අධිවේගී මගේදී අල්ලයි
(24)
(11705)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(28)
(10667)