2013-05-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200 , විකුණුම් මිල රු.165.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200 , විකුණුම් මිල රු.125.1900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102 , විකුණුම් මිල රු.1.2526 |

ගම්පහ ව්‍යාපාරිකයා කපා කොටා මරා දාලා

2012 ජූලි මස 13 21:01:08 | දීපා අධිකාරී , තරිඳු ජයවර්ධන

ගම්පහ නගර මධ්‍යයයේ කප්රුක ව්‍යාපාරයේ හිමිකරුවන සමන් රාජපක්ෂ (44) මහතා අද සන්ධ්‍යාවේ කඩුවකින් කපා කොටා මරා දමා ඇතැයි ගම්පහ පොලිසිය කියයි.

ඔහු වෙළෙඳහලේ සිටිය දී එහි පැමිණි දෙදෙනකු කඩුවලින් පහර දෙද්දී ඔහු පොලිසිය දෙසට දිවූ නමුත් ඝාතකයන් ඔහු පසුපස පන්නා පහර දුන් බව සිද්ධිය දුටුවෝ කියති. පෞද්ගලික කෝන්තරයක් මීට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

අදහස්(96) බැලූවෝ (18684)

ගම්පහ ව්‍යාපාරිකයා කපා කොටා මරා දාලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මාමා 2012-07-14 12:03:51

ජනාධිපතිතුමනි, ඔබතුමා රට කොටින්ගෙන් බේරා ගත්ත එක ඉතිහාසගත වෙන දෙයක් තමයි. ඒත් වැඩිම අපරාධ වාර්තා සහිත කාලය ඔබතුමාගේ කාලය ලෙස ඉතිහාසගත වෙන්න දෙන්න එපා.මොනවහරි කරන්න මේකට.

ප්‍රභාත් 2012-07-14 08:57:27

ජාත්‍යන්තරේට ඕන ඕන විදියට නටන්න බෑ.එල්ලුම් ගහ ගේන්නම ඕනි.අපි අ‍පේ රට හදා ගන්න ඕනි.

අමරා ඉරංගනී 2012-07-13 22:01:21

අහළ පහළ කවුරුවත් හිටියෙම නැද්ද ? අපේ රටට ගිය කලක්.

මධු 2012-07-13 21:26:35

මිනී මරුවන්ට ආත්මයක් නෑ

වික්ටර් 2012-07-13 22:05:55

මේදිනවල අහන්න ලැබෙන්නේ හරිම කණගාටුදායක ආරන්චියි . මේවා අපේ මනසට මහා වදයක් . රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

මොට්ටයා 2012-07-13 21:49:43

කප්පම් සිද්ධියක් වෙන්න ඇති.

ජහ මනය 2012-07-13 22:44:13

වික්ටර් කවුද මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ?.

නුවන් 2012-07-13 22:54:11

හෙන ඝන අපරාද සිද්ධ වන්නේ

සිරිල් 2012-07-13 22:59:24

එලුම් ගස ලංකාවට අත්‍යවශ්‍යයි

shan 2012-07-13 23:18:28

එක්කෝ මේ රටේ එල්ලුම්ගහ වහාම ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් රටේ හැමෝම අතරේ අයුධ තියෙයි.

දාස 2012-07-13 22:47:47

මිනීමරුවා කවුද කියලා දන්න එක්කෙනෙක් ඉන්නවා.

ගාමිනී ලේකම්ගේ 2012-07-13 22:55:08

අපේ රටේ මිනිස්සු මේ තරම්ම දරුනු වුනේ ඇයි.........?

කින් බෙනට් 2012-07-13 23:34:31

මේකයි හේතුව ... වර්තමානයේ මේ වගේ මිනි මැරුම් ගොඩක් අහන්න දකින්න ලැබුනත් මේවල අඩුවක් නැත්තේ මේ වගේ මිනීමරන උන්ට රටේ නීතියෙන් කිසිම බරපතල දඬුවමක් දෙන්නේ නැති හින්දයි ..මේ වගේ වියාපාරිකයෙක්ව මරපු ජනතාවට හිසරදයක් වෙන මේ වගේ අපරාදකරයන්ව අහුවුනාම නිකන් නඩු අහල අන්තිමේට ජනතාවගේම බදු මුදල් වලින් හිරේ ජීවත්වෙන්න අරින්නේ නැතුව මේ තියෙන සමාජ පිළිලය නැතිවෙලා යන්න හරි දඬුවමක් දෙන්න අදිකරණයට බැරි ඇයි? නිකන් බොරුවට මාංචු දාල ගඟේ මුදේ ගිල්ලන්නේ නැතුව හරියට නඩුවක් අහල මුළු රටටම පෙන්න එල්ලුම් ගස් අරියනම් මේ වගේ අපරාද ඉදියටවත් අඩු වෙයි නේද ?.. මේ වෙනකන් ගොඩක් මිනිමරපු උන් ටික දවසකට රිමාන්ඩ් කරලා පස්සේ ඇප පිට එලියට එනවා .. ඊට පස්සේ ඒ නඩු වලට මොනවා වෙනවද කියල අපි දන්නෙත් නැ , පොලිසිය දන්නෙත් නැ , අධිකරණය දන්නෙත් නැ .....

ටොමී 2012-07-14 00:13:36

පොලිසිය දෙසට නෙමෙයි පොලිසිය ඇතුළට ගියත් වැඩක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ

ලාල් ගලබඩ 2012-07-13 23:03:17

ලාල් ගලබඩ ඉතාලියේ සිට..

පාර්ලිමේන්තුවේ කොච්චර තුනේ දෙකේ බලයක් අපට තිබුනත්?.පොලිසිය බයේ ඉදන් හරියට රාජකාරි නොකරන නිසා මිනිස්සු නොමිනිස්සු වගේ වැඩකරනවා.මොකද බේරා ගන්න දේශ පාලකයෙක් ඉන්න නිසා. අපේ කණගාටුව ඒ සදහා

නිශාන්ත 2012-07-13 23:05:00

කෝ මිනිස්සුන්ගේ ආරක්ෂාව ??? ආණ්ඩුව නිදි .....

kevin 2012-07-13 23:19:43

ලංකාවේ ගැන අහන්නම තියෙන්නේ නරක අරංචි, ලංකාවේ එපාවෙලා දැන් නම් තියෙන්නේ, තමන් ගැන පමණයි හිත්නේ. අවසානයෙත් ඔවුන්ටත් මේ දුකම තමා

රජිත් 2012-07-13 23:38:21

මරණය සිල්ලරයි.නීතිය අසරණයි.

සමන්තබධ්ර 2012-07-14 00:08:37

මෙම පිරිසට හොද දරුණු දඩුවම් දියයුතුයි

අනොමිචා 2012-07-14 00:14:01

ලංකාව ඉවරයි මිනි මරනවා ගනු දුෂණය කරනවා. මාර භිෂණයක් දැන් ඇතිවෙලා තියෙන්නේ ලංකාවේ.

වන් ෂොට් 2012-07-14 08:49:35

කෝ ගම්පහ නගරයේ පොලිසිය? පොලිසියට පුලුවන් දඩ ලියන්න විතරයිද?

නවීන් 2012-07-14 01:12:20

පසුගිය වසර කිහිපය තුළ අහන්න දකින්න ලැබෙන දේවල් මින් පෙර කිසි දිනෙක අහන්න දකින්න ලැබුණු දේවල් නොවේ. වගකීම කාගේදැයි පැහැදිලියි. තීරණය ජනතාව සතුයි.

නවීන් 2012-07-14 01:53:51

එන්න එන්නම මේ රටේ උදවිය බෞද්ධයෝ වෙනවා වගේනේ.ඇස් පනාපිටම මේ උදවිය බුද්ධත්වය ලබයි වගේ.

නවීන් 2012-07-14 01:55:50

තාත්ත වගේ තමයි රටේ පුත්තු ..ජනතාව මොනවා කරන්නද ?

නවීන් 2012-07-14 01:20:06

නිශාන්ත, ආණ්ඩුව කොහොමත් ආයි නැගිටින පාටක් නැහැ.

අලිබබා 2012-07-14 01:24:41

මිනිසුනේ, රජකාලේ දෙතිස් වධ නීති ගතකරන්න. එවිට ගුණගරුක යහපත් සමාජයක් ගොඩ නැගෙනු ඇත.

වන් ෂොට් 2012-07-14 08:50:18

පොලිසිය ලගමයි .ලැජ්ජයි .පොලිසියට පුළුවන් දඩ ලියන්න විතරයි .ගම්පහ නගරයේ පොලිසිය කෝ

ජීවක 2012-07-14 02:17:55

සාදු සාදු සාදු! ධර්මිෂ්ට රාජ්‍යය

අළුගෝසු 2012-07-14 03:22:36

පෞද්ගලික කෝන්තරයකට වුනත් ප්‍රසිද්ධියේ මෙහෙම දේවල් දැන් 'ලාස් වෙගාස්' වලවත් වෙන්නේනෑ. ඒ කාලේ ජේ.ආර්. මහත්තයා කියපු; "තමන්ගේ ආරක්ෂාව තමන්ම කොර ගන්න ඕන!" දේ අදටත් වලංගුයිවගේ?

කෝ ලනුව පිට රටින් ගෙනාව කිව්වම මමත් අර වෙකන්සියට ඇප්ලිකේශන් එකක් දමල දැන් අවුරැද්දක් විතර ඇති....තවමත් නෑ ආරංචියක්. දිරච්ච් ලණුවක් වගෙයි?!

නාමල් 2012-07-14 05:40:13

මම වැඩකරන්නෙ ඩුබායිවල.. මම ගොඩක් කල් ඉදන් හිතාගෙන ඉන්න දෙයක් තමයි ලංකාවට ඇවිත් මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්.. නමුත් ලංකාවෙ තියෙන තත්ත්වය අනුව ඒක ‍හීනයක් වගෙයි.. මෙ‍ක මට විතරක් තියෙන ප්‍රශ්ණය්ක නෙවෙයි.. ගොඩක් අයට තියෙන එකක්.. දැන්නම් හිතෙනවා දැං ලංකාවෙ තත්ත්වයට වඩා යුද්ධය කාලෙ ලංකාවෙ තත්ත්වය හොදයි කියලා..

දිමුතු 2012-07-14 09:08:23

අපේ ලංකාව ගැන ලැජ්ජයි.පාලකයිනි, ඔබ නිදිද?

අමිල කටුනායක 2012-07-14 07:57:05

පුද්ගලික කොන්තරයක් නැතිව ආදරේට මරයද?

අමිල කටුනායක 2012-07-14 07:18:37

පුද්ගලික කෝන්තරයක් නැතුව ආදරේට මරයිද , පව්

sltk2004 2012-07-14 07:59:44

දැන් කියයි මේවා අපේ රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල

නිලන්ත 2012-07-14 08:33:24

මේක පුදුම රටක්නේ.කප්රුක තියෙන්නේ පොලිසිය ඉස්සරහම නේද?

මහ ලොකු සිංහලයා 2012-07-14 09:14:04

ප්‍රභාකරන් තම අරමුණට යද්දි අහිංසක මිනිසුන් මරා දැමූ බව ඇත්ත.නමුත් අපේ පාලකයින්ට වඩා ඔහුට හොද විනයක්, නීතියක් තිබුණා.හොදට හිතලා බලන්න.

දුෂාර් 2012-07-14 08:36:23

හොද නායකත්වයකට අවශ්‍යතාව තිබේනම් මෙම අපරාධ ලේසියෙන්ම තුරන් කරන්න පුලුවන්

නිෂාඩ් 2012-07-14 08:57:06

ඔය දේ බලාගෙන නිකන් හිටපු අයට පිරිමි කියන්නත් ලැජ්ජයි නේද?

සම්පත් 2012-07-14 09:39:20

මේ අපරාධව වැඩිවෙන්න හේතුව හැටියට මම දකින්නෙ බුද්ධදේශනාව හරියට පිළිනොපැදීමයි.. මිනිසුන්ගෙ තන්හාව වැඩියි.. වෛරය වැඩියි.. පාපකාරී සිතුවිළිවලින් මනස දූෂණය වෙලා..බුද්ද දේශණව පිලිගන්නවානම් භෞතික දේවලට ඇති ආශාව නැති වෙනවා.. එතකොට සියලු පව්වලින් මිනිසුන් ඈත් වෙනවා.. රටේ නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.. පොඩි මිනිහට විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ. රටේ අභාවය..

උනුසුම් කොල්ලා 2012-07-14 09:15:57

ලාල් ගලබඩ ඉතාලියේ සිට..

"පාර්ලිමේන්තුවේ කොච්චර තුනේ දෙකේ බලයක් අපට තිබුනත්..."

තුනෙන් දෙකක් තිබුනාට මේගොල්ලෝ වැඩ කරන්නේ තුනෙන් එකක් වත් නැති අය වගේ

සරත් 2012-07-14 09:23:21

නිෂාඩ්ගේ කතාව ඇත්ත.ඒත් ඕවට අත දාලා තමන්ගේ පවුල අසරණ වුණාම බලා ගන්නේ කවුද?

අමිල කටුනායක 2012-07-14 10:14:33

දකුණේ භීෂණය සියනෑ කෝරළේට...

දයා සෞදි 2012-07-14 10:16:00

ජනාකීර්ණ නගරයක්. පොලිසිය අතලගම.. අපරාධකාරයන් කවුරැවත් දැකලා නැහැ.. ඒකයි පුදුම.. ගම්පහ වේගයෙන් දියුණුවෙන නගරයක්.. මේ විදියට කොහොමද බයක් නැතිව ගම්පහ කඩකාමරයක් ගන්නෙ..

කනිශ්ක 2012-07-14 11:15:22

කරුණාකරලා එල්ලුම් ගහ නෑවත ගේන්න..................

කමල් 2012-07-14 10:01:43

මේ .. ‍තේතුමතී නුවරයි...

අමිලා 2012-07-14 10:44:15

අපරාධකාරයන්ට ගිය රටක්ද මේක..?

කමල් 2012-07-14 10:08:43

ප්‍රභාකරන්ගෙ විනය ගැන කතා කරන කෙනා ඔළුවෙන් හිටගෙනද දන්නෙ නැහැ කතා කරන්නෙ..?

පෙරේරා 2012-07-14 11:10:02

ජනාධිපතිතුමනි, ලෝකය ඉදිරියේ කෙළින් සිටගෙන කොටි අතුගාලා දැම්මා වගේ එල්ලුම් ගහත් ක්‍රි‍යාත්මක කරන්න සෘජු තීරණයක් ගන්න

දිලුමි 2012-07-14 10:59:37

හරිම කණගාටුයි. පොලිසිය ගැන වගේම දේශපාඥයො ගැනත් දැන් නම් කළකිරිලයි ඉන්නේ අපි

දිනේෂ් 2012-07-14 10:34:32

මේක ශ්‍රී ලංකා නෙමෙයි, ශ්‍රී හයිටි කියන්න වටිනවා දැන්. මිනිස්සු නීතිය අතට ගත්තා නම් හරිනේ.

නුවන් 2012-07-14 10:51:19

මිනී කන්නන්ගේ දේශය යලිත් ???

රුවන් 2012-07-14 10:52:30

රටේ නීතිය අරාක්ෂා කරන්න පාලකයන්ට බැහැ. රටේ හෑමතෑනම අපරාද. පොඩි ලමයෙක්ට පාරෙ බෑහෑලා යන්න බෑහැ. ඡන්ද කාලෙට බොරු කියනවා මිනිස්සුන්ව රවට්ටන්න. අපි කොච්චර බලාපොරොත්තු උනාද යුද්දෙ ඉවර වෙලා රට ගොඩක් අරාක්ෂාකාරි වෙයි කියලා. උගත් බුද්ධිමත් රටට ආදරේ මිනිස්සු රට පාලනය කරනවා නම් මේවා වෙන්නේ නෑ. කොටින්ම රට බල්ලට ගිහින් තියෙන්නෙ. අපේ මිනිස්සුන්ට තේරුමක් නෑහැ හරිදේ තෝරා ගන්න. ඔහේ ඡන්දෙ දෙනව පොඩි සුරංගනා කතාවක් කියපු ගමන්.

අනු 2012-07-14 11:56:10

දැන් සිද්ධ වෙන ළමා අපචාර, මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ බලද්දි ලෝක විනාසේ කෙසේ වෙතත් රටේ විනාසේ නම් අත ළගයි

සමන් 2012-07-14 11:18:18

මම නාමල්ගේ අදහසට 100%ක් එකගයි

සුජිත් 2012-07-14 11:29:30

අපෝ ලැජ්ජාවේ බෑ.පොලිසිය ඉස්සරහත් මිනී මරනවා කිවුවහම

දයා,saudi 2012-07-14 12:08:04

මුල අමතක වෙලා වැරදි කරන්න පෙළඹෙන රෝග විෂබීජයක් ශරීර ගතවෙලා බාලවයස්කාර දැරිවියකටවත් හදි කළාද කියලා කවුද දෙ‍යියනේ දන්නේ?

නිෂාඩ් 2012-07-14 12:10:13

ඔවු සරත්, නීතිය වල් වැදුණු විට රටක සිද්ධ වෙන දේවල් දැන් හොදට බලා ගන්න පුලුවන් අපිට

පුංචා 2012-07-14 11:41:47

මොනවද මේ වෙන්නේ?

රත්නායක 2012-07-14 11:43:33

නීතිය වල් වැදුණු විට රටක සිද්ධ වෙන දේවල් දැන් හොදට බලා ගන්න පුලුවන් අපිට.......

සම්පත් 2012-07-14 12:23:40

යුද්ධයෙන් පස්සේ අපරාධ වැඩිවෙලා වගේ නේද?

ලාල් ගලබඩ ඉතාලියේ සිට ... 2012-07-14 11:46:13

මෙවැනි සහාසික අපරාද කරන්න එනවිට පොලිසිය ඒ අය එන වෙලාව,දිනය ,කොහොමද පැනල යන්නේ කියන කරුණු දන්නවා.ඒ නිසා මගහැර ඉදලා වටේ ආරක්ෂාව තර කර බොරුවට හොයන ප්‍රතිපත්තිය අනුගමනය කරනවා.දේශපාලන ලොක්කෙක් කිවොත් අල්ලනවා.නැත්තන් නාදුනන ගොඩට දාලා අත පිහදාගන්න බලන් ඉන්නවා.

සම්පත් 2012-07-14 11:47:20

මේවා අනතුරු නෙමෙයි.මිනීමැරුම්.අපි පොඩි අඩියක් ගැහුවොත් තමයි හිරේ දාන්න බලන් ඉන්නේ පොලිසිය.මේවා පේන්නේ නෑ

සමන්ත 2012-07-14 12:40:11

මෙගාස්ටාර් කිලර් තරගයක් පටන් ගත්තොත් නරකද?

සුසිල් 2012-07-14 12:04:15

කටින් තමයි බයිලා.මිනිසුනේ,දැන්වත් තේරුම් ගන්න

රසීන් 2012-07-14 13:15:44

එක එක්කෙනා කරන වැරදිවලට ජනාධිපතිතුමා පළි නැත..

කමල් 2012-07-14 12:56:48

හැම දේටම රජයට ඇගිල්ල දික් කරන්න ඉස්සෙල්ලා මේ සංස්කෘතිය බිහිකළේ කවුද කියලා හොයලා බලන්න

කප්රැක 2012-07-14 13:43:23

හරක් මරනවයි කියා පෙලපාලියන. හරක් නිදහස පතා කෑගසන හමුදුවරැ ඇයි නිහඩ.සතුන්ගේ නිදහස ගැන සත්ව හිංසාව ගැන ඒතරමි කෑගසන සමාජයක්තුල මේතරමි සාපරාධී අපරාධ රටතුල සිදුවෙද්දී ඒ ගැන නිහඩව ඔබතුමන්ලා බලාසිටින්ෙන් මන්ද? අමානුෂික අන්ධමින් මහා දවාලේ මිනිසුන් ඝාතනය කරද්දී දරැවන් කාන්තාවන් දුෂණය කරද්දී ඒවැනිදේ වලක්වාලීමටත් යහපත් ගුණගරැක සමාජයක් ගෝඩනැගීමටත් ඔබතුමන්ලා ඉදිරිපත් නොවන්නේ මන්ද? ඒය ඔබතුමන්ලගේ සමාජීය වගකීම නොවන්නේද ?

සරත් 2012-07-14 13:17:41

රසින් , එතකොට හොද දේවල් .......

ඩයස් 2012-07-14 14:15:04

දැන්නම් අපිට සියල්ලම එපාවෙලයි තියෙන්නේ.කරුණාකර දැන්වත් නින්දෙන් නැගිටින්න

කමල් 2012-07-14 15:04:11

තව ටික දවසකින් තවත් අලුත් ඒවා බලන්න පුලුවන්

කමල් 2012-07-14 14:25:44

ආඩම්බර තාත්තගේ පාලනයේ මේවා පොඩි වැඩ .තව ටික දවසකින් තව අලුත් දේවල් බලන්න පුළුවන් ...

පෙරේරා 2012-07-14 15:04:27

උගතුන් බුද්ධිමතුන් එල්ලුම් ගහට විරුද්ධ වෙද්දි තවත් අහිංසකයෙකුගේ ජීවිතේ නැති වෙනවා.එල්ලුම් ගහ ක්‍රියාත්මක වුණානම් මේ මියගිය පුද්ගලයින්ගෙන් බහුතරය අදත් ජීවතුන් අතර

බින්කුන්ඩ 2012-07-14 15:12:25

මරනවා කියන එක දැන් අතින් පයින් ගහනවා වගේ ලේසි වැඩක් බවට පත් උනේ කොහොමද ?

ගීත් 2012-07-14 14:55:08

රට සුන්දර දේශයක් කරන්නනම් එල්ලුම්ගහ අනිවරයි ..

ගීත් 2012-07-14 15:42:10

එකෙක්ව එල්ලුවනම් හරිනේ ..

සහෘදයා 2012-07-14 16:15:01

ජනාධිපති තුමාට පුලුවන්නෙ විධායක බලය පාවිච්චි කරලා එල්ලුම් ගහ අධිකරණයෙන් තීරණය උනාම එතනින්ම ක්‍රියාත්මක කරවන්න.

මොන බලය යොදවලා හරි මේ රට පාදඩකරනයෙන් ඉතා ඉක්මනින් ගලවා නොගත්තොත් ....

එතුමලා,මෙතුමාලා ලබන පාර විපක්ෂයත් නැති කට්ටියක් වෙනවාමයි.

සදුන් - නිව්යොර්ක් 2012-07-14 16:08:00

@ රසීන්,

එහෙම කියන්න එපා. හරියට නීතිය ක්‍රියත්මක කරලා වැරදි කරන අයට දැඩි දඩුවම් දුන්න නම් රටට ඔහොම වෙන්නෙ නෑ.

ගාමිනී ලේකම්ගේ 2012-07-14 18:00:15

ලංකාවෙ නීතිය වල් වැදිලා කියල පේන්නෙ අරාබිකරය වගේ ලෝකෙ අනිත් රටවල් දිහා බලලා සන්සන්දනය කරන කොටයි. රටේ පක්ෂ විපක්ෂ දෙගොල්ලොම මේ දිහා බල බලා තර්ක විතර්ක කර කර ඉඳලා විතරක් මදි. සියලු දෙනාම එක්ව අපේ නීති පද්ධතිය ශක්තිමත් කරලා විනය ගරුක ගුණ ගරුක සමාජයක් බිහි කරන්න ඉක්මන් පියවර ගන්න ඕනෑ. (නි)

අජ 2012-07-14 21:49:13

නාමල් , (ඩුබායි ) ඔබ හරි

ඉක්රම් ...සෞදි අරාබිය 2012-07-14 23:42:09

ගීත් ඔබ හරි එත් ඒක අරාබි නීතියක් නේද ???

තරුෂ 2012-07-15 00:11:11

අර අහවල් ඇමතිතුමා කියල තියෙන්නෙ පත්තර වල දාන නිසා අපරාද වැඩි වෙනවයි

කියල අපරාදකාරයන්ව හුරතල් කරමින් ඔවුන්ට නිසි දඩුවම් නොදෙන අධිකරණ සහ

ඔවුන් ආරක්ශා කරන ඇමතිල ඉන්නකම් ලන්කාවට දෙවි පිහිට තමයි

වීරක්කොඩි 2012-07-15 02:15:53

මෙවැනි අපරාද වැලක්වීමට සහ මහජනතාවගේ සුරක්ෂිත බාවය ආරක්ෂා කරන්න අදාල නිලදාරීන් පියවර නොගන්නේ ඇයි

සුසා 2012-07-15 03:07:41

පොලිසිය දෙසට නෙමෙයි පොලිසිය ඇතුළට ගියත් වැඩක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ

අමිත් 2012-07-15 07:43:19

වරදට උපරිම දඩුවම් දිය යුතයි

පිලිපිනෝ 2012-07-15 08:52:36

නීතිය කියන්නේ එක සාදකයක් විතරයි ..නමුත් කෝ මේ අපේ මිනිස්සුන්ගේ ඉවසීම ? හික්මීම ? මිනිස්සු පන්සල් ,පල්ලි වලින් ඈත් වෙලා ..ආගමික නායකයෝ හම්බ කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැ ..ඒකයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ .

නවීන් පල්ලියගුරු 2012-07-15 09:41:44

මේ මනුස්සය මැරිල වැටෙනකංම කවුරුත් කෑ ගැහුවෙවත්, පොලිසියට කතා කලේවත් නෑලු. ඔක්කොම බලන් හිටියලු. මෙහෙම මිනිස්සු පිරිම කමටත් නින්දාවක්.

ප්‍රසන්න 2012-07-15 10:38:58

අපරාද කාරයො කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ දැන් තියෙන්නෙ හිරේ දාන දඬුවම විතරයි. මිනිස්සුන්ට ඒ ගැන දැන් ලොකු බයක් නෑ. රටේ අපරාද මඩින්න ඕනෙනම් ඇඟට දැනෙන දඩුවම් ටිකක් අලුතින් ගේන්නම ඕනෙ!

සුමනසේකෙර ඇල්විටිගල 2012-07-15 10:07:02

ඊයෙ ටීවී එකෙත් ගියා මේක. ටවුමෙ කවුරුත් ම ගනං අරං නෑ. කෑගහලත් නෑ. පොලිස්සියක් ලඟ තියෙද්දිත් විනාඩි 10ක් විතර යනකන් රිපෝට් කරලා නෑ. හරිම නිවට මිනිස්සු ටිකක්....

එස්.කේ 2012-07-15 14:51:04

වැඩක් නෑ....මැරිච්ච මිනිහට පණ එනවයැ....අපේ පාලකයන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරවන්නවත් උවමනා නෑ.....?

ඔරංඔටං 2012-07-16 03:20:45

නීතිය වල් වැදිලා

ඒ.රත්නායක 2012-07-16 08:05:44

මගේ අදහස නම් මිනිසුන් මේ තත්වයට පැමිණෙන හේතු සොයා පිළියම් කළ යුතු බවයි.නීතියෙන් හෝ ධර්මයෙන් තත්වය වෙනස් කල නොහෑකියි.

සමීර 2012-07-16 09:38:53

මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ ජනතවාගේ කැමැත්ත නිසයි. එවැනි ජනතාවගේ කැමැත්ත එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමනම් ඇයි ඒකට මෙච්චර බය. (ස)

දුමිදු 2012-07-16 15:55:15

මින් ඉදිරියට කිසිම පක්ෂයකට 3/2 බලයක් දෙන්න එපා බලය වැඩි උනාමත් සමහරු අන්ද වෙනවා ජනතව විඳවනවා ......

මාලී 2012-07-16 21:37:28

පොලිසිය ගැන ලැජ්ජයි

ඩබ් ජේ ඒ පෙරේරා 2012-07-17 00:02:57

මම නම් කියන්නේ අද වෙනකොට ලංකාවෙ අපරාධ ගොඩක් වෙනවා. (ත)

ජනක 2012-07-18 10:54:12

ගම්පහ පොලිසිය සහ ඔය වෙලද සැල අතර දුර හරියටම 30M යි !! කොහොමඩ පොලිසියෙ වැඩ !!

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :