2013-05-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.4400 , විකුණුම් මිල රු.127.4900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.2400 , විකුණුම් මිල රු.194.7800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8600 , විකුණුම් මිල රු.132.7700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.1200 , විකුණුම් මිල රු.125.5200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.120.6800 , විකුණුම් මිල රු.125.3400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7600 , විකුණුම් මිල රු.102.3800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2107 , විකුණුම් මිල රු.1.2532 |

හිමිනමක් කසාද බඳි

බිරිය සොයා යද්දි පොලීසියට අසුවේ

2012 ජූලි මස 11 19:55:22 | පුෂ්පකුමාර ජයරත්න

ගිහි නමකින් විවාහයක් කර ගැනිම රියදුරු බලපත්‍රයක් ගැනීම හා ව්‍යාජ ලේඛන සැකසිම සම්බන්ධයෙන්  වැල්ලව හිරිපිටියේ ධර්මචන්ද්‍ර පිරිවෙනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුරුපොල  ධම්ම විසුද්ධි (40) හිමියෝ සැකපිට අත් අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය කියයි.

මේ චෝදනා ගැන මල්වතු සංඝ සභාව පැවැත්වූ පරීක්ෂණයකින් ද ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට නිදහස් වි ඇතැයි ද සිවුර වැසෙන සේ ඇඳුම් ඇඳ යතුරු පැදියෙන් බිරිය බැලීමට යද්දි  ගැමියන්ට අසුවීමෙන් පසුව අත්අඩංගුවට ගත්බවද පොලීසීය කියයි.

අදහස්(221) බැලූවෝ (40697)

හිමිනමක් කසාද බඳි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

හර්ෂණ 2012-07-12 08:37:07

මේ ‍කෙනා එක්කෙනෙක් විතරයි. අනික, සංඝ කිව්වා ම මේ වගේ දෙයක් කරපු කෙනෙක් අයත් වෙන්නේත් නෑ. අනික, මෙතැන බොහෝ ප්‍රතිචාර වල තිබ්බේ සංඝයාට බැණලා. සංඝ නොවෙන කෙනෙක් මුල් කරගෙන සංඝයාට බැණීම ගැන බොහෝ කණගාටුයි. ඒ වගේ ම අද ලංකාවේ කථා කරන්නේ - වැරදි කරන, වංචා කරන, පාරට බැහැලා කෑ ගහන අය ගැනයි. බණ අහන්නේ - ටීවී වල, පත්තර වල නිතර නිතර දකින්න ලැබෙන, බොහෝ ම ලස්සන රූපයක් තියන, මිහිරි කටහඬක් තියන, බොහෝ මිනිස්සු (ශ්‍රාවකයන්) ඉන්න, ඉහළ ඉහළ උපාධි ගත්තු අයයි. හැබැයි මිනිස්සු දන්නේ නෑ ඒ වගේ ම මේ ප්‍රතිචාර කරලා තියන අය දන්නේත් නෑ, මීට වඩා හාත්පසින් ම වෙනස් - ප්‍රතිපත්ති ගරුක, සිල්වත් ගුණවත් උතුම් සැබෑ මහා සංඝරත්නට මේ ලංකාවේ ඉන්නවා කියලා. මිනිස්සු මිනී මරණ හැටියට හොරකම් කරන හැටියට කවුරු හරි ඇහුවොත් කෝ මේ රටේ ජනාධිපති? කෝ මුන් ව හදපු වදපු අම්මලා අප්පලා කියලා? ඒක ගැන මොකක් ද කියන්නේ. ප්‍රශ්නෙට උත්තරයක් සෙවීම මිසක් අනවශ්‍ය දේවල් කථා කිරීම ප්‍රතිචාර කිරීම බොහෝ මෝඩ මිනිස්සු ඉතා ඉහළින් කරන දෙයක්. ඒ තුළින් මෝඩ තෘප්තියක් ලබනවා.

එච් .පෙරේරා ,යු.එස්.ඒ 2012-07-12 13:50:46

ගිහි හෝ පෙවිදී දෙකෙන් අකක් තොර ගත යුතුයි .නෙතිනම් , පසු පස එන විපාකය වැළක්විය නොහැකියි ...

කිත්සිරි 2012-07-12 07:27:15

පාර්ලිමේන්තුව‍ට ඇතුළු වීම සදහා හොද සුදුසුකමක්

රන්පතිගේ 2012-07-12 07:05:11

හාමුදුරුවන්ට ඡන්දේ ඉල්ලන්න පුලුවන් නම් කසාද බැන්දම මොකද වෙන්නේ.කාලේ හැටියට ඒවත් අප්ඩේට් වෙන්න ඕනි

ලාංකිකයා 2012-07-12 07:47:47

යකෝ අපේ ආගමට මෙච්චර නිග්‍රහ කරන අය අපේ ආගම ඇතුලෙම ඉදිදිද්දී රෙද්දක් ඇදගෙනද පහුගිය දවස්වල අනික් ආගම් බුද්ධාගම විනාශ කරන්න හදනවා කියල කෑ ගාගෙන පාරවල් ගානේ ගියේ.

අජිත් 2012-07-12 07:24:52

මේ ඇහුනද , පන්සලේ සාදු එනව ඉක්මනට කෙල්ලව ගෙට ගනින්,

උඹත් පලයන් ඇතුලට.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

අනේ බුදු හාමුදුරුවනේ නැවත වඩින්නට කලයි මේ.

හේරත් 2012-07-12 08:11:01

බුද්ධ පුත්‍රයන් සමග සම්බන්ධකම් පවත්වන කාන්තාවනි, කරුණාකර දෙවරක් සිතන්න

අන්ජලී 2012-07-11 20:06:51

දැන් ලංකාවේ ඉන්නේ තමන්ගේ රටයි, ආගමයි , ජාතියයි ඔක්කොම කන පිරිසක් තමයි

රසික කටාර් 2012-07-11 20:59:55

අනේ කලේ වනේ වාසේ අපේ හෙළයා මේවට කමෙන්ට් කියන්නත් ලැජ්ජයි. .ඔන්න සීල රකින බෞද්ධයෝ.

ගොනා 2012-07-11 21:07:03

අයි ගැමියනි නිකම්ම බාරදුන්නේ 4/2 කඩන්න තිබුනෙ

අමරා ඉරංගනී 2012-07-11 21:07:35

අප්‍රසාදය හා කණගාටුව...

බුද්ධදාස 2012-07-11 20:30:18

ආයෙත් මහා සංඝ, සාධු... සාධු... සාධු...

ගිහිය 2012-07-11 21:13:11

ඔහොම යන්, නියමයි

ගල්සදු 2012-07-11 21:15:25

හිමි අහිමි

සුසිර 2012-07-11 20:38:41

අපේ හාමුදුරුවරු දැන් කරන්නේ නියම වැඩනේ.අනේ,සිවුරට ගිය කලක්

සංජු 79 2012-07-11 20:46:11

ඔච්චරයි අඩුවට තිබුනෙ..!

ආලෝක 2012-07-11 21:25:59

මේවත් වැඩද ලංකාවේ පන්සල්වල වෙන දේවල් හෙටියට . දෙන ගොඩක් අය බිරිඳ පන්සලේ තමයි තියාගෙන ඉන්නේ .

තිලෝක 2012-07-11 21:27:29

මේවා නොදක පන පලයන් පෙරේදා!!!!!!!

ගයන් 2012-07-11 21:29:57

මේ වගේ හමුදුවන්ටනේ අපි වදින්නේ .. අද කාලේ පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙක්ට වදින එකත් තේරුමක් නැ.. එහෙමත් හොද හාමුදුරුවෝ තමා ඉන්නේ

අමිල කටුනායක 2012-07-11 21:38:25

හොර ලේකන ඉදිරිපත් කිරීම ගෙන විතරයි නඩු දාන්න පුළුවන්

මහේල 2012-07-11 21:40:15

පන්සලේම ගනු තියාගෙන හරක් මස් කාල බෝතල් සිගරට් පාවිච්චි කරන කොට මේවා සුලුවැඩ

චින්තා රණසිංහ (මාතර) 2012-07-11 21:08:25

අනේ මෙහෙම බුද්ධාගමක් - මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

දුන්නම කන්න 2012-07-11 21:14:24

අයි පින්වත්නි අපි මැටි රුපද

ගාමිනී ලේකම්ගේ 2012-07-11 21:21:59

ඔන්න බලන්න වැඩේ අවුරුදු 2500 කට වැඩි කාලයක් ආරක්ශා කර ගෙන ඇවිත් තියෙන නිර්මල බුදු දහම කෙලෙසන මෙවැනි පුද්ගලයන් එලවා දැමීමටත් වඩා කල යුතුව ඇත්තේ සංඝායනාවක් මඟින් වර්තමානයට ගැලපෙන විධියට චර්යා ධර්ම පද්ධතියක් සකසා විනයානුකූල වැඩ පිලිවෙලක් සැකසීමයි.එසේ නොවුනහොත් මෙම ශතවර්ශය අවසන් වීමට පෙර බොදුනුවන් සියලු දෙනාම අන්‍ය ආගම් වෙත ඇදී යනවා නියතය.

ජොනී 2012-07-11 21:26:39

ඕක මොකක්ද ????? බුදුහාමුදුරුවොත් කසාද බැදලානේ හිටියේ ..

පෟතූගීසිකාරයා 2012-07-11 21:32:49

මෙය ලංකාවෙ වෙන්න බැහැ...? NGO, කතෝලික හෝ ඉස්ලාමි කූමන්ත්‍රණයක් වාගෙයි. හික්...හික්.

පෟතූගීසිකාරයා 2012-07-11 22:12:20

මෙය ලංකාවෙ වෙන්න බැහැ...? NGO, කතෝලික හෝ ඉස්ලාමි කූමන්තූණයක් වාගෙයි. හික්...හික්.

බුද්ධික 2012-07-11 22:13:00

අනේ හසන්ත මහත්තයෝ අපේ රටේ ආශ්චර්ය මුළු ලෝකෙටම ප්‍රසිද්ධ වෙන්ඩ පටන් අරගෙන වගේනේද? ? ?

වීරවංස 2012-07-11 21:35:21

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

රනිල් 2012-07-11 22:15:28

බුද්ධ කාලයේ මේවගේ මහණෙක් හිටිය සුදින්න කියල, එයත් මහණකමේ ඉන්න කොටම මෙවුන්දමේ යෙදුන, බුදහු රදුන්ට මෙය අරංචිවී සුදින්න කැඳවා කරුනුවිමසා ඔහුගේ ක්‍රියාව ගැරහීමට ලක් කරා මේ විදිහට "කෙසේ නම් හිස් පුරුෂය, තෝ මෙසේ මැනවින් දෙසු ධර්ම විනයෙහි පැවිදිවී දිවි ඇති තාක් පිරිපුන් බඹසර හැසිරෙන්නට නොහැකි වුයෙහිද?" (පාරාජිකාපාලි - බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලා 1959 -පිටු අංක 46-47 ) පසුව උන්වහන්සේ මෙසේ විනය නීතියක් පනවනු ලැබිය. " යම් මහණෙක් මෙවුන්දම් සේවුනේ නම් කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ සංඝයා හා එකකර්මාදී සංවාස නැතිවන බැවින් (අසංවාස ) සහවාස නැත්තේ වේ" -පාරාජිකාපාලි පිටු අංක 49 - මේ අනුව මුන් සංඝ වේශදාරියෝ මිසක් සැබෑ මහා සංඝයා නෙවේ. බුද්ධ සාසනයේ පිරිහීමේ ලක්ෂණ . බුදුන් වහන්සේ කියූ අනිත්‍ය ලක්ෂණය සාසනයටත් පොදුයි.

ranil 2012-07-11 21:44:41

විනය පිටකය කියවලා බලන්න කීදෙනෙක් සැබවින්ම මහා සංඝයා ලෙස සලකන්න පුලුවන්ද කියල - එතකොට පුදුම හිතෙයි වර්තමාන සංඝ සමාජය ගැන

චන්දන 2012-07-11 21:59:26

හැමදාම මේ වගෙ දේවල් තමයි අහන්න ලැබෙන්නේ... මේවා පිළිබද සංඝාධිකරණයේදී සොයා බැලිය යුතුයි..!(නු)

චුල -මලදිවෛන 2012-07-11 22:10:31

හාමුදුරුවන්ටත් මොකද වෙන්නේ ඒ අයත් ඇට මස් නහර තියෙන අයනේ සදු සදු

ශෂී 2012-07-11 22:51:49

දැන්නම් ධර්ම රාජ්ජෙට කිට්ටුයි චම්පික මැතිතුමනි.

දයා,සෞදි 2012-07-11 22:13:49

අපේ මහනායක හිමිවරුනි . සම්බුද්ද සාසනය පිරිසිදු කිරීමට කතිකාවතක් නොගත්තොත් ඔබවහන්සේලා වැඩ විසුවට වැඩක් නැත .

දයා සෞදි 2012-07-11 22:13:49

මහානාහිමිවරුනේ... සම්බුද්ධ ශාසනය පිරිසිදු කිරීමට කතිකාවතක් ගොඩනැගීමට කාලයයි මේ..!(නු)

දයා 2012-07-11 22:13:50

ධර්ම සංඝායනාවක් පැවැත්වීමට කාලයයි මේ..!(නු)

තරුත් 2012-07-11 23:02:02

මේ වගේ තිරිසන්නු ඔක්කොම අයින් කරන්න ඕනේ සාසනෙන් ...

උපාලි 2012-07-11 22:28:23

බුදුදමහ හරිම නිර්මලයි.. ඒක හරියට අවබෝධ කරගෙන පිලිපදිනවා නම් සියළු සංතාප දුරු කරන්න පුළුවං... යහපත් සතුටු දායක ජීවිතයක් ගත කරන්න බුදු දහමේ මූලික දේවල් ටිකම ඇති.. මේකෙ වරද නායකහාමුදුරුවන්ගේ.. එයාලා මේ විනය කඩන භික්ෂූන් එයින් ඉවත් කරන්න ඕන.. එතකොට හොද සිල්වත් අය පමණනක් ඉතිරි වෙයි.. ඒ අය නියම බෞද්ධ ධර්මය ගිහියන්ට කියා දෙයි.. බුදු දහම සැනසුමේ මාර්ගයයි.. හැබැයි නිකං වැදගෙන ගාථා කිව්වට වැඩක්නැහැ.. (නු)

හේමන්ත 2012-07-11 22:31:02

රනිල් විනය පිටකය කියවන්න කියනවා.... සරලව තේරුම් ගත හැකි රේරුකානේ චන්දවිමල හිමිපාණන් විසින් රචිත 'විනය ධර්ම සංග්‍රහය' පොත දැන් කොළඹ කිසිම පොත් හලක ගන්න නැහැ...විශේෂයෙන් ගුණසේන එකේ .... සාමන්‍යය ගිහි ජනතාව කියවන නිසා ඒවා පොත් සාප්පු වලින් ඉවත් කරලා තියෙන්නේ... ඒ පොත කියවපු කෙනෙක් 'Super Star Sanga ' ලාගේ නිගන්ට බණ අහන්න පන්සල් අසපු අස්සේ රිංගන්නේ නැහැ..

කමල් 2012-07-11 22:40:40

ශ්‍රී සම්බුද්ද ජයන්තිය වෙනුවෙන් සාධු සාධු ...

කමල් 2012-07-11 23:19:15

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්, සාධු... සාධු... සාධු...

කමල් 2012-07-11 22:40:41

සාධු.... සාධු....සාධු....

සුනේත්‍රා මුනසින්ඝ ෆ්‍රාන්ස් 2012-07-11 23:19:46

පොඩ්ඩක් හොයල බලමුද ? මෙයත් මාතර පැත්තේද කියල

පිලිපිනෝ 2012-07-11 23:21:03

මේ වේද නිසා මුස්ලිම් මිනිස්සු අපිට අධෝ මාර්ගයෙන් හිනා වෙන්නේ ...දැන් ඉතින් ඉන්න වෙනවා කටයි ___ වහගෙන ....

සුෆි ඉස්මිල් 2012-07-11 22:44:20

හරිම තද තීරණයක් වෙයි

අමරා ඉරන්ගනී 2012-07-11 23:26:07

දහම් දේශයට වුන දෙයක් අහෝ දෙවියනි ඔබ කොහිද

සංජය 2012-07-11 23:36:14

මේ ඇහුනද . කෙල්ල ගෙට ගනින්

ජයකොඩි 2012-07-11 23:38:55

මෙ පුවත දුටු බොදු බල සෙනා සන්විදානෙ මෙසෙ කියනු ඈත."මෙක මෙ අපෙ පන්සල්වල ඉන්න අහින්සක හාමුදුරුවරු ඈවිස්සිමට ගෑහෑනුන් යොදා කරන අන්යාගමික කුමන්ත්‍රනයක්.එන්.ජි.ඔ කුමන්ත්‍රනයක් වෙන්නත් පුලුවන්.මෙ අහින්සක හාමුදුරුවන්ටත් වඩා මෙ ගෑන බිරියගෙන් ප්‍රශ්න කල යුතුයි.විශෙශයෙන්ම මෙක මාර්ගපලලාබි යෑයි පවසන කල්ලියක කුමන්ත්‍රනයක් දෑයි විශාල සෑකයක් තිබෙනව.එ නිසා අපි මාර්ගපලලාබින් සම්බන්දයෙන් දෑඩි ක්‍රියාමාර්ග ගන්නව." මෙ ටික කිව්ව ගමන් අපෙ ලක්විදු කොලුවා ඈතුලු කොමෙන්ට් විරුවන් හොදට අදිනවා.

ජයකොඩි 2012-07-11 23:38:57

මෙ පුවත දුටු බොදු බල සෙනා සන්විදානෙ මෙසෙ කියනු ඈත."මෙක මෙ අපෙ පන්සල්වල ඉන්න අහින්සක හාමුදුරුවරු ඈවිස්සිමට ගෑහෑනුන් යොදා කරන අන්යාගමික කුමන්ත්‍රනයක්.එන්.ජි.ඔ කුමන්ත්‍රනයක් වෙන්නත් පුලුවන්.මෙ අහින්සක හාමුදුරුවන්ටත් වඩා මෙ ගෑන බිරියගෙන් ප්‍රශ්න කල යුතුයි.විශෙශයෙන්ම මෙක මාර්ගපලලාබි යෑයි පවසන කල්ලියක කුමන්ත්‍රනයක් දෑයි විශාල සෑකයක් තිබෙනව.එ නිසා අපි මාර්ගපලලාබින් සම්බන්දයෙන් දෑඩි ක්‍රියාමාර්ග ගන්නව." මෙ ටික කිව්ව ගමන් අපෙ ලක්විදු කොලුවා ඈතුලු කොමෙන්ට් විරුවන් හොදට අදිනවා.

උක්කුන්ග් 2012-07-11 23:00:36

හාමුදුරුන්ටත් මාර හැගීම් පහල වෙනවා නේ

ජයකොඩි 2012-07-11 23:03:27

ranil 2012-07-11 21:44:41

විනය පිටකය කියවලා බලන්න කීදෙනෙක් සැබවින්ම මහා සංඝයා ලෙස සලකන්න පුලුවන්ද කියල එතකොට පුදුම හිතෙයි වර්තමාන සංඝ සමාජය ගැන.-මෙන්න මෙක ක්‍රියාත්මක කර නිවෑරදි බික්ශුන් ඔබලා තොරා ගන්න.

සුනිල් 2012-07-11 23:45:15

දෙන පිළිකුල් බාවනාව කරන්න පුළුවනි !

මනොහරෙන් 2012-07-11 23:54:38

දම් දෙපයේ දම් අමාව බත් වෙනුවට කති

බණ්ඩා..Saudi 2012-07-11 23:16:26

මේක සුලු දෙයක් නෙමෙයි.තව ටික දවසකින් අම්මා ළමයාව උස්සගෙන උසාවියට එන්නත් බැරි නෑ

මනෝහරන් 2012-07-11 23:55:00

දම් දෙපැයේ දම් අමාව බත් වෙනුවට කති

මනොහරෙන් 2012-07-11 23:55:45

කෝ මේ බොදු බදු සේනා?

මනෝහරන් 2012-07-11 23:17:11

කෝ මේ අපේ බොදු බල සේනාව

ජෝන් සීනා 2012-07-11 23:19:58

ලංකාවට මොකක්ද වෙලා තියෙන්නේ? මොනවද මේ අහන කතා

ප්‍රියන්ත 2012-07-11 23:24:12

සිවුර වැසෙන විදියට ඇදුම් අදින්නේ කෙසේද?

මෝඩ කට............

හර්ෂණ 2012-07-12 00:28:58

අනේ මේ වගේ අමාරුවක් තියාගෙන මහන වෙලා හිටියේ ඇයි >?

මහියංගන 2012-07-12 00:30:44

මේ ඇහුනද ?

හාමුදුරුවන්ටත් ඇට මස් නහර තියෙනව. අසුවීමෙන් පසුව ඇට 2කඩන්න තිබුනෙ.අත් කඩන්න තිබුනෙ.

අයි නිකම්ම බාරදුන්නේ 2/3 කඩන්න තිබුනෙ.

අධෝ මාර්ගයෙන් හිනා වෙන්න 2/3 කඩන්න තිබුනෙ.

ඔහොම යන්, නියමයි...!

දැන්නම් ධර්ම රාජ්ජෙට කිට්ටුයි ....!!!!

අසෝක ධර්මසිරී 2012-07-12 00:39:24

අපි දෙන දානෙ කාලා ඉන්න බැරි හැටි. අත පය නොහොල්ල කාලා තෙලේ වැඩිවෙලා. දාන වේලෙන් පස්සෙ () කුත් දුන්නනම් හරි.

සේනානායක 2012-07-12 00:17:36

ගණන් ගන්න එපා . ,එයත් හැඟීම් දැනීම් තියන පුද්ගලයෙක්නේ .

ප්‍රසන්න 2012-07-12 01:51:14

මේ වගේ පුවත් අහන්න ලැබීම ගැන බෞද්ධයෙක් හැටියට හරිම කණගාටුයි, අපේ මහනායක ස්වාමීන් වහන්සේලා මේ ගැන සොයා නොබලන එක ගැනත් හරිම කණගාටුයි, විශේෂයෙන් කියන්න ඕන, මෙතන කොමෙන්ට් කරලා තියන ගොඩක් අය, බුද්ධාගමේ වැරදි හමුවෙනකන් ඉදලා තියන අය වගේ පෙනෙන්නේ පහර ගහන්න, සමහර අයට සිංහලවත් හරියට ලියල නැහැ... බෞද්ධ ඔයාලම හිතට ගන්න මෙයාලා කවුරුන්ද කියල..

රෝහණ මීගහපොල 2012-07-12 01:52:56

ආචාර්්‍ය තුමා කෝ

හරකා1st 2012-07-12 01:53:17

ඔය හාමුදුරුවෝ හරක් මස් කෑවා කියල ඔප්පුවෙලා නෑ. ඒ නිසා බුද්දාගමට හෝ සාසනයට හානියක් නෑ.

ඔරංඔටං-france 2012-07-12 01:55:00

කරන දෙයක් සිවුරෙ ඉදන් නොකර සිවුර අත ඇරලා කළා නම් ඉවරනේ

දොම්පේ මල්ලි 2012-07-12 01:42:11

එක දුශ්ශීලයෙක් හින්දා සංඝ ශාශනේට අගෞරව කරන්න එපා

රජිත් මංජුල 2012-07-12 02:35:09

පන්සලේ ගොන්නුන්ට පුන්නක්කු කන්න තහනම්ද දොරේ

හෙට්ටිආරච්චි 2012-07-12 03:05:02

මේකෙ වැරැද්දක් නෑ.මේක එයාගේ අයිතියක්

ඇන්ඞෘ ස්මිත් 2012-07-12 03:26:56

ඒ මනුස්සය භාගයක් හරි අවංකයි. අනිත් ඔය සංඝයාගෙක් හැමෝටම වාගේ හොර ගෑනු ඉන්නවා. මල් වත්ත අස්ගරියග බෙල්ලංවිලත. ගංගොඩවල සුනේත්‍රාෙද්විය. ගන්නකෝ ඔය ඇත්තොත් අත් අඩංගුවට.

අහිංසකයව නිදහස් කරන්න.

ගැලක්සි 2012-07-12 04:06:42

නියම මාර්ගය සොයන අ ය මෙය කියවන්න.

http://rerukanemahanahimi.lk/

http://rerukanemahanahimi.lk/book.ෆ්ප්

මෙහි සියලුම පොත් ඇත. අවශ්‍ය අ ය බලා ප්‍රයෝජන ලබත්වා.

සුනිල් -මෙල්බර්න් 2012-07-12 03:34:52

ලංකාවට වෙන්නේ මොනවද කියල හිතාගන්නවත් බැහැ. රටේ සිද්දවෙන දේවල් බැලුවම රටේ නායකයොයි , සඟ නායකයොයි නිදිද කියල හිතෙනවා .ලංකාවට සියලු දෙවියන්ගේ පිහිටයි .

කුමුදු 2012-07-12 03:48:02

සිවුරු ඇරලා කසාද බදින්න තහනමක් නෑ.ඒත් මෙයා කරලා තියෙන්නේ රස්සාවක් නොකර පන්සලෙන් ආදායම් මාර්ගය සළසා ගැනීමට උත්සාහ කිරීමක්. දැන් ඉතිං පන්සලෙන් එළවන්න කා‍ලේ හරි

සුමිත් 2012-07-12 04:34:34

අනේ මෙහෙමත් බුද්ධ රාජ්ජයක්,කවදා ලොකු ඇත්තන්ගෙ ඇස් ඇරේද

තිලක් 2012-07-12 05:36:27

තනියෙන් නිවන් දකින්න අමාරු ඇති අද කාලෙ හැමදේටම හවුල්කරුවෙක් අවශ්‍යනෙ

ප්‍රේමරත්න -කොරියාව 2012-07-12 06:02:27

මේ වගේ දුස්සීල අය සස්නෙන් නෙරපහ හැරීමට දැන් කාලය හරි .මහනායක හිමිවරුන් එකතු වෙලා විනය සංගායනාවක් පැවැත්වීම කාලෝචිතයි .මෙවෙනි අතලොස්සක් නිසා අපේ රටේ ථෙරවාදී බුදු දහම විනාසවෙන්න දීල ඇයි බලන් ඉන්නේ .

සමිත 2012-07-12 06:11:46

අනේ ජොනී මෝඩයෝ, සිද්ධාර්ථ කුමාරයා කසාද බැදලා හිටියේ මහණ වෙන්න ඉස්සෙල්ලා.නිකන් නොදන්න දේවල් වලට කට නොදා ඉන්නව නම් නේද හොද?

රංජිත් 2012-07-12 06:07:39

මෙවැන්නෝ සෑම සමාජයකම, සෑම ආගමකම ඉන්නවා.මේවට බොරුවට කෑ ගහන එකෙන් වෙන්නේ ආගමට තව තව පහර වදින එක විතරයි.හරි දේ තේරුම් අරන් එය පිළිපදින එකයි කරන්න ඕනි

අශෝක 2012-07-12 06:10:26

එක පුද්ගලයෙක් කරපු මෙවන් ක්‍රියාවක් නිසා සමස්ත බුද්ධ ශාශනයම අගෞරවයට පත් කිරීම සුදුසු නෑ නේද?

ප්‍රභාත් 2012-07-12 07:21:28

මහානායක හිමිවරුනි, තවත් එක එක් කෙනාට කිය කිය ඉන්නේ නැතුව හැගීමක් තියෙනවා නම් එකතු වෙලා යමක් කරන්න

වරුණ 2012-07-12 07:53:14

ධර්ම රාජ්‍යය හරහා ආසියාවේ ආශ්චර්යයට පිවිසීමේ ලක්ෂණ

විජය 2012-07-12 08:01:42

අනික් ආගම් වල පූජකයෝ අතින් වැරදි වෙන්නේම නැද්ද?ඇයි ඒ අය සාන්තුවරයොද? කෝ ඒවා මුකුත් යන්නේ නෑනේ පත්තර වල

සරත් 2012-07-12 08:06:07

ගොඩක් හාමුදුරුවරු හොරෙන් කරන දේ මෙයා බය නැතුව එළිපිට කරලා.එච්චරයි වෙනස

අතුල 2012-07-12 08:19:52

වැරැද්දක් ලෙස දකින්න අමාරුයි.අද රටේ වෙන දේවල් එක්ක බලද්දි ඕක සුලු දෙයක්

ජයකොඩි 2012-07-12 08:22:42

කෝ මේ බුදුදහම ජාතිය ආරක්ශා කරන්න කියල පාර්ලිමේන්තු ගිය හාමුදුරු කස්ටිය? මේ ගොල්ලො කිසිම දෙයක් කරන්නෙ නෑනෙ? මොකටද එහෙනම් පාර්ලිමේන්තු ගියෙ?

ඉන්ද්‍රජිත් 2012-07-12 09:06:19

වහාම ශාසන සංශෝධනයක් සිදුකිරීමට පියවර නොගන්නා තාක් සියලුම මහනායක උන්නාන්සේලා, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, ශාසන ක්‍රියාකාරිකයින් පමණක් නොව මේවා බලබලා මොවුන්ටම දන් කද අදින බෞද්ධ උපාසකවරුත් මේ හැම දෙයකටම වගකිවයුතුය.

රනයා 2012-07-12 09:12:20

වැරදි කරන හාමුදරුවරු කවදත් හිටියා. බුදුහාමුදුරුවන්‍ට ගල් පෙරලුවෙත් හාමුදුරු කෙනෙක්නේ. දේශපාලකයෙක් ස්ත්‍රී දුෂණයක් මිනිමැරුමක් කරාම නම නැතුව දේශපාලකයෙක් යනුවෙන් පත්තරේ ලියනවා. හාමුදුරු කෙනෙක් අහු උනාම පින්තූරෙත් එක්ක දානව. මේවා නිසා තමන්ගෙ පන්සලේ හාමුදුරුවන්ට ගරහන්න එපා. හාමුදුරුවො වැරදි කරනවා නම් ගිහිල්ල කියල හදා ගන්න බැරිනම් දායකයො එකතු වෙලා ගහල පන්නන්න.

අමිල 2012-07-12 08:38:49

කතෝලික ආගමේ ව‍ගේ දැඩි නීති පැනවුවෙ නැත්නම් ඉදිරියේදී තවත් ප්‍රශ්න ඇතිවෙයි

බෞද්ධයා 2012-07-12 09:14:17

හාමුදුරුවරුන්ට රියදුරු බලපත් ලබා දිය යුතුයි.රිය පැදවීමෙන් හිමි නමකට හානි වෙන්නේ කෙසේදැයි දන්න අය ප්‍රතිචාර ඉදිරිපත් කරන්න

ලාල් 2012-07-12 09:17:57

බුද්ධ පුත්‍රයෝ දාන වැළදුවට පස්සේ නිකන්නේ ඉන්නවා ඇත්තේ

ඉන්දික 2012-07-12 08:40:47

මෙච්චර දේවල් වෙලත් ඇයි මහානායක හාමුදුරුවරු කිසිම ප්‍රතිචාරයක් නොදක්වන්නේ? අනික් අය හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනි නේද?

සංජු 2012-07-12 09:27:33

ජොනි, ඔයා බොහොම වැරදියි. බුදුහාමුදුරුවො නෙමෙයි කසාද බැන්දේ, සිද්ධාර්ත කුමාරයා තමයි කසාද බැන්දේ.

ධර්මසේන 2012-07-12 09:30:22

මම අපේ පන්සලට යන්නේ නෑ. ගිහින් වැඩක් නෑ. මම ගෙදරම වැද පුදා ගන්නවා

රුවන් 2012-07-12 09:35:42

මෙයාලටත් විවාහයට අවසර දුන්න නම් හොදයි

මහින්ද 2012-07-12 09:35:59

දැන් තියෙන්නේ ධර්ම රාජ්‍යයක් වෙච්ච එකේ, ඒකේ අයිතිකාරයන්ගෙන් උපදෙස් ගත්ත නම් හොදයි

නිෂාඩ් 2012-07-12 09:00:21

හොදම දේ තමයි එයා වැරදි නම් සංඝ අධිකරණය මගින් දඩුවම් දීලා ගිහියෙක් විදියට මුදා හරින එක

රණවක 2012-07-12 09:01:35

විජේදාස රාජපක්ෂ මහතාට හාමුදුරුවෝ කියනවා සංඝයාට නීති පනවන්න ගිහියන්ට බැ කියල. එහෙම කියන ගමන් කියනවා සබ්බ දුක්ක නිස්සරණ ... මගට බැහැපු සංඝයා ඉතාම දුර්ලභය කියල. එතකොට සංඝයා විනය ගැන කටයුතු කරන හැටි අපිට හිතාගන්න පුලුවන්. බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගේ. මේක තමයි සාසන පිරිහීම.

Sapumal Bandara 2012-07-12 09:52:55

ආණ්ඩුවට මඩ ගහන්න කරපු අන්තර් ජාතික කුමන්ත්‍රණයක්

anuradaha 2012-07-12 09:24:15

මට නන් නිකන් පිස්සුවගේ.

ශ්‍රී ලංකන් 2012-07-12 10:14:01

අනික් ආගම් වලට නිකරුනේ දොස් කියන නිසා තමයි මෙහෙම වෙන්නේ.හාමුදුරුවරුන්ටත් ආසාවල් තියෙන නිසා කසාද බදින්න දුන්නා නම් හරි

විජේන්ද්‍ර 2012-07-12 09:45:09

මේ ගොල්ලව අපිට දැන් වහ කදුරු වගේ ...

චානක 2012-07-12 09:45:41

හර්ෂණට මම එකගයි

නා. අ. නැති කෙනා 2012-07-12 09:57:08

සිවුර උඩින් කමිසෙ අදින්නෙ නැතුව සිවුර ගලෝල කමිසෙ ඇදගෙන ගිහින් ආපහු ඇවිල්ලා සිවුර ඇදගත්තනම් ඉවරනෙ අයියෝ සා...ල්...ලි

sahanbandara 2012-07-12 10:57:17

ආණ්ඩුවට මඩ ගහන්න කරපු අන්තර් ජාතික කුමන්ත්‍රණයක්

අයියෝ සල්ලි 2012-07-12 11:03:03

අද ගොඩාක් අය කරන්නෙ සිවුරට මුවාවෙලා සැප විදින එක....ඒත් ඒ අතරෙ හොද පැවිද්දන් නැත්තෙත් නෑ ....ගිහියොන්ට වැඩ හපන් අද සමහරක් හාමුදුරුවරු ....අයියෝ සල්ලි ....

ඔසන් සලාම් - දෝහා 2012-07-12 11:05:31

හ්‍රී ලංකා‍වේ ජන සංඛ්‍යා ලේඛණයන් අනුව පිරිමින්ට වඩා කාන්තාවන් බහුලව ජීවත්වන රටක්. කාන්තාවන් බහුලවීමට පැවති යුද්ධය සහ පිරිමීන්ගේ (විශේෂයෙන් සිංහල බෞද්ධ) මෝඩ හා අමන ක්‍රියාකලාපයන් විශේෂයෙන් බේබදුකම සහ මත්කුඩු භාවිතයෙන් තමන්ගේ ජීවිතය වහා ලගට කැදවා ගැනීම පවුල් පාලනය ඒ මදිවට රටේ තවත් විශාල පිරිමින් පිරිසක් මහනවෙලා මේ පවුල් ජීවිතයට ආයුබෝවන් කීම ආදී අනන්ත කරුණු කාරණා හේතුවූ බව මගේ විශ්වාසයයි. මෙවැනි ප්‍රශ්නවලට බුද්ධාගමේ ප්‍රායෝගික විසදුම් නොමැති හෙයින් මෙවැනි සිදුවීම් සිදුවීමට ඇති ඉඩකඩ බොහෝය. එනමුත් මේ හිමිනම කළ වැරැද්ද නම් සිවුර නොහැර විවාහ කිරීමය. කුමන ආගමක් වූවද ගිහි හෝ පැවිදි කියා වෙන් වෙන් වශයෙන් නීති දමන්න බැහැ. නමුත් බුද්ධාගමේ එසේ නීති දමා ඇත. ස්ත්‍රී පුරුෂ වශයෙන් ඔවුන්ගේ ස්වාභාවික හැගීම්වලට අගුළු දැමීම මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් නොවන්නේද?

හෙළයා 2012-07-12 10:39:01

මේ අය හැමදාම කියන්නේ 1 හිමිනමක් වැරදි කලාට අනිත් අය පළිනැහැ කියල. හැමදාම එක එක හිමිනම ගානේ වැරදිකරන එක මෙතන ඉන්න අයට නොපෙනන එක තමා පුදුමේ.අනික සමහර අය මෙවැනි පුවත් දාන්ඩ එපාලු බෞද්ධ දර්ශනයට හානියක්ලු.එක වෙන්න ඇති සිවුර නොපෙනන විදිහට ඇඳුම් ඇඳගෙන ගිහිල්ල තියෙන්නේ.අවුරුදු 2500 රැකලා තියන හැටි දැන් අපිට පැහැදිලියි.බෞධයෝ හොඳ අන්‍යාගමිකයන්ට ගරහන්න විතරයි."බොරුව සැමදා නොපවතී,කවදාහෝ එළිවෙන විට ඒවා වසන් කිරීමට බොරුකාරයන් තැත්කරති"

කුමාරි 2012-07-12 11:21:06

නෙත් fm එකට මේක අහුවුණේ නැද්ද දන්නෑ

ටොමී 2012-07-12 11:26:13

සමහර පන්සල් වල ඉන්න හිමිවරු සුර සැප විදිනවා.එදාවේල කන්න බැරුව නරා දුක් විදින අපි ඒ අයගේ කකුල් අල්ලලා වැද නමස්කාර කරනවා.අනේ අපි වගේ මෝඩයෝ තවත් ඇද්ද මේ ලෝකේ

pereraaabp 2012-07-12 11:28:13

ප්‍රතිචාර දාන අය තමතමන්ගේ හිත් වලට එබිල බලන්න. සිවුරු ඇඳගෙන සිටින්නේ මාර්ග ඵල ලබපු අය නෙමේ. පෘතග්ජන මිනිස්සු. මේ වගේ දේවල් බුදුන්ගේ කාලේත් තිබුණා. ඒවා වළක්වන් අමාරුයි. මේකට ආගමට හෝ මහා සංඝයාට ඇඟිල්ල දික්කරල වැඩක් නෑ

කෝලිත 2012-07-12 11:33:56

සමහරු බුද්ධ ශාසනය අරගෙන අච්චාරු හදනකම් කිසිම දෙයක් නොකර නිකම් බලාගෙන ඉන්න එක මහා පාපයක්.

ලූචාස් 2012-07-12 11:34:17

"දුර්වල දර්ශනයන් ඉදිරි කාලයේදී විනාශ වනු ඇත. අද ඔවුන් සඟවා කරනු දෙය හෙට එලිවූ විට ඔවුන්ගේ අනුගාමිකයන් නායකයන්ට දොස් පවරනු අතර ඔවුන්ට දර්ශනයේ ඇති දුර්වලතාවය නොපෙනි යනු ඇත." ඇරිස්ටෝටල්.

DS 2012-07-12 11:34:24

(ජාතික හෙළ උරුමයේ පුවත්පත් නිවේදනය)

මේක අපේ රටේ දියුණුව ඉවසගන්න බැරි NGO බටහිර රටවල කුමන්ත්‍රණයක්. මේක පරාජය කරන්න මුළු පාර්ලිමේන්තුවම හමුදුරුවරුන්ගෙන් පුරවන්න ඕනේ.

කුමාරි 2012-07-12 11:35:40

සමහරු බුද්ධ ශාසනය අරගෙන අච්චාරු හදනකම් මහනායක හිමිවරු සහ ශාශනාරක්ෂක බල මණ්ඩල කිසිම දෙයක් නොකර නිකම් බලාගෙන ඉන්න එක මහා පාපයක්.

ටොමි 2012-07-12 11:04:34

පන්සල් කිටුටවත් ඔය යස අගේට ගණිකා මඩම් තියෙන්නේ ප්‍රසිද්ධියේම.ඇමති කැමති නම්, පන්සලේ හාමුදුරුවෝ කැමතිනම් තව මොනවද?

රුවන් 2012-07-12 11:14:51

මෙහෙම අයට හෙණ ගහන්න ඕනි

අරුණ 2012-07-12 11:53:57

ගන්න දෙයක් නෑ.....

නොපෙනෙන සත්‍යය 2012-07-12 12:05:18

එන්න යුරෝපෙට

ගන්න කුලියට ගෙයක්

තියන්න පිළිමයක්

දාන්න පන්සලක්

කඩයක් දානවට වඩා වැඩේ ලාභයි

පුංචා 2012-07-12 11:29:50

ඔක්කොටම මුල සිත

කාංචන 2012-07-12 11:48:16

මහනායක හිමිවරු සහ ශාශනාරක්ෂක බල මණ්ඩල හිමිවරුනි,

දැන් එතකොට වරද ඔ‍‍‍බෙද?

කිරි බබා 2012-07-12 12:34:30

රට විනාස කරන්නේ මේ අය තමයි.සාධු සාධු

ජනක 2012-07-12 12:39:15

මේක අපේ රටට එච්චර හොද තත්ත්වයක් නෙවෙයි. මහානායක හිමිවරු මේ ගැන කටයුතු කරන්න ඕනි

ජයලත් 2012-07-12 12:06:14

හොද සුදුසුකමක්.........

නසාර් 2012-07-12 12:51:55

අනේ අපි හාමුදුරුවරුන්ට කසාද බදින්න අවසර දෙමුකෝ

අංජන 2012-07-12 12:17:11

අද අපේ පන්සල් නිකන් පෙට්ටි කඩ වගේ. අන්‍යාගමිකයන්ට ඔවුන්ගේ වැදුම් පිදුම් අවහිර වෙන විදිහට කටයුතු කිරිම පන්සලේ මුලික ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. කොතන හරි බෝ ගහක් දැක්කම අඩි 2 ඉඩ තිබුනොත් ඉවරයි එතන පිළිමයක් දානවා, ඊට පස්සේ ගමේ ඉන්න අයගෙන් බලෙන් සල්ලි එකතුකරනවා වීදුරු පෙට්ටියක් ගන්ඩ ඇත්තටම පන්සලෙන් මිනිසුන්ට කරදරයක් මිස සෙතක් වෙන්නේ නැහැ. දානයකට ආරාධනා කලොත් අපි පන්සලෙන් එවන කෑම ලැහැස්ති කරන්ඩ ඕනි කුකුල් මස්, හරක් මස් නැතිනම් අපිට බණත් නැහැ. අපේ ගෙදර අම්ම, නංගි කව්රුත් පන්සලට යන්නේ නැහැ එහෙ වෙන දේවල් අහල. පන නැති පිළිමයක් ඉදිරියේ වඳින එකයි , සිවුරු දාපු හොරුන්ට වඳින එකයි කිසිම තේරුම් නැති වැඩක් කියල දැන් අපිට දැනිල ඉවරයි.

කමල් 2012-07-12 13:00:51

ත්‍රිපිටකය සංශෝධනය කරන්න කාලය හරි.

අරුණ ශාන්ත කුමාර 2012-07-12 12:27:47

පළ කළ හැකි ප්‍රතිචාර එවන්න. බොහොම ස්තුතිය

ඇන්ටන් 2012-07-12 13:13:13

මේක නම් පුදුමයි අප්පා.දැන් හැම තැනම මේවා

මනමාල 2012-07-12 13:22:35

අනේ ඔයගොල්ලන්ට මොනවා කලත් වැරදියි. වරදට පොලම්බවාගතත් වැරදියි..පැනල ගියත් වැරදියි..අමාරුවේ දැම්මත් වැරදියි.. ඉතින් මම කසාද බැන්ද එකත් වැරදියිද? ඇයි දෙයියනේ අපි ඇට නහර වලින් හැදුනු මිනිස්සු නෙවෙයිද?ඇයි අපිව විතරක් කිසිම දෙයක් රසවිඳින්න දෙන්නේ නැත්තේ?

එස්.ඒ.කේ 2012-07-12 12:45:59

අනේ අපොයි සසුනට ගිය කල..

ඒසී 2012-07-12 13:18:58

හර්ෂණ ඔබ හරි,

මල්දේනීයේ සීමියොන් 2012-07-12 13:25:55

සාසනයට වෙන්න යන විපත නොපේනේද ඔබලාට...මේවා ඇහුවාම ‍බෞද්ධයන් වෙනත් ආගම් වලට නොයා තියේවිද ??

සුසිල් 2012-07-12 14:25:04

ලංකාව දැන් නමට බෞද්ධ රටක්,,,,,,,,,,, ඔක්කොම බොරු ධර්මපාලලා......

කතී 2012-07-12 14:46:23

බලුම්ගලට මේවා පෙන්නේ නෙද්ද

චන්ද්‍ර 2012-07-12 14:11:21

වෙන කතන්දරවලට වඩා මේ කතන්දරේට බොහොම ප්‍රතිචාර වැඩියි.සංතෝශයි. අපේ බොදු හැගීම් ගැන..අපේ අය ගැන ..

චන්ද්‍ර 2012-07-12 14:50:21

වෙන කතන්දරවලට වඩා මේ කතන්දරේට බොහොම ප්‍රතිචාර වැඩියි.සංතෝශයි. අපේ බොදු හැගීම් ගැන..අපේ අයගේ අවධානය ගැන ..

ක්‍රිල් 2012-07-12 14:28:55

මේක තමයි ලෝක විනාසේ පෙර ලකුණු

2012-07-12 15:14:57

හු හු හු ............

සුර සරදියෙල් 2012-07-12 16:26:22

හාමුදුරුවෝ කියන්නෙත් හැගීම් තියෙන පුද්ගලයෙක් ඒ අයට විවාහ වෙන්න බැරි . ජපානය වගේ විවාහ වෙන්න දුන්න නම් ඉවරයි නේ .ඒ යටත් හැගීම් නැද්ද . එනිසා තමයි හොරෙන් ගනු තිය ගෙන ඉන්න වෙන්නේ .

සුදු පුංචා 2012-07-12 16:41:18

මේ වගේ දේවල් සාසනේටත් ලොකු අපහාසයක් නේද ...........

ලක්විදු 2012-07-12 19:14:27

ජයකොඩි 2012-07-11 23:38:55

"මෙ පුවත දුටු බොදු බල සෙනා සන්විදානෙ මෙසෙ කියනු ඈත."මෙක මෙ අපෙ පන්සල්වල ඉන්න අහින්සක හාමුදුරුවරු ඈවිස්සිමට ගෑහෑනුන් යොදා කරන අන්යාගමික කුමන්ත්‍රනයක්.එන්.ජි.ඔ කුමන්ත්‍රනයක් වෙන්නත් පුලුවන්.මෙ අහින්සක හාමුදුරුවන්ටත් වඩා මෙ ගෑන බිරියගෙන් ප්‍රශ්න කල යුතුයි.විශෙශයෙන්ම මෙක මාර්ගපලලාබි යෑයි පවසන කල්ලියක කුමන්ත්‍රනයක් දෑයි විශාල සෑකයක් තිබෙනව.එ නිසා අපි මාර්ගපලලාබින් සම්බන්දයෙන් දෑඩි ක්‍රියාමාර්ග ගන්නව." මෙ ටික කිව්ව ගමන් අපෙ ලක්විදු කොලුවා ඈතුලු කොමෙන්ට් විරුවන් හොදට අදිනවා......."

ජයකොඩි ගොයියෝ , ඉල්ලන් කන්න එපා . ඔහේගේ මාර්ගපල ලාබියාටත් ඔයජාතියේම කොක්කක් තිබුනබව අමතකවෙලාද ?

ගීත් 2012-07-12 19:16:26

හිමිනමට හිරිවාතේ වෙන්න ඇති ...එකයි

කුමාරි 2012-07-12 19:50:36

බුදුදහමට නිගාකරන මේවගේ අය උලතියන්න දැන්තමයි කාලය .

චාන් 2012-07-12 20:23:25

අහෝ ! සක් දෙවිදුනේ , ඔබගේ සෛලසනයේ වයර් මරුවෙලද ? මහන හිමිවරුත් නිදි .සාසනයටත් ,රටටත් වන්නේ කීම ?....

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-12 20:35:02

කුමන ස්වරූපයෙන් සිටියද පුහුදුන් මිනිසුන්ගේ පුහුදුන් ස්වරූපය සැඟවීමට අපහසුය. සමහර වෑයමින් සිතින් යටපත් කරගෙන කටයුතු කරන්න වෙහෙස ගනිති.සමහරුන්ට එසේ කටයුතු කිරීමට හැකිවේ.ඒත් තවත් සමහරුන්ට එහෙම බැරිය. එසේ නොහැකි වූ අය අල්ලාගෙන ඒ අයට නින්දා අපහාස කිරීම වෙනුවට මේ සිදුවීම් තුළින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාව වටහාගැනීමට වෑයම් කිරීම වඩාත් යෝග්‍ය බව මගේ වැටහීමයි. ගිහියන් වශයෙන් අපට භික්ෂූන්වහන්සේලාගේ විනය පිළිබඳව සෘජුව කටයුතු කිරීමේ අපහසුතා ඇත.වඩා සුදුසුම ක්‍රමය මහ නාහිමිවරුන් වහන්සේලා දැනුවත් කොට ඒ මාර්ගයෙන් සුදුසු පියවර ගැනීමයි.කෙසේ වුවද එම ස්වාමීන් වහන්සේ සිදුකර ඇත්තේ වරදක් වුවද,ප්‍රසිද්ධියේ බුදුදහමට, බුදුරදුන්ට, ධර්මයට, සමස්ත භික්ෂූ පරපුරට අවමන් නොකිරීමට තරම් බුද්ධිමත් හා කාරුණික වීම මැනවි.තෙරුවන් සරණයි!!!

ඉරෝෂ් 2012-07-12 21:06:57

බුදු හාමුදුරුවොවත් බුද්ධාගමවත් චීවරයක් දා ගත්තු කෙනෙක්ගෙන් මනින්න යන එක වැරදියි. අම්මා අප්පා විකුණල හරි තමන්ගෙ ඔන එපා කම් ඉටු කර ගන්න මිනිස්සු ඉන්න ලෝකෙ බුදු දහම විකුණන එක අහන්නත් දෙයක්ද. බුද්ධිමත්ව මෙ දිහා බැලුවොත් ඔන කෙනෙකුට පැහැදිලියි මෙතන වෙන්නෙ මොකද්ද කියල.

වික්‍රමනායක 2012-07-12 20:54:33

කාන්තාවන් වශවෙන් අපි පිරිමින්ගෙන් බලාපොරොත්තු වන්නේ හොඳ වැදගත් හික්මුණු බවයි. සාමාන්‍ය පිරිමින්ට වඩා විශාල හික්මීමක් බෞද්ධ ස්වාමීන් වහන්සේලා තුලින් දැකගත හැකිය.ගුණවත් ගිහි පිරිමියෙකුගේ හික්මීමට වඩා වැදගත් බවක් හික්මීමක් සීලයක් ගුණවත් නැතැයි කියන භික්ෂූන් වහන්සේ නමක් තුළ ඇත.ඉතින් කාන්තාවන් හැටියට ඒ වගේ පිරිමින් පිළිබඳ හිත යන එක වළක්වන්න බැහැ.බොරුවට ඒවා මේවා කියන්න එන්න එපා.අනික ලැජ්ජා නැද්ද හැම වෙලාවේම ගැහැණියක් අල්ල ගෙන අපහාස කරන්න. ඔයගොල්ලෝ පිරිමි නේද?

පොතේගුරා 2012-07-12 21:10:52

ජොනී 2012-07-11 21:26:39

ඕක මොකක්ද ????? බුදුහාමුදුරුවොත් කසාද බැදලානේ හිටියේ .

බුදු හාමුදුරුවෝ කසාද බැදලා හිටියේ නැහැ . බුද්ද චරිතය හරියට කියවල බලන්න

දයාවංස හාමුදුරැවෝ 2012-07-12 21:49:40

මේ වැඩේ වැරදි තමයි.නමුත් හොද කරන හාමුදුරැවරැ ගැන මෙහෙම ප්‍රචාරය නොකරන්නේ .මාධ්‍ය කැමති කුණු රස ට විතරයිද?මාකට් එක තියෙන්නේ මේවගේ කුණු වල‍‍ට විතරද?ලංකාවේ වැඩියෙන් අලෙවි වන මෙවන් පුවත් පත් වල දිශානතිය වෙනස් විය යුතුයි.

දයාවංස හාමුදුරුවෝ 2012-07-12 21:19:42

මේ වැඩේ වැරදි තමයි.නමුත් හොද කරන හාමුදුරුවරු ගැන ඇයි ප්‍රචාරය නොකරන්නේ.මෙවන් පුවත් වල දිශානතිය වෙනස් විය යුතුයි.

දිනේෂ් 2012-07-12 22:21:42

කමක් නෑ ඉතින් සිංහල ජාතිය වඳ වෙන මේ අවස්ථාවේ ලොකු දෙයක් මෙහෙම හරි ජාතිය බේරගන්න පුලුවන් නම්.......

රංග 2012-07-12 22:26:39

පොතේගුරා..ඒ වුණාට සිදුහත් කුමාරයා දික්කසාද නොවී නේද ගිහි ගෙය අත හැරලා ගියේ? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ

ලන්ඩන් මල්ලී 2012-07-13 01:53:33

වර්තමාන සුදින්න....

චමින්ද 2012-07-13 02:40:08

තව නිකන් කන්න දෙන්නකෝ

ගොනා 2012-07-13 08:48:41

මෙයා හිමි නමක් නෙමෙයි හිමි කදක්...........

නිෂාන්ත 2012-07-13 08:51:39

මම කිවුවා කියලා හිතා ගන්න

ලලිත් 2012-07-13 09:05:26

මෙහෙම ගියොත් අපේ බුදු දහම තව ටික කලකින් නැති වෙනවා.ඒක සත්තයි.

විකන්නා 2012-07-13 09:06:09

නරක මනුස්සයෙක්

නිමල් 2012-07-13 10:19:18

හාමුදුරුවෝ සිවුරක් දාගෙන හිටියට ඇට, මස්, ලේ , නහර වලින්නේ හැදිලා තියෙන්නේ.අනික අපි ගරු කරන්නේ සිවුරට මිසක් හාමුදුරුවන්ගේ රූපෙට නෙමෙයි

වේලුසුමන 2012-07-13 09:44:27

සමහරවිට ලේකම් වරියද දන්නේ නෑ....

අංජන 2012-07-13 10:25:25

මහණ වෙසින් එන මාර සේනාවන්. බුදු දහම වනසන්න එන පිරිස. මේ සම්බන්ධව අනඳ මෙත් හිමි සඳහන් කරලා තියෙනවා.

ටෙෂාන් ච්‍යාමන්ත සිල්වා 2012-07-13 10:02:13

පෑවිද්දන්ට විනය නීති පනවන්නට ගිහියන්ට බෑරි බව තථාගතයන් වහන්සේම දෙසූ සේක. නමුත් පෑවිද්දන්, පෑවිද්දන්ලෙස වෙස්වලාගත් සත්තු බුදුදහම කෙළසයි නම්, වෑරෑද්ද දෑක දෑක මුනිවත රෑකීම ආගම දහමට කරන ද්‍රෝහිකමකි. මහා සංඝ නායකයින් රෑස්ව වත්මන් අර්බුදයට විධිමත් ප්‍රභුද්ධ හා ප්‍රායෝගික කතිකාවතක්, විනය විරොදී චර්‍යාවන්ට එරෙහි දෑඩි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකලොත් ගිහියන්ට රටේ පවතින උත්තරීතර නීතිය අදාල ක්‍රමවේදයන්ට අනුකූලව වෙන්ස් කිරීමක් සිදුකළ යුතුය. මෙය බුදුන් ශ්‍රී මුඛයෙන් දෙසූ ධර්මට බාල්දු කිරීමක් නොව රට, ජාතිය හා ආගමේ චිරජීවනය තකා සත් බවින් ඈති කළ, ඈති කළයුතු සමාජ අවශ්‍යතාවකි.

සාගර 2012-07-13 10:53:15

ඔහොම අයට දෙන දඩුවම් මදි ලංකාවේ. ඒකයි ඔය වගේ වැඩ කරන්නෙ....?

රංජන්- melbourne 2012-07-13 10:23:07

බුදුදහමට ගරහන්න එපා

කුමාරි 2012-07-13 10:56:24

පෟතූගීසිකාරයා ඔබ හරි. අන්‍යාගමිකයෝ භික්ෂු සමාජයට නිගා කරන්න සිවුරු අන්දලා කරන මිෂනාරි වැඩලු මේවා. එතකොට පෟතූගීසිකාරයෝ.... මේ අයට සඟ නායක පදවි දුන්නේ, පන්සල් දුන්නේ අන්‍යාගමික මහනායකලද? අද කාලීන බණ කියල වොෂින් මැෂින් බණ, විහිළු බණ, වගේ බණ තමයි තරගෙට ඔක්කොම නාලිකා වල ඇහෙන්නේ. තමන්ගේ සාසනේ රැකගන්න හදන් නැතිව සුදු හුණු ගන්න ගියාම වරදට තව තවත් අපේම බුද්ධ සාසනේ විනාස වෙනවා. වගකිවයුත්තන්ට මේවා නොපෙනෙන යුගයක, කොසොල් රජුගේ හීන ටිකට, සුපර් 6 රී මික්ස් කරලා හොද ප්‍රතිචාරයක් දැම්මම හරි. පෟතූගීසිකාරයාට ජය වේවා !!!!

ධනුෂ්ක දීපාල් 2012-07-13 11:14:16

දැං ලංකාවෙ එන්න එන්නම ඇහෙන්නේ මේ වගේ දේවල් තමයි... (නු)

ලහිරු 2012-07-13 12:25:18

මාර වැඩක්නේ

රිස්වාන් 2012-07-13 12:53:41

මේකත් මුස්ලිම් කුමන්ත්‍රනයක් කියයිද දන්නේ නෑ

සරසි 2012-07-13 13:58:38

මෙසේ වූවා කියා බුදු දහම විනාශ නොවේ.එය විනාශ කිරීමට හදන පුද්ගලයින් පමණක් විනාශ වේ.

සාලිය 2012-07-13 16:19:19

නොපෙනෙන සත්‍යය මෝඩයෙක්

ධම්මි 2012-07-13 18:22:54

හාමුදුරුවෝ රහත් වෙලා නෑනේ

ජයරත්න 2012-07-14 00:25:15

අපේ පන්සල් ඇතුළේ පස් පවු දස අකුසල් වලින් නොකෙරෙන්නේ මොනවද? හැබැයි එළියට එන්නේ ටිකයි. ඒත් අපි ඔය ඔක්කොම දන්නවා

රම්සි 2012-07-14 09:23:03

පාප්තුමත් තමන් අනිත් වූ දේවල් වලට සමාව ගත්ත කතාව ඔය ගොල්ලන්ට අමතකද?

ඇටිකිච්චා 2012-07-14 09:24:28

ඔක්කොටම කලින් මේ කෑගගහ උඩ ඉන්න කට්ටිය තමන්ගේ පන්සිල් ආරක්ෂා වෙලාද කියලා බලා ගත්තොත් නේද හොද?

සුරේන් 2012-07-14 11:13:00

ඇයි මහා සංඝරත්නයට දොස් පවරන්නෙ. මූලික වෑරැද්ද ගිහි අපේ අතේ.

අචලා වික්‍රමනායක 2012-07-15 09:38:29

මමත් පුද්ගලිකව හිතනවා ස්වාමීන් වහන්ස නිවැරදි කියලා. සාදුට බනින්න ඒපා.අපි රහත් වීලා නැහැ.අපිත් වැරදි කර කර සාදුට විතරක් බනින්න ඒපා.

උමාලි තිලකරත්න 2012-07-15 10:26:43

මමහොඳ බෞද්ධ යුවතියක්.මම කැමති නැහැ අනිත් අය ස්වාමීන් වහන්සේට බනිනවට. මොකද අපේ බෞද්ධ උරුමය මුළුමනින්ම රැඳීලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා අතේයි.මම දැනට විදේශීය නිර්මාණයකට මගේ දායකත්වය ලබා දෙමින් සිටිනවා.මාව ධෛර්යමත් කරපු සියළු දෙනාටම මගේ හද පිරි ස්තූතිය පිරිනමනවා

අමාලි 2012-07-15 09:53:25

ගොඩාක් වෙලාවට වැරදි දේ කරන්නේ අපේම කාන්තාවන් තමයි. මොකද ඔවුන් පන්සලට යන්නේ කොටට ඇඟට හිරවෙන ඇඳුම් ඇඳලා. අනික ඔවුන් පහත් වෙලා වඳිනකොට ගැඹුරට කපපු බ්ලවුස් එකේ කර ඇතුලෙන් ඔවුන්ගේ පියයුරු දර්ශන වෙනවා.නැවිලි පහත්වෙලා වඳින විට කොට ස්කර්ට් එකෙන් දෙකලවා දර්ශනය වෙනවා. නිතඹ, දෑත් දෙපා විවර වෙන විදිහට ඇඳපු ඇඳුම්වලින් ඒවා දර්ශනය වෙනවා. සාදුලා රහත් වෙලා නැහැනේ. එයාලත් පිරිමි ඉතින් ඒ අය විතරක් මොකද වෙනම දාලා කතා කරන්නේ. අනික සාදුලා හරිම ලස්සන කඩවසම් පිරිමි අය බව පැහැදිලිව දැකලා තියෙනවා. මෙහි සම්පූර්ණ වැරැද්ද ගැහැණුන් වන අපි අතේ. අපි තමයි සාදුලාට අපේ ශරීරය ප්‍රදර්ශනය කරලා උන්වහන්සේලාට වරදට පොළඹවා අරගෙන කසාද බැඳ ගන්නේ.මමත් කාන්තාවක් නිසා මම මේකේ වැරැද්ද හොඳටම පේනවා.

උත්පලා 2012-07-15 09:57:22

මගේ ගම වාද්දුව. අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හරිම සිල්වත් එහෙම ස්වාමීන් වහන්සේලා දැන් කාලේ හොයා ගන්නවත් බැහැ. මම ඒ නිසාම හාමුදුරුවරුන්ට හරිම ලොකු ගෞරවයක් දක්වනවා.ඒ වගේම අපේ කාන්තාවන් හාමුදුරුවරුන්ට පොළඹවා ගන්නවා කියලා මට හිතෙන්නේ. මොකද හාමුදුරුවරුන් නම් හරිම අහිංසකයි. මමත් ගැහැණියක්. මම දන්නවා මේකේ 100% ක් වැරද්ද තියෙන්නේ ගැහැණුන් අතේ කියලා. අපි හාමුදුරුවරුන්ව පොළඹවා ගන්නේ නැතුව ඉන්නවා නම් එයාලටත් සීලය ආරක්ෂා කරගෙන හිටියහැකි.ඒත් අපි වෙලාවක් අවේලාවක් නැතුව ලැගුම් ගෙවල් අස්සට වැදිලා උන්වහන්සේලාව වරදට පොළඹවාගෙන උන්වහන්සේලාටම පස්සේ දොස් පවරන එක නම් සහමුලින්ම වැරදියි කියලයි මට නම් හිතෙන්නේ.ඒ වගේම මෙකේ අදහස් දාලා තියෙන පිරිමි අය කියන දේවල්වලට මට නම් කාන්තාවක් හැටියට එකඟ වෙන්න බැහැ

නිර්මාණී 2012-07-15 10:03:46

මම වැඩ කරන්නේ රාජ්‍ය නොවන සංවිධානයක. එහිදී බොහෝවිට අපට විවිධ ආගම්වල පූජ්‍ය පක්ෂය සමඟ ඉතාම සමීපව කටයුතු කරන්න සිදු වෙනවා. වෙනත් ආගම්වල පූජ්‍ය පක්ෂයට සාපේක්ෂකව බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉතාම සිල්වත් බව මම අත්දැකීමෙන්ම දන්නවා. මොකද වෙනත් ආගම්වල පූජ්‍ය පක්ෂය කසාද බැදලා හිටියත් වෙනත් කාන්තාවන් දැක්ක ගමන් හරි ඉක්මනටම ආවේගශීළී බවට පත්වෙනවා මම දැකලා තියෙනවා.මමත් ලස්සන කෙනෙක්.මටත් ඔය කියපු විදිහේ සිදුවීම් අන්නත්වත් වෙලා තියෙනවා.ඒත් මම වෘත්තීය ගෞරවය හා කාන්තාවක් විදිහට මගේ පූද්ගලික අභිමානය ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. මම දකින දෙයක් තමයි ඔය හාමුදුරුවන්ව විවේචනය කරන්න මඉ ගහන්න හදන මිනිස්සු ළඟ තමයි හාමුදුරුවන්ටත් වැඩිය වැරදි තියෙන්නේ කියන එක.මම ඒක හොඳින්ම දැකලා තියෙනවා.මොකද අද සමහර පිරිමි හදන්නේ හාමුදරුවන්ව නරක මිනිස්සු කරලා එයාලා කරන වැරදි ඒ මඟින් සාධාරණීකරණය කරලා හොඳ අය විදිහට සමාජයේ වැරදි වැඩ කරමින් ජීවත් වෙන්න බව මම කාන්තාවක් විදිහට හොඳින්ම දැකලා තියෙනවා.

රාධිකා 2012-07-15 10:08:34

මමත් විලාසිතා ප්‍රිය කරන යුවතියක්.මමත් ටයිට් ෂෝර්ට් ස්කර්ට්ස්,බ්ලව්ස් අඳිනවා.ස්ලැක්ස් අඳිනවා.නමුත් මම සුදු ගවුමක් වෙන් කරලා තියාගෙන ඉන්නේ අම්මලා අප්පච්චිලා එක්ක පන්සල් යද්දී අඳින්න.අපේ ගෙවල් ලඟ පන්සලේ පොඩි හාමුදුරුවෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තරුණ ස්වාමීන් වහන්සේ නමක්.උන්වහන්සේ ඉතාම සිල්වත්.මම ඔය කියන විදිහට හැසිරෙන්නේ නැහැ.මම මගේ ශරීරිය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිසි ඇඳුම් හැඳගෙන තමයි පන්සල් යන්නේ.ඒ ගිහින් ස්වාමීන් වහන්සේලා හට වඳින විද කවදාවත් උන්වහන්සේලාව පොළඹවා ගැනීමට ක්‍රියාකරන්නේ නැහැ.අනික මම තනිවම පන්සල් යනවා අඩුයි.අම්මයි අප්පච්චිය එන්නේ නැතිනම් මම තනියට නංගි හරි මල්ලි හරි එක්ක තමයි පන්සලට යන්නේ.ඒ ගියත් කවදාවත් ලැගුම් ගෙට තනියම යන්නේ නම් නැහැ.ඒ බයට නෙවෙයි.ගෞරවයට.අපේ පන්සලේ ස්වාමීන්වහන්සේලා නම් හරිම සිල්වත්.

කුමාරි 2012-07-15 10:51:39

මෙකේ අදහස් දක්වලා තිබෙන කාන්තා පිරිස ස්වාමීන්වහන්සේලා පිළිබඳව දක්වා ඇති අදහස නිවැරදි බව මමත් හිතනවා.මොකද අද කාලේ ගිහි පිරිමි කරන වැරදි වලින් .01%ක් වත් ස්වාමීන්වහන්සේලා කරන්නේ නැහැ. බොහෝවිට විවාහක පිරිමි ලාබාල දැරිවියන් දූෂණය කරන්න අද පෙළඹිලා තියෙනවා.ඒත මම හිතනවා හාමුදුරුවෝ කෙනෙක් නීත්‍යාකූලව යුවතියක් කසාද බඳින එකට වඩා ගැහැණියකට කරන තදබල අසාධාරණයක් කියලා.මොකද නීත්‍යානූකූලව කසාද බඳිනවා කියන්නේ ඒක ඒ යුවතියට කරන ගෞරවයක්.අනික එයාට ගිහි පිරිමියෙක්ට වඩා හොඳ යහපත් ස්වාමි පුරුෂයෙක් ලැබෙනවා.අනික අද සමාජයේ වැරදි කරන පිරිමි අතර වඩාත්ම හොඳයි උපැවිදි වුන තරුණ භික්ෂූන් වහන්සේ නමක් ලැබෙනවා කියන්නේ ඒ යුවතියගේ ජීවිතයේ වාසනාව.

සොනාලි 2012-07-15 10:15:27

මමත් කාලයක් උපැවිදි වුනු තරුණයෙක් සමඟ සමීප සබඳතාවයක් පවත්වා ගෙන ගිහින් තියෙනවා.අදටත් එයා හරිම හොඳ කෙනෙක්.නමුත් අද සමාජයේ තිබෙන වැරදි ආකල්ප නිසා අපේ ගෙදරින් මගේ සම්බන්ධයතාවයට කැමැත්ත ලැබුනේ නැති දුකින් අදටත් මම ඉන්නේ.

සුභාෂීණී 2012-07-15 11:03:03

මමත් කාලයක් මගේ අදහස් මේකට දැම්මා.ඒත් බොහෝවිට පිරිමි බහුතරය නිසාත් එයාලා මගේ අදහස් වලට එයාලගේ අයුතු යොජනා මානසික විකෘති අදහස් දාල නිසා මම ටිකක් මගේ කමෙන්ට්ස් දාන එක නැවැත්තුවා.මට හරි සතුටුයි අද බලද්දී මම වගේම තරුණ යුවතියන් රැසක් මෙකේ අදහස් දක්වලා තියෙන එකට.ඇයි මෙච්චර කල් මෙහෙම කරන්නේ නැතුව හිටියේ.මේක බලල විතරක් නිකම් ඉන්නේ නැතුව මෙහෙම අදහස් දක්වන්න කියලා මම ඔයාලගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා.මොකද පිරිමි විතරක් ඉන්නවිට අපිට අපේ අදහස් කියන්න ඉඩක් ලැබෙන්නේ නැති නිසා.

නරියා 2012-07-15 10:43:34

දැක්ක නේද කෙල්ලොන්ට තරහ යන හැටි. දැන්වත් දැන ගන්නකො රහස. එයාල පන්සල් යනකොට ලස්සනට ඇඳගෙන යන්නේ ඇයි කියල තේරෙනවා ඇතිනේද? මොනවා උනත් කව්රුහරි මානසික විකුර්ති පුදගලයෙක් මෙතන විවිධ ගැහැණු නමින් අදහස් පළකර ඇත.

පවිත්‍රා 2012-07-15 11:22:37

මම ශ්‍රී ජයවර්ධනයපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක්.අපේ කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න ගොඩාක් සිසුන්ගෙන් බහුතර පිරිසක් බෞද්ධ ස්වාමීන් වහන්සේලා තමයි ඉන්නේ.අපි ගිහි පිරිමි සිසුන්ගෙන් නොදකින තැන්පත්බවක්,හික්මීමක්,සදාචාරයක් ඒ පැවිදි සිසුන් තුළ දකිනවා.ඒ නිසාම තමයි යුවතියන් වන අපි නොදැනුවත්වම හරි වෙනත් ගිහි පිරිමි සිසුන්ට සාපේක්ෂකව පැවිදි සිසුන් සමඟ සමීප සබඳතාවයන් ගොඩනඟා ගන්න පෙළඹෙන්නේ.මොකද ගිහිද පැවිදිද කියන එක නෙවෙයි මෙතන ගැටළුව තියෙන්නේ.පුද්ගලයා විවාහ ජීවිතයක් ගත කිරීමට සඳහා සුදුසුද කියන එකයි.එතෙනදී මම දකිනවා ගිහි පැවිදි වශයෙන් වර්ගකිරීමක් නොකර තමන් එක්ක සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න විශ්වසාදායක පිරිමියෙකු තෝරාගැනීමේදී ගිහි පිරිමින්ට වඩා යුවතියන් වන අපි පැවිදි සිසුන්ට ප්‍රමුඛත්වය පිරිනැමීම සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණය අනුව කිසිදු අසාධාරණ දෙයක් නොවේ.ඒ නිසා මම හිතනවා මේක හුදෙක් ආගමික අතින් පමණක් විග්‍රහ නොකර සමාජ විද්‍යාත්මකවත් මේ පිළිබඳව අදහස් දක්වන්න කියලා.එකෙදී අපිට ගිහි පැවිදි භේදයක් වර්ගීකරණය කරලා දක්වන්න අමාරුයි.මොකද මේ ප්‍රවෘත්තිය අනුව ඒ භික්ෂුන්වහන්සේ යුවතියක්ව නීත්‍යානූකූලව විවාහ කරගැනීම සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණ්‍ය අනුව නිවැරදි දෙයක් වන නිසා.ඔන්න ඒ ස්වාමීන් වහන්සේ යුවතියව නීත්‍යානූකූලව විවාහ කර නොගෙන එකට හිටියා නම් තමයි වැරදි.අපේ ගිහි අය නම් එහෙම කසාද නොබැඳ එහෙමනම් ගැහැණූ අය ඔය ඕන තරම් කාමරවලට එක්ක ගිහින් තියා ගෙන ඉන්නේ.එහෙම නම් ඒවත් වැරදියිනේ.මෙකේ අදහස් දක්වලා තියෙන පිරිමි බහුතය තමන් වැරදි කරන ගමන් අනුන්ගේ පොල් කෙන්ද ලොකු කරලා පෙන්නන්න මාන බලන කුහක අය බව මට නම් පැහැදිලිව පෙනී යනවා.මම නම් කියන්නේ කවුරු මොනවා කිව්වත් අපේ ස්වාමීන් වහන්සේලා හරිම සිල්වත් කියලයි.

හිමාලි සයුරංගි 2012-07-15 11:27:01

මමත් හිතනවා මෙකේ ඉන්න තරුණ භික්ෂූන් වහන්සේ කරලා තියෙන්නේ හරි දෙයක් කියලා.මොකද අද කාලේ යුවතියන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නම මිස ඇයට හිමි නිසි සමාජ වටිනාකම ලබා දෙන්න පුද්ගලයෝ ගොඩාක් මැලි සමාජයකදී බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක විදිහට යුවතියකට හිමි නියම වටිනාමක ඇයව නීත්‍යානූකූලව කසාද බැඳීම මඟින් ඇයට ලබාදීමට තරම් මේ ස්වාමීන්වහන්සේ සදාචාරාත්මක වෙලා තිබීම ඉතාම සතුටට කාරණයක්.මොකද අද කාලේ පිරිමි බහුතරයක් පුරුදු වෙලා ඉන්නේම යුවතියන්ව අපයෝජනය කිරීමට නැතිනම් දූෂණය කිරීමට.

ඇටිකිච්චා 2012-07-15 11:28:28

ඇයි නරියෝ මට මේ හැටි දොස් කියන්නේ ඔයා හිතන්නේ මේ වැඩ ඔක්කොම මගේම දේවල් කියලාද?

අංජනා - 2012-07-15 10:57:01

මම හිතනවා බෞද්ධ යුවතියක් හැටියට මම නම් පාසැල් යද්දී වගේම තමයි පන්සලට යද්දීත් පිරිසිදු සුදු ඇඳුමක් ඇඟ පෙනෙන්නේ නැති වෙන්න ඇඳ ගෙන තමයි යන්නේ.ඒ වගේම මම දහම් පාසැල් යනකොට ළමා සාරිය ඇඳගෙන යන්නේ.ඒකෙදී අපේ සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය වන නිසා කාටවත්ම අපි ගැන අමුතු කාමුක ආශාවක් ඇති වෙන්නේ නැහැ. මගේ අම්මා අපේ පන්සලේ දායක සභාවේ පිළිගත් දායිකාවත් නිසා අපේ පවුලේ අය පන්සල සමඟ ඉතාම දැඩි සමීප සබඳතාවයක් පන්සල සමඟ පවත්වනවා.මෙහෙ පන්සලේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තරුණ ස්වාමීන්වහන්සේලා රාශියක් ඉන්නවා.ඒ අය වුනත් අපිත් එක්ක පවත්වන්නේ හරිම ගෞරවණීය සම්බන්ධයක් විතරයි.ඒ නිසා මම හිතනවා මේ ප්‍රවෘත්තිය අසත්‍යයක් කියලා.

කාංචනා කුමාරි - කොළඹ විශ්වවිද්‍යාලය 2012-07-15 11:03:54

මම තෙවන වසර සිසුවියක්. අපේ විශ්වවිද්‍යාලය ගොඩාක් බටහිර සම්ප්‍රදාය ගරු කරන විශ්වවිද්‍යාලයක් බවයි බාහිර සමාජයේ අදහස. නමුත් ඒ අදහස සම්පූර්ණයෙන්ම නිවැරදි නැහැ.මොකද අපේ විශ්වවිද්‍යාලයේත් බෞද්ධ භික්ෂූන්වහන්සේලා අධ්‍යාපනය ලබන නිසා. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට බෞද්ධ භික්ෂූන්වහන්සේලා සමඟ සමීපව කටයුතු කරන යුවතියක් විදිහට මම නම් දකින්නේ අපි නිවැරදි නම් භික්ෂූන්වහන්සේලාගේ ශීලය පවත්වාගෙන යන්න කිසි ගැටළුක් නැහැ කියලයි.මොකද මගේත් එක්ක ගොඩාක් භික්ෂූන්වහන්ලා සමීපව කටයුතු කරනවා.මමත් යුවතියක් විදිහට මගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරනවා.එතෙනදී අපි දෙකොටසම සුරක්ෂිත වෙනවා.යුවතියක් විදිහට අපි අනවශ්‍ය දේවල් පෙන්වලා ස්වාමීන්වහන්සේලා පොළඹවා ගන්න නරකයි.නමුත් අනාගතයේදී තමන්ට විවාහ කරගන්න සුදුසු කෙනා ලැබුනොත් ඉතින් එයා ගිහිද පැවිදිද කියන දේ එතරම්ම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම හිතනවා.මොකද උපැවිදි වුනායින් පස්සේ එයා හොඳ පිරිමියෙක්.එච්චරයි මම නම් හිතන්නේ.

සමන් 2012-07-15 11:12:20

මමත් හිතනවා මෙහි අදහස් දක්වලා තියෙන ගැහැණූ අය කියන අදහස් නිවැරදි කියලා මොකද හැම වෙලාවේදීම බෞද්ධ භික්ෂූන් වහන්සේලා දිහා වැරදි ඇහැකින් අපි බලන්න හොඳනැහැ.

උදාර 2012-07-15 11:14:24

ඉහත අදහස් දක්වා ඇති හිමාලි සයුරංගි අක්කගේ අදහසම තමයි මමත් දරන්නේ. මොකද හැම වෙලාවේදීම අපි හාමුදුරුවන්ට දොස් කියන්න හොඳ නැහැ.මමත් ආගමික වැඩ සටහන් රාශියක් අපේ ගමේ පන්සල මුල් කරගෙන ක්‍රියාත්මක කරපු කෙනෙක්.ඒ නිසා මටත් හාමුදුරුවෝ එක්ක ලොකු බැඳීමක් තියෙනවා.

හේමන්ත 2012-07-15 11:53:47

ගොඩාක් වෙලාවට බොරුවට හාමුදුරුවරුන්ට බනින මිනිස්සුම තමයි වැඩි හරියක් වැරදි වැඩ කරන්නේ

බුද්ධික 2012-07-15 11:16:43

මම කිසිම දාක දැකලා නැහැ සිල්වත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ වගේ වැඩ කරනවා.මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා මම කියනවා

හරින් 2012-07-15 11:48:31

අනේ සාදු !!!!...

ප්‍රියන්ත 2012-07-15 14:02:15

අනේ කාලේ වනේ වාසේ (දී)

ප්‍රියන්ත 2012-07-15 13:23:50

කාට කියන්නද මේවා (දී)

සමන් නිලන්ත රද්දොලුව . 2012-07-15 22:37:20

බුද්ධ සාසන ආරක්ෂා කරන අය තවම නිදි ඇයි .

එටකිච්ච 2012-07-16 15:33:09

ධම්ම විසුද්ධි හිමි 2012-07-14 23:38:48

උමාලි තිලකරත්න 2012-07-15 10:26:43

අමාලි 2012-07-15 09:53:25

උත්පලා 2012-07-15 09:57:22

නිර්මාණී 2012-07-15 10:03:46

රාධිකා 2012-07-15 10:08:34

කුමාරි 2012-07-15 10:51:39

සොනාලි 2012-07-15 10:15:27

සුභාෂීණී 2012-07-15 11:03:03

නරියා 2012-07-15 10:43:34

ඇටිකිච්චා 2012-07-15 11:28:28

ඇයි මට මේ හැටි දොස් කියන්නේ ඔයා හිතන්නේ මේ වැඩ ඔක්කොම මගේම දේවල් කියලාද....?

මෙහි තිබෙන ගධ අනුව ඉහත දක්වා ඇති අදහස් සියල්ලම ආචාර්ය තුමාගේ අදහස්ය . මේ පුරහඳ මෝරන කාලයයි!

එටකිච්ච

ඩබ්.ජේ.ඒ.පෙරේරා 2012-07-16 23:41:42

බුද්ධ ශාසන අමාතයාංශය තියෙන්නේ නමට විතර ද දැන්වත් ඒ ගැන සිතා බලන්න. (ස)

පුංචි බණ්ඩා 2012-07-17 11:57:42

පවු හිමි නම

ඇටිකිච්චා 2012-07-17 20:04:47

මට නම් නිකම් පිස්සු වගේ.පොඩිකාලේ ඉඳලාම මම ඕවට හොඳට හුරුපුරුදු වෙලා හොඳටම සමාජගත වෙලයි ඉන්නේ.

වංශපාල 2012-07-17 22:02:07

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්

මතුර්චාන් 2012-07-18 12:30:04

නරක සත්ත්වයෙක්

චාමර 2012-08-27 07:50:26

පැවිදි වෙලා ඉන්න අකමැති විශාල ප්‍රමාණයක් වෙන කරන්න දෙයක් නැති නිසා පැවිදි වෙලා ඉන්නවා.

ඉතින් එහෙම ඉන්න ගමන් තමන්ට ඕනෑ දේවල් නොකර ඉන්නේ නැහැ. මම කියන්නේ සිල්වත් හාමුදුරුවෝ දහදෙනෙක් හිටියත් ඇති කියලා හිතලා සිවුරු හරින්න ඕනෑ අයට එළියට යන පාරක් හදල දෙන්න ඕනෑ කියලයි.

ඔළුගෙඩි ගණන ලොකුවට අඩු වෙයි. හැබැයි මෙහෙම ගෑණු ගන්න ඕනෑ, පාර්ලිමේන්තුවට යන්න ඕනෑ, පරිගණක ඕනෑ කියල කෑ ගහන කට්ටිය නැති වෙයි. ඊට පස්සෙත් ශාසනේ විනාශ කරනවානම් දඬුවමක් දෙන එකේ කිසිම වරදක් නැහැ . අකමැත්තෙන් සිවුරේ ඉන්න අය ඉන්නකම් ඕවා දිගටම වෙයි. (නි)

නිමල් 2012-11-15 08:59:23

"අත්තාහි අත්තනෝ නාථෝ" (නි)

ජෝන් 2013-01-01 00:30:07

‍මෙහෙම අයට නඩු දමා වැඩක් නැත. (නි)

මනාලන් 2013-01-01 00:36:24

කාංචන, ඔයාව මට හමු වුණා නම්..... (නි)

බුද්ධික 2013-01-01 12:32:08

මෙහි අදහස් දක්වා ඇති සියල්ලන්ගේම අදහස් ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් ඇසුරින් පළකරන ලද අදහස්ය. (නි)

උපාලි 2013-01-02 10:05:57

තෙල් කෑම වැඩිපුර කාපුවහම මෙහෙම වෙනවලු. (නි)

පෙරේරා 2013-01-16 08:02:28

දුකයි මේ වෙන දේවල් වලට (ස)

ප්‍රසන්න 2013-01-31 01:49:06

සඟ රුවනට ගිය කල (දී)

රැවන් සංජිව 2013-04-14 15:38:50

පව් ඒයාටත් හැගිම් තියෙනවනේ ඒයා තවම හරියට බුද්ධර්මය තේරුම් අරගෙන නැහැ.(නදී)

සදුනි 2013-02-21 11:56:38

අනේ කාලේ වනේ වාසේ (දී)

සරත් 2013-03-31 16:51:52

හැම හාමුදුරුනමක්ම එහෙම නැහැ. හොද හිමිවරු ඉන්නවා. තලබල වෙන්න එපා. වැරදි කරන අයට දඩුවම් ලැබෙයි.(නදී)

හිමාලි 2013-04-10 18:50:47

අනෙක් ආගමික නායකයනුත් කරන දේවල් ප්‍රසිද්ධ කරන්න ඕනෑ. (නි)

නිමාලි 2013-04-30 22:09:27

1% ක් අහුවෙලා....(නු)

දිලූප 2013-05-03 15:24:54

අද රටේ වෙන දේවල් හැටියට මේක හරි සුළු දෙයක්. පුජකවරු කසාද බඳිනවා ඕනෑ තරම්. ඉතාලියේ පුජකවරු සේරම කසාද බැදලා. (නි)

රවී 2013-05-16 10:43:22

දිට්ඨ දම්ම වේදනීය කර්මය බොරු නොවේ . බලාගෙන ඉන්නකෝ කරපු අයටයි බුද්ධාගමට හිනාවෙන අයටයි වෙන දේ.... (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :