2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

‘සමපෝෂ’ 13 න් පහළ පාපන්දු අවසන් වටයේ තරග හෙට සිට

2012 ජූලි මස 05 21:57:41 | සජීක ජයසිංහ

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සහයෝගයෙන් පාසල් පාපන්දු සංගමය සිවුවැනි වරටත් මෙහෙයවන වයස 13 න් පහළ අන්තර් පාසල් ‘සමපෝෂ කුසලාන’ පාපන්දු තරගාවලියට (බාලක/බාලිකා) සිලෝන් බිස්කට් සමාගමේ ‘සමපෝෂ’ අනුග‍්‍රහය දක්වයි. තරගාවලියේ අවසන් වටයේ තරග හෙට (6) ආරම්භවීමට නියමිතය.

තරගාවලියේ මුලික වටයේ තරග අවසන් වී තිබෙන අතර ඒ සඳහා පාසල් 600 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 17,000 ක පමණ සහභාගිවුහ. බාලක කණ්ඩායම් 21 ක් සහ බාලිකා කණ්ඩායම් 21 ක් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ඇත. ඊට ක‍්‍රීඩකයෝ 438 දෙනෙක් ද, ක‍්‍රීඩිකාවෝ 178 දෙනෙක්ද සහභාගිවෙති.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ත‍්‍රිකුණාමලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ද ශූරතා සම්මාන පිරිනැමේ.

පසුගිය වසරේ බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් ද, බාලිකා ශූරතාව කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ද දිනා ගන්නා ලදී.

ඡුායාරූපය:

ප්ලේන්ටි ෆුඞ් සමාගමේ අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ෂම්මි කරුණාරත්න මහතා විසින් පාපන්දු සංගමයේ යොවුන් ක‍්‍රීඩක සංවර්ධන කමිටුවේ සභාපති වෛද්‍ය මනිල් ප‍්‍රනාන්දු මහතාට අනුග‍්‍රාහක චෙක්පත සහ ශූරයන්ට පිරිනැමෙන ‘සමපෝෂ කුසලාන’ ප‍්‍රදානය කරන ලද අයුරු. ප්ලේන්ටි ෆුඞ් සමාගමේ සාමාන්‍යාධිකාරී (වෙළෙඳ* වසන්ත චන්ද්‍රපාල, පාපන්දු සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී අනුර ද සිල්වා, පාසල් පාපන්දු සංගමයේ සභාපති ඞී. ජී. ආරියරත්න සහ පාපන්දු සංගමයේ කාන්තා ව්‍යාපෘති භාර නිලධාරිණී ඔලිවියා ගමගේ යන මහත්ම මහත්මීහුද මෙහි සිටිති.

ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා

අදහස්(0) බැලූවෝ (380)

‘සමපෝෂ’ 13 න් පහළ පාපන්දු අවසන් වටයේ තරග හෙට සිට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :