2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

“සයිටම් අහෝසි කර මිස අපහු හැරීමක් නෑ“

අ.වි.ශි.බ. කැඳවුම්කරු කියයි

2017 පෙබරවාරි මස 17 20:25:04 | . , මනෝජ් හර්ෂික සහ ඉන්දිකා රාමනායක, ඡායාරූප ලහිරු හර්ෂණ

අදහස්(108) බැලූවෝ (3531)

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා ඇති වී ඇති තත්ත්වයට එකම විසඳුම සයිටම් අහෝසි කිරීම මිස අන් යමක් නොවන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පැවසීය.

 ‘අපි උද්ඝෝෂණය කරන්නේ අපට ඕනෑ තැන්වලයි. අපිට ඕනෑ පාරවල්වලයි. අපිව නවත්වන්න කාටවත් බෑ.‘ යැයි ද වීරසේකර මහතා කීවේය.

 සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය රුහුණ විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ රථ පෙළපාළිය අද පස්වරුවේ කොළඹට ළඟා විය. එම රථ පෙළපාළියෙන් අනතුරුව කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් අන්තරයේ කැඳවුම්කරු එලෙස කීවේය.

 ‘රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව ක්‍රියාකරගෙන යන්නේ සටියම් රකින්න නම් මීට වඩා දරුණු ක්‍රියාමාර්ගවලට යෑමට වුවත් අපි බිය වෙන්නේ නෑ. නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යට අත තබන්න කිසිම ජගතෙකුට අපි ඉඩ තබන්නේ නැහැ.‘ යැයි ද ලහිරු වීරසේකර මහතා කීවේය.

IMG_0200 IMG_0222 IMG_0241

අදහස්(108) බැලූවෝ (3531)

“සයිටම් අහෝසි කර මිස අපහු හැරීමක් නෑ“ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ජීවන්ත 2017-02-17 15:18:11

ජය!!! (ර)

කසුන් 2017-02-17 15:34:49

අනේ මන්දා මේ දරුවෝ හැසිරෙන විදිය.. (ර)

නන්ද 2017-02-17 15:35:49

එහෙනම් මුලින්ම චැනල් සේවයට, පුගලික රෝහල්වලට විරුද්දව සටන් කරන්න. අපිත් එනවා. (ර)

සමන්ත 2017-02-17 15:46:22

මේත් කාගේ හරිම දරුවෙක් සහෝදරයෙක් මිතුරෙක් ඇයි මෙ වගේ තමන්ගේම අයට ප්‍රශ්න ඇති කරන්නේ ? (ර)

රවින්ද්‍ර 2017-02-17 15:48:25

නිකං ගුටි කන්නෙ නැතිවපාඩුවේ ඉන්න (ර)

ටිරෝන් 2017-02-17 15:57:01

නාහිවේරෙන වේරානි (ර)

භද්‍රානි 2017-02-17 15:55:24

ඔව් ඉතින් මොකක් හරි ඉදිකරනවාට වඩා, තියනදේ, කඩලා විනාශ කරලා දාන්න ජාතියක් විදිහට හරිම හපන්නුනේ..කඩලා විනාශ කරන්න ඒක හරිම ශෝක්! (ර)

චතුරි 2017-02-17 16:50:38

මේකේ කමෙන්ට්ස් දමන ගොඩක් අයගේ මොලේ ශෝදනයට ලක්කරලායි තියෙන්නේ...ඒ යට මේ සයිටම් කියන හොර උපාධි කඩයේ කෙරුවාව තවම තේරිලා නැහැ නොවෙයි තේරුම් ගන්න කැමති නැහැ.ඇත්තටම සයිටම් කියන්නේ මාරයාගේ ඉස්පිරිතලයක්....මේ ජරාව වසා දැමීම නැතිනම් 100% රජයට පවරා ගැනීම කල යුතුයි.. (ර)

කමල් 2017-02-17 16:50:51

ඹබලාගේ සටනට ජයවේවා (ර)

කසුන් 2017-02-17 17:06:58

ඔබලාට ජය (ර)

සමන් 2017-02-17 17:06:58

ඉදිරියටම යං (ර)

මනුජ 2017-02-17 17:22:04

එහමනම් ඉතින් අයේ හැරෙන්නේ නැතුව දිගටම යමු (ර)

භද්‍රානි 2017-02-17 17:21:46

අනේ, චතුරි, මොලේ සේදීමටම ලක්වෙලා තවත් හේදෙන්න තරම් දෙයක් නැති ඔයාල හිතන විදිහටම අනිත් අයටත් හිතන්න කියලද කියන්නේ? මෙතන සයිටම් එක ඉස්සරහට දමලා, ඉදිරියේදී තවත් පුද්ගලික විශ්ව විද්‍යාල බිහිවෙලා දොස්තර මාෆියාව හා ඔවුන්ගේ ඒකාධිකාරය බිඳවැටෙන බව තේරුම් අරගෙන, ඒකට බංකොලොත් දේශපාලකයෝ සහ නොමේරු තරුණ ළමුන්ගේ ආවේගත් සමග කරන ආත්මාර්ථකාමී සටනක් නෙමෙයිද මේ? සායනික පුහුණුව මදි නම් සායනික පුහුණුව දෙන්න පුළුවන්නේ? කලින් සායනික පුහුණුව දෙන්න කියලා උසාවිය නියෝග කලාම ඒකටත් විරුද්ධ වෙලා ඒ ළමයින්ගේ අයිතිය නැති කලේ මේ වෙද සංගමය නෙමේද? (ර)

රොෂාන් 2017-02-17 17:26:55

අපි නම් මුදල් ගෙවලා බෙහෙත් ගන්නේ සයිටම් එකේ ඉගෙන ගත්තු දොස්තරලගෙන් තමයි. ඒක අපේ කැමැත්ත. අපේ අයිතිය..පුලුවන්නම්, කවද හරි එකටත්, ජනතාවගේ සල්ලි නාස්ති කරමින් මහපාරේ උද්ඝෝෂණ කරන්න (ර)

ද සිල්වා 2017-02-17 17:41:59

වෛය්ද්‍යා ශිෂ්‍යයෝ කලේ මෙහෙම නම් මේකෙන් පිට උනහම කොහමට තියේවිද ? "අපිට ඕන විදිහට , අපිට ඕනේ පාරවල්වල අපි උද්ගෝෂණ කරන්නේ " එතකොට රටේ ක්‍රියාත්මක කරන්නේ මේ ගොල්ලගෙ නීතියද ? විශ්ව විද්‍යාල සිසුන්ගේ හැසිරීම් නිසා දැන් මහජනතාවට මේ ගොල්ල ටික ටික එපාවේමින් පවතී , හොඳම උදාහරණය රුහුණු විශ්ව විද්‍යාල සිසුන්ට විටින් විට ගම්වැසියන් පහර දීමට පෙළබිම , වැඩි දවසක් යන්න කලින් මාතර වැසියන් කරනවා වගේ මේ උද්ගෝෂණ නිසා අපහසු තාවයට පත් වෙන අනික් මිනිස්සුත් මෙගොල්ලට මග තොටේ දී පහර දෙන්න පෙලබේවි (ර)

රන්ජිත් 2017-02-17 17:44:47

ඔය පෙළපාලිය යන්න ඕන අංගොඩ සහ මුල්ලේරියාව රෝහල් වලට. එතකොට මේගොල්ලන්ට බේත් අරගෙනම ගෙදර යන්න පුළුවන් (ර)

තිසර 2017-02-17 17:46:23

චතුරි ඔබ සමග එකග විය නොහැකියි (ර)

චන්න 2017-02-17 17:52:58

අනිත් සිසුන්ටත් ඉගෙනගන්න ඉඩදෙන්නේ නැහැ මෙයාලා (නි)

එරික් සුබාෂ් 2017-02-17 17:54:41

චතුරිලා වගේ අයගේ මොලේ කචල් වුණාට රටේ වැඩි දෙනෙක් දන්නවා පුද්ගලික සරසවි අවශ්‍ය බව. ආත්මාර්ථකාමී හොර දොස්තරයන් හා දේශපාලක ගැත්තක් අහිංසක සරසවි ළමයින්ගේ අධ්‍යාපනයද අවුල් කරන්නේ රටේ අධ්‍යාපනය වැළලීමටය. පුද්ගලික රෝහල් හා ඒවායේ වැඩකිරීම මේ හොර දොස්තරලට තහනම් කළදාට ඔවුන්ට යන එන මං නැතිවෙන බව ඔවුන් හොඳටම දන්නවා. එ්කට හැකිනම් උත්තර දියවු! (නි)

නිශා 2017-02-17 18:02:51

මොවුන්ව යවන්න ඕනෑ අංගොඩ මානසික රෝහලට. මෙතැන තියෙන්නේ ඊර්ෂ්‍යාව විතරයි. වෙන මොකුත් නෙමෙයි. කුහකකම. සයිටම් එකේ ඉගෙනගන්න දරුවෝ නිසි කලට උපාධිය නිමකරනවා. මොවුන් අපේ මහජන මුදල් විනාශ කර කර මහපාරේ දඟලනවා. (නි)

fb-icon ක්‍රිෂාන් 2017-02-17 18:15:50

‘අපි උද්ඝෝෂණය කරන්නේ අපට ඕනෑ තැන්වලයි. අපිට ඕනෑ පාරවල්වලයි. අපිව නවත්වන්න කාටවත් බෑ.‘ යැයි ද වීරසේකර මහතා කීවේය. මොහු ගේ ප්‍රකාශයෙන් පේනවා මොහුට ඔලුවක් නැති බව. මහජනතාවට පීඩාවෙන විදිහට හැසිරීම කෙසේවත් අනුමත කළනොහැක (නි)

ජනිත් 2017-02-17 18:29:59

භද්‍රානි, කොහොමද දොස්තර මාෆියාව සහ ඒකාධිකාරය සයිටම් නිසා අහෝසි වෙන්නේ? දොස්තර මාෆියාවට ඔයාලා අකමැති ඇති. ඒත් ඒකට විසදුම සයිටම් කියලා හිතනවා නම් ලොකුම අවුලකට තමා ඔයාලා වැටෙන්න යන්නේ. (නි)

ගාමිණි ලිඳගෙදර 2017-02-17 18:48:21

නුසුදුස්සො ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය තීරණය කරන රටක් මේක. දෙශපාලකයෝ කස්තිරම් ගහනකොට මෙහෙම වෙන එක මහා කජ්ජක්ද? (නි)

හේමචන්ද්‍ර 2017-02-17 19:23:56

සයිටම් එපා කියන්න කලින් ලංකාවේ තියෙන සියලුම පුද්ගලික පාසල් වහන්න කියලා උද්ඝෝෂණය කරන්න. එහෙම නැත්නම් ඔය කරන්නේ ඒ පාසල් වල ඉගෙනගන්න තම සිසුන්ගේ ඉගෙනීමේ අයිතිවාසිකම් පැහැර ගැනීමක් නොවන්නේද? ඔය කෑගහන අය පිටරට වලින් උපාධි අරගෙන එන අයට ලංකාවේ රැකියා දෙන්න එපා කියලා එහෙම කෑගහන්නේ නැතුව ඇති (නි)

සේනක 2017-02-17 19:59:14

පාදෙණිය මහත්තයෝ, ඔයාලගෙ සංගමයේ ඉන්න සමහර දොස්තරවරු, වෛද්‍ය පරීක්ෂණ වලට පෙනීහිටපු වෛද්‍ය වාර්තා බලන්නත් චැනල් කරලා එන්න කියලා අනේ මේ දුප්පත් අහිංසක මිනිස්සු දහදිය මහන්සියෙන් කීයක්හරි හොයාගන්න එකටත් විදිනවනේ. මොන අපරාධයක්ද මේක? ඒක කොහොමහරි නතර කරවන්න බලන්න. මොකද ඒ ලෙඩේ දැන් ගමේ චැනල් කරන තැන් වලටත් බෝ කරලා. ඒ දොස්තරලා ළඟදීම ගමෙන් නම් කනවා සිකුරුයි. ලෙඩ්ඩු හරි වේදනාවකින් ඉන්නේ. (නි)

දිලන්ක 2017-02-17 20:15:12

භද්‍රානි, පොඩි ලිස්ට් එකක් දෙනවද අන්තරෙන් කඩලා බිඳලා දැම්ම පොදු දේපල ගැන? කරුණු දැක්වීමේදී දත්තයන් අතැතිව කතාකරනවා නම් හොඳයි (නි)

කමල් 2017-02-17 20:27:08

චතුරි, ඔබගේ අදහස හරි (නි)

විකුම් රංගන 2017-02-17 20:43:40

සයිටම් එකේ පමණක් නොව, කොතලාවල වෛද්‍ය පීඨයට, හමුදාවට අන්යුක්ත නොවන අනෙකුත් ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට මේ දොස්තර මාෆියාකාරයින් ඉඩනොදෙන බව ඔය චතුරි කියන කෙනා දන්නවද දන්නේ නැහැ. විදේශ සිසුන්ට සහ ද්විත්ව පුරවැසිකම් තියන සිසුන්ට පමණක් කොතලාවල වෛද්‍ය පීඨය තුල වෛද්‍ය විද්‍යාව හැදෑරීමට හැකි හේතුව කුමක්ද කියා කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද? රොෂාන්, ඔබ කිව්වා වගේ අපි සයිටම් වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නවා. පුලුවන්නම් ඒකත් උද්ඝෝෂණය කරලා නවත්වන්න (නි)

මහී 2017-02-17 21:49:04

චතුරිගේ මොළයේ මළකඩ තවම හේදිලා නැහැ වගේ. සයිටම් ළමයි පොදු විභාගයකට තියන්නත් සුදානම් නම්, ප්‍රමිතියක් ඇතිකරන්නත් සුදානම් නම්, මේ සායනික පහසුකම් මොකුත් නැතුව කොතලාවල වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය දෙන්නත් පුළුවන් නම්, රජයේ වෛද්‍ය විද්‍යාලයට යන්න බැරිවෙන ළමයි එන්න එන්නම වැඩිවෙනවා නම්, වෙන රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් එන වෛද්‍යවරුන් පිළිගන්න සුදානම් නම් මොකක්ද මේ සයිටම් ළමයි පාගාදමන්න හදන එකේ තේරුම? තමන්ගේ රාජ්‍යය රැකගන්න සටන් කරන වෛද්‍ය මාෆියාවේ රැල්ලට අහුවුණාම සත්‍යය දකින්න අමාරුයි. (නි)

ලලිත් 2017-02-17 22:22:12

ලංකාව කියන්නේ කිසිම නීතියක් නැති රටක්. එහෙම රටක මේ වෙන දේ ඉතා අනතුරුදායකයි (නි)

කැනඩා දිසා 2017-02-18 01:17:21

අද මෙහෙම කෑ ගැහුවට, එදා ඇතුළු වෙන්න බැරි වුණා නම් මේ නළු ෂෝ අද නැහැ. අද සයිටම් පෝලිමේ... අනේ අපි නොදන්නා මඩ ෂෝ නතර කරගන්න අපිට පව් නොදී (නි)

සුජීව 2017-02-18 01:30:53

බලාගෙන ඉන්න. ලක්ෂ 120 ක් දීලා එන සයිටම් දොස්තරලා නිකන් බෙහෙත් දෙයි. (නි)

මුණසිංහ 2017-02-18 01:49:38

මේකේ අදහස් දමන සමහරුන්ගෙන් අහන්න තියෙන්නේ ඔයාලා ලෙඩකදී බෙහෙත් ගන්න ඉදිරියේදී කොන්දොස්තර කෙනෙක් ගාවට යන්න සූදානම්ද කියන එක. රජයේ වෛද්‍ය විද්‍යාල වල ඉඩමදිකමට පිළියම මේකද?වෙන රටවල සයිටම් වගේ ඒවායින් ඩිප්ලෝමාවක්වත් දෙන්න බැහැ. සල්ලි තිබුණු පලියට දොස්තර කෙනෙක් වෙන්න බැරි බව මතක තියා ගන්න. කොතලාවල සියලු අවශ්‍යතා සම්පූර්ණ කරපු තැනක්. එ්කේ මුලින් කණ්ඩායම් කරාපිටියේ හිටපු බව මහී දන්නවද? (නි)

මලීන් 2017-02-18 01:48:44

මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් හිතනවා නම් හොඳයි, මෝඩ අදහස් දාන්නේ නැතුව. (නි)

රන්ජිත් 2017-02-18 01:51:53

තව රෝහලක්, විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට විරුද්ධවෙන මෙවැන්නන්ට කවදා ඇස් අැරේවිද දන්නේ නැහැ. රජයේද පුද්ගලිකද කියන එක මේ ක්‍රමයේදී අදාළ නැහැ. (නි)

බමුණු ආරච්චි 2017-02-18 01:53:57

සුජීව, මොකද අනික් දොස්තරලා නිකන්ද බෙහෙත් දෙන්නේ (නි)

මුණසිංහ 2017-02-18 01:54:47

විකුම් රංගන දන්නවද ලංකාවේ අනෙකුත් වෛද්‍ය විද්‍යාල වලත් විදේශීය සිසුන් ගෙවලා ඉගෙනගන්න පොරකන බව සහ දැනටත් ඉන්න බව? සයිටම් උපාධිධරයන්ගෙන් බෙහෙත් ගන්න ඔබට ලැබෙන්නේ එකවතාවක් වෙන්නත් පුළුවන් සමහරවිට. දෙයියන්ගේම පිහිටයි. කොතලාවල තවත් අවුරුදු 2කින් විතර සිවිල් අයටත් යන්න පුළුවන්. එතන තවත් වැඩි පිරිසකට පහසුකම් තවම හදාගෙන යනවා. එ්ක සම්පූර්ණ වූ ගමන් සිවිල් අයත් ගන්නවා. සයිටම් වගේ පහසුකම් නැතුව වැඩ කරන්න කොතලාවල සූදානම් නැහැ. (නි)

බමුණු ආරච්චි 2017-02-18 02:01:40

"චතුරිගේ මොළයේ මළකඩ තවම හේදිලා නැහැ වගේ." මොළයක් තිබෙන්න එපාය මළකඩ කන්න. චතුරිත් කොලේ බලාගෙන සටන් පාඨ කියනවා විනා තේරුමක් දන්නේ නැහැ. (නි)

බමුණුසේන 2017-02-18 02:03:01

"විදේශ සිසුන්ට සහ ද්විත්ව පුරවැසිකම් තියන සිසුන්ට පමණක් කොතලාවල වෛද්‍ය පීඨය තුල වෛද්‍ය විද්‍යාව හැදෑරීමට හැකි හේතුව කුමක්ද" එහෙම එකක් තිබෙනවද? එහෙමනම් විදේශ වල පිළිගන්න අපේ පුද්ගලික වෛද්‍ය උපාධිය ඇයි මේගොල්ලන්ට පිළිගන්න බැරි. තිබෙන කුහකකම සහ ඊර්ෂ්‍යාව. දෙන්න උත්තරයක් පුලුවන්නම්. (නි)

රන්ජිත් 2017-02-18 02:30:46

බටහිර සුවසේවා මාෆියාවට යට නොවන්න. දේශීය සුවසේවාව අගය කරන්න. හැකි පමණ ලෙඩ නොවී සිටින්න. සිහියෙන් ආහාර අනුභව කරන්න. මේ වගේ අය සිටිනතාක් පෙළපාලි නවතින්නේ නැහැ. (නි)

ජීවන්ත 2017-02-18 02:57:43

ඕකෙ ඉන්න බහුතරයක් දොස්තරලාගේ ළමයි. ඉතින් කොහොමද දොස්තර මාෆියාව සයිටම් එකෙන් නැති වෙන්නේ (නි)

කසුන් 2017-02-18 03:30:09

මෙයාලට මේ වගේ උවමනාවක් නැහැනේ මේ රටේ බුද්ධාගම, තමන්ගේ ජාතිය රැක ගන්න. විල්පතු වගේ ලෝක උරුම රැකගන්න. මොකද ඒවා හැමෝටම බලපාන ඒවානේ. මේක තමන්ගේ බඩට වදින එකක්නේ. (නි)

fb-icon චමින්ද 2017-02-18 03:50:57

එතකොට පුද්ගලික චැනල් සේවය? (නි)

ප්‍රදීප් 2017-02-18 03:53:18

මෙතන තියෙන්නේ වෙනම අරමුණක්. මිනිසුන්ගේ බදුමුදල් වලින් ඉගෙනගන්න දෙන්නේ රටට සේවයක් කරන්න. රට විනාශ කරන්න නෙමෙයි (නි)

අජිත් කරුණාරත්න 2017-02-18 03:56:49

රජතුමා ඉන්න කාලේ මේ ගොල්ලෝ මෙහෙම චණ්ඩි පාට් දැම්මා නම් සොරිම තමයි. (නි)

ලලිත් 2017-02-18 04:31:27

හොඳයි ඔහොම යමුකෝ (නි)

රොමේෂ් 2017-02-18 04:57:38

වෛද්‍ය මාෆියාවක් තියෙනවා නම් අපි කරන්න ඕනෑ ඒ මාෆියාව සයිටම් කියන ඊටත්වඩා දරුණු මාෆියාවකට බාරදෙනවද , නැත්නම් මාෆියාව නැතිකරලා දාලා වෛද්‍යවරුන්ව නිවැරදි කරගැනීමද.

fb-icon ජයසිරි 2017-02-18 05:13:29

චතුරී, අනුන්ගෙ මොළේ හේදිච්ච එක හොයන්න කලින් තමුන්ට මොළයක් ඔලුවෙ නැතත් වෙන කොහේහරි තියනවද කියලා බලවා ගන්න. ඒ එක්කම ඔය කුහකකම ටිකක් හෝ අඩු කරගන්න බලන්න. ඉදිරියේදී ඔබේම සහෝදරයකුට හෝ සහෝදරියකට සයිටම් එකේ පිහිට පතන්න පුලුවන්. එදාට ඔයාට තේරෙයි ඔයාගෙ කුහකකම (නි)

ගයාන් 2017-02-18 05:14:20

අනේ මන්දා අපේ රට කවදා හැදෙයිද දන්නෙ නැහැ (නි)

fb-icon ජයසිරි 2017-02-18 05:21:59

ලහිරු වීරසේකර කතාකරන්නෙ එයා කැම්පස් ළමයෙක් නොවෙයි හරියට 4 පන්තියටවත් ගියේ නැති මෙලෝදෙයක් ගැන කිසිම තේරුමක් නැති කෙනෙක් වගේ. මට කණගාටු මොහුගේ දෙමාපියන් ගැනයි (නි)

සම්පත් 2017-02-18 05:18:00

මම චතුර සමඟ එකඟයි (නි)

හුසේන් මොහමඩ් -රියාද් 2017-02-18 05:25:18

මෙහෙම සද්දෙ දැම්මේ නැහැනේ කවුරුවත්ම සයිටම් එක පටන් ගනිද්දී. එතකොට මේ හැමෝටම ගට්ස් ඇවිල්ලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවේ ඊනියා නිදහස නිසාද.? කවුරු කොයිවිදියට දැඟලුවත් රජයේ වෛද්‍යවරුන්ගේ බලාධිකාරය නැතිකරන්න, හිතෙන හිතෙන වෙලාවට අහිංසක ලෙඩ්ඩු බිල්ලට දීලා කරන වර්ජන නවත්තන්න, චැනල් කඩවල අයකිරීම් අඩුකරගන්න වගේම රජයේ රෝහල්වල අහිංසක ලෙඩ්ඩුන්ට උපරිම සේවයක් ලබාදෙන්නත් සයිටම් වගේ තව තවත් වෛද්‍ය විද්‍යාල රටට අත්‍යාවශ්‍යයි. (නි)

සමන්ති ගමගේ 2017-02-18 05:55:35

වහාම එට්කා අත්සන් කරනු! පුද්ගලික රෝහල් වලට ඉන්දියාවෙන් දොස්තරලට ලංකාවට එන්නට ඉඩසලසනු! එවිට ගුණාත්මක නිදහස් වෛද්‍ය සේවයක් අපට රජයේ රෝහල් වලින් ලබාගත හැක. සයිටම් සිසුන්ට රජයේ රෝහල් වල සේවය නොදෙනු! පෞද්ගලික රෝහල් වල සේවය කිරීමට පමණක් දෙනු! (නි)

චින්තක 2017-02-18 06:25:15

ලහිරු හිතා ඉන්නේ එයා තමා රටේ ජනාධිපති කියලා (නි)

ඩිලාන් 2017-02-18 06:49:14

මීටවඩා හොඳයි අපේ රැකියා අනතුරේ හෙළන සයිටම් අහෝසි කරනු කියලා යන්න ඉස්සරහට! (නි)

නිමල් 2017-02-18 07:51:26

මේ ළමයිද? මෙයාලා තාත්තලා වගේ. මේක තනිකර ඊර්ෂ්‍යාව (නි)

දුමින්ද 2017-02-18 07:50:26

බොරුවට නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ඉස්සරහට දාලා ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන දොස්තරලගේ බංකොලොත් දේශපාලුවන්ගේ උවමනාවට මොවුන් කඩේ යනවා. පිටරටවල ගිහින් පේමන්ට් එකෙනුත් මෙඩිකල් උපාධි අරන් ඇවිත් මෙහෙ යසට බේත් දෙන්නේ, සයිටම් එකෙන් අවුරුද්දකට කීයක් එළියට එයිද? මොවුන් දන්නේ නැහැ අවුරුද්දකට ලංකාවේ පුද්ගලික කැම්පස් වලින් කී දෙනෙක් එළියට එනවද කියලා. ඒ අය නිසා මොවුන් කීදෙනෙක්ගේ රස්සාවට වදිනවද කියලා. තමන්ගේ වටිනාකම වැඩි කරගෙන අනාගතේට මුහුණ දෙන්න පාරට බැස්සා නම් අපිත් එනවා (නි)

රඹුක්කන 2017-02-18 08:23:09

චතුරි, මේකේ අදහස් දාන අය නොවෙයි ඔබ වගේ අය ටිකක් හිතාබැලිය යුතුයි (නි)

ශාන් 2017-02-18 08:43:36

මොවුන් හිතාගෙන ඉන්නේ රටේ පාරවල්, පොදු ස්ථාන මොවුන්ගේ බූදලය කියලද දන්නේ නැහැ. (නි)

ශාන 2017-02-18 08:50:44

මේකේ චතුරි කියන නමෙන් දාපු අදහස බැලුවම එයාගේ මොළේ තරම තේරෙනවා. නිදහස් අධ්‍යාපනය ගැනයි කතාව නම්. (නි)

භද්‍රානි 2017-02-18 08:48:33

ඇත්තටම මට හිනා යනවා මෙතන මගේ නමත් සඳහන් කරමින් කරුණු දැක්වූ අයගේ අදහස් දුටුවාම. මම ගිරවෙක් වගේ අනුන් කියන දේ කණින් අහලා, කටින් කතා කරන කෙනෙක් නොවෙයි. මේ දොස්තරලාව භක්තියෙන් අදහන සැදැහැවතුන්ට කියන්න තියෙන්නේ, ඔබලා යම් කාරණයක් ගැන කණින් අහලා ඒ අදහස් බඩ දෙසට යවා ජීර්ණය කර ගන්නේ නැතුව, මොළය දෙසට යවා, ඒ කාරණය ගැන ගැඹුරින් විශ්ලේෂණය කරන්න (නි)

ජස්ටින් 2017-02-18 08:58:21

පොදු විභාගයක් තිබ්බොත් අනිවාර්යයෙන් කැම්පස් ළමය ටික අසමත් වෙනවා. සයිටම් ළමයි ටික පාස් වෙනවා. එ්කේ දෙකක නැහැ. (නි)

ලක්සිරි 2017-02-18 09:29:02

මුණසිංහ මහත්තයෝ, දැන් මෙතන තියන ප්‍රශ්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනගන්න පොරකකා එන විදේශ සිසුන්ට දැනටමත් අවස්ථාවක් දීලා තියෙද්දිත්, ඇයි අපේ රටේම සිසුන්ට ඒ අවස්ථාව ලබා නොදෙන්නේ කියලයි? අනාගතයේදී අපි කොන්දොස්තරලාගෙන් බෙහෙත් ගන්නවද කියන එක නෙමෙයි අද තියන ප්‍රශ්නය. කොන්දොස්තරලාගේ ක්‍රියාවේ නිරත වෙන වර්තමාන දොස්තරලගේ ක්‍රියාකලාපයයි අපට තියන ප්‍රශ්නය. ඔවුන්ගේ ආත්මාර්ථකාමී කුහක පටු අරමුණු වෙනුවෙන්, මනසින් නොමේරූ තරුණන් පාවිච්චි කිරීම ජාතික අපරාධයක්. (නි)

අරුණ 2017-02-18 09:43:40

මම නිතරම කියන්නේ අන්තරේ අනාගත ත්‍රස්තවාදී ආයතනයක් කියලා. ඒ අය රටේ නීතිය පිළිගන්න සුදානම් නැහැ. මහජනතාව ගැන කිසිම සැළකිල්ලක් නැහැ. දේශපාලන පක්ෂ වල අන්ධ අනුගාමිකයෝ වෙලා. (නි)

රමසි 2017-02-18 09:51:38

මොළේ නැති අයට කියන්නේ, පුද්ගලික රෝහල් වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ඇත. සයිටම් වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා නැත. ඉතින් මොකක්ද වහන්න ඕනෑ? (නි)

අරුණ 2017-02-18 09:55:26

අනෙක ලහිරුගේ ඇප කොන්දීසි මොනවද. එයට උද්ඝෝෂණ වලට සහභාගි වියහැකිද? (නි)

කුමාර් 2017-02-18 10:04:56

ආණ්ඩුවේ දොස්තර කෙනෙක් ළඟට යනවාට වැඩ හොදයි සයිටම් එකේ කෙනෙක් ළඟට යනවා. නැත්නම් වෙන්නේ දකුණු කකුල වෙනුවට වම් කකුල කපාගෙන එන්න. අත රිදෙනවා කිවුවොත් අත වැලමිටෙන් කපාගෙන එන්න වෙනවා අර නීති සිසුවියට වගේ. රජයේ වෛද්‍යවරු ඉන්නවද රජයේ ඉස්පිරිතාලවල. බැලුවොත් පුද්ගලික රෝහලේ. ඊටපස්සේ තමන්ගේ සායනයේ. ඉගෙනගත්තේ රජයේ සල්ලි වලින් (නි)

ප්‍රභා 2017-02-18 10:07:38

මම මගේ වැටුපෙන් මාසෙකට 1000 ගානේ එකතුකරලා හරි මගේ දරුවන් සයිටම් යවනවා (නි)

සේන 2017-02-18 10:37:04

අනේ අහෝසි කරන්න එපා දෙයියනේ! මමත් වෛද්‍යවරයෙක්. අපේ ළමයින්ට යන්න හදපු තැනනේ මේක. වෛද්‍ය, ඉංජිනේරු, නීති, දේශපාලන, ව්‍යාපාරික වැනි වැදගත් පවුල්වල ළමයින්ට යන්න හදපු එක වහන්න කියන්නේ කවුද? මමත් රජයේ රස්සාවෙන් අස්වෙලා ඒ වගේ පස් ගුණයක් පඩි ගෙවන සයිටම් එකට බැඳෙන්න හිතන්නේ. (නි)

තිලංග 2017-02-18 10:52:27

බදු ගෙවන ජනතාවගෙන් පිනට ඉගෙනගන්න අය. එ් බදු ගෙවන මිනිහා පීඩාවට පත් කරන්න හැමදාම උද්ඝෝෂණ. සයිටම් වහන්න ඕනෑ නම් එ්ක ඉස්සරහ උද්ඝෝෂණ කරන්න. අහිංසක මිනිහට බඩේ පාර ගහන්නේ නැතුව. (නි)

චානක ලොස් ඇන්ජලිස් 2017-02-18 12:26:45

සියලුම රජයේ වෛද්‍ය විද්‍යාල අහෝසි කර තව තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කළයුතුයි. ජනපතිතුමනි, අපි යහපාලනය බලයට පත්කළේ අන්තරේට ඕනෑ විදියට නටන්න නොවේ (නි)

ගමගේ 2017-02-18 13:00:10

මගේ අදහස නම් අපට තියෙන විශ්ව විද්‍යාල හොඳටම ඇති. ප්‍රයිවට් ඒවා අවශ්‍ය නැහැ. මීටකලින් තිබුනෙත් නැහැ. ඕනෑත් නැහැ. (නි)

කුමාරගේ 2017-02-18 13:08:23

අපේ ළමයින්ට අපි කෝටි ගානක් වියදම් කරලා සයිටම් දැම්මේ දොස්තර කරන්න. එ්කට කාගෙන්වත් අවසර ගන්න ඕනෑ නැහැ (නි)

මුදියන්සේලාගේ 2017-02-18 13:13:00

පිනට ඉගැන්වීම ඕනෑම නැහැ. ඉගෙනගන්න ණයක් දෙන්න රස්සාවක් කරලා ගෙවන්න. එතකොට ඕකේ තියෙන වටිනාකම තේරෙනවා. මේ කොමඩි නවතීවි එවිට (නි)

ලාසි 2017-02-18 13:24:25

උසස්පෙළ සිසුන්ගෙන් 1000 පමණ විතරයි වෛද්‍ය විද්‍යාලයට වසරකට යන්න ලැබෙන්නේ. ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිඟයකුත් තියෙනවා. ආණ්ඩුවට සිසුන් ගාන වැඩි කරන්න යන වියදම දරන්නත් බැහැ. ඒ වගේම සෑහෙන සිසුන් ප්‍රමාණයක් ආණ්ඩුවට බරක් නොවී පුද්ගලික පාසල්වලින් ඉගෙනුම ලබනවා. මැදපෙරදිග රැකියා කරන දෙමව්පියන්ගෙ එහෙ ඉගෙනුම ලබන දරුවන්ට උසස් අධ්‍යාපනයක් දෙන්න විදියක් නැහැ. ඉතින් මේ ඔක්කොම බලනකොට සයිටම් වහලා හරියන්නේ නැහැ. ප්‍රමිතියක් ඇතිකරලා සයිටම් එක තවත් විශාල කරන්න ඕනෑ. (නි)

පවන් 2017-02-18 13:46:47

මං චතුරිත් එක්ක එකඟයි. මේකෙ බහුතර මත සයිටම් එක පැත්තටනෙ තියෙන්නෙ. බැන ගන්න ඕනෑ නැහැ. ඔය සයිටම් එකට පක්ෂව අදහස් දක්වන අයත් සයිටම් වගේම තමා. ඔයගොල්ලො දන්නෙ නැති වුණාට වෛද්‍ය සිසුන් සියල්ලම එකට එකතුවෙලා උද්ඝෝෂණය කරන්නෙ. එයාලට මොකක් ලැබෙයි කියලා හිතාගෙනද? ලැබෙන දෙයක් නැහැ. අනිත් අය වෙනුවෙනුයි කෑ ගහන්නෙ. අනිත් එක හැම වෛද්‍යවරයක්ම එක වගේ නැහැ. (නි)

සිරි 2017-02-18 14:19:08

බමුණුසේන මහතා සහ තවත් අය නොදන්නවා වුණාට විදේශික සහ විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකික දරුවන් ගණනාවක් කොතලාවල ඇතුළු ලංකාවේ වෛද්‍ය පීඨ වල අධ්‍යාපනය ලබනවා. මගේ දියණියගේ පන්ති සගයන් පස් දෙනෙක්ම ඒ අතර ඉන්නවා. (නි)

ධනුෂ්ක 2017-02-18 14:32:07

සයිටම්වාදීන්ගෙන් අහන්නේ. මේකට පූර්ණ අනුමැතිය හිමිවුණොත් තව කඩ 05ක් අැරලා රජයෙ කැම්පස්වල අාචාර්යවරු වැඩි වැටුපට මිළ දී ගතහොත්. එ්වගෙ උගන්වන්නේ කවුද? සයිටම් අය දැනටමත් කයිවාරු ගහනවා නොවේද රජයේ වෙෙද්‍ය පීඨවල හොඳම අය ඉන්නේ එයාලා ළඟ කියාලා. මේ බහුතර දිළිඳු දරුවාගේ අධ්‍යාපනයේ මළගම නොවේද? ධනපතියන්ට ඕනෑ කරලා තියෙන්නෙත් එ්කම තමා. දුප්පත් දරුවන් ඔවුන්ගෙන් පැහැරගත් දේවල් නැවත අත්පත් කරගන්න දරන වෑයමේ පළමු පියවර සයිටම්. (නි)

ධනුෂ්ක 2017-02-18 14:41:33

බමුණු අාරච්චිගේ අැඟේ හැමතැනම මොළේ තියන බව පේනවා දාලා තියන දේවල් බැලුවම. බුද්ධියට අනුගතවෙන බිඳින්න බැරි තාර්කික දෙයක් කොතනවත් නැහැ. දැන් ඔය සයිටම්වාදීන් කියන විදියට සයිටම් එකෙන් දොස්තරලා අාවොත් එහෙම එයාලා පිනට බෙහෙත් දෙයිද? චැනල් නොකරයිද?මෙහෙ ඉගෙනගෙන රට නොයයිද? මට නම් දැනෙන විදියට එයාලා සයිටම් එකට දුන් ලක්ෂ 120ත් වෙනම ජනතාවගෙන් හොයන්න ඕනෑ. හැබැයි රජයෙ දොස්තරලට එහෙම එකක් නැහැ (නි)

ධනුෂ්ක 2017-02-18 14:49:33

රොෂාන්, ඔයා මාරයිනේ! සයිටම් එකෙන් තව දොස්තරලා පිටවෙලාත් නැහැ. එ්ත් ඔයා එ් කෙනෙක්ගෙන් සල්ලි දීලා බෙහෙතුත් අරන්. කොහොමද ඉතින් සනීපෙන් ඉන්නවද? ඔයා සමහරවිට මේ ලෝකේ නෙමෙයි වෙන්න ඕනෑ ඉන්නෙ. මේ ලෝකේ නම් තවම සයිටම් දොස්තරලා පිටවෙලා නැහැ. (නි)

නාමල් 2017-02-18 19:12:54

අනේ මෙහෙමත් මෝඩ රැලක්. බටහිර රටවල අවුරුදු 21 ට වැඩිනම් කෙලින්ම කැම්පස් යන්න පුළුවන් මැචුව්ර් ස්ටුඩන්ට් කියන කැටගරි එක යටතේ. මිනිස්සු රස්සාවල් කරලා සල්ලි හොයාගෙන කැම්පස් යනවා. අවුරුදු 4ක් සයන්ස් ඩ්ග්රී එකක් කළාට පස්සේ ඕනෑනම් මෙඩිකල් කොලේජ් යන්න පුළුවන්. තව අවුරුදු 4කින් දොස්තර කෙනෙක්. ඉගෙනගන්නේ ලෝන් අරගෙන. ඉන්පස්සේ ලෝන් ගෙවනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනේ කිය කියා පාරවල් ගානේ යනවා. අනිත් අයට අධ්‍යාපනයට අයිතියක් නැද්ද?? (නි)

නිමල් රාජපක්ෂ 2017-02-18 20:44:13

ඔය කව්රු කව්රුත් මතක තියාගන්න සයිටම් මොන විදිහකටවත් වසන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම කළොත් අපි ජනතාවත් සමඟ පාරට බසිනවා. ඔය බොරු සෙප්පඩ විජ්ජාකාරයන්ට අපි බය නැහැ (නි)

පුෂ්පකුමාර 2017-02-18 22:01:49

මෝඩයින්ගේ පාරාදීසයේ මී හරක් බඩ පිනුම් ගැහුවාට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලොවපුරා ක්‍රියාත්මකයි. ඉගෙනගන්න ඕනෑකමක් තියන කෙනාට ඕනෑම විෂයක් මුදල් ගෙවලා ඉගෙනගන්න අයිතිය තිබෙනවා. එ්ත් කුහකයින්ගේ පාරාදීසයේ ඕනෑම දෙයක් මුදල් ගෙවලා ඉගෙනගන්න අයිතියක් තිබුනට, වෛද්‍ය විද්‍යාව හදාරන්න අයිතියක් නැහැ. ඉතින් කට්ටියට හිතාගන්න පුළුවන්නේ ආත්මාර්ථකාමී කුහක දොස්තර මාෆියාවේ තරම? බලාගෙන ගියාම ත්‍රස්තවාදය පරාජයකළ සමහර ආණ්ඩුත් මේ මාෆියාවට යටයි. (නි)

ලක්විදු 2017-02-19 01:41:03

සයිටම් එකට කුලියට කහින කුහක මෝඩයිනේ, අඩුගානේ කොත්තු කඩයක් දාන්නත් නගර සභාවෙන් අවසර ගන්න ඕනෑ බව දන්නවද? වෛද්‍ය සභාවෙයි වෛද්‍ය සංගමෙයි වෙනසවත් දන්නවද? (නි)

රමසි 2017-02-19 01:39:32

එතකොට සයිට්ම් එකේ කිසිම වරදක් නැද්ද? දන්නේ නැති නිසයි අහන්නේ. මම අහලා තියෙනවා "නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත" කියලා. ඒක බොරුද මන්දා? (නි)

රෙක්ස් 2017-02-19 01:46:25

හරි හරි, මගේ මෝඩ මොළේට දැන් තේරෙනවා. වෛද්‍ය සභාවත් වැරදියි. වෛද්‍ය සංගමේත් වැරදියි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයොත් වැරදියි. විශ්ව විද්‍යාල ආචාර්යවරුනුත් වැරදියි. විද්‍යා පීඨාධිපතිවරුනුත් වැරදියි. අායුර්වේද වෛරුවරුනුත් වැරදියි. එක්කෙනෙක් ඇරෙන්න දන්ත වෛද්‍යවරුනුත් වැරදියි. සයිටම් එකට විරුද්ධවෙන හැම එකාම වැරදියි. සයිටම් එක විතරක් හරි. තේරුනානේ. (නි)

සමන් 2017-02-19 02:42:05

මේගොල්ලොද රට පාලනය කරන්නේ? කොහොමටවත් සයිටම් එක නම් වහන්න එපා. (නි)

දයා 2017-02-19 02:52:39

නියමයි. ඔහොම යමු. කොහොමත් එළියේ ජොබ් ඇත්තෙත් නැහැ. ඒක නිසා තව ටික කාලයක් ඔහොමම කැම්පස් වලටම වෙලා ඉන්න උද්ඝෝෂණ කර කර. (නි)

සහන් 2017-02-19 03:07:48

මොවුන් ආරම්භයේදීම මෙල්ල කළයුතුයි (නි)

සහන් 2017-02-19 03:14:26

මේ අයට මතක හිටින්න දුන්නා නම් හරි. පාරවල් වහගෙන ස්ට්‍රයික් කරනකොට පාරේ යන මිනිසුන්ට තියෙන්නේ අතට අහුවෙන ගල් පොලු කෑල්ල අරගෙන ගිහින් බඩ කට පුරා මේ අයට සංග්‍රහ කරන එක (නි)

චින්තන 2017-02-19 03:25:50

ස්ථිර අරමුණකින් වැඩකළොත් පුලුවන්වෙයි (නි)

කුමාර 2017-02-19 03:45:29

මෙතන තියෙන්නේ ඊර්ෂ්‍යාව සහ විශ්වවිද්‍යාල වලින් පිටවෙන දොස්තර වරුන්ගේ ඒකාධිකාරය පවත්වාගන්න කරන සටනක්. උද්ඝෝෂනය කරන අය මීට කලින් තිබුන රජය කාලේ සෛටම් පටන් ගන්න කොට කොහෙද උන්නේ, ඒ ආණ්ඩුවට බයේ හැංගිලා ඉදල දැන් නිවටයෝ සංවිධානය වෙලා. මේ රට කවදාවත් හදන්න දෙන්නේ නැහැ. මේ රටට හොද දරදඬු පාලකයෝ, පිටරටවල ට සේවය කරන එන් ජී ඔ නඩවල හම්බවෙන සල්ලි මේවට තමා වැඩිය යොදවන්නේ. රූකඩ නටවනවා, (අ)

අසංග 2017-02-19 04:49:55

මේ අය කවදත් කරන්නේ පිස්සු වැඩනේ. ඉගෙනගන්නේ නැතිව පිකටින් කර කර ඉන්නවා. (නි)

ලක්විදු 2017-02-19 05:51:32

පුෂ්පකුමාර, ඔයා අැයි එහෙම කියන්නේ? හැබැයි ඒක නම් හරියටම හරි. මොකද සයිටම් මීහරක් බඩ පිනුම් ගැහුවට ලොවපුරා ක්‍රියාත්මක ඒ හැම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකටම ප්‍රමිතියක් සහ අදාල රටේ වෛද්‍ය සභාවල නිත්‍යානුකූල අනුමැතිය තියෙනවා. (නි)

කුමාර් (ගල්ෆ්) 2017-02-19 06:02:22

රට කන මිනිස්සු තමයි අද වැඩිපුර ඉන්නේ (නි)

රෙක්ස් 2017-02-19 06:04:53

කවුද මේ සහන් කියන මහලොකු චණ්ඩියා? පාරේ යන මිනිසුන්ට කියන්නේ, ඔයා යන්නේ පාරේ නොවේද? (නි)

රොමේෂ් 2017-02-19 06:40:47

මධ්‍යස්තව හිතන අයෙක් ඉන්නවා නම් හිතන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි. මෙතන සයිටම් එකට කඩේ යන හැම කෙනෙක්ම එක්කෝ එ්කේ ඉගෙනගන්න අයෙක්, නැත්නම් එ්කේ ඉගෙනගන්න කෙනෙක්ගේ දෙමව්පියෙක්, නැත්නම් මේ දෙගොල්ලන්ගේම යාලුවෙක්, නෑයෙක් හෝ හිතවතෙක්. ඉතින් ඔවුන්ට දුකයි මේ හොර උපාධිකඩේ වහලා දැම්මොත් තමන් මෙච්චර කාලයක් සැබෑ නොවනබව දැන දැනම දුටුව සිහිනය බොඳ වෙනවිට (නි)

එඩ්වඩ් 2017-02-19 07:10:04

ඉදිරියටම යමු එහෙනම්! (නි)

ජයලාල් 2017-02-19 07:26:07

අතට අහුවෙන ගල් පොලු අරන් බඩ කට පුරා සංග්‍රහ කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ (නි)

කුමාරගේ 2017-02-19 07:47:17

අපි කෝටි ගණන් වියදම් කළේ අපේ ළමයි ගෙදර තියාගන්න නොවේ මහත්තයෝ. අපිට සල්ලි තියෙනවා, කෑ ගහන අයට මොනවද තියෙන්නේ (නි)

කුමාර් (ගල්ෆ්) 2017-02-19 07:58:25

විරසකය ඊර්ෂ්‍යාව මොවුන්ගේ ලේ වල මුල්බැහැලා. (නි)

ජනිත් 2017-02-19 08:36:40

භද්‍රානි නැවත වතාවක් ඉල්ලා සිටින්නේ ඔබ කියන දේ පිළිබඳව නැවත සිතා බලන ලෙසයි.අපි කනෙන් අහන දේ ජීරණය කරන කට්ටිය නේ! අපිත් ආසයි ඔයා කියන දේත් ජීරණය කරලා බලන්න.හුඟක් දෙනෙක් වෛද්‍යවරුන්ගේ රස්සා නැති වෙයි, දොස්තර බමුණුකුලය බිද වැටෙයි යන අදහසින් තමා සයිටම් එකට පක්ෂපාත.හැබැයි තේරුම් ගන්නේ නැත්තේ දැනට ඉන්න දොස්තරලගේ ආණ්ඩුවේ රස්සාව හෝ පෞද්ගලික වෙදකමට මේ නිසා හානියක් නොවන බවත් මේ තත්වය නිසා රජයේ වෛද්‍ය පීඨ වැසී ගිය දිනට තම දරුවා වෛද්‍යවරයෙක් කරගත නොවුනද සල්ලි භාගය තිබෙන දොස්තරගේ පුතා මෙවැනි මුදල් ගෙවන ආයතනයක් හරහා දොස්තර කිරීමෙන් දොස්තර සමාජයෙන් එපිටට ගිය දොස්තරකම පවුල් කිහිපයක් අතර රැදුනු තත්වයක් ඇති වන බවත්ය. එම නිසා ඉල්ලා සිටින්නේ දොස්තර වරුන් කරන සමහර දේට අකමැතියි කියා මේ දේටත් එලෙසම විරෝධය පාන්නේ නැතුව කරුණු කාරණා අවබෝධ කරගන්නා ලෙසයි. (අ)

මෙලනි 2017-02-19 09:45:18

ඔක්කොම සතිඅන්තයේ පුද්ගලික පන්ති වලට ප්‍රධාන නගර වලට ආ, කොළඹ ළමයින්ට වැඩිය ලකුණු 50ක් 60ක් අඩුවෙන් ගත්, දිස්ත්‍රික් කෝටාවට පින් සිදුවෙන්න සරසවියට රිංගපු ගොයියන් ටික තමයි මේ බෙරිහන් දෙන්නේ. පුදුම කුහකයෝ ටිකක් (නි)

ලක්විදු 2017-02-19 14:30:31

සහන් මහත්තයෝ, ඔයා පළවෙනි ගල ගහනවද අපිටත් බලන්න? (නි)

ජනිත් 2017-02-19 15:18:39

වෛද්‍යවරුන්ගේ යම් යම් වැරදී පසු ගිය සමයේ සිදු වන්නට ඇත. ඒවා නිවැරදි කිරීමට බලාපොරොත්තු නොවෙමි. ඒවා නිසා ඔබ පිරිසකට වෛද්‍යවරුන් සමඟ කෝපයක් ඇති වී තිබීමද විය හැක.එහෙත් කරුණාවෙන් ඉල්ලන දෙය නම් මේ හේතුවෙන්ම සයිටම් කෙරේ පක්ෂපාතී නොවී ඔබලාට උරුමයක් වූ ඔබලාගේම දක්ෂ දරුවෙකුට ඇති නැති බේදයෙන් තොරව පැහැපත් අනාගතයක් උරුම වීමට ඉඩ තිබෙන රාජ්‍ය වෛද්‍ය පීඨ විනාශ වන තැනට මේ පෙර වැරදි නිසා ඉඩ නොතබන ලෙසයි.වෛද්‍යවරුන් නොව මේ ප්‍රශ්නය නිසා අනාගතයේදී අසරණ වන්නේ සාමාන්‍ය ජනතාවමය. (අ)

සැමුවෙල් 2017-02-19 15:18:45

මෙහි දෙපැත්තම බැලුවම අපට ප්‍රශ්නයක් වන්නේ සයිටම් පමණක්ද මේ ලෝකයේ පුද්ගලික විශ්ව විද්‍යාල උපාධියක් දෙන්නේ කියලයි. ලෝකයේ බොහෝ පුද්ගලික උපාධි ආයතන ඇත. ඉන් උපාධි ගත් අය අපේ රටේ සේවය නොකළ යුතුය කියල කියන්න පුලුවන්ද. එම උපාධියක යම් කිසි අඩුපාඩුවක් තිබේ යයි බලධාරීන් උපකල්පනය කළා නම් ඒ අඩුව පුරවන්ට කුමන හෝ පරීක්ෂණයක් යෝජනා නොකර ආයතනයේ කටයුතු අහෝසි කරන්න යයි කීම සාධාරණද. මේ විශ්ව විද්‍යයලයේත් ඉන්නේ උසස් පෙළ ලකුණු අඩුවූ පමණින්ම රජයේ උපාධියට යන්නට බැරි වූ අය නේද. (අ)

චතුර 2017-02-19 17:30:54

කාගෙවත් අධිකාරියක් මේ රටේ තියෙන්න ඕනෑ නැහැ. හැමෝටම සමාන අයිතිවසිකම් රටේ තිබිය යුතුයි. කාගේ ළමයි ඉගෙනගත්තත් රටටම තමා හොඳක් වෙන්නේ (නි)

අතුල සිරිවර්ධන 2017-02-21 05:54:11

රජය පත් කළේ අපියි. රජය පාරවල් හදල තියෙන්නෙ අපිට යන්න ඕන නිසා.. ඔබලා වහන්නෙ අපේ පාරවල්.. ඔබලා බලපෑම් කරන්නෙ අපිටයි.. බලපෑම් කරලා ඔබලා කරන්නෙ වෛද්‍ය ශිෂ්‍ය ව්‍යාපාරය වදයක් කරන එකයි. සයිටම් වහන්න අපේ සහයෝගය ගන්න හිතාගෙන අපේ පාරවල් වහන්න එපා. අපි බලපෑම් වලට යටත් නෑ. (ර)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :