2013-05-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.7600 , විකුණුම් මිල රු.127.8100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.6500 , විකුණුම් මිල රු.195.1900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.9200 , විකුණුම් මිල රු.165.2600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.9700 , විකුණුම් මිල රු.132.8800 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.8200 , විකුණුම් මිල රු.125.1900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.2800 , විකුණුම් මිල රු.125.9600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8300 , විකුණුම් මිල රු.102.2600 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2102 , විකුණුම් මිල රු.1.2526 |

සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර මුල් තැනට ළගාවෙයි

2012 ජූනි මස 27 19:54:00 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි

පාකිස්තානු පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 199 ක් ලබාගත් කුමාර් සංගක්කාර නැවත වතාවක් අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය කරා නැවතත් ළගා වෙමින් සිටී.

පසුගිය ගාල්ල ටෙස්ට් තරගයෙන් අනතුරුව, පසුගිය අගහරුවාදා නිකුත් කරන ලද නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව සංගක්කාර ප‍්‍රසාද ලකුණු 850 ක් ලබාගනිමින් දෙවැනි ස්ථානය ලබාගෙන ඇත. ගාල්ල ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ප‍්‍රසාද ලකුණු 779 ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ සිටියේය. 

ලයිස්තුවේ පළමු ස්ථානය ගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක ෂිව්නරීන් චන්දර්පෝල්ට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 856 කි. ඒ අනුව ලබන සෙනසුරාදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී තවත් දිගුඉනිමක් කී‍්‍රඩා කිරීමට හැකි වුවහොත් නැවත වතාවක් අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය ගැනීමේ අවස්ථාව සංගක්කාරට තිබේ.

ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා වන සංගක්කාර අවසන් වතාවට ටෙස්ට් පිතිකරුවන් අතර පළමුවැනි ස්ථානය ලබාසිටියේ 2011 නොවැම්බර් මාසයේදීය. මේ අතර ගාල්ල ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් (28), ප‍්‍රසාද ලකුණු පුවරුවේ ස්ථාන 8 ක් ඉදිරියට පැමිණ සිටින අතර මහේල ජයවර්ධන (13) ස්ථාන දෙකකින්ද, ප‍්‍රසන්න ජයවර්ධන (45) ස්ථාන හතරකින්ද ඉදිරියට පැමිණ සිටිති.

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අපි‍්‍රකාවේ ඬේල් ස්ටෙයින් තවමත් පෙරමුණේ රැඳී සිටින අතර පාකිස්තානු දග පන්දු යවන්නා වන සයීඞ් අජ්මල් දෙවැනි ස්ථානයේ සිටී. සුරාජ් රන්දිව් ස්ථාන 12 ක් ඉදිරියට එමින් ටෙස්ට් පන්දු යවන්නන් අතර 41 වැනි ස්ථානය ලබා සිටින අතර නුවන් කුලසේකර 43 වැනි ස්ථානයේ සිටී.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ස්ථානය

01. ෂිව්නරීන් චන්දර්පෝල්  (බටහිර කොදෙව්)  -  856

02. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකා) - 850

03. ඒ. බී. ඩිවිලියර්ස් (දකුණු අප‍්‍රිකාව ) -  821

04. ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව) -  819

05. යුනිස් ඛාන් (පාකිස්තානය) -808

06 මයිකල් ක්ලාක් (ඕස්ටේ‍්‍රලියාව) -771

07. හෂිම් අම්ලා (දකුණු අප‍්‍රිකාව) - 763

08. රොස් ටේලර් (නවසීලන්තය) - 761

09. ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය) - 756

10. ගේ‍්‍රඒම් ස්මිත් (දකුණු අප‍්‍රිකාව) - 753

11. සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) - 749

12. තිලාන් සමරවීර (ශ්‍රී ලංකාව) - 742

13. මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) -  735

14. මිස්බා උල් හක් (පාකිස්තානය) -  734

15. ඉයන් බෙල් (එංගලන්තය) - 723

16. කෙවින් පිටර්සන් (එංගලන්තය) -  718

17. ජොනතන් ට්‍රොට් (එංගලන්තය) - 709

18. මයික් හසි (ඕස්ටේ‍්‍රලියාව) - 705

19. අසාර් අලි (පාකිස්තානය)  - 703

20. රිකි පොන්ටින් (ඕස්ටේ‍්‍රලියාව) - 691

තෝරාගත් ශ්‍රේණිගත කිරීම්

28. තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව) -  617

31. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)  - 580

36.  මොහොමඞ් හෆීස් (පාකිස්තානය)  - 551

38. අසාඞ් ෂෆීක් (පාකිස්තානය) -  544

45. ප‍්‍රසන්න ජයවර්ධන (ශ්‍රී ලංකාව) -  505

46 තවුෆීක් උමාර් (පාකිස්තානය) -  502

48. තරංග පරණවිතාන (ශ්‍රී ලංකාව) -  500

75. අද්නන් අක්මල් (පාකිස්තානය) -  336

 

අදහස්(17) බැලූවෝ (7943)

සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර මුල් තැනට ළගාවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නිපුණ 2012-06-27 21:59:30

ආ........... තව ටිකයි තව ටිකයි

කෝසල 2012-06-28 04:01:19

කුලසූරියට තව උඩට එන්න තිබුණා......

රාජ් 2012-06-28 06:11:28

යන්න සංගා .ඉදිරියටම යන්න‍‍‍‍‍..... .නියමයි !!

පුංචා 2012-06-28 11:39:07

ඔයා නියමයි අයියා

දිනේෂ් 2012-06-28 11:48:46

යමු සංගා ඉදිරියටම යමු ..පළමු තැනට පත්වෙන්න ඕන....

දයා, සෞදියේ සිට 2012-06-28 14:01:59

සංගෝ ගහන්න තව ටිකයි..ආදරේටයි එහෙම කිව්වේ..

වරුණ 2012-06-28 15:27:39

කෝසල, කවුද මේ අපි නොදන්න කුලසූරිය....

ප්‍රියන්ත විජේසිංහ 2012-06-28 16:08:03

එන තරගයේදී සංග එකට එනවමයි.බුදු සරණයි.

කදසුරිදු පිහිටයි ......

රෙජිනෝල්ඩ් 2012-06-28 17:09:18

ඉතුරු තරග දෙකේදි ඔබ අනිවාර්යයෙන් පළවැනි වෙනවා.ඔබට ජය!

සුභාෂිනි 2012-06-28 20:50:01

සංග !ඔය ගැන අපිට ආඩම්බරයි .ජය ජය

හේමන්ත රන්දිමල් 2012-06-28 21:58:20

විශිෂ්ටයි සංග

සිටිසන් 2012-06-29 08:51:16

මම අගය කරන ක්‍රීඩකයෙක් තමයි සංගා.

ලෙස්ලි තමෙල් 2012-06-28 23:47:48

කෝසල මොනවද ඔයා කුලසුරිය ගැන කතා කරන්නේ

පුෂ්ප කුමාර බටන්ගල , 2012-06-29 00:49:06

සංග..........

‍ඩෝග් 2012-06-29 11:04:12

ඔයා මාරයි අයියේ....

අශාන් 2012-06-29 11:50:27

මරේ මරු.ඔයාට තව පුලුවන් සංගා

අශාන් 2012-06-29 11:50:47

මරු මරු ඔයාට තව පුළුවන් සංගා..

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :