X

2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

අත දරුවාත් බිරියත් රැගෙන බාර් එකට ඇවිත්

2017 ජනවාරි මස 09 00:00:03 | . , මඩුල්ල සේනක බණ්ඩාර සහ මොනරාගල අතිරේක කේ.එම්.පී. බණ්ඩාර

අදහස්(6) බැලූවෝ (4514)

 තරුණ ව්‍යාපාරිකයාගේ ජීවන රටාව හිටි හැටියේම වෙනස්වන්නට විය. වෙනදාට නගරයේ කෙරෙන ව්‍යාපාරික කටයුතු අඳුර වැටෙන්නට පෙර අහවර කොට නිවසට පැමිණීම පුරුද්දක් කරගත් ව්‍යාපාරිකයා මාස 3-4 සිට නිවසට පැමිණෙන්නට වූයේ රාත්‍රී දහයේ කණිසමත් පසුවූ විටය.


 තිදරු මවක වූ ව්‍යාපාරිකයාගේ බිරියට මේ වෙනස්වීම ප්‍රහේළිකාවක් විය. පසුව බිරිය මේ පිළිබඳව විපරම් කර බලන්නට විය. වැඩි දිනක් යන්නට මත්තෙන් සැමියාගේ ප්‍රමාදය සොයා ගන්නට නිවසට කොටුවී සිටි බිරියට හැකිවිය. සැමියාගේ මේ ක්‍රියා කලාපයට නැවතීමේ තිත තබන්නට තීරණය කළ බිරිය දිනක් රාත්‍රී 8.30 පමණ වැඩිමහල් දරුවන් දෙදෙනාට රූපවාහිනිය නරඹන්නට සලස්වා මාස තුනක් පමණ වූ අත දරුවා රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් කෙලින්ම නතර වූයේ නගරයේ ප්‍රසිද්ධ  අවන්හලක් තුළය. 


බිරියට  ලැබුණු ඔත්තුව හරියටම හරිය. මිතුරන් කිහිප දෙනෙකු සමග ව්‍යාපාරික සැමියා මධු විතෙන් පදම් වෙමින් සිටියේය.


බිරිය අත දරුවා සමග ගොස් කෙලින්ම සිට ගත්තේ සැමියා අසලය. මත්පැන් වීදුරුව අත දරාගෙන සිටි සැමියාට බිරිය දුටු ගමන් හීන් දාඩිය දමමින් නැගිට්ට වුණේ ඉබේටමය. කෙලින් සිටගන්නට බැරිව සිටි සැමියා  අත තිබූ වීදුරුව වෙව්ලන්නට විය.


 මිතුරන් දෙසවත් නොබලා හෙමින් සිරුවේ ගොස් ත්‍රිරෝද රථයට නැගුණු ව්‍යාපාරික සැමියා සුවච කීකරු ගෝලයකු ලෙස නිවසට පැමිණියේ සුපුරුදු ජීවිතයට නැවතීමේ තිත තබමිනි.  

(මඩුල්ල සේනක බණ්ඩාර සහ මොනරාගල අතිරේක කේ.එම්.පී. බණ්ඩාර)

අදහස්(6) බැලූවෝ (4514)

අත දරුවාත් බිරියත් රැගෙන බාර් එකට ඇවිත් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ලක්ෂි 2017-01-10 06:26:41

සුවච කීකරු ස්වාමි පුරුෂයෙකු නිසා මේ වැඩේ ගොඩින් බේරුනා,නමුත් පිරිමි බොනතැන්වලට බලෙන් කඩාවදින්න එපා. එ් වෙලාවට ඹවුන් ඉන්නෙ හරි සිහිකල්පනාවෙන් නොවේ. (බ)

චින්තක 2017-01-10 08:04:28

මාස 3-4 ක් යනකම් මධුවිතේ ගඳවත් මේ බිරිඳට දැනුනේ නැද්ද? (නි)

ඉන්ද්‍රා 2017-01-10 10:49:52

බිරිඳ හොඳ ඉවසීමෙන් වැඩකළ නිසා බේරුනා (නි)

එඩ්වඩ් 2017-01-10 23:58:11

බිරිඳට ගරුකරන හොඳ සැමියෙක් (නි)

සෝමරත්න 2017-01-11 03:36:14

මේවා බොරු රඟපෑම්. කොච්චර බිවුවත් යටිහිත සීරුවෙන්. මැරෙන්න තියන බය තියනවා. යටිහිත අවදියෙන්. හොඳටම බිවුවොත් සිහිය නැතුව වැටෙනවා. බීලා කරන්නේ යටිහිතේ තියන අදහස්. වීරෝයෝ වෙන්නේ බිවුවම. මේ කතාවේ ස්වාමියා ගොඩක් හොඳයි. එමනිසා බිරිය සමඟ ගෙදර ගියේ. (නි)

fb-icon මලික් 2017-01-12 21:22:05

දරුවාට යමක් කමක් තවම නොතේරෙන එක හොඳයි

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :