2013-05-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.4400 , විකුණුම් මිල රු.127.4900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.189.2400 , විකුණුම් මිල රු.194.7800 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.2800 , විකුණුම් මිල රු.164.6100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8600 , විකුණුම් මිල රු.132.7700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.121.1200 , විකුණුම් මිල රු.125.5200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.120.6800 , විකුණුම් මිල රු.125.3400 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.7600 , විකුණුම් මිල රු.102.3800 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2107 , විකුණුම් මිල රු.1.2532 |

ආසියානු යොවුන් චෙස් තරගාවලිය අනිද්දා සිට හික්කඩුවේදී

2012 ජූනි මස 22 17:21:48 | සජීක ජයසිංහ

ආසියානු චෙස් සම්මේලනයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා චෙස් සංගමය මෙහෙයවන ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය අනිද්දා (24) සිට ජුලි මස 1 වැනිදා දක්වා හික්කඩුවේ චායා ට‍්‍රාන්ස් සහ සිට්රස් යන හෝටල්වලදී පැවැත්වේ. ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව අධිවේගී චෙස් ක‍්‍රීඩා ඉසව් දෙකක් වන ආසියානු යොවුන් රැුෆිඞ් තරගාවලිය මේ මස 25 වැනිදා ද, ආසියානු යොවුන් බ්ලිට්ස් තරගාවලිය ජුලි මස 1 වැනිදා ද පැවැත්වීමට නියමිතය. වයස 6 න් පහළ, 6, 8, 10, 12, 14, 16 සහ 18 යන වයස් කාණ්ඩ යටතේ බාලක හා බාලිකා දෙ අංශයෙන්ම තරග පැවැත්වේ. තරගාවලියට  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, කසකස්තානය, උස්බකිස්තානය, මැලේසියාව, පිලිපීනය, මැකාවෝ, චීනය, මොංගෝලියාව, වියට්නාමය, හොංකොං, ඉරානය, ඉරාකය, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල්වලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 350 කට ආසන්න පිරිසක් සහභාගිවෙති.  තරගාවලියට ඉදිරිපත්වන ශ‍්‍රී ලංකා පිලට 60 දෙනෙක් ඇතුළත්ව සිටිති. ජාතික චෙස් ශූරී මියුසියස් විදුහලේ ක‍්‍රීඩිකා සචිනි රණසිංහ 18 න් පහළ (බාලිකා) වයස් කාණ්ඩයෙන් තරග වදියි. හිටපු ජාතික චෙස් ශූරයකු වන මහනුවර ධර්මරාජ විදුහලේ චාමික පෙරේරා  18 න් පහළ (බාලක) වයස් කණ්ඩයෙන් තරග වදියි.

අදහස්(0) බැලූවෝ (267)

ආසියානු යොවුන් චෙස් තරගාවලිය අනිද්දා සිට හික්කඩුවේදී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :