X

2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

මියන්මාරයෙන් ඩයිනෝසර් වලිගයක් හමුවේ

2016 දෙසැම්බර් මස 09 23:45:48 | . , සිරංගිකා ලොකුකරවිට

අදහස්(16) බැලූවෝ (10991)

ඇම්බර් කුට්ටියක් තුළ සංරක්ෂිතව තිබූ පිහාටු සහිත ඩයිනෝසර් වර්ගයේ සතකුගේ වලිගයක් මියන්මාරයෙන්  හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩයිනෝසර් සතකුට අයත් කොටසක් ඇම්බර් තුළ තිබී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව කැනඩා රාජකීය කෞතුකාගාරයේ විද්‍යාඥ රයන් මැකෙලර් පවසයි.

මියන්මාරයේ මිට්කිනා නගරයේ ඇම්බර් වෙළඳපොලක තිබී මෙම ෆොසිලය සහිත ඇම්බර් කුට්ටිය සොයාගෙන ඇත්තේ චිනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ ලිඩා සිං විසිනි. ආභරණ නිපදවීම සඳහා ඇම්බර් කුට්ටිය ඔපදමා තිබුණු අතර එහි හිමිකරුවා පවසා ඇත්තේ ඇම්බර් කුට්ටිය තුළ දක්නට ලැබුන දෙය ගසක අතු කැබැල්ලක් යැයි සිතා සිටි බවයි. කෙසේ වුවද සියුම්ව පරීක්ෂා කිරීමේදී එය සතකුට අයත් කොටසක් බව සොයා ගන්නා ලදී. ලිඩා සිං පවසන්නේ මෙම සතා ප්‍රමාණයෙන් දෙමලිච්චකු තරම් විය යුතු බවයි.

මෙම ෆොසිලයේ අස්ථිය, මාංශමය කොටස්, පිහාටු සහ හම යන සියල්ලම සුරක්ෂිතව තිබීම පුදුම සහගත කරුණත් බවත් මෙයින් වසර දශලක්ෂ 120කට පමණ ඉහත ජීවත් වූ ඩයිෙෝසරයන් ගැන තවදුරටත් කරුණු හැදෑරීමට ද සත්ත්ව පරිණාමය සම්බන්ධව හැදෑරීමට ද මහගු උපකාරයක වනු ඇති බවත් විද්‍යාඥයින් පවසයි. 

_92893710_xing-mckellar_maniraptora_amberbycheungchung-tat_jpg _92893708_tailbreachingsurfacewithant2blackbackground _92888803_microscopicbarbulesontailfeathers4

අදහස්(16) බැලූවෝ (10991)

මියන්මාරයෙන් ඩයිනෝසර් වලිගයක් හමුවේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

විජිත් 2016-12-14 12:35:46

මට මතක් වෙනවා ‘ජුරාසික් පාර්ක්1‘ චිත්‍රපටය. කතාවේ හැටියට ඒ විද්‍යාඥයා " ඩයිනොසොර් " ලාව නැවත මේ ලෝකයට හඳුන්වා දෙන්නේ ඇම්බර් කුට්ටියක් තුල පොසිලයක්වී සිරවී තිබු මදුරුවෙකුගේ රුධිරයෙන්. කතාවේ හැටියට ඒ මදුරුවා ඩයිනොසොරස් ලාගේ රුධිරය උරාබිලා තියෙනවා.ඇම්බර් පොසිලයේ තිබුන මදුරුවාගේ රුධිරයේ තිබුන ඩයිනොසොර් ඩී එන් ඒ වලින් නැවත ප්‍රති උත්පාදනය කරගන්නා ඩයිනොසොර් ලා ..(බ)

සුනිල් 2016-12-15 08:58:08

විජිත් ඔයා දන්නා දේවල් පුදුම හිතෙනවා. ඇඟ පුරාම මොලේ (ර)

පිටිගල මිලානෝ 2016-12-15 19:00:45

විජිත්, ඔයා පරණ චිත්‍රපටියක් ළඟදි බලලා ඔහේ ලියනවා. ඕක ගොඩදෙනෙක් බලලා තියෙනවා. (නි)

අකිල 2016-12-16 04:18:09

විජිත්, ඔයා නේද ජල බෝම්බ සහ න්‍යෂ්ටික අවි ගැන මීට මාස කීපයකට කලින් අදහස් ලියලා තිබුනේ. මම ගොඩක් ඒ ගැන පැහැදුනා. (නි)

මොහොමඩ් පාසිල් 2016-12-16 06:33:36

සුනිල් නියම කථාව , හිනාවෙලා පණ යනවා... ඇම්බර් වලට සින්හලෙන් කියන්නෙ ලාටු කියලා නෙ..(බ)

විද්‍යා 2016-12-16 10:45:16

විජිත්, ඒ ගැන අපිව දැනුවත් කළාට ඔයාට බොහොම ස්තුතියි. (නි)

පහන් 2016-12-16 15:11:45

මේ වර්ගයේ සතෙකු ළගදි දවසක මම දැක්කා. බිත්තියේ හිටියා. (නි)

ශාමිණි ඩයස් 2016-12-16 15:48:55

මමත් මේ චිත්‍රපටය බලලා තියෙනවා මම පුංචි කාලේ. මම හිතන්නේ විජිතුත් මේ චිත්‍රපටය බලන්නට ඇත්තේ එයා කුඩා කාලේදී. මම දන්නා හැටියට විජිත් අවුරුදු 30 කටත් වඩා එංගලන්තයේ ජීවත්වන්නේ. චිත්‍රපටිය බැලුවාට ඔය කියන මදුරුවාගේ කතාව ගැන මම දැනගෙන හිටියේ නැහැ. විජිත් ඔයාට බොහොම ස්තුතියි ඒ පිළිබඳ නොදන්නා අපව දැනුවත් කළාට. (නි)

දිනෙත් 2016-12-22 02:54:04

ශාමිණි ඩයස් ඇත්තටම ෆිල්ම් එක බලලා නැහැ වගෙයි..

අබය 2016-12-22 09:48:15

හින්දි භාෂාවෙන් නම් ඇම්බර් කියන්නේ අහසට. එ්ත් ඉංග්‍රීසියෙන් නම් ගම් වර්ගයකට. කොහොම වුණත් විජිත්ගේ කතාව ගොඩක් දුරට හරි..... (නි)

රාධිකා 2016-12-23 16:47:35

මේක ඉතාම වටිනා සොයාගැනීමක් (නි)

අලුගොල්ල 2016-12-23 22:37:00

ඩයිනෝර්සර්ලා හැදෙන්නේ කටුස්සන්ගෙන්. අපේ රටේ එවැනි කුඩා සතුන් දේශපාලනය නමැති සුර ලෝකයට ගිහින් මාස කීපයකින් ඩයනෝසර්ලා වෙලා එළියට එනවා. පුදුමයි නේද? (නි)

හේවාවිතාරණ 2016-12-24 12:20:04

හොඳ සොයාගැනීමක්

යසස් වඩුගොඩ 2016-12-29 10:54:07

පණපිටින් ඩයිනොසරයෙක් බලන්න වැඩි කල් යන එකක් නැ වගේ! (බ)

අසෝක 2017-01-11 17:59:02

ලේ උරාබොන අය විතරක් නෙමෙයි රීරි මංශයම කන අය අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා (නි)

රයන් 2017-01-18 09:52:44

විජිත්, ඔබගේ කතාව හරි. මම ඔය ෆිල්ම් එක බැලුවේ අවුරුදු 13කට කලින්. නමුත් ඇයි මේ සමහර කුහකයෝ ඔබගේ කතාවට හින්ට් ගහන්නේ. මොළෙත් හේදිලා මේ මිනිසුන්ගේ. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :