Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
‘‘මම ජීවත් වෙන්නේ දරු දෙදෙනා වෙනුවෙන්’’
- සමිතා මුදුන්කොටුව
2012 ජූනි මස 13 17:49:16 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ඉර පායා... ඉර පායා.....
අලූත් දවසකට
අවපස සඳකට
ඉර පායා.... ඉර පායා....
සමිතා එරන්දතී මුදුන්කොටුවගේ සුමිහිරි හඬ ගී ලොව සිසාරා හමා ආයේ ඒ අපූරු ගීතය සමගය. දශක දෙකකට පමණ පෙරදී ගී ලොවට දායාද වූ ඒ හඬ නූතන ගීත කලාවේ සුමිහිරි දායාදයක්මය. නව යෞවනයේ සිට එදා ගී ගැයූ ඇය පසුව යෞවනයේ සමනල මාවතේ දිව යමින් ගුමු ගුමුව වදුලේ සිලි සිලිය සුළෙඟ් යැයි ගැයුවාය. සඳ තරු මල් දායාද ලෙස හදට දුන් සිසිලස රැගත් මවකගේ හැඟුම් ද ගීතයට මුසුකළ ඇගේ අරුමැසි හඬ අද නිහඬය, නිශ්ශබ්දය. එහෙත් ඒ නිහඬතාවය බිඳ හැර සමිතාගේ සුමියුරු හඬ අවදි කළ යුතුය. මොහොතකට ඒ ඇරයුමින් දෙවසරකට පසුව පුවත්පත් හමුවකට ඇගේ හඬ අවදි කළෙමු.
”පසුගිය කාලයේ ඇත්තටම මම ගොඩාක් කාර්ය බහුල වුණා. එය අදටත් එහෙමයි. මගේ දුව කවින්ධ්‍යා මේ වසරේදී තමයි සාමාන්‍ය පෙළට මුහුණ දෙන්නෙ. ඉතින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි වඩාත් කාර්ය බහුලව සිටින්නෙ. මගේ වගකීම ඒ සියල්ල ගැන සොයා බලා පළමුව ඇය යන මාවත එළිපෙහෙළි කරදීමයි.
සමිතා එසේ පිළිතුරට මුලපුරන අතරේ පුතු සහ දියණිය ඇය අසලට වී සිටියහ.
”අම්මෙ මම සෙල්ලම් කරන්න යන්නද?” පුතු විමසයි.
”හොඳයි පුතේ” ඇය කීවාය.
දියණිය ඇයට වඩාත් ලෙංගතු බව දැනේ.
”කොහොමද දුව? ඔයාගේ විස්තර මොනවද?” අපි ඒ දියණිගෙන් විමසීමු.
”මේ ජූනි 20 වෙනිදාට මට අවුරුදු 16 යි. මම ඉගෙන ගන්නෙ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ. ඉගෙනීමට තමයි මගේ මුල්තැන. නර්තනය සහ ගායනයත් ප‍්‍රගුණ කරනවා. ඒ අංශ දෙකටම දක්ෂයි කියලා තමයි අම්මා නම් කියන්නෙ”
කවින්දියා දේවින්දි මෙලෙස පුවත්පත් හමුවකට අදහස් දක්වන්නේ පළමු වතාවටය. ඒ ආධුනික බව ඇයට ගෙන දෙන්නේ අමුත්තකි.
”දුව කාගේ ගීතද ගයන්නෙ?”
අප ඇසූ විට ඇය කීවේ බටහිර පොප් ගායිකාවක් වන බියොන්සෙ සහ රිහෑනාගේ ගීත ගැයීමට කැමැති බවය.
”කවුද ඔබේ ප‍්‍රියතම සිංහල ගායිකාව?
”අම්මා... අම්මා...’’
ඇය කීවේ ප‍්‍රීතියෙනි.
කවින්දයා ඔබ කොහොම කෙනෙක්ද?
”ගොඩාක් අයට උදව් කරන්න කැමතියි. නිහඬම චරිතයක් නෙවෙයි.”
අම්මා ගැන හිතන්නෙ කොහොමද?
අම්ම තමයි මගේ ලෝකය, මම අම්මට ගොඩාක් ආදරෙයි. මල්ලි මගේ සුරතලා. මල්ලි ඉගෙන ගන්නෙ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ. අම්මා ගැයූ ගී අතරින් ඔබ හින්දා බෑ කියන ගීතයට වැඩිය කැමතියි. ඇත්තටම අපේ අම්මි හරි හොඳයි. අම්මට තරහා යනවා හරි අඩුයි. තරහා ගියත්, අපි දෙන්නා ටිකකින් යාළුවෙනවා. අම්මි ඇත්තටම නැතිබැරි අයට උදව් කරන අහිංසක චරිතයක්.
දියණිය එලෙස කියද්දී සමිතා හීන්සීරුවේ ගීයක් මිමිණුවාය. නන්දා මාලිනියගේ අම්මාවරුනේ... ඇය වඩාත් කැමතිම ගීතයකි. එමෙන්ම නිරෝෂා ගයන ”සිත හඬයි මා තනිවී...” ගීතයටද ඇය බෙහෙවින් මනාපය.
මේ ගෙවූ ජීවිතය ඔබට දැනෙන්නේ කොහොමද? අපි සමිතාගේ මුනුමුනුවට බාධා කළෙමු.
”මගේ අම්මටයි, තාත්තටයි මම විතරයි. පවුලේ එකම දරුවා ලෙස දෙමාපිය ආදරය සහ සියලූ සැප පහසුකම් ඇතිව හැදුන කෙනෙක්. ඒත් මම ආත්මාර්ථකාමී නැහැ කියලයි මට හිතෙන්නෙ. කුඩා කාලයේදී මම කාටවත් කරදර දුන්නෙ නැහැ. අදටත් එහෙම තමයි. අද මම තනි ගැහැණියක් නොවෙයි. දරු දෙදෙනෙකුගේ මවක්. අද මගේ ලොකුම සම්පත ඒ දෙන්නායි. ජීවිතේ බොහෝ දේ ඇතිවෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඒත් ඒ සියල්ලට මුහුණ දීමට වගේම විඳදරා ගැනීමටත් මම ශක්තිමත් කියලයි මට හිතෙන්නෙ. ඒ ශක්තිය කොහෙන්ද ලැබුණෙ කියලා මටම හිතාගන්න බැහැ. කොහොම වුනත් මොන දුකක් ආවත් හිත
හදාගන්න පුළුවන් කෙනෙක් මම. කොහොම වුණත් මොන දුකක් ආවත් දැන් මම ජීවත්වෙන්නෙ දරුවො දෙන්නා වෙනුවෙන් කියලයි මට හිතෙන්නෙ.”
දුක සැප සියල්ල අතරේ ගෙවන ජීවිතය ගැන සමිතා එක සීරුවට එලෙස අදහස් ගොනු කළාය. කෙසේ වෙතත් ලෝකයා මතුපිටින් විමසා බලා දකින විදිය වෙනස් විය හැකිය. ඒ සියල්ලට මෙන්ම ඕපාදූප කටකතා සියල්ලටත් ඇය මුහුණ දෙන්නේ කෙසේද?
”බොහෝ දෙනා බොහෝ දේ අහනවා. ඒ වගේම සමහරු මගේ පුද්ගලික විස්තර දැනගෙන නොදන්න ගාණට ඉන්නවා. කොහොම වුණත් වෙච්ච කිසි දෙයකට මම කාටවත් දොස් කියන්නෙ නැහැ. වෛර කරන්නෙත් නැහැ. ජීවිතේ අපි නොසිතන දේවල් වෙන්නෙ මටම විතරක් නෙවෙයි. ඒත් සමහරු මේ නිසා මට හොඳ කියනවා. ඒ වගේම නරකත් කියනවා. ලෝකයේ හැටි එහෙම තමයි. කවදාවත් දැකලාවත් නැති අය මට දොස් කියනවා ඇති. ඒත් මම ඒ අයට වෛර කරන්නෙ නැහැ. මට ඕනෑම දෙයකට උදව් කරන හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම දුවයි පුතයි නොසැලී මා එක්ක ඉන්නවා. මටත් ඒ දෙන්නා නැතිව මොහොතක්වත් ඉන්න බැහැ.”
මේ සියල්ල අතරේ සංගීත කටයුතු කෙරෙන්නේ කොහොමදැයි ඊළඟට සමිතාගෙන් අපි ඇසුවෙමු.
”ප‍්‍රසංග වුණත් ගොඩාක් දුර බැහැර ඒවා බාරගන්නෙ නැහැ. පිටරට සංචාර වලටත් වැඩිපුර සහභාගි වෙන්නෙ නැහැ. මොකද දුවගෙ විභාගය නිසා මම ඇය ළඟින්ම ඉන්න ඕනෑ. කොහොමටත් මගේ සංගීත ජීවිතය සීඝ‍්‍රගාමී දුම්රියක් වගේ නෙවෙයි. බොහොම හෙමිහිට ගෙවෙන එකක්. 89 පටන් ගත්ත ඒ ගායන දිවියේ මේ වන විට ගීත එකතු පහක් විතර එළි දක්වා තිබෙනවා. ඒ අතරින් ”සංසාරණ්‍යයේ” ගීත එකතුවට ගොඩාක් ප‍්‍රතිචාර ලැබුණා. නමුත් පණ්ඩිත් අමරදේව, විශාරද වික්ටර් රත්නායක, කලාශූරී ලතා වල්පොල, ප‍්‍රවීණ ශිල්පිනී මරියසෙල් සහ හිටපු පොප් රජු ක්ලැරන්ස් වැනි දැවැන්ත චරිත සමග නිර්මාණ එකතුවක් ලෙස එළි දැක්වූ ”මුතුකුමාරි” ගීත එකතුවට මම ගොඩාක් ආදරෙයි. එය මට ලැබුණු වාසනාවක්. ඇත්තටම එවැනි ප‍්‍රවීණයින් එක්ක වගේම මෑත කාලයේ ආධුනික අය එක්කත් මම නිර්මාණ කළා. ඒ නිසා මගේ සංගීත දිවිය ගැන අප‍්‍රමාණව මම සතුටට පත්වෙනවා. මේ මෑතකදී කළ අලූත්ම නිර්මාණය වන්නෙ නව ගීත රචකයකු ලියූ රුවන් වල්පොල සංගීතවත් කළ ”පාට වෙනස්වන” කියන ගීතයයි. මම ඒ ගීතයට ගොඩාක් ආසයි. මේ විදියට මගේ ගමන හෙමින් ගලා යාවි. සමිතා ලෝකයට ආදරෙයි. කාටවත් වෛර කරන්නෙ නැහැ. මම දන්නෙ එච්චරයි.
ඉදින් ඇය හෙටත් ගයාවි... ඒ ගායන ලීලාව මවන මිහිරට සත්තකින්ම ඔබ ආදරය කරන බව අපි දනිමු. දෙන්න අවසර ඇයගේ කැදැල්ලෙන් නික්ම යන්නට අපට....
- සටහන/ඡායාරූප සඳුන් ගමගේ



අදහස්(163)
බැලූවෝ (29064)
‘‘මම ජීවත් වෙන්නේ දරු දෙදෙනා වෙනුවෙන්’’ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
චන්දන 2012-06-13 18:32:53
අනේ මට හිනා යනවා මේවා අහලා
සන්ජු 2012-06-13 17:53:56
කෙල්ල නම් අතුල වගේ තමයි.ඒත් කොල්ලා නම්.......
ජොලි කොල්ලා 2012-06-13 18:52:31
කෙල්ල නම් අවුලක් නෑ.ඒත් කොලු පැටියගේ පෙනුමේ තමයි අවුලක් තියෙන්නේ
මහාචාර්ය උදිත 2012-06-13 18:14:33
කොලු පැටියා නම් කපාපු පලුව නේද?
දිලාන් 2012-06-13 18:58:23
කොල්ලා නම්??????????????
අනු 2012-06-13 19:04:51
කොල්ලා නම් ෂූවර් පාර්ලිමේන්තු යනවා
වන්නි 2012-06-13 19:26:10
ඔය ඔය මාව ඕවට ගාව ගන්න එපා
ඉදුනිල් 2012-06-13 18:49:49
කෙල්ලනම් අතුල වගේමයි. කොල්ල කටකාර පාටයි. කොණ්ඩෙත් ඒ වගේමයි. අනාගතයේදී පාරිභෝගිකයා වෙනුවෙන් කතා කරයි. පව් දරුවො දෙන්නා. අම්මලා තාතලගෙ වැරදි වලට පව් ගෙවන්න වෙලා තියෙන්නෙ අසරණ අහින්සක දරුවන්ට.
සමින්ද 2012-06-13 18:53:04
දරුවන්ට මුකුත් කියන්න එපා......
rmsk 2012-06-13 19:32:49
තුන්දෙනාම කියන්නේ, එතකොට කෝ දෙවෙනි කෙනා
රංග 2012-06-13 19:57:28
වේදිකාවලට සින්දු කියන්න රෙදි ඇඳගෙන නගින එක තමයි පුදුමෙ
ප්‍රගීත් 2012-06-13 19:59:01
මේ අයත් හැබිඡොල් ක්‍රමයටම හැදෙයිද දන්නේ නෑ
ප්‍රසන්න 2012-06-13 20:02:03
කොල්ලත් කපාපු පලුව..., කාගේද දන්නවද?
ශා 2012-06-13 20:54:49
අයියෝ මන්දා
සම්පත් 2012-06-13 20:28:47
දැන්වත් අක්කේ ඔය ළමයි දෙන්නා බලාගෙන හොදට ඉන්න
ඩී 2012-06-13 21:18:17
මෙවුවට ඇවිල්ලා ඇයි තවත් අපහාස විදින්නේ?
සරත් 2012-06-13 20:41:01
දියණිය ප්‍රවේශම් කර ගන්න
ජා ඇල කොල්ලා 2012-06-13 21:20:46
අම්මල, තාත්තල කරන වැරදි වලට දරුවෝ පලි නෑ....ඒ නිසා දරුවන්ට අපහාස කරන්න එපා....
පැටිරික් 2012-06-13 20:44:12
පුතානම් අනාගත ඇමතියෙක් වෙනවාමයි
කෙනත් (USA) 2012-06-13 21:13:54
මොනවා උනත් එහෙම කියන්න එපා, මේ පොඩි දරුවෝ මොනවා කොරන්නද? මේ වගේ කොමෙන්ට් දාන්න කලින් දෙපාරක් නොවෙයි දහ පාරක් හිතන්න. ඔය කොමෙන්ට් වලින් ඒ අසරණ කොල්ලගේ ජීවිතය අපායක් වෙන්න පුළුවන් නේද, අපි දන්නේ නැනේ මොකක්ද උනේ කියල, අනෙක මොනවා උනත් අපිට වැඩක් නැනේ, ඒවා ඒ අයගේ පුද්ගලික දේවල් නේ. අපිටත් පොඩි කාලයක් තිබුන නේද, හිතන්න අපේ පව්ලේ පින්තුරයකට රටේම මිනිස්සු ඔබ ඔබේ තාත්ත වගේ නොවයි අන්න අරය වගේ කියා කියා කියන්න ගත්තොත් මොකද වෙන්නේ, ඒ ළමය ඉස්කෝලේ යන්නේ කොහොමද , තමන්ගේ අම්ම දිහා ගෙදර බුදුන් වගේ ආදරයෙන් බලන්නේ කොහොමද, අපිට එහෙම උනොත් කොහොමද ? පුංච් සිත් එක්ක සෙල්ලම් කරන්න එපා මිනිසුනේ, උඹල තිසරණයට ආපු බෞද්ධයො නේද , ඉතින් අනෙක් අය වගේ ගල් ගහන්න පුරුදු වෙන්න එපා.
සනත්-india 2012-06-13 23:07:45
මමත් කෙනෙත්ට එකගයි.මේ හැමෝම බලන් ඉන්නේ කාටහරි වරදක් කියන්න
එච් 2012-06-13 22:44:21
ලස්සන කෙල්ල
සූටික්කා 2012-06-13 23:08:08
කමන්ට්ස් වලින් අපහාස කරන එක වැරදියි. ඒත් තමන්ගේ ජීවිතය අනාගත්තා කියන එක මේ අම්මා බුද්ධිමත්ව හිතුව නම් අඩුම ගානේ දරුවෝ දෙන්නව media එකෙන් ඈත් කරලා තියන්න තිබ්බ. මේක හරියට ලජ්ජාවෙන් බේරෙන්න කියල ඇඳන් ඉන්න රෙද්ද ගලවලා මූණ වහ ගත්ත වගේ වැඩක් නේ.
නිමල් 2012-06-14 00:25:10
ඔයා හරි .දෙමාපියන්ගේ වැරදි වලට දරුවෝ පලි නෑනේ.....
මධූ 2012-06-14 01:09:57
කවද හරි ඇත්ත එළි වෙයි...මට මුකුත් කියන්න බෑ....
කෝලිත 2012-06-14 01:47:19
අනුන්ට ගල් ගහන හුඟක් දෙනෙක් ඉන්නේ වීදුරු ගෙවල් ඇතුලේ බව අමතක කරන්න එපා. !
hb 2012-06-14 01:08:25
කෙනත්ගේ කතාව හරියටම හරි
සමන්(malaysia) 2012-06-14 01:49:49
මමත් කෙනත්ට එකගයි.වැඩිහිටියන් වශයෙන් අපි මෙය අත්දැකීමක් කර ගත්තොත් හොදයි
සිරා 2012-06-14 01:39:08
කාගෙවත් කදුලු වලට හිනා වෙන එක හරිද?ඔය ගල්මල් දාන ඇත්තන්ගේ වැරදි ඇත්තෙම නැද්ද?
දොම්පේ මල්ලී 2012-06-14 01:56:33
දරුවන්ට අපහාස කරන්න එපා..නමුත් කලා කරුවෝ තමන්ගේ හොඳ නම රැකගන්න ඕන..
දාස 2012-06-14 02:50:38
අරයගේ දත් සෙට් එකමයි..
සිසිර 2012-06-14 04:20:42
සමිතා මුදුන්කොටුව කියන්නේ ගායිකාවක් , නිලියක්. සමිතාගේ ගායනය , රඟපෑම ගැන විතරක් කතා කලාම මදිද ? ඒ මනුස්සයගේ ගෙදර වෙන දේවල් වලට ජනෙල් වලින් වලින් එබිලා හිනාවෙන්න අපිට තියෙන අයිතිය මොකද්ද ? ඒ වගේ දේ කරලා සතුටු වෙන්න විකෘති මානසික තත්ත්වයක් තියෙන්න ඕන.
ඔසඳ 2012-06-14 03:49:48
කෙනෙකුට අපහාස කිරීම මහ අපරාදයක් ඔය අය වැරදි කරන්නෙම නැති අයද ???
අශාන් 2012-06-14 06:10:35
කෙනෙත්,ඔබ හරි.කොයි දරුවත් අපේම දරුවන් යැයි සිතන්න අපේ මිනිස්සු කවදා පුරුදු වෙයිද දන්නේ නෑ
පෙරේරා 2012-06-14 07:42:57
ජේසුතුමා කියපු කතාව තමා කියන්න තියෙන්නේ .වැරදි නොකරපු අයෙක් තමා මුලිම්ම මෙවෙනි කතා කියන්න ඕනේ .....
නිම් 2012-06-14 07:51:35
අපිටත් පොඩි කාලයක් තිබුන නේද, හිතන්න අපේ පව්ලේ පින්තුරයකට රටේම මිනිස්සු එක එක ඒවා කියන්න ගත්තොත් මොකද වෙන්නේ, ඒ ළමය ඉස්කෝලේ යන්නේ කොහොමද , තමන්ගේ අම්ම දිහා ගෙදර බුදුන් වගේ ආදරයෙන් බලන්නේ කොහොමද, අපිට එහෙම උනොත් කොහොමද ? පුංච් සිත් එක්ක සෙල්ලම් කරන්න එපා , අනෙක් අය වගේ ගල් ගහන්න පුරුදු වෙන්න එපා.
දසුන් 2012-06-14 09:10:53
හොඳ නරක තේරෙන මිනිස්සු ලංකාවේ ඉන්නවනම් දරුවොන්ට මෙහෙම කියාවිද ???ඔය තරම් නපුරු වෙන්න එපා මිනිසුනේ...තමන්ගේ දරුවන්ව උපමාවට ගන්න.
කින් බානට් 2012-06-14 08:52:04
කෙල්ල නම් තාත්තාමයි .....
ගාමිණි 2012-06-14 09:02:53
මේ ලෝකේ මනුස්ස වේෂෙන් තිරිසන්නුත් ඉන්නවා කියලා මේ අම්මට තාමත් තේරෙන්නේ නෑ
කින් බානට් 2012-06-14 10:28:55
කෙනත් ගේ කතාවත් හරි ....සුටික්කගේ කතාවත් හරි ....පෙරේරාගේ කතාවත් හරි ....ඔතන ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ දරුවන්ගේ අම්මයි ...
හිරන් 2012-06-14 10:31:35
කරුණාකර දරැවන් මාධ්‍යයට ගේන්න එපා.. ඔයා ජනප්‍රිය චරිතයක්...
බංගලියා 2012-06-14 10:45:27
කෙනත් සහ නිම්ගෙ කමෙන්ට්ස් විශිෂ්ඨයි... දරැවො දිහා දරැවො විදිහට බලන්න පුරැදු වෙන්න. අපි කවුරැත් මාර්ගඵළ ලබාගෙන නෑ. ජීවත් වෙද්දි වැරදි සිදුවෙනවා... 100% නිවරැදි අය ලෙස කතා කරනවා... මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වයට ගරහන්න එපා..!! අපි ඒ දෙන්න දැකිය යුත්තේ දක්ෂ ශිල්පීන් දෙන්නෙක් විදිහට විතරයි...!!
මොහෝ 2012-06-14 11:08:00
මේකනේ.. සමහර නාලිකාවලට ඇවිල්ල මෙයා කියන බණ ඇහුවහම අපිට කමෙන්ට්ස් නොදා බැහැ.. ඇත්ත දෙමාපියන්ගෙ වැරදිවලට දරැවො පළි නැහැ....
ඇටිකිච්චා 2012-06-14 10:49:20
ඔබ අතිදක්ෂ කලා ශිල්පිණියක්.දැනුම් තේරුම් නැති කමින් අද කලා ක්ෂේත්‍රයට එන නවක නිළියන් අධ්‍යක්ෂකවරුන්ගේ ගොදුරු බවට පත් වෙන එක නවත්තගන්න වැඩ පිළිවෙළක් පටන් ගන්න.
ගමරාළ 2012-06-14 12:04:28
කාගේ කාගේ අඩුපාඩු තියෙනවා තමයි.ඒත් දෙමාපියන්ගේ වැරදි වලට දරුවෝ පළි නෑ
කිරිමාටින් 2012-06-14 12:10:16
දෙමව්පියන්ගේ වැරදි වලට ළමයි පලි නෑ තමයි.....ළමයි මල් වගේ...පව්..
ප්‍රියදර්ශනී 2012-06-14 11:57:23
හරමෝටම ප්‍රශ්න තියෙනවා තමයි.අනුන්ට ඇගිල්ල දික් කරන්න කලින් හිතන්න ඕනි තමන්ගේ පැත්තට ඇගිලි 4ක් දික් වෙලයි තියෙන්නේ කියලා
ජගත් 2012-06-14 12:38:06
අතුලට මල් තියන්න ඕන මෙයත් එක්ක මෙච්චර කල් හිටියට??
රුවන් 2012-06-14 12:09:27
ඔය ලොකු ලොකු කතා ලියන ඇත්තෝ කරපු වැඩ එළි කළොත් එහෙම සමිතා තව හොදයි
වාසල 2012-06-14 12:51:44
"ළදේ නුඹයි කොටු පැන්නේ මුලින්ම ".
එන්.එන්. 2012-06-14 12:55:14
සමිතගෙ කටහඩ විශිෂ්ටයි.. ළමයි ලස්සනයි.. පෞද්ගලික ජීවිතය හාරා අවුස්සන්න ඕනෙ නැහැ..
ජුවා 2012-06-14 13:16:23
කෙනත් කියපු දේ හරි.ළමයින්ට මුකුත් කියලා වැඩක් නෑ
දර්ශනී 2012-06-14 12:39:27
ඇත්ත,ළමයි මල් වගේ.ඔහොම කතා කියන අය හිතන්න තමන්ට එහෙම කිවුවොත් කොහොමද හිතෙන්නේ කියලා
නිරන් ප්‍රනාන්දු 2012-06-14 13:43:38
''ආලෙන් වෙලා ගන්න කෝලම් කළා.."
අසින්ත 2012-06-14 13:08:39
දරුවන්ට ඔච්චර ආදරේනම් ඒ ගැන හිතලවත් වැරදි නොකර ඉන්න...
මැක් 2012-06-14 13:58:28
සමිතා............
කා... 2012-06-14 14:03:01
බොරැ කියනවාට වඩා නිහඩව ඉන්න එක හොදයි...
අරැණ ශාන්ත 2012-06-14 14:13:53
අනේ මන්ද සමිතා, මේව දකින්න අපිටත් සැකයි වගේ...
තරංග 2012-06-14 13:46:33
ලස්සන නෝනල ගත්තම ඔහොම වෙනවා.....ඒත් ළමයි අහිංසකයිනේ...
අයි. කැළුම් 2012-06-14 14:38:27
ළමයා ඉන්න ඡායාරෑප අයින් කරන්න බැරිද?
අජිත් ප්‍රනාන්දු 2012-06-14 14:27:55
හිතවතුනි.. පරිස්සමින් මොලේ පාචිච්චිකරලා ළමුන්ට හා පවුල්වලට අපහාස නොවන සේ අදහස් ප්‍රකාශ කරන්න..
හේමන්ත 2012-06-14 15:28:51
දුටුවා -බැලුවා - හිතුවා -එච්චරයි
අනුන්ගේ ජීවිත වලට කමෙන්ට්ස් දාන්න අපිට ඇති අයිතිය මොකක්ද ?
කොරමාටින් 2012-06-14 15:58:23
ආ එහෙමද ??? එතකොට......
ටින්කා 2012-06-14 15:19:02
මේවා දැක්කහම අපිටත් පිස්සු හැදෙනවා..... පට්ට පට පට
කසුන් 2012-06-14 15:22:29
කාගේ උනත් ඒත් දරුවොනේ.....
චමි 2012-06-14 15:32:42
මොනව උනත් අතුළගෙ නරක කාලෙ ඉවරයි..
උමේෂ් 2012-06-14 16:23:13
ළමයින්ට වරදක් කියන්න එපා.. මව්පියන් දැනගන්නන ඕන ළමයි ගැන හිතල වැරදි නොකර ඉන්න..
ප්‍රියානි 2012-06-14 16:06:57
ඔබේ පවුල රැක ගන්න....
සුදු මාටින් 2012-06-14 16:57:37
එතකොට මම සියඹලා ගෙනාවේ නෑ...............?????
කිරිමාටින් 2012-06-14 16:19:33
තුන්දෙනාම හැඩකාරයි
කළුමාටිං 2012-06-14 16:30:20
දුවයි පුතයි හොදයි..අම්ම ටිකක් අඩම්බරයි නේද?
ලවු මාටින් 2012-06-14 17:21:27
හේමන්ත වැරදියි.අපි පුද්ගලික වුණත් අපි ජිවත් වෙන්නේ සමාජයක.මේකේ අපි පොදු පැවැත්ම වෙනුවෙන් හදා ගත්ත රාමු තියෙනවා.වැරදි දකින එක හොදයි.ඒත් ලමයි පවු
ජේ 2012-06-14 16:51:21
ඔයා මා ගැන ටිකක්වත් හිතුවානම්, පුතාව මීඩියා එකට ගේන්නේ නැහැ නේද?
මල්රාජ් ෂලන පෙරේරා 2012-06-14 18:32:49
අතුලයි එයාගෙ තාත්තායි නියම දක්ෂ දෙන්නා... බොරැනම් නීල් (සන්ෆවර්) අහල බලන්න.
J 2012-06-14 18:31:33
අනේ මගේ කොල්ලා.....
තිලක් 2012-06-14 18:46:52
ඇරපු අතක් නෑ ආයේ........... මයි
නරසිංහ යුදගන (මහනුවර) 2012-06-14 20:33:38
'නිම්' ගේ කොමෙන්ට් එක කොහොමවෙතත් කෙනත් ගේ එක කියෙව්වම මට කදුළු ආව, 'නිම්' කරලා තියෙන්නේ කෙනත් ගේ එක කොපි කරලා අලවපු එකනේ. ඇමරිකාවේ ඉන්න ඔබට හොද ලංකික බොදු හදවතක් තිබෙනවා ලංකාවේ ගොඩක් අයට වඩා. ඔබට හොදට වදින විදිහට ලියන්න පුළුවන්නේ, නරකද නව කතාවක් දෙකක් ලිව්වොත්! කොහොමුනත් කෙනත් මහත්මය කියපු දේ සහතික ඇත්ත. අපේ අය තාම හිතන්නේ ගැමි විදිහට, ගමේ අන්ගොහාමි මානසිකත්වය තියෙන්නේ, කගේ හරි ඇදකුද හොයන් මඩ ගහමින් , ඕපාදුප හොයනවා. පව් රැස් කරන වැඩ. බලන්න කෙනත් ගේ කොමෙන්ට් එකෙන් පස්සේ ඔක්කොම කොමෙන්ට් හොද ඒවා උනා. " නරක මිනිසුන්ගේ දුර්ගුණ කම් පවතින්නේ හොද මිනිසුන් නිහඩව ඉන්න තුරු පමණයි" කියන එක කෙනත් ඔප්පු කලා, මට සතුටුයි ! ඔබට බුදුසරණයි!!
(*මෙච්චර කියලත් 'දාස' නම් වූ ගවයෙක් කොමෙන්ට් එකක් දාල නොවැ")
දිනේෂ් 2012-06-14 21:57:34
මමත් හිතාගෙන හිටියේ දාන්නම් කියල හොඳ comment එකක්. නමුත් කෙනත් ගෙ commet එකින් මන් නොහිතපු පැත්තක් දැක්කා. කෙන්ත් 100% හරි. මන් හිතන්නේ comments ඔක්කොම delete කරා නම් හොඳයි.
ඒ.එස්.ඩී.වී.සී 2012-06-14 22:34:51
අනේ මංදා.....
තරුෂ 2012-06-14 22:07:02
අතුල කියනවා අමායත් එක්ක තිබුණු සම්බන්දෙට අවුරුදු හතරක්ලු.ඒ කියන්නේ 2008 වීතර ඉඳල නේ.බලන් යනකොට අනේ මන්දා.......
අසංක 2012-06-14 23:27:28
මේ මිනිසුන්ට වෙන වැඩ නැද්ද අනුන්ගෙ කුණු හොයන්නෙ.. ලැජ්ජයි....
එම්.ආර් 2012-06-15 00:13:49
මමත් හිතාගෙන හිටියේ දාන්නම් කියල හොඳ comment එකක්.
කෙනත් (USA) 2012-06-15 04:33:41
හොද නරක තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් , සමාජ වගකීමක් ඇති හා එය වහ වටහා ගන්නා හැකියාව ඇති ගුණ සුවද ඇති පින්වත් මනුෂ්‍යයන් මගේ පින්වත් මව්බිමේ ඉන්නවා කියල මට දැන් ආඩම්බරයෙන් කියන්න පුළුවන්! නැණවත් මිනිසුනේ නුබලා මිනිසත් කම නම් ආකාසයේ පායපු තාරකා වගේ! මේ සමාජය තව තවත් සුවදවත් කරන්න, දුදන අනුවන බස් කියන්නන් වාලේ කියන ලියන නැණ මද මිනිසුන් අභිබවා හොද මිනිසුන්ගේ නිහඩතාවය අවදි කිරීමට හැකිවීම ගැන මට හරිම සතුටුයි.
රන්සරණි 2012-06-15 04:00:16
බලන්න කෙනත් ගේ කතාවෙන් පස්සේ ඔක්කොම මේ ගැන හොද විදිහට කතා කරන්න ගත්ත, අපහස කරන්න හිතාගෙන ලියන්න ගත්තු අයත් ඒ අදහස අතහැරලා හොද කොමෙන්ට් එකක් දැම්ම. නියමයි. ලංකාවේ මිනිස්සු නරක පරද්දල හොද ජයගත්තු තැනක් උනා මේ ලංකාදීප ආර්ටිකල් එක. කෙනත්ට මගෙනුත් රතු රෝස මලක්!! ඔබේ අදහස් විශිෂ්ටයි.
රුවන් 2012-06-15 10:01:05
දූ නම් අතුලමයි
JJ 2012-06-15 10:36:40
අනේ මට ඔයත් එක්ක J අනේ
ෂෙරීෆ් 2012-06-15 11:43:08
ඔබ අන් අයව විවේචනය නොකරන තාක් අන් අය අතරේ ඔබ විවේචනයට බදුන් නොවේ
නිමාලි 2012-06-15 11:53:30
තාමත් සමිතා ලස්සනයි
ඩුබායි 2012-06-15 12:19:14
සමිතාගෙන්ම අහලා බලමු
භක්ති 2012-06-15 15:53:21
දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් නොකර හැම දරුවෙක්ම තමන්ගේ දරුවන් මෙන් සිතා බලන්න පුරුදු වෙන්න
sr 2012-06-15 16:07:00
සංසාර සාගරේ ඔහොම තමයි.උණ වැරදි අමතක කර සුභ අනාගතයකට සුභ පැතුම්!
මායා 2012-06-15 18:04:33
කොමෙන්ට්ස් දාන අය කන්නාඩියක් දිහා බලාගෙන කොමෙන්ට්ස් දාන්න. මේවා ලොකු දේවල් නොවෙයි . එයාලගේ කැමැත්ත.
බිංකුණ්ඩා 2012-06-16 02:19:57
වෙන්න තියෙන දේ නවත්වන්න බෑ.අපි ධර්මෙන් හිතමුද? අනේ මන්දා
මාලි 2012-06-16 09:13:22
මිනිස්සු අතින් වැරදි වෙනවා.. එහෙම කියල හැමදාම වැරදි ඇහෙන් බලන්න එපා.. අනික මොන හේතු නිසාද? එහෙම වෙන්න අපි ඒ ඇතුළාන්තය දන්නේ නැහැනෙ.. හැමකෙනාටම පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන..
දුලාන් 2012-06-16 09:23:11
අපිට එයාලගේ පෞද්ගලික ජීවිත වැඩක් නැහැ දරැවන්ට ගරහන්න එපා.. ඒක පාපයක්.
අයි.ඩී 2012-06-16 10:28:50
කවුද හොඳ කවුද නරක කියල දන්නේ කවුද
අතුල 2012-06-16 10:10:58
ළමයි දෙන්නා මානසිකව වැටෙයිද දන්නේ නෑ
මිනෝලි 2012-06-16 11:41:08
අද සමාජයේ කොතනත් මෙවැනි වැරදි සිද්ධ වෙනවා.ඒකට දරුවෝ පළි නෑ
කල්‍යාණී 2012-06-16 13:13:08
දරුවන්ට ගරහන්න එපා....
සූටින් 2012-06-16 13:27:19
පව්..
නලින් 2012-06-16 13:33:19
මෙතන වෙන වාද විවාද ඕනි නෑ.මේක තමයි ජීවිතය.ඒකට හිනා වෙන්න ඕනි නෑ.මෙතන කමෙන්ට් දාලා ඉන්න සමහරු තමන්ගේ වැරදි දිහා බලන්නේ නෑ.මෙතන හිනා වෙන්න අමුතුවෙන් දෙයක් නෑ.ජීවිතයේ ප්‍රශ්න එන එක ස්වාභාවිකයි
හොද හිත 2012-06-16 13:10:26
කාටවත් විවෘතව අපහාස කරන්න එපා.. දරැවන්ට එයාලගේ අනාගතේ හදාගෙන ඉදිරියට යන්න දෛර්ය දෙන එක කමෙන්ට් එකක් දාන්න.. ඒක ලොකු පිනක්..
නිරෝෂණ 2012-06-16 14:04:16
මේ මාධ්‍ය නිදහස නිසානේ කවුරු කවුරුත් මඩගහගන්නේ,මඩ ගාගන්නේ..............
රසික 2012-06-16 16:56:11
කෙනත්, අජිත් ප්‍රනාන්දු ඔබේ අදහස් විශිෂ්ටයි.මමත් කියන්නේ අසරණ අහින්සක දරුවන්ට ගරහන්න එපා...ඒක පාපයක්
නිශාන් 2012-06-16 20:53:47
කෙනෙත් (usa) ඔන්න ඔය මානසිකත්වය එනකම් අපේ කට්ටියට ගොඩ ඒමක් නැහැ...
අසංක 2012-06-17 01:08:45
මේ පුංචි මල් අනාගතයේ රටේ හොද කලාකරැවන් වෙන්න පුළුවං..
හිමන්සි 2012-06-17 03:24:56
කෙනත් ඔබෙ කතාව හරියටම හරි. දරුවන්ගෙ පුඃචි හිත් වලට වස දාන්න එපා...
ලසන්ත 2012-06-17 06:06:15
අටලෝ දහම තේරැම් අරං ජීවත් වෙනවා නම් මේවා ප්‍රශ්ණ නෙමෙයි..
සුපුන් 2012-06-17 09:23:48
ජනප්‍රිය වුණාම ඔහොම දේවල් අහන්න වෙනවා අපේ සම-හරක්- මිනිස්සු බලාගෙන ඉන්නේ අනුන්ගේ දේවල් වලට හිනාවෙන්න ඒ වුණාට තමන් ඊට වඩා වැරදි දේවල් කරනවා කියලා මතක නෑ
ගාමිණි 2012-06-17 11:01:04
අනේ මන්ද අපේ කට්ට්ය කමන්ට් දමනකොට කල්පනාවෙන් කරන්න. මටනම් පෙන්නේ මේ පුතා එයාගේ සීයා වගේ කියලයි. මොකද දරුවන්ට පරම්පරාවේ ජාන සම්බන්දයි. අපේ පවුල් වලත් අම්ම තාත්ත වගේම සීයා ආච්චිගේ මුණු තියන අය මම ඕන තරම් දැකල තියනවා. මේ පිළිතුරු ලියන අය සමිතාගේ තාත්ත දැක්ක නම් ඔහොම කියන එකක් නැහැ. කෝකටත් ළමයාගේ පින්තුරේ කාටවත් ප්‍රශ්නයක් කරගන්න එපා. අපි කවුරුත් මනුස්සයෝ විදියට ප්‍රශ්න දිහා බලන්න පුරුදුවෙමු.
මැක්ස් 2012-06-17 15:24:05
මමත් කෙනෙත්ට එකගයි.ඔබෙ කතාව හරියටම හරි. දරුවන්ගෙ පුඃචි හිත් වලට වස දාන්න එපා.මේ හැමෝම බලන් ඉන්නේ කාටහරි වරදක් කියන්න .අපහාස කරන්න එපා..
ගයන්ත 2012-06-17 16:37:59
අනිත් අයගේ "පෞද්ගලිකත්වය" ප්‍රශ්ණ කරන්න කාටත් බැරිබව ඇත්ත. නමුත්, ඔවුන් රටේ ප්‍රසිද්ධ චරිත වෙනකොට, සමාජයක් ඔවුන් කරන් කියන් දේ දිහා බලනවා. විශේෂයෙන් අනුකරණය හරි අනුගමනය කරන එක කරනවා. උදා: ශිහාන් මිහිරන්ගහේ කොන්ඩෙ!(ගැලපීම මොකක් උනත් කොල්ලො එහෙම කොන්ඩේ ස්ට්‍රේට් කලා නේ?) ඉතින් මේ ඉන්නේ ඒ කාලේ රටේ අනාගතය බාරගන්න හිටපු අය. දැන් වැඩිහිටියො වෙද්දී ඒ අය දෙන පණිවුඩය වෙන්නේ ඒ අය කරන් කියන දේ අනුවයි. එයාලට සාමාන්‍ය අය වගේ තීරණ ගන්න බැරි ඒ නිසයි. ඔවුන් යමක් කලාම සමාජය ප්‍රශ්ණ කරන්නේ ඒ නිසයි!
බබාහාමි 2012-06-17 18:41:23
හේමන්ත හරි....අම්ම වගේම ලස්සන ළමයි...
ද කරෝලිස් 2012-06-17 18:47:15
මේක මෙයාල ඇර වෙන කාටවත් බලපාන කතාවක් නෙවෙයි නේ.
සුමේධ 2012-06-17 22:32:33
කෙනත් හරි බව මමත් පිළිගන්නවා.ළමයි නම් පවු තමයි. ඒත් වැරැද්ද විදෙවුවේ නැත්නම් හැමෝම වැරදි වලට පෙළඹේවි.
අන්ජන 2012-06-18 13:14:52
ඔබ සායම් මකාලන්න වෑයම් කළා...
මම 2012-06-18 13:41:37
මේක මාත් ඒ දවස්වලම දන්නවා
කුජ 2012-06-18 14:38:42
ඔය කාට කියන බණ ද ඈ.............
චනූ 2012-06-18 14:18:01
කාගේ උනත් ළමයි පව්
ඩී.එම් 2012-06-18 15:39:06
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්....
ගෝතමි 2012-06-18 17:27:33
තාමත් මට්ටු වෙලා නෑ වගේ
බන්දු දෝහා 2012-06-19 09:14:54
කෙනෙත් ඔබ usa වල ඉදං පළකරපු අදහස් ගැන ආඩම්බරයි.. මම හිතන්නේ අඩුගානෙ අදහස් පළකරද්දි යම්කිසි පාලනයක් තියෙන්නේ ඕන දරැවො ඔවට පළි නැහැ..
නවක නිළියක් 2012-06-19 16:30:37
අපිටත් ඕවා හොද පාඩම්
ජුලන් පිටියෙ අමරෙ 2012-06-19 17:32:07
පුද්ගලික ජීවිතය ගෑන පත්තරෙකට කිව්වම ඒ ගෑන කොමෙන්ට් දාන්නෙ නෑතිව මොනා දාන්ඩද.
මෙ ලගදි කියල තිබ්බෙ අපි අතර ප්‍රශ්න නෑ. පතර තමයි කතා පතුරවන්නෙ කියල.මෙව අහල පන පලයන් ලබනසුමානේ...
ප්‍රසන්න 2012-06-19 19:35:05
දරුවන්ට කිසිම දෙයක් කියන්න හොද නෑ.අපි ඒ පවුලට සාමකාමීව ජීවත් වෙන්න දිය යුතුයි
anusha 2012-06-19 20:29:03
මම කෙනත්ට මගේ ගෞරවය පුදනවා දීලා තියෙන කමෙන්ට් එක සම්බන්ධව.. සමිතා ජනප්‍රිය චරිතයක් වුනා හෝ නොවුනා, ඒත් ඇයත් ඔබත් අපත් මෙන්ම මනුස්ස චරිතයක්.. ඇගෙන් වරදක් වුනා නම් ඒ මේ ලෝකේ එවැනි වරදවල් කරපු පළමු කාන්තාව නොවේ.. මෙතන මෙ කමෙන්ට් දමන සියල්ලන්ටම සුදු කළු චරිත දෙකම තිබෙන බව දන්නේ ඒ අය පමණයි.. ඒත් අගවන්න තැත් කරන්නේ තමුන් සුදු බව පමණයි.. පවුකාරියට ගල් ගහන්න නම් කිසිම දිනක වැරදි නොකළ කෙනෙක් මුල්ම ගල අරන් ගහන්න.. ඒ ගල් ගසන්නා ක්‍රියාවෙන් පමණක් නොව සිතින්ද පවු නොකළ අයකුම විය යුතුයි... මේවා මහ බාල බොලද වැඩ මෙසේ අනුන්ගේ පෙෘද්ගලිකවත්වයට පහර දීම..
මොකටද මගේ කට 2012-06-19 23:07:25
අපිත් හොර වැඩ කරනවා තමයි. නමුත් අහු නොවෙන්න...
දමිතා 2012-06-19 22:10:03
දරුවො දෙන්නව සමිතා තුරුලු කරන් හිටියට අතුල එහෙම කරනවද දන්නේ නෑ
සුනිල්-Melbourn 2012-06-20 03:18:05
බහුබූත වලින් වැඩක් නෑ.මධ්‍යස්ත අදහස් තමයි වටින්නේ
සමාරා (මහනුවර) 2012-06-20 04:01:15
අනේ කෙනත්ට මගෙනුත් රතුම රතු රෝස මලක් මෙන්න! මට ඔයාගේ ඒ-මිල් එක එවනවද, ලස්සන අදහස් ඇති ඔබව හදුනාගන්න ආසයි!
අර කිව්වා වගේ මිනිස්සු හැදෙන්න ලියන්න හැකි ඔබ ලස්සන නවකතාවක් ලියන්නකෝ අනේ,
සමන් 2012-06-20 04:03:27
මල කෝලං...
ස්ටැන්ලි 2012-06-20 04:03:30
මෙන්න මල කෝලන්! මේ නංගී එයට පාඩුවේ ඉන්න දෙන්න, ඕනනම් මට ලියන්නකෝ
ස්ටීව් 2012-06-20 04:47:43
මේ බලහල්ලකෝ, කෙනත් බුවා වෙන්න හදන හැටි
ජානක ද සිල්වා 2012-06-20 08:23:31
කෙනෙකුට තමන්ගේ මමත්වය නැති කර ගන්න පුලුවන්නම් ලැබෙන ඕනම බැණුමක් ගැරහුමක් මැඩ පවත්වා ගන්න පුලුවන්.ලාංකිකයන්ගේ බොහෝ දේ පවතින්නේ බටහිර සමාජයට වඩා පහළ අඩියක.අපි මෙයට ඇබ්බැහි වූයේ ඉන්දියාව හරහා මෙරටට පැමිණි කුලවාදය තුලිනි.ඔබට නිරෝගී විමට අවශ්‍ය නම් අනුන්ට ඊර්ෂ්‍යා,කුහකකම් නොකරන්න.සමිතා,ඔබට සුභ අනාගතයක්!
එරන්දක 2012-06-20 08:38:10
මම මේ සියලු කොමන්ට්ස් කියෙව්වා. තවම අපේ මිනිසුන් තුල හොඳ ගතිගුන තිබීම ගැන ලොකු සතුටක් දැනෙනවා. මහත්වරුනි, නෝනාවරුනි, ඔබ තුල තිබෙන ඔය වටිනා ගුණ දම් ඔබේ දරුවන්ටත් සම්ප්‍රේෂනය කරන්න. අපේ රටේ විතරයි මෙහෙම ගුණගරුක මිනිසුන් ඉන්නේ. ඒ වටිනාකම ඉදිරියටත් ගෙනයමු. ස්තූතියි.
යුදිරෝ 2012-06-20 10:18:16
ඔයා අපරාදේ ඇවිලුණු ගින්නට පැට්‍රල් බෞසරයක්ම දාගෙන.... අපි කිවුවට බෑ දෛවය කියල එකකුත් තියනවනේ..... එකක් දෙනකොට තවත් දේ ගන්නවා ඒකයි ලෝකේ හැටි කියල මට හිතෙනවා.... අපි සංසාරේ එකතු කරන පවු පින් අපට කොහොමද පල දෙන්නේ කියන්න මේවා හොඳ උදාහරණ.... අපේ ජීවිත වල හෙවුවත් විවිද ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ ඒ සංසාරේ කරපු දේ අනුව කියල හිතා ගන්න පුළුවන්....................
කුමාර 2012-06-20 11:41:12
මහජනයා ලවුවා ඔයාලගේ කිලුටු ඇදුම් හෝදවන්න එපා
අමල් 2012-06-20 12:28:11
දරුවන්ව ෆොටෝස් වලට ගන්නවද නැද්ද කියන එක සමිතා තීරණය කරයි.
නසීර් 2012-06-20 13:16:52
මේවා අහලා මගේ හිතට එන කමෙන්ට්ස් මෙතන දාන්න බැහැ
සුජිත් 2012-06-20 14:28:53
වැරදි කරලා ඒවා වහන්න ගියාම අර ගලේ කැත කරපු බල්ලට වෙච්ච එකලුනේ වෙන්නේ
2012-06-20 15:07:13
ඔයා යන් අපේ ගෙදර...
අනේ මගෙ කට 2012-06-20 16:18:19
මමනං මෙතන වැරැද්ද පටවන්නේ රබර් නිෂ්පාදන ආයතන වලට. ඒ අයගේ වැරදි නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ.
thoradeniya Omanaya 2012-06-20 16:01:06
කෙනත් ට දොස් කියන්න එපා. එයා මිනිසුන් අතර එන්න ගරු කලයුතු කෙනෙක්.
කෙනා දන්නවා නම් තෑග්ගක් එවනවා
බණ්ඩා 2012-06-20 19:13:50
අපි එයාගේ පුද්ගලික ජීවිතේ නෙමෙයි,දක්ෂතායි අගය කරන්න ඕනි
අජිත් දුෂාන්ත ගොඩගේ 2012-06-20 21:47:42
සමාරා, කෙනත්ට රතු රෝස මල් දීල ඔයාටත් ඇමෙරිකාවේ යන්න ආසාවක් ඇති උනාද? නරකම නෑ, මාර සීන් එකක් නේ මේක! රන්සරනිත් මීට කලින් කෙනත්ට රතු රෝස මලක් දුන්න නේ! කොහොම උනත් හොද අදහස් ඇති අයට කෙල්ලෝ කැමති වීමේ වරදක් නෑ
සජී 2012-06-20 22:47:10
මෙතන වැරද්ද මේ දරුවාගේ නෙමෙයි, කරගත්තු වැරද්ද මදිවාට දරුවාව මීඩියා එකට ගෙනල්ලා, ඒ දරුවට තවත් අපහාස කරවගත්තා, ලංකාව කියන්නේ යුරෝපය නෙමෙයි අක්කියෝ..
කෙනත් ගෙ මල්ලි 2012-06-21 00:52:36
@සමාරා, අපේ අයිය බැඳල ළමයි 3 ක් ඉන්නව.
සමාරා 2012-06-21 01:37:12
@කෙනත්ගෙ මල්ලි,
ඉතින් මට මොකද එයා බැඳල ළමයි හිටියම?
කීර්ති 2012-06-21 07:56:39
දුවයි අම්මයි දෙන්නම ලස්සනයි
දේශප්‍රිය 2012-06-21 10:23:41
ළමුන් ගැන කමෙන්ට් එපා.. !!
නිර්මාන් 2012-06-21 09:49:22
සමහරු දන්නෙනැතිව ඇති.පන්ඩිත් කියලා නම කොටාගත්තට පන්ඩිත් වෙන්නෙ නැ.ආචාර්ය මුදුන්කොටුව මහතා ඔය කියන පන්ඩිත්ලට වඩා දෙනුම් සම්භාරයක් තියන රටට ලොකු සේවයක් කරපු ආචාර්ය වරයෙක්. එතුමා වෙනුවෙන් හිතලාවත් මේ මඩ ගැහිල්ල නතර කරන්න.
නිරාන් 2012-06-21 14:10:21
කුමිබලා මාලු කෑවනම් විදවපිය බළලෝ
අනුරුද්ද 2012-06-21 16:05:02
සමතා අතුලට කීවා - කොලොම් තොටේ නුඹ ඉන්නා ඉසව්වේ
අතුල සමිතට කීවා - ඇතින්නියේ... සිංදුව
දෙන්නම කීවා දුවට - සදතරු මල් මට දන්දුන්
දෙන්නම දෙන්නට කීවා - ආලෙන් වෙලා ගන්න කෝලම් කළා..
නිමල් 2012-06-22 09:13:08
වපුරන බීජ අනුවයි අස්වනු නෙලන්න වෙන්නේ...
ආසිරි 2012-06-22 12:51:54
මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපිට
s.j.m.italy 2012-06-22 15:00:54
කවුරුන් වුවද ඔවුන්ද මිනිසුන්ය
නිශානි 2012-06-24 09:13:13
ජීවිතයේ වැරදුන තැන් හදාගෙන ඉදිරියට යන්න. ජීවිතයේ වැරදි නොකරපු කෙනෙක් නෑ. එත් සමහර වැරදි මකන්න බෑ. ඒ දේවල් පිලි අරගෙන පොලවේ පය ගහල ජීවත් වෙන්න. ළමයි වෙනුවෙන් කැපවී ඔවුන්ගේ ජීවිත ඉදිරියට ලස්සන වීමට වැඩ කරන්න. අවශ්‍ය වන්නේ කල වැරදි ගැන සිත පසු තැවීම නොව ඒ තුලින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යාමය්. ඒ සඳහා ඔබට දිරිය ශක්තිය ලැබේවා..
නිශානි 2012-06-24 20:19:26
ජීවිතයේ වැරදුන තැන් හදාගෙන ඉදිරියට යන්න. ජීවිතයේ වැරදි නොකරපු කෙනෙක් නෑ. එත් සමහර වැරදි මකන්න බෑ. ඒ දේවල් පිලි අරගෙන පොලවේ පය ගහල ජීවත් වෙන්න. ළමයි වෙනුවෙන් කැපවී ඔවුන්ගේ ජීවිත ඉදිරියට ලස්සන වීමට වැඩ කරන්න. අවශ්‍ය වන්නේ කල වැරදි ගැන සිත පසු තැවීම නොව ඒ තුලින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යාමයි. ඒ සඳහා ඔබට දිරිය ශක්තිය ලැබේවා..
සම්පත් 2012-06-24 23:06:12
හැමෝම කෙනත් වගේ හිතුවොත් කොච්චර හොදද?
චතුරිකා 2012-07-06 19:02:05
අපිට මොකටද අනුන්ගේ දේවල්.එයාලගේ ජීවිත එයාලා බලා ගන්නේ නැතුවෑ
චතුරිකා 2012-07-06 18:27:04
අනුන්ගේ පවුල් වලට ඇගිල්ල දිගු කරන බොහෝ දෙනාගේ පවුල් ජීවිත ඊටත් වැඩිය අන්තයි
පිලිපීනෝ 2012-07-09 15:24:46
මගෙත් හිත වෙනස් වුණා කෙනට්ගේ කමෙන්ට් එකෙන්...
වතිල 2012-07-20 14:08:24
සමහර අයගේ කලා ජීවිත ටිකක් අවුල් තමා. ඒක සාමාන්‍යයි. (සවි )
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(50)
(13217)
මෝඩ කමට බෙහෙත් නැත
(33)
(13004)
ගිනි තියා ගත් හිමිනම කොළඹට
(162)
(12581)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11917)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(112)
(11008)
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි
(130)
(10337)
දේශපාලනය සමඟ බැඳුණු ගණිකා සේවය
(12)
(9230)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(9202)