Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
‘ද්විත්ව පුරවැසිකම යළිත්‘
2012 ජූනි මස 08 11:05:04 | චමින්ද මඩවල
එතෙර සිටින ශ්‍රී ලාංකිකයනට ද්විත්ව පුරවැසි කම යළි හිමිකැර දෙන බව විදේශ නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා රෝමයේ සිට ලංකාදීප එසැණ වෙබ් අඩවිය සමග පැවැසීය. දැනට මේ ක්‍රමය අත්හිටුවා තිබෙනවා. සුළු සංශෝධන සමග ඉක්මණින් එය යළිත් ක්‍රියාත්මක කරනවා‘‘ යැයි ඔහු කීවේය. ඉතාලිය ඇතුළු යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ද මේ ගැන උනන්දුවක් දක්වති.
අදහස්(35)
බැලූවෝ (10900)
‘ද්විත්ව පුරවැසිකම යළිත්‘ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ජීවක 2012-06-08 11:19:42
අනේ මේ, ද්විත්ව පුරවැසිකම කෙසේ වෙතත් ලංකාවේ අයට ඒ අයගේ මානව හිමිකම් ටිකවත් දෙනව නම් තමයි හොද
මේරිලෑන්ඩ් 2012-06-08 11:30:20
සුභ ආරංචියක්.තෝරා බේරා ගෙන කළොත් තමයි හොද
රාජ් 2012-06-08 11:49:29
හොද කල්පනාවෙන් ඇස් ඇරන් ඉන්න
ජනක 2012-06-08 11:55:23
හොද තුරුම්පුවක් මේක සමහරුන්ටත්
දිලාන් 2012-06-08 11:59:34
ද්විත්ව පුරවැසිකම කෙසේ වෙතත් තනි පුරවැසියත් ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්
අනුමේල් 2012-06-08 12:10:43
මත විමසුම අලුත් කළොත් හොදයි නේද? නැත්නම් ඕක අයින් කරලා දාන්න
නලින්ද 2012-06-08 13:07:45
අපිට වැඩිපුර ඕනි නෑ. තියෙන දේවල් හොදටම ඇති
චාමින් 2012-06-08 12:30:49
සිංගප්පූරුවේ ඉන්න අපිට ඔය වාසිය ලැබෙයිද?
වරුණ 2012-06-08 13:19:58
මේකට දැන් අර ඔන්ලයින් වීසා වැඩේට වුණු වැඩේ වෙයිද දන්නේ නෑ
මාතර මල්ලී 2012-06-08 12:57:54
කටින් පිට කරන හුළං.....?අපිටනම් එපා..
අමිල කටුනායක 2012-06-08 13:12:13
ෆොන්සේකා මහත්තයගේ තවත් භාධකයක් ඉවත්වෙන්නයි යන්නේ...
ලක්දාස 2012-06-08 13:54:38
මොන බාධකේ නැති උනත් ජනතා කැමැත්ත කියන බාධකේ තමයි ඉහලින් ඉන්නේ. ඒක පරද්දනව බොරු!
රාළ 2012-06-08 13:57:05
ද්විත්ව පුරවැසිකම යළිත් දුන්නට කමක් නැහැ. රජයට අදායමක් ලැබෙන නිසා. මම කියන්නේ ගාස්තුව වැඩි කරලා තානාපති කාර්යාලවලට ගෙවීම් කරන්න පුළුවන් විදියට හැදුවනම් හොඳයි.
කමල් 2012-06-08 14:15:56
තියෙන පුරවැසිකම හොඳයි...
අංජනා 2012-06-08 15:32:56
වරුණ, ඔන්ලයින් වීසා වැඩේට දැන් මොකද වෙලා තියෙන්නේ....
ලාල් ගලබඩ ඉතාලියේසිට.... 2012-06-08 15:06:44
ද්විත්ව පුරවැසි කම දීමේදී, විදේශිකයින්ගෙන් වැඩි මුදලක් අය කලාට, රටේ ඉපදුනු අය සදහා පුද්ගලයාගෙන් පුද්ගලයාට [එක පවුලක]මුදල් අය කිරීම සාධාරණ නැත .එයින් රජය බලාපොරොත්තු වන ඉලක්කයට ළගාවිය නොහැක යන්න මාගේ මතය වේ.රටට විදේශ විනිමයක් ලබා දී ඇත්නම් ඔවුන් සඳහා පිරිනැමිය යුතුවේ.
රූපසිංහ 2012-06-08 15:57:36
ද්විත්ව පුරවැසිකම යලි අනුමත කරපු එක නම් බොහොම හොදය. මම මීට අවරුදු ගණනාවකට කලින් එය ඉල්ලුම්
කල විටදී, නැවත ලක් පුරවැසිකම ලබා ගැනීමට රු.200,000.00 ක් ගෙවන්නයි කියා තිබුනා.මෙම රටේ හැදුනුම් පතට ගෙවූ සුළු මුද්දර ගාස්තු යුරෝ 60 ක් (= දැන් මුදල් අනුපාතෙයට අනුව නම් රුපියල් 10,000/= වත් නැතිතරම්) හැර වෙන යමක් ගෙව්වේ නැත.ලොව බලවත් රටකත් පුරවැසි කම ලබා ගැනීම සදහා අවශ්‍යවන සුදුසුකම් තිබේ නම් ඔවුන් එය ලබා දීමට සුදුසුකම් මිස මුදල් ඉල්ලන්නේ
නැත. තවද, මෙහි පුරවැසියනට වෙනත් රටක පුරවැසිභාවයක් ලබාගත්විට තමරටේ පුරවැසිභාවය අවලංගු වන්නේ නැත. අනේ ඉතින් මා උපන් රටේ පුරවැසිකම ලබා ගැනීම සදහා මට ගෙවීමට සිදු උනා. යුරෝපයේ අපි සැම මාසයක් අවසානයේ යුරෝ 700 ක් 800 ක් පමණ ලංකාවේ බැංකු වලට එවනවා.මෙහෙ බැංකු ගාස්තුද ගෙවමින්. නමුත් වෙනත් හොර මාර්ග ද වැඩි මුදලකුත් ලබා ගැනීමට හැකියාව තබා ගෙන සහ අඩු ගාස්තු ගෙවීමට අවස්ථාව තබා ගෙන. එහෙම එවන්නේ අපේ රටට හරි මාර්ගයකින් විදේශ විනිමය එවිය යුතු නිසා.
මෙහෙම එවන විදෙශේ විනිමයට අද හෙනහුරා ලබපු එක වෙනම කතාවක්.මෙහෙම මුදල් ගෙවාලත් අපි අපේ පුරවැසිකම ලබා ගත්තේ අපේ රට යන හැගීම නිසා මිස වෙන අපට ලැබෙන ප්‍රති ලාබයක් බලා ගෙන නොවෙයි. අනික මුදල් ගෙවා පුරවැසි කම ලබා නොගෙන අපි අපේ රටට නොපැමිණ මෙහාටම වෙලා සිටියත් අපට කිසිදු කරදරයක් නොමැත .එපමණක් නොව මෙහි වචනයේ පරිසමාප්තයෙන්ම ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් මෙහි පුරවැසියනට ඇත. අපේ රට ගැන අපට ආදරක් ඇතත් ලොකු තනතුරු දරන නීති පනත් සම්මත කරන නිලධාරින්ට ආපිට පෙරලා අපි රටට කරන මෙහෙය ගැන කිසිදු කැක්කුමක් නැත. මෙය ඉතා සංවේග දායක තත්වයකි.
මෙල්බන් වැසියා 2012-06-08 17:08:01
රූපසිංහ ඔබ හරි, ලංකාවේ ඉන්න දක්ෂ දේශපාලකයන්ට ඔය කියන දෙය තේරුම් ගන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. දක්ෂ මිනිස්සු ඔක්කොම පිට රටනේ ඉන්නේ.
පිටස්තරයා 2012-06-08 17:44:57
රටක පුරවැසි කම දෙන්න ඕනා හොඳ ආරක්ෂක විපරමකින් පස්සේ ..
නමුත් ශ්‍රී ලංකා භුමියේ උපන්න ඇත්තන්ගෙන් ඩොලර් දහස් ගණන් අය කරන එක අසාධාරණයි.
මිනිස්සු අනික් රටවල පුරවැසිකන් ගන්නේ විවිධ කරුණු උඩ..ඒ මිසක් ලංකාවට ඇති අනාදරයක් නිසා නොවෙයි.
යුද්ධ කාලේ රජයට හමුදාවට උදව් කලේ මේ පිටරට ඉන්න ලාංකිකයෝ ..ඒ ඇත්තන්ට සලකන විදිය අන්තිමයි
ලාල් ගලබඩ 2012-06-08 18:50:45
රූපසින්හ කීදෙය හරියට හරිය. මේ අයුරින් කිසි කෙනෙක් ගන්නෙත් නැති වෙයි ඵන්නෙත් නැති වෙයි
සිංගප්පුර් වැසියා 2012-06-08 20:13:48
@ චාමින්,
සිංගප්පුර් වල සිටිසන් අයට රටවල් දෙකක සිටිසන් තියා ගන්න බැ.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-08 20:07:38
එය ගොඩක් හොඳ දෙයක් විදිහට මම දකිමි
සුභාෂීනී 2012-06-08 20:20:58
රූපසිංහ, ඔයාගේ අදහස් හා අනික් කරුනු සියල්ලමත් ඇත්තම ඇත්ත
කෙනත් (USA ) 2012-06-08 21:16:08
මමත් එකගයි රූපසිංහ මහතාට,
නව ක්‍රමය යටතේ "ද්විත්ව පුරවැසි අයට ලංකාවේ දේශපාලනය කරන්න බැරිලු" , බලන්න ලංකාවේ ජන නියෝජනය කරන්න, සේවය කරන්න රටට ආදරේ ඇති අපි වගේ අයට තහංචි දාල, නමුත් කුඩු කාරයන්ට , මැරයන්ට , පාතාලයන්ට ඔය තහංචි නෑ. අපි නොසුදුසුයි, මේ වගේ අය සුදුසුයි. අනිත් එක කෙනෙක්ව පාර්ලිමේන්තුවට හෝ ප්‍රාදේශීය / නගර සභාවකට යවනවද නැද්ද කියල තීරණය කළ යුත්තේ මහජනතාව, එයයි ප්‍රජාතන්ත්‍රවාදී වීම. මේ වගේ නීති ඉන්දියාවේ තිබුනානම් සෝනියා ගාන්ධි, මහත්ම ගාන්ධි, වගේ අය නැතිවෙන්න තිබුන. අද ශ්‍රීමත් ආතර් සී. ක්ලාර්ක් මහතා සිටියානම් මේ නීතිය නිසා එතුමා විද්‍යා හා තාක්ෂණ ඇමති වෙන්න නොසුදුසුයි ! කිසිම දැනුමක් නැති මර තක්කඩියෙක් සුදුසුයි!! කොහෙද මේ රට යන්නේ!! බලාගෙන ගියාම අපි නැවත ලංකාවට එන්නේ අපිට ලැබෙන පහසුකම්, ඉහල අදායම්, දරුවන්ට හොද ඉස්කෝල , විනයක් ඇති සමාජ රටාවක්, හැමට සාධාරණ නීති පද්දතියක් වැනි දේ පසෙක දාල සිංහලයෙක් වශයෙන් උපන් රට ගැන ඇති කැක්කුම නිසායි. නැත්නම් අපට ලැබෙන දේට වඩා නැතිවෙන දේවල් වැඩියි. එතකොට කව්ද මේ රටට සැබෑවටම ආදරය කරන්නේ කියල හොයල බලන්න වටිනවා.
සම්පති 2012-06-09 09:13:28
රූපසිංහ මහත්තයගේ අදහස හරි, පකිස්තානය, බන්ගලාදේශය, උදාහරණයට ගන්න.
ප්‍රියා 2012-06-09 01:19:20
රූපසිංහ, ඔබ හරියටම හරි
චන්ද්‍රා 2012-06-09 02:42:15
රුබසින්හ,
ඔබ හරි, දේශ පාලුවන්ට අපේ කමක් නෑ, අපිට තියන අපේ කම ඵ් අයට නෑ. බලන්න දුෂනය වංචාව රජකරනව, අපේ පුරවැසිකමට දමන්න ඕනා නීති සෙල්ලම් ඔක්කොම දනවා. එල්.ටි.ටී.ඊ. යට විරුද්ධව අපි පිටරට ඉදලා සටන් කරනකොට, පෙලපාලි යනකොට,කොඩි උස්සනකොට,අපිව වටිනව. අපි මොනතරම් විදේශ විනිමයක් මවුබිමට ගේනවද. නොමිලයේ ප්‍රදානය කලයුතු පුරවැසිකම මුදලට විකුනනව. ලැජ්ජයි.
සුසු 2012-06-09 03:08:17
මමත් රූපසිංහට එකගයි
ප්‍රදීප් 2012-06-09 03:08:52
මටනම් ඔය කියපු දේ ගැන කිසිම විශ්වාසයක් නෑ. ප්‍රශ්නය ඇහුවම ඔහේ කටට ආපු උත්තර තමයි දෙන්නේ. ඔය කවද හරි මොකක් හරි දෙයක් කරයි. විශ්වාස කරන්න නම් එපා.
සමන් 2012-06-09 05:30:33
අපි වෙනත් රටක පුරවැසිකම ගන්නේ අපේ රට එපා වෙලාවත් අපේ රට ඕනේ නැති නිසාවත් නෙමේ. බොහෝ පරිපාලන ගැටළු නිසා. සමහරවෙලාවට ශ්‍රී ලන්කන් පාස්ස්පෝර්ට් එකෙන් ගමන් කරනකොට නොයෙකුත අනවශ්‍ය බාදක නිසා. අපි ලංකාවේ නොසිටියට අපේ අම්මල තාත්තල සහෝදරයෝ නෑදෑයෝ ඔක්කොම ඉන්නේ ලංකාවේ. හැම මාසෙකම අපි හම්බ කරන එකෙන් කීයක් හරි ලංකාවේ කාට හරි එවනවා. නැත්නම් අසරණ පව්ලකට උදව් කරව. එහෙමත් නැත්නම් ගෙදර අලුත්වදියාවක් කරනවා.මේ ඔක්කොටම එවන්නේ විදේශ විනිමය. මේ ඩොලර් වලින් තමය් ලංකාවේ අය පාන් ගෙඩියේ ඉදල වාහන වලට යනකන් දේවල් පිටරටින් ගේන්නේ. ලංකාවේ රුපියල් 100 ක් හොයනවට වඩා අමාරුවෙන් තමය් එක ඩොලර් එකක් හොයන්නේ. එත් සමහර අය හිතාගෙන් ඉන්නේ මෙහෙ සුර සැප විදිනවා කියල.
ලංකාවේ ආණ්ඩුව කරන්න ඕන පිටරට ඉන්න අයට පහසුකම් දීල ඒ අයගේ සල්ලි ආයෝජනය කරන්න පහසුකම් හදල දෙන එක මිසක් සල්ලි බලෙන් ගන්න එක නෙමේ. ද්විත්ව පුරවැසිකම් තියෙනකොට අපි හැම දේම කරන්නේ කවද හරි ලංකාවට එන්න හිතාගෙන. ද්විත්ව පුරවැසිකම නැති කරනවා කියන්නේ ලංකාවේ තියෙන දෙයත් විකුණලා දල ලංකාවෙන් ඒ මිනුස්සුන්ව ඇත් කරන්න පාර කපන එක.
ආරක්ෂාවේ හරි වෙන මොනවා හරි ප්‍රශනයක් තියෙනවනම් එකට ක්‍රමයක් හදල ඒ මිනිස්සුන්ට ඉකමට සහනයක් දෙන එක තමය් ආණ්ඩුවේ යුතුකම. දැනට අවරුදු එකහමාරක් තිස්සේ ද්විත්ව පුරවැසිකම දීම නවත්තගෙන ඉන්නේ මොකද කියල කොහොමටවත් තේරෙන්නේ නැහැ.
සමහර අය කමෙන්ට් කරලා තියෙන විදියට පිටරටවල මිනිස්සු නෙමේ මේ ද්විත්ව පුරවැසිකම ඉල්ලන්නේ. ලංකාවේම ඉපදුනු මිනිස්සු.
ලක්මාල් 2012-06-09 06:59:01
කෝ අද අපේ ආචාර්යතුමාගේ අදහස්?
සීමන් 2012-06-09 08:03:51
රූපසිංහ ඔයා හරි....මව් රට ගැන සිතිය යුතුයි..
සීමන් 2012-06-09 07:23:59
රූපසිංහ, ඔබ හරි.අපි අපේ මවුබිම ගැන සිතිය යුතුයි
සකල බුජන් 2012-06-09 12:06:37
මවුබිම දරුවෝ කියලා බස් එකට ගෙිඩ වෙච්ච කෙනා කොන්දොස්තරට කිවුවම අර තියෙන්නේ එන්ජිම උඩ කියලා, පත්තරේ පෙන්නලා හරි හරි රයිට් රයිට් කිවුවලු
ගාමිණි. 2012-06-12 01:58:16
අර ඇමෙරිකාව පැත්තේ ඉඳල ආපු අයට අයෙත් ළඟදීම යන්ඩවෙයි කියල හිතිලා වත්ද දන්නේ නැහැ එක පාරටම ද්විත්ව පුරවැසිකම මතක් උනේ.
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(51)
(13460)
මෝඩ කමට බෙහෙත් නැත
(33)
(13202)
ගිනි තියා ගත් හිමිනම කොළඹට
(181)
(13193)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(12023)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(113)
(11142)
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි
(134)
(10811)
මිහින් ලංකා දෙපාරක් බස්සයි
(50)
(10424)
දේශපාලනය සමඟ බැඳුණු ගණිකා සේවය
(12)
(9846)