2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

අධ්‍යක්‍ෂ විදුහල්පතිට පාඩමක් කියාදෙයි

2012 මැයි මස 23 16:32:03 | ගුරුළුපොත බන්දුල ගොඩකුඹුර

තම පුතාගේ අස්වීමේ සහතිකය ගැනීමට දින තිහක්ම හසලක ජාතික පාසලට ගොස් හිස අතින් ආ මවක් සොයා, එම සහතිකයද රැගෙන හසලක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්.එම්. සමරකොන් බණ්ඩා ගිය නමුත් බදාදා ඇය ගෙදර නොසිටියාය. පැය කිහිපයකට පසුව හසලක අධ්‍යාපන කාර්යාලයට ගිය ඇය අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ.ජී ගුණරත්න මහතාගෙන් සහතිකය ලබාගත්තාය.

දැනට පැවිදිබිමට ඇතුළුවී සිටින පුතා පිරිවෙනකට ඇතුළු කිරීම සඳහා අස්වීමේ සහතික නිකුත් නොකළ විදුහල්පති ජී.එල්.ඩබ්ලිව්.එස්. ඉන්ද්‍රලාල් ඊට හේතුව වශයෙන් දැක්වූයේ ”අලියයි වඳුරයි” නම් පුස්තකාල පොත බාරදී නැති බවයි. ඒ පොත සිසුවා අතින් අස්ථාන ගතවී තිබිණි. ඒ පුවත ලංකාදීප පත‍්‍රයේ පළවූ විට විදුහල්පති මවට කීවේ ලංකාදීපයෙන් එය ඉල්ලාගන්නා ලෙසය.

අදහස්(72) බැලූවෝ (24058)

අධ්‍යක්‍ෂ විදුහල්පතිට පාඩමක් කියාදෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

දන්දිමාල් 2012-05-23 16:36:54

නුසුදුස්සන් පත් කළාම ‍ඔවුන් අධ්‍යාපන අධ්‍යක්ෂ නොවෙයි අධ්‍යාපන අදක්ෂ වෙනවා. සුදුස්සන්ට මේ තනතුරු දෙනවා නම් මෙහෙම වෙන්නේ නෑ.

චනා 2012-05-23 16:36:28

අහින්සක මිනිස්සුනිගේ දුක නොදන්න සත්තු

2012-05-23 16:59:31

විදුහල්පතිට වදුරාගේ ආත්ම ශක්තියත් අලියාගේ නුවණත් නැති වීම ලජ්ජා විය යුතු කරුණකි. මෙයාව පළාත් සබාවට හෝ පාර්ලිමේන්තුවට යැවීමට සුදුසුය

දර්ශන 2012-05-23 20:55:59

මෙයාට................

සන්ජීව 2012-05-23 21:01:13

විදුහල්පතිට බනින එක අසාධාරණයි,මොකද ඒක තමයි නියම රාජකාරිය, පොත නැති කළානම් ගෙනත් දිය යුතුයි , රටේ නීතිය රජයේ නීති, එය දැනගෙන අදහස් දක්වන්න.

චමින්ද 2012-05-23 21:59:47

දැන් ඉතින් විදුහල්පති තුමාට බනින්න පටන් ගන්න.

ඒ මනුස්සය නීතිය කරලා තියනවා. නීතිය හැම වෙලාවේම සාදාරන නෑ. මෙතැනදී සාධාරණ හේතු උඩ විදුහල්පති තුමාට අස්වීමේ සහතිකය දෙන්න තිබ්බ. හැබැයි එහෙම නොදුන්නැයි කියල කිසිම කෙනෙකුට එක විවේචනය කරන්න බෑ.

විදුහල්පති තුමාට මගේ ප්‍රණාමය.

අමිල 2012-05-23 22:01:48

ඇමති දන්නවනම් ප්‍රින්සිපල්ට ප්‍රොමෝෂන් 1 ක් දෙනවා...

සේන 2012-05-23 22:02:30

මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම. මේ වැඩ කරන්නේ මනුස්සයො නොවෙන නිසානේ....

සුරේශ් 2012-05-23 22:03:26

අයියෝ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතානේ කියන්නේ.....

හසලක 2012-05-23 22:14:28

දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී...

රොමේෂ් 2012-05-23 22:18:10

අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා සිදුකර තිබෙන්නේ බොහොම උසස් ක්‍රියාවක්.

මෙතන වරද සිදුකර තිබෙන්නේ ජාතික පාසලේ විදුහල්පති විසින්.

ඩි.ජි නිශාන්ත දසනායක...(සුමුදු) 2012-05-23 22:22:08

මේ වගේ නුසුදුසු දෙවල් බුද්ධ පුත්‍රයන් ට සිදු නොවිය යුතුයි. විශ්වාසයෙන්ම විදුහල්පති ගැන රජය විසින් මැදිහත් වි සොයා බලන්නේ නම් මැනවි.

ඇන්ටන් 2012-05-23 22:31:06

ඊළඟට මේ වගේ අය යන්නේ පාර්ලිමේන්තුවට. අනේ ලංකාවට ගිය කලක්...

සුදු මාමා 2012-05-23 22:55:06

ඔලුවක් නැති මිනිහෙක් , කන්නේ තනකොල වෙන්න ඇති

ජයසිංහ 2012-05-24 00:04:21

අද රටේ වැඩිහරියක් ඉහල තැන් වල ඉන්නේ මේ වගේ අය තමයි...

ජයන්ත 2012-05-24 00:33:34

බූදු කෙනකුන්ලොව පහලවී බුද්ධසාශනයක මිනිසත් බව ලබා

උත්පත්තිය ලැබිම ඉතා දුර්ලභ කාරනයක්,රහතුන් වැඩිය මග

අහුරා අනන්ත සසරේ අනේක දුක් පීඩා නොවිද සත්පුරුෂයින්

වන්න.

අලිබබා 2012-05-24 00:57:02

අලියා, මම පෙන්නනවා අලියා. එහෙනමි, ඔය ගුරුවරයා ළඟපාතක නොහිටිය එක හොදයි. කොහොමත් දැන් සහතිකේ ලැබුණානේ. ඔබ (සුනාථ ධාරේථ චරාථ ධමිමෙ)ධර්මයට සවන් දෙන්න එය තේරුම්ගෙන ක්‍රියාවේ යොදවන්න.

ලාල් ගලබඩ.... 2012-05-24 01:13:05

විදුහල්පති තුමනි ,ඔබ රැකියාවට නුසුදුසු කෙනෙක්‌ බව අත්දැකීමෙන් ප්‍රකාශකරමි.කීමට ඇත්තේ නුසුදුසුකමට,බල්ලෝ එක්‌ක නිදා ගත්තම නැගිටින්න වෙන්නේ කාසමගද කියාය.

සේන 2012-05-24 01:45:36

'මෝඩ කමට බෙහෙත් නෑ' කියන පොතේ කොපියක් මේ විදුහල්පතිට ගෙනත් දෙන්න....

කපිල 2012-05-24 10:20:39

අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අතර විදුහල්පති වරුන් ලෙස සිටිමින් අල්ලස් හා ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වූවන්ද සිටීම හාස්‍යයට කරුණකි.

නවීන් 2012-05-24 03:10:16

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ආශ්චර්‍යයි......

කුමුදු 2012-05-24 03:51:49

ගුරු වෘත්තිය වන්දනීයයි. නමුත් මේ වගේ විදුහල්පතිලා නිසා තත්ත්වය කේදනීයයි. මේ අම්ම සහ දරුවන් දැක්කම මේ මිනිස්සු විදින දුක පේනවා නේද? අපේ ලංකාවේ ගම්බද බොහොමයක් මේ වගේ තමයි. ගුවන්තොටවල් වැඩි වැඩියෙන් ඉදිකිරීම නවතා, මේ දුප්පතුන්ට දෙපයින් හිතාගන්නට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල බඩු අඩු කරන්නට ආණ්ඩුවට සිතුවිල්ලක් පහල වේවා. පළමුව මේ අයට ජීවිතය දෙන්නත පසුව සංවර්ධනය කරන්න බලන්න.

ඉන්ඩාර 2012-05-24 05:39:35

ලංකාවෙ හුගක් නිලධාරි බලන්නේ නැති බැරි දුප්පත් මිනිස්සුන්ට බලය පෙන්නන්න. මේකත් එහෙම එකක්. හරිම පහත් ගතියක්.

සඳුන් 2012-05-24 06:08:41

ලංතාවෙ පාසල්වල විදුහල්පතිලා විදිහට මේ වගේ මොලේ කලදක්වත් නැති අය ඉන්නකන් ළමයින්ට දෙවියන්ගේම පිහිටයි.

ආනන්ද (මාලේ) 2012-05-24 07:13:47

මෙයා තිරිසනෙක්ද

හේමා 2012-05-24 08:11:17

බුද්ද පුත්‍රයෙකුටවත් ගරු කරන්න දන්නේ නැති පහත් මිනිස්සු.ලංකාවේ අනාගතය පේනවා මේ වගේ වැඩ වලින්.මෙයාලගේ බලපුළුවන්කාර කවුරුවත්

කිව්වා නම වැඩේ කරයි එවෙලේම.මෙයාලගේ ලොකු කම පෙන්නන්නේ කටු මැටි ගැ ගෙවල්වල ඉන්න අහිංසක අයට.

සන්ගා 2012-05-24 08:38:44

මේ විදුහල්පතිතුමාට දැන් අලියට පෑගුණා වගේ දැනෙනව ඇති...

ලක්ෂිත 2012-05-24 08:46:52

සුදුස්සන්ට සුදුසු තැන දැන් රජයේ විතරක් නෙමෙයි පෞද්ගලික ආයතන වලත් නෑ

කිරිමාටින් 2012-05-24 09:11:54

පොතක්නම් මොනවද ....ඔය ජාතික පාසල්වල නැති වෙන දේවල් හා කරන දේවල් එක්ක බලද්දි....

සොපියා 2012-05-24 09:24:35

අනේ කාලේ වනේ වාසේ...

නිශාන් 2012-05-24 09:32:18

පොත ගෙනත් දෙන්න බැරි නම් පොතේ වටිනාකම ගෙවන්න ඕනි.ඒත් මෙයා ඒකට කැමති නැති නිසා අපි කියන්නේ එයා වැරදිමයි කියලා

චමිල් 2012-05-24 09:44:09

හුගක් අය දකින්නේ විදුහල්පතිගේ වැරැද්ද ... නමුත් මෙතැනදී ඔහු රාජකාරිය කරලා තියෙන්නේ ..... නීතිය හා මානුෂිකබව කියන්නේ කාරණා 2කක්.... මෙතැනදී හුගක් අය බලන්නේ ... මානුෂිකකත්වය පමණයි..

ගැමුණු 2012-05-24 09:46:17

ව්දුහල්පතිට හෝඩියේ පංතියේ සිට උගන්වන්න පටන් ගනිමු...

ජනක 2012-05-24 09:51:29

පොතේ ඉන්න අලි කැලෑවෙන් ගෙනියමු ,සහතිකය නොදුන් වදුරා පාසලෙන් අල්ලාගතහැකිනේ...

නිලූ 2012-05-24 09:59:13

මම නම් හිතන්නේ බනිනවට වඩා හොදයි පාසල් පුස්තකාලයට අවශ්‍ය පොත් ලබා දෙනවානම්.

ගුරු 2012-05-24 10:25:47

මධ්‍යම පළාතෙම අධ්‍යාපනය දිනෙන් දිනම පිරිහෙනවා.මෙය එක අවස්ථාවක් පමණයි

ප්‍රසන්න 2012-05-24 10:28:52

මේ අම්ම තිස්වතාවක් ඉස්කෝලෙට ගිය එකේ විදුහල්පතිට ටිකක් අනුකම්පා වෙන්න තිබුණා. රුපියල් 150ක් ගෙවාගන්න හැකියාවක් නැතිව ඇති මේ ගොල්ලන්ට...

දිනේෂ්, සෞදි 2012-05-24 10:30:02

විදුහල්පති පිරිවෙනකට දැම්මනම් හරි මුල ඉදල ඉගෙන ගන්න.

යවනාඩ් 2012-05-24 10:33:20

සල්ලි කාරයෙක්ගේ ළමයෙක් නම් අස්වීම ගෙදෙට්ටම යවයි ගුරුවරයෙක්ගේ අතේ

සන්ජු 2012-05-24 10:48:06

මමත් මුදල් ගෙවුවා පුස්තකාලයට පොතක් නැතිවෙලා. අපි පරිස්සමින් ඒවා පාව්ච්චි කරලා ඊළග පරම්පරාවට දෙන්න ඕනි

කරෝලිස් 2012-05-24 10:58:55

බොල විදුහල්පතිතුමෝ, මම එතන හිටිය නම් අලියයි වදුරයි දෙන්නම පෙන්නනවා උඹට

සරත් 2012-05-24 11:18:23

මේ වගේ ගැටළු දිහා සානුකම්පිතව බලන්න රජයේ උසස් නිලධාරීන්ට කියලා දෙන්න

යෝනුසලවි 2012-05-24 11:23:21

එම විදුහල් පති තුමා හැම විටම,හැම දේකම නීතියට වැඩ කරනවානම් අපි ඔහුගේ ක්‍රියාව අගය කරමු.නමුත් ඔහු ගැන කියන කථා අහනකොට......................දුකයි

ජනක(Bahrain) 2012-05-24 11:29:14

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

අධ්‍යක්ෂතුමාට අපේ ප්‍රණාමය!

G7 2012-05-24 11:32:06

ඔය වගේ මෝඩ විදුහල්පතිලව එලවන්න ඕනේ

ධම්ම්ක 2012-05-24 12:19:03

මෙම විදුහල්පතිතුමා ක්‍රියා කළ අයුරු මම අනුමත කරන්නේ නෑහැ. ඔහුට කළ යුතු දෙය නොතේරුනානම් කරන්න තිබුණේ ඒ අසරන මව රස්තියාදු නොකර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් අවශ්‍ය විස්තර ලබා ගැනීම නේද?

රම්සි 2012-05-24 12:20:45

මම මේ දවස් වල ඔය පොත හොයනවා.රෝල් කරලා විදුහල්පතියට දෙන්න

කරෝලිස් 2012-05-24 12:47:38

විදුහල්පතිතුමෝ, එතකොට අර ඉබ්බගෙයි හාවගෙයි කතා පොතට මොකද උණේ?

කැලුම්-Oman 2012-05-24 13:06:36

අපේ අධ්‍යාපන ඇමතිතුමා පත් කරපු විදුහල්පති කෙනෙක් වෙන්න ඇති

පරාක්‍රම 2012-05-24 13:42:44

අලියට කවටකම් කරන්න ගිහින් වදුරා නා ගෙන

දයා,saudi 2012-05-24 14:46:14

මේකට බලපෑවේ දුප්පත්කම.ලොක්කෙක්ගේ දරුවෙක් උණානම් විදුහල්පති එයාගේම පුටුවෙන් වාඩි කරෝලයි සහතිකේ දෙන්නේ.එතකොට අලියයි වදුරයි කැලේ

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-24 14:48:26

ඉහළ තනතුරුවල වගකීම අවශ්‍ය අවස්ථාවේදී නිවැරදි තීන්දු ගැනීමට හැකියාව තිබීමයි. යමක් කී විට ගිරවෙකු පරිදි කටයුතු කරන්න අවශ්‍ය නම් සිකුරිටි ජොබ් එකක් තමයි හරියන්නේ.ඉහළ තනතුරුවලට තීරණ ගැනීමේ වරප්‍රසාදය දීලා තියෙන්නේ මේ වගේ වෙලාවක චක්‍ර ලේඛනවලට ගැති නොවී තීරණ ගන්න.එහෙම බැරිනම් එයාගේ තනතුරු දැරීමට එයා සුදුසු නැහැ.සිකුරිටි කෙනෙක් විදුහල්පති පුටුවේ වාඩිකලා වගේ වැඩක් මෙතන වෙලා තියෙන්නේ.

චානි 2012-05-24 15:31:07

මේ විදුහල්පතිගේ මොලය = අපේ ඇමතිතුමාගේ මොලය

ප්‍රසාද් 2012-05-24 15:52:35

මෙතැන අදහස් දක්වපු ගොඩක් දෙනෙක් මානුෂික පැත්ත ගැන විතරක් හිතල විදුහල්පති ට බනිනවා.නමුත් ඔහු තමන්ගේ රාජකාරිය

හරියට කරනවා.එක ළමයෙකුට පොත් ආපසු භාර නොදී අස්වීම දුන්න්නොත් ළමයි වැඩිදෙනෙක් තමන්ගේ පොත් ආපසු භාර නොදී අස්වීම

ගන්න එනවා .එහෙම කලාම පුස්තකාලය නිකම්ම වහල දාන්න පුලුවන්නේ .අපිත් අස්වීම ගන්න කොට පුස්තකාල දඩ මුදල් ගෙව්වේ සල්ලි වැඩිකමට නෙවෙයි ,පත්තර වලට ලියලිය දවස් ගණන් රස්තියාදු වෙන්නෙත් නැතුව පන්සලේ දායක මහත්මයෙකු ගෙන් හරි ඉල්ලගෙන දඩ මුදල් ගෙවන්න තිබුනා,පොතක් ගන්න රු 150 පොඩි හාමුදුරුවෝ ඉල්ලුවොත් නොදී ඉන්න තරම් දායකයෝ අකාරුණික නැ.

සූටික්කා 2012-05-24 15:52:02

ඔය කියන ඉස්කෝලෙට තව වඳුරෙක් මොකටද?

චමිල් 2012-05-24 15:57:33

හුගක් අය දකින්නේ විදුහල්පතිගේ වැරැද්ද ... නමුත් මෙතැනදී ඔහු රාජකාරිය කරලා තියෙන්නේ ..... නීතිය හා මානුෂික බව කියන්නේ කාරණා 2කක්.... මෙතැනදී හුගක් අය බලන්නේ ... මානුෂිකත්වය පමණයි.....එහෙනම් ඉතින් මිනිස්සුන්ට බඩගින්නට හොරකම් කරන්නත් පුළුවන් ........

රන්දික 2012-05-24 16:41:50

මට පෙන්නේ ප්‍රසාද් සහ චමිල් විදුහල්පතිගේ ළමායි වගේ

ධම්මික 2012-05-24 20:04:33

පුසාද් මහත්තයෝ, ඉස්සෙල්ලා ප්‍රවෘත්තිය කියවලා ඉන්න.ඒ මව දඩ මුදල් ගෙවන්න හැදුවම භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව තියෙනවා දැක්කේ නැද්ද?

පැතුම් 2012-05-24 18:08:57

01 එම නැති වු පොත සොය වෙළෙද පලෙන් හෝ පුස්තකාලයට ලබදිය යුතුයි

එසේ නොමැති වු විට

02 නැති වු පොතේ වටිනාකම පොතේ වටිනාකම මෙන් 25% පාසලට ගෙවා රිසිට් පතක් ලබා ගත යුතුවේ

මෙහි දී විදුහල් පති ක්‍රියා කර ඇත්තේ කෙසේද දෙවන පියවර අනු ගමනය කර තිබේද? මුද්‍රණයෙන් ඉවත් වු පොතක් වෙලළද පලේ නැවත සොයන් නේ කෙසේද?

මව මුදල් ගෙවීමට උත්සාහ කල විට ඒ සැම අවස්ථාවකදීම මුදල් ලබාලගැනීම ප්‍රතික්ෂේප කර ඇත ලෙහෙසියෙන් දෙවන පියවර සදහා යෑමට අවස්ථාව තිබියදී පොඩි හාමුදුරුවන් ගේ මව 2012-02-13 දින සිට 2012-05-22 වන දින දක්වා 30 වතාවකට වඩා රස්තියාදු කලේ කුමන අරමුණකින්ද? ඔහු නිතියද ඒ ක්‍රියාත්මක කර තිබුනේ? අසරණ දුප්පත් මවගේ මුදල් රු 130 මෙන් සිය ගුණයක් විදුහල් පති විසින් වියදම් කර තිබෙනවාද? මුදල් සේම ඇගේ වටිනා කාලය මේ සියල්ල ගැනත් ඔබ සිතිය යුතු වේ

අශාන් 2012-05-24 19:27:25

විදුහල්පතිතුමා ටිකක් නම්‍යශීලි උණානම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ

ධම්මික 2012-05-24 20:05:05

සුජිත් ආචාර්යය තුමෝ,

සිකුරිටි වෘත්තිය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. කරුනාකරලා ඒකට අපහාස කරන්න එපා

රොමේෂ් 2012-05-24 22:45:30

විදුහල්පති තනතුර කියන්නේ සිසු පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රායෝගික තීරණ ගතහැකි කෙනෙකු විසින් දැරිය යුතු තනතුරක්.. (මාර්ග අනතුරක් උනවිට අපි කව්රුත් කරන්නේ රෝගීන්ව ලගම රෝහලට ගෙනයන්න උදව්කරන එකයි, එවිට පාරෙන් අනික් පසින් යන වාහනයක් හෝ ගෙන්වා ගැනීම සාමාන්‍ය දෙයක්. එතකොට කව්රුහරි කියනවනම් එම රියදුරු විසින් මාර්ග නීති කඩකලා, ඔහු දඩුවම් ලැබිය යුතුයි හෝ ඒ අසල සිටි පොලිස් නිලධාරියෙකු පැමිණ ඔහුට දඩකොලයක් දෙන්නේනම් හෝ එය නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමක්ද ? නීතියනුකුලව අපාගත වීමක්ද ?. ) සැමදෙනාම කලයුත්තේ, නීතියේ රාමුවතුල සිට මානුෂික තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමයි. කෙසේවෙතත් ඕනෑම නීතියක් මනුෂ්‍ය යහපත සඳහාම විය යුතුයි ..

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-24 22:56:36

ධම්මික මට සමාවෙන්න මම එහෙම දෙයක් හිතලා කලේ නැහැ. මට කියන්න ඕන කලේ සත්‍ය වශයෙන්ම මගේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය මිතුරෙකු මුහුණ පාපු සත්‍ය අත්දැකීමක්.එයා විශ්වවිද්‍යාල කලබල කාලයේදී වහලා තිබු‍ණු අවස්ථාවකදී සිකුරිටි එකට උපදෙස් දීලා තිබුණා.කිසිම කෙනෙකුට එයාව හමුවෙන්න එන්න දෙන්න එපා කියලා.දවසක් මගේ මිතුරගේ ‍දෙමව්පියන් දුරබැහැරක සිට මිතුරා තාවකාලිකව නැවතී සිටි ස්ථානයට ඇවිත් හමුවෙන්න.සිකුරිටි අය මොකද කරලා තියෙන්නේ ඒ උපදෙස් අකුරටම පිළිපැදලා ඒ දෙමව්පියන්ව ආපසු හරවා ඇරලා. අඩුම තරමින් සිකුරිටි ඕ.අයි.සීට ට වත් හිතන්න පුළුවන්කම තිබුණා නම් කිසිම කෙනෙක් කියන්නේ අම්මා තාත්තා දෙන්නා නෙවෙයි.වෙන අයයි කියලා පහසුවෙන්ම මේ කරදරය නොවී මඟහරවා ගන්න තිබ්බා.මට මේ කතාව කියන්න දිගවැඩි නිසයි ඒක නොකියා සිකුරිටි විතරක් කියලා ඉස්සරවෙලා කමෙන්ට් එක් දැම්මේ.නමුත් ඒක වැරදියට තේරුම්ගෙන මම සිකුරිටි රැකියාවට අගෞරව කලා කියලා හිතලායි මට එහෙම කියන්න එපා කියලා තියෙන්නේ.මම කවදාවත් පහළ මට්ටමේ රැකියාවලට අගෞරව කරන්නේ නැහැ.ධම්මික නොදන්නවා වුනාට මට එකපාරටම විශ්වවිද්‍යාලයේ උපාධි 5-6 ලැබුනේ නැහැ.පශ්චාත් උපාධි ආචාර්ය උපාධි ලැබුනේ නැහැ.මම දුක් මහන්සි‍වෙලා ඉගෙන ගත්තේ.මට උදව් කරන්නවත් කවුරුවත් හිටියේ නැහැ.මට වයස අවුරුදු 6දී අපේ තාත්තා නැති වුනේ.ඉගෙනීම හා ජීවතය ගෙන යාම සඳහා මම කරපු රැකියා විශාල ප්‍රමාණය අතර අතර සිකුරිටි රස්සාවත් එක රැකියාවක් පමණයි.මම ඊට වඩා පහළ මට්ටමේ දුක්ඛිත රැකියාවල් විශාල ප්‍රමාණයකුත් කරලා තියෙනවා.මේ නිසා මම අද ඉන්න තැන දිහා බලලා මාව වරදවා වටහාගන්න එපා කියලා ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා

ගොනා 2012-05-25 05:07:45

විදුහල්පති "පොත ලංකාදීපයෙන් ඉල්ගනින් කීවේ" නීතිය හරියට ක්‍රියා කරන කෙනෙක් නිසා වෙන්නැති

හර්ෂණ 2012-05-25 07:03:12

පොත නැතිවුනණ් බලපුළුවන් කාර කෙනෙකුගෙ ළමයෙක් අතින්න් නම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑනෙ....

චලිත 2012-05-25 14:29:21

අන්තෝ ජටා බහිජටා

ඉශාම් 2012-05-25 16:10:29

පොතක් ගිය දුර ?

එස්.‍ජේ.එම්. ඉතාලිය 2012-05-26 11:59:19

විදුහල්පතිතුමෝ.. ඔබ නිවැරදි නමුත් මානුෂිකව බැලුවනම් ඔබ ගෞරවනීයය්...

දිනූෂී 2012-05-27 04:54:02

නීතිය කියලා තියෙන විදියටම ක්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්ෙත් ඒය ක්‍රියාත්මක කරන පුද්ගලයා. ඒ වෙලාවට නීතියට එහා දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න තිබුනා. ඒක තීරණය වෙන්නේ ඒම පුද්ගලයාගේ බුද්ධි මට්ටමත් එක්ක.මේ විදුහල්පතිට ඇමති කෙනෙක් හරි කවුරුහරි කතා කළානම් පොතේ ගාන තමන්ගෙ අතින් දාලා ඔය අස්වීම දෙනවා.

නයනා 2012-05-27 04:57:54

සුජිත් නිශාන්ත හේවගේ , ඔබ වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙක් නෙවෙයි. බොරුවට මේ පත්තර වල පලවෙන ඒවාට ආචාර්ය මහාචාර්ය කියල කෑලි ඉස්සරහට දාන්න එපා. ඔබ එක්තරා විදිහක මානසික අසහනයකින් පෙලෙන් කෙනෙක්. ඔබේ facebook ප්‍රොෆයිල් එකේ ඔබම ඔබට ලියාගත් ඒවා දිහා බලපුවාම ඔබේ මට්ටම සිතා ගතහැකියි..ටයි එකක් ගෙන ෆොටෝ එකක් ගත් පලියට ආචාර්ය හෝ මහාචාර්ය කෙනෙක් වෙන්නේ නැහැ. කරුණාකර ඔබ මහාචාර්ය කම කරන ලංකාවේ තියෙන විශ්ව විද්‍යාලය කුමක්ද කියා දන්වනවද?

සුලෝචන 2012-05-30 11:42:18

ඉංග්‍රීසි කියමනක් තියෙනවා Knowledge is knowing that a tomato is a fruit; wisdom is not putting it in a fruit salad කියලා. නීති පොතේ මොනවා තිබුණත්, අදාළ අවස්ථාව අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන අවසාන තීන්දුව ගන්නේ මොළයක් ඇති මිනිසායි. තායිලන්තයේ රියැදුරකු වරක් උසාවියට ඉදිරිපත් කෙරුණා දරුවකු ලබන්න ඔන්න මෙන්න ඇති කාන්තාවක් රෝහලට ගෙනයාමේදී මාර්ග නීති කිහිපයක් බිඳ දැමීම වෙනුවෙන්. විනිසුරුතුමා ඔහු වරදකරු බව තීරණය කළ අතර ගෙවිය යුතු දඩය භාත් 1 කට (රුපියල් 2,50ක් විතර - තායිලන්තයේ අඩුම මුදල් ඒකකය) සීමා කළා. මේ විදුහල්පතිතුමා වගේ කෙනෙක් විනිශ්චයාසනයේ හිටියා නම් මොනවා වෙයිද කියා හිතන්න පුළුවන්නේ. වයසට අනුව මොළේ වර්ධනය නොවුනාම එහෙම තමයි.

සුලෝචන 2012-05-30 12:22:46

ඉංග්‍රීසි කියමනක් තියෙනවා Knowledge is knowing that a tomato is a fruit; wisdom is not putting it in a fruit salad කියලා. නීති පොතේ මොනවා තිබුණත්, අදාළ අවස්ථාව අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන අවසාන තීන්දුව ගන්නේ මොළයක් ඇති මිනිසායි. තායිලන්තයේ රියැදුරකු වරක් උසාවියට ඉදිරිපත් කෙරුණා දරුවකු ලබන්න ඔන්න මෙන්න ඇති කාන්තාවක් රෝහලට ගෙනයාමේදී මාර්ග නීති කිහිපයක් බිඳ දැමීම වෙනුවෙන්. විනිසුරුතුමා ඔහු වරදකරු බව තීරණය කළ අතර ගෙවිය යුතු දඩය භාත් 1 කට (රුපියල් 2,50ක් විතර - තායිලන්තයේ අඩුම මුදල් ඒකකය) සීමා කළා. මේ විදුහල්පතිතුමා වගේ කෙනෙක් විනිශ්චයාසනයේ හිටියා නම් මොනවා වෙයිද කියා හිතන්න පුළුවන්නේ. වයසට අනුව මොළේ වර්ධනය නොවුනාම එහෙම තමයි.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :