Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
බුදු දහම එන්නත් කලින් තිස්සමහාරාමයේ හැදු සඳගිරිසෑය
2012 මැයි මස 13 13:10:00 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ඉර අවරගිරේ සැඟව යන්නට සූදානමින් සිටි හැන්දෑවක අනුරපුර පුදබිමේදී දුටු දසුනක් දැනුදු මගේ මතකයට නැගෙයි. එක් පසෙකින් ශ්වේත පැහැයෙන් දිලෙන රුවන්මැලි මහා සෑයත් තවත් අතෙකින් ගඩොල් පැහැගත් ජේතවනාරාමය සහ අභයගිරියත් මගේ නෙතට හසුවෙමින් තිබුණි. මහ සෑරදුන් අතීත ශ්‍රී විභූතියක මහිමය කියා පාමින් නිසලව වැඩ සිටියේ නිහඬ අතීතයක අනිගිභවනීය උරුමය වදනින් නොකියන උරුමයක් විලසිනි.
සිත නිසල කළ ඒ දසුන යළිඳු මගේ මතකයට පිවිසියේ ක‍්‍රි.පු 250, ක‍්‍රි.පු 200 තරම් ඈතට දිව යන ස්තූප දෙකක පුරාවත නැවත අනාවරණය වෙමින් පවතින පසුබිමකය.
ක‍්‍රි.පු 250 තරම් ඉපැරැණි අතීතයක් දරා හිඳින වගට කාලනීර්ණය කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරත් කි‍්‍ර.පු 200 තරම් අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ රාජයුගයක් කරා විහිද යන බවට අද සාක්‍ෂි දරයි.
අපේ ඉතිහාසයේ පළමුවැනි වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ සතූප දෙකක අතීතය ක‍්‍රි.පු 250 කි‍්‍ර.පු 200 තරම් ඈත යුගවලට අයත් වෙන බව තහවුරු කර ඇත.
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ නව වැඩපිළිවෙළකට අනුව දැන් මෙවැනි කාර්යයන් සිදු කරන අතර පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ කාර්යයන් සිදු කෙරීගෙන යයි. තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයේ කැණීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2000 වසරේදීය. 1986 දී රණසිංහ පේ‍්‍රමදාස මහතා කතරගම ගම්උදාව කරගෙන යන කාලයේදී සඳගිරි සෑය ප‍්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කළත් වසර 2000 වෙද්දී සඳගිරි සෑය කඩා වැටීමකට ලක්විය.
දාගැබ සංරක්ෂණයට පෙර විධිමත් පරීක්‍ෂණ කැණීමක් කිරීම පිළිබඳ අවධානය යොමුවූයේ මේ අනුවය.
මහා පරිමාණ බෞද්ධ ස්ථූපවලට ප‍්‍රතිසංස්කරණ අවධි කිහිපයක්ම ඇත. මහරජ කෙනකු මූලින් ගොඩනංවන ස්තූපය ඉන් පසු යුග යුගයන්හි රජවරු විසින් විවිධ ප‍්‍රතිසංස්කරණවලට බදුන් කරනු ලැබේ. ස්තූපය සංරක්‍ෂණය කරන්නට පෙර එම ස්තූපය අවසන් වරට ප‍්‍රතිසංස්කරණයකට බදුන් වූයේ කවර යුගයකදී දැයි යන්න විධිමත් පරීක්‍ෂණ කැණීමක් ඔස්සේ තහවුරු කරගනු ලැබේ. මුල් දාගැබේ සැලසුම හඳුනා ගැනීමත් ප‍්‍රතිසංස්කරණ අවධි හඳුනා ගැනීමත් සංරක්‍ෂණ කාර්යයට පෙර වැදගත් වෙයි.
2000 වසරේදී එවකට පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එච්. විජේපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ ආචාර්ය නිමල් පෙරේරා ප‍්‍රධාන අධීක්‍ෂණ නිලධාරීයා ලෙස මෙම විධිමත් පරීක්‍ෂණ කැණීමට දායත්වය සැපයූවේය.
දාගැබේ අවධි ගණනාවක් පිළිබඳ තොරතුරු සම්භවූයේ එම විධිමත් පරීක්‍ෂණ කැණීමේදීය.
එම ස්තූපය ගොඩනැංවීමට පෙර එම භූමියේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවැති බවට තොරතුරු හෙළිදරව් විය. ඒ එහි පළමු අවධිය වුවත් එම අවධිය පිළිබඳව තවදුරටත් සොයා බලා කාලනීර්ණය කරන්නට තරම් ප‍්‍රමාණවත් නියැදි සම්භ වූයේ නැත. එහෙයින් එම පළමු අවධිය පිළිබඳව කාල නිර්ණය කිරීමක් සිදු වූයේ නැත.
ඉනික්බිති එම අවධියෙන් පසු අවධිය යකඩ යුගයට අයත් ජනාවාසයක ලකුණුවලින් යුක්තවිය. කාලනිර්ණය කරන්නට තරම් නියැදී එම අවධියෙන් සොයාගත් නිසා එම අවධිය පිළිබඳව කාලනිර්ණයක් කළ අතර ඒ අනුව එම ජනාවාසය කි‍්‍ර.පු. 900 තෙක් ඈත අතීතයකට දිවෙන බව තහවුරු විය. පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් එම ජනාවාසයෙන් කාල - රක්ත මැටි බඳුන් ආදී ඓතිහාසිකත්වය විවරණය කරන සාක්‍ෂි හමුවිණි.
ක‍්‍රි.පූ. 200ට අයත් යැයි සැලකෙන සඳගිරි සෑය මුල්වරට ඉදිකර ඇත්තේ පොළොව යට තැනු ගල්වරි 47ක වේඳිකාවක් මතය. ඒ ගල්වරි නිර්මාණය කර ඇත්තේ ශක්තිමත් ගඩොලිනි.
ඇමරිකාවේ බීටා ඇනලටික් පරීක්‍ෂණාගාරයේදී මෙම කාලනිර්ණ පරීක්‍ෂණ පවත්වා තිබේ. දැලිවල කොටවෙහෙර සහ සඳගිරි සෑය යන ස්ථානවල පාදමෙන් සොයාගත් අගුරු කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමුකිරීමෙන් මෙම කාලනිර්ණ තහවුරු කරගෙන ඇත.
එදා අතීත රජුන් දවස ස්තූප ඉදි කිරීමේදී පාදම ඉදිකිරීම පිණිස කණින බිම පිළිස්සීමකට ලක්කර ඇත. පුරා විද්‍යා කැණීම්වලදී එම ස්ථර වලින් ඒ අඟුරු හමුවේ. අදාළ කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමු කරන්නේ කැණීම්වලදී සොයාගත් ඒ අඟුරුය.
මහාවංශය ප‍්‍රධාන කොටගත් වංශ කතා කියන පරිදි කි‍්‍ර.පු 250-210 යුගය අනුරාධපුර රජකම් කළ දේවානම් පියතිස්ස රාජ යුගයයි. ඇමෙරිකාවේ බීටා ඇනලටික් පර්යේණාගාරය ලබාදුන් කාල නිර්ණ දත්තය මහාවංශයේ එන එම ඉතිහාස කතාන්දරයෙ ද ඉඳුරාම තහවුරු කරන තවත් සාක්‍ෂියක් වැන්න. වංශ කතාවල කියැවෙන පරිදි දේවානම් පියතිස්ස රජු දවස මෙම නිර්මාණය කරවනු ලැබ ඇත්තේ මහානාග නම් කුමරු විසිනි.
සඳගිරි සෑයේ ගර්භය මුදුනේ ද කැණීමක් කර ඇති අතර ගඩොලින් කළ ගල්වරි 47 වේදිකාවෙන් පසු ප‍්‍රතිසංස්කරණ අවධි සඳහා ඊට වෙනස් ගඩොල් භාවිත කර ඇත.
සඳගිරි සෑයටත් වඩා ඉපැරැණි රඹුක්කන දැලිවල කොටවෙහෙර (ක‍්‍රි.පූ. 250) ආසියාවේ මෙතෙක් හමු වූ පරැණිම සේද රෙදිකඩ තම සන්තකයේ දරා සිටි ඉපැරණි ස්ථූපයකි. පබලූ මුතු ඇල්ලූ සේද රෙදිකඩකින් ඔතන ලද රත්තරන් කරඬුවක් දැලිවල කොටවෙහෙරින් හමුවී ඇත.
සාමාන්‍යයෙන් පුරා විද්‍යා සන්දර්භවල රෙදිකඩ රැඳී තිබෙන්නේ නැත. එහෙයින් මෙය විරල හමුවීමකි. ධාතූන් වහන්සේලා නිධන් කරද්දී සේද රෙද්දෙන් ආවරණය කර ඇත. සේද රෙද්දෙන් එතූ කරඬුව හමුවද්දී එම සේද රෙදිකඩ තිබුණේ කරඬුවටම ඇලී ගිය ස්වභාවයකිනි. සේද රෙදි කඩ ආරක්ෂාවී තිබුණේ ද එහෙයින්මය. එය අද දෑසට හසුවන්නේ අවර්ණවත් රෙදිකඩක් ලෙසය.
ඔස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරන පෞරාණික රෙදිපිළි පිළිබඳ විශෙෂඥවරියක වන මහාචාර්ය ජූඞීන් කැමරන් විසින් කොටවෙහෙරින් හමු වූ සේද රෙදිකඩ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන ලදී. එම සේද රෙදි කඩ කවර දේශයක කවර තැනක නිපදවූවේද යන්න පිළිබඳව සොයා බලන්නට සාධක නැති වුණත් මේ කාලය වෙද්දී සේද මාවත ඔස්සේ පැමිණෙන සබඳකම් පැවති බවට ඉතිහාසය දෙස් දෙයි.
එහෙයින් මෙම සේද රෙදිකඩ සේද මාවත ඔස්සේ මෙරටට ගෙන එන ලද්දක් විය හැකි බව අපට විශ්වාස කළ හැකිය.
ඉතිහාසයේ විචිත‍්‍රවත් කඩඉම් පොළෝ තලයේ මහ ගැඹුරේ මෙන්ම නටඹුන් තුළ ද ශේෂව පවතියි. මේ ඒ බොහෝ වූ සැඟවුණු අතීත තොරතුරු කදම්බයක් අතරින් මතු වූ එක් අතීත පරිච්ෙඡ්දයක සලකුණු පමණි.
(තොරතුරු ලබා ගැනීමේ දී සහාය දුන් පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතාට අපගේ ස්තූතිය)

නටබුන්

තිස්ස වැව

තිස්සමහාරාම චෛත්‍යය
අදහස්(53)
බැලූවෝ (22062)
බුදු දහම එන්නත් කලින් තිස්සමහාරාමයේ හැදු සඳගිරිසෑය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
අනුරාධ 2012-05-13 21:09:22
සාධු! සාධු! සාධු! අපේ පුංචි මවුබිම කොයි තරම් වාසනාවන්තද?
ruwan chinthaka 2012-05-14 20:00:44
ශ‍්‍රී ලංකාව තුල ඇත්ත දැනනගන්න තියෙන පත්තරයක් නම ඒ ලංකාදීප. අපි කියවන්නෙත් දිනපතා ලංකාදීප පාත්තරයයි.
kk 2012-05-14 20:43:49
මගේ මවු බිම වාසනාවන්
සුමිත්‍රා 2012-05-15 03:16:31
මේ රට තාරකාවක් වගේ දීප්තිමත්
බණ්ඩාර 2012-05-15 13:16:06
මෙවැනි වටිනා ලිපි තව තවත් සම්පාදනය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා
වසන්ත 2012-05-15 14:45:38
මවුබිම නම් වාසනාවන්තයි තමයි.ඒත් මේකේ වැඩි හරියක් ඉන්නේ මෝඩයෝ
ෂාෆි- UAE 2012-05-15 16:24:21
මම සතුටු වෙනවා ලංකාවේ ඉපදුනු එක ගැන
අභිමන්ත 2012-05-19 12:56:15
ගම ගැන ආඩම්බරයි...........
චන්දවිමල හිමි 2012-05-24 15:36:21
හරිම වැදගත් ලස්සන ලියවිල්ලකි. බොහොම පිං.. සදගිරි සෑය වැන්දෙමි. කොට වෙහෙර වදින්න යන්නෙමි
සුපුන් 2012-05-30 10:53:35
මේරට ගැන නිසි ආදරයක් නැති එකයි ප්‍රශ්නෙ. නැත්නම් මේවා වල්බිහි වෙයිද? දැන් මිනිස්සුන්ට සල්ලි විතරයි.
චානා 2012-06-01 10:01:46
බුදු දහම ලංකාවට ගෙන ආවා නොව මේ බුදුන්ගේ ජම්බුද්වීපයම බවට මෙයත් කදිම සාක්ෂියකි.
කුමුදු 2012-06-02 16:40:13
මෙවැනි වටිනා වැදගත් ලිපි තව තවත් සම්පාදනය කිරීමට "ලංකාදීපයට " ශක්තිය ධෛර්යය ලැබේවා
කෝකිල 2012-06-07 13:54:10
වාසනාවන් ..........වාසනාවන්... මගේ මව් බිම ගැන...
chamara 2012-06-08 17:06:37
රටගැන ආඩම්බරයි. ලංකාදිපටය ස්තුතියි.
මායා 2012-06-11 16:07:25
අපේ බෞද්ධ සිද්ධස්තාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු .ලංකාදීප කර්තෘ මණ්ඩලයට ස්තුතියි.
විශාක 2012-06-14 15:50:41
ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි..
දීපාල් 2012-06-15 12:34:19
ලෝකයෙන්ම උතුම් රට ලංකාව කියලා කිවුවේ නිකන්ම නෙමෙයි.ඒ අතීත ශ්‍රී විභූතිය යළිත් මේ රටේ ඇතිවේවා!
රේණුකා 2012-06-17 02:30:12
සැපතින් සපිරිණු නිවහල් දෙරණයි.. උපතින් මා හට මේ හැම උරැමයි...
තිළිණි 2012-06-19 14:11:11
මම තිස්සමහාරාමේ පදිංචි පුද්ගලයෙක්....මම මේ පුවත ගැන ගොඩක් සතුටු වෙනවා...
ප්‍රියලත් 2012-06-19 14:52:59
මම කතරගම..මේ ලිපිය ඉතාම වැදගත්.
2012-06-19 15:05:09
ගම ගැන ආඩම්බරයි...........
අමල් 2012-06-22 12:53:45
අපේ පැරණි ශ්‍රී විභූතිය මතු පරපුරට දැකගන්න, ආරක්ෂා කරදීම බලධාරීන් වගකීමයි.
ගෝතමී 2012-06-22 13:33:55
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
මදනායක 2012-06-23 07:58:13
අපේ ලංකාව සුර පුරයකි. එය රැක ගැනීම කාගෙත් යුතුකමකි..
මෙවැනි ලිපි කියවීමට ලැබීම කොතරම් සතුටක්ද??
සමාධි 2012-06-28 10:57:14
ත්‍රිපිටකය, දීප වංශය , ධාථු වංශ, ආටානාටිය සූත්‍රය, ආදිය කිවවා බලන්න...
බන්දුල 2012-06-30 10:04:41
ලෝකයේ පළමු චෛත්‍ය ගිරි හඩු සෑය.. ඒක තියෙන්නේ අපේ රටේ හැදුව තපස්සු භල්ලුක වෙලද දෙබෑයෝ.. දැන් එතකෙට වෛත්‍ය කර්මාන්තය කියල දුන්නෙ අපිද? නැත්නම් ඉන්දියාවද? මේ චෛත්‍යත් ඒකට හොද සාක්ෂියක් නිවැරදි ඉතිහාසය හැරිහැටි දැනගන්න. පුළුවන් නම් අපේ ඉතිහාසය හරියටම ලියල තියෙන උත්තර වංසය හොයාගන්න. ඒක ගැන සටහනක් රාජාවලියෙ තියනවා...
ගයාන් 2012-06-30 15:29:45
මගේ මව්බිම ැන මට ගොඩක් ආඩම්බරයි....!!
kumudumalee 2012-07-02 09:44:27
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න
ශ්‍රී ලංකාව බුදුන්ගේ ජම්බුද්වීපයමයි.
මාලික 2012-07-02 12:56:29
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? ...
ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න. අම්පාර මැදචව්විය ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් තියෙනවා . මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක් .
ජයරත්න 2012-07-02 20:25:44
අපේ ලංකාව ගැන ආඩම්බරයි...........
ජයරත්න 2012-07-02 20:28:27
අපේ ලංකාව ගැන ආඩම්බරයි...........
ජයරත්න 2012-07-02 19:49:33
අපේ ලංකාව ගැන ආඩම්බරයි...........
මර්ව්න් 2012-07-09 15:28:21
මගේ මව්බිම ගැන මට ගොඩක් ආඩම්බරයි....!!
අජන්ත ටී.එම්. 2012-07-19 15:43:15
ඊනියා ඉතිහාසයට යටත්වෙලා තිබෙන අපේ ඉතිහාසය නැවත මතුවෙන එක ගැන සතුටුයි...!!
අරංගල 2012-07-20 21:57:37
ලංකාව විශිෂ්ඨ දේශයක් (දී)
ප්‍රියදර්ශනී 2012-07-26 12:03:51
ශ්‍රී ලංකාව බුදුන් උපන් ජම්බුද්වීපයමයි...(නු)
ෂෙරීෆ් 2012-07-29 00:49:46
බුදුන් සිටියේ අසල්වැසි රටේනේ......??? (නි)
චානක.විරාජ් රත්නසිරි 2012-08-04 08:29:13
මේ අපේ අබිමානයයි . (ත)
නිලන්ක චතුරංග
2012-08-05 10:12:07
අපේ ප්‍රෞඩ ඉතිහාසය. (ත)
නුවන් 2012-08-08 10:19:11
තිස්සමහාරාමය නියමයි(වි)
සෙනෙවිරත්න 2012-08-10 14:36:19
රුහුණේ අභිමානය..(ස)
කාවින්දි 2012-08-18 20:25:13
මම මගේ රටට ආදරෙයි.. මට ආඩම්බරයි මගේ රට ගැන මේක බුදුන්ගේ දේශයයි.. මම එය දන්නවා..!!(නු)
උදය 2012-08-22 02:18:20
එම සේද රෙදි කඩ සහිත ඡායාරූපයක් හැකිනම් පළ කරන්න..!!(නු)
කුමාරි 2012-08-22 15:18:10
අපේ රට හරිම වාසනාවන්ත ලස්සන රටක්නේ.....(ස)
අරුණ අභේරත්න
2012-09-01 05:00:11
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි. පරම සත්‍ය මතුකර ලොවට හඩගා පැවසූ අති ගෞරවනීය පුජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට මාගේ නමස්කාර වේව! (නි)
චතුර 2012-09-07 12:33:06
අපේ අභිමානය ලොවටම පෙන්වන්න සියලුදෙනාම එකතු විය යුතු කාලයක් මේ.(ස)
චතුර 2012-09-07 12:39:55
අපේ අභිමානය ලොවටම පෙන්වන්න සියලුදෙනාම එකතු විය යුතු කාලයක් මේක (ස)
නන්දනී 2012-09-14 14:14:03
මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි ලොවට හඩගා පැවසූ අති ගෞරවණීය පුජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට මාගේ නමස්කාර වේවා .(ස)
සන්සලා 2012-10-05 11:37:08
නන්දනී. මම ඔයා සමඟ එකඟයි (ස)
චාමික 2012-10-15 13:14:58
බුදුන් උපන්නේ ලංකාවේ කියාල ඉතිහාසය වෙනස් කරන්න හදන්න එපා (ස)
නිශාන්ත 2013-05-16 14:42:57
ඉන්දියාවේ ඉන්න අයගේ වැඩයි , ලංකාවේ අයගේ ගතිගුණයි බැලුවම ඇත්තටම බුදුන් උපන්නේ ලංකාවේ කියල හිතෙනවා. මොකද උන් එච්චරකට සක්කිලි ජාතියක්. බුදුන්ට මගේ නමස්කාරය වේවා.(නදී)
නිත්‍යා 2013-01-05 13:09:25
ඉතාමත් වටිනා ලිපියක්..ස්තූතියි (ස)
ඉන්දික 2013-02-13 14:26:28
මේ කිසිම දෙයකින් ලංකාව බුදුන් උපන් දේශය බවට තහවුරු වෙන්නෙ නැහැ.බුදු දහම ලංකාවෙ ස්ථාපිත වුණේ ඒක හොඳින් පිළිගන්න ජාතියක් මෙරටේ හිටපු නිසා. ලංකාව බුදුන්ගෙ දේශය හැටියට බොරු මත ඉදිරිපත් කළ හාමුදුරුවොම නැවත එවැනි වරදක් නොකරන බව ප්‍රකාශ කර තිබෙන නිසා ආයිත් මේ වගේ කතා කියන්න එපා (ස)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17249)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16327)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12602)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12489)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12318)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11334)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(50)
(9974)