මධ්‍යම ආසියානු 18 න් පහළ පැසිපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
2012 පෙබරවාරි මස 23 10:21:42 | සජීක ජයසිංහ
මධ්‍යම ආසියානු කලාපීය වයස 18 න් පහළ පැසිපන්දු තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ඉන්දියාව බලා පිටත්ව යයි. තරගාවලිය හෙට (24) සිට මේ මස 26 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වේ.
සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් මෙම තරගාවලියේදී ශූරතාව සඳහා තරග වදියි. තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායම ආසියානු තරගාවලියට සුදුසුකම් ලබයි. සංචාරක ශ්‍රී ලංකා පිලට කොළඹ රාජකීය විදුහලේ ක‍්‍රීඩකයෝ සිවු දෙනෙක් ඇතුළත් වෙති.

සංචාරක ශ්‍රී ලංකා පැසිපන්දු පිල: ඉදිරිපෙළ වමේ සිට: ළහිරු කරළියද්ද (මහනුවර කොළඹ ජාත්‍යන්තර පාසල), නිතේෂ් රණසිංහ (කොළඹ ජාත්‍යන්තර පාසල), ලාල් ඉන්ද්‍රකුමාර මහතා (කළමනාකරු), හර්ෂ ප‍්‍රනාන්දු මහතා (කණ්ඩායම් ප‍්‍රධානී), තරිඳු ප‍්‍රනාන්දු මහතා (පුහුණුකරු), ජිතේන්ද්‍ර ද සිල්වා (කොළඹ ජාත්‍යන්තර පාසල), ප‍්‍රවීන් ගන්ලත් (කොටහේන ශා.බෙනඩික්) , පසුපෙළ වමේ සිට: සන්දීප රත්නායක (රාජකීය), අෂේන් මෙනුක (රාජකීය), ජූලියන් ගුණසිංහ (රාජකීය), රජිත හෙට්ටිආරච්චි (නුගේගොඩ ලයිසියම්), අනුක් අබේසේකර (මීගමුව මාරිසේටෙලා), සමීර චානක (රාජකීය), රජින් ප‍්‍රනාන්දු (කොළඹ ගේට්වේ)
අදහස්(0)
බැලූවෝ (475)
මධ්‍යම ආසියානු 18 න් පහළ පැසිපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
මර්වින්ගේ රන් රහස හෙළිවෙයි
(83)
(23048)
තාත්තාගෙන් බේරෙන්න පෙම්වතා සමග හෝටලයට රිංගූ තරුණිය අයියාට අසුවේ
(55)
(22270)
අධික වේගයට නොවරදින බේතක්
(16)
(18137)
යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි
(32)
(17845)
ඉබේ ඇරෙන ගේට්ටුවට ඉබේම ගෙල සිරවේ
(35)
(17000)
බසයක් කිරිබත්ගොඩදී පාලමේ එල්ලෙයි
(42)
(15742)
පියාසර කොමදෝරු කාමරයේ දී මරුට
(18)
(15344)
හීනෙන් දුටු පෙම්වතිය සොයා පෙම්වතා මහ රෑ ගෙදර ගිහින්
(16)
(14297)