2012-05-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.126.7700 , විකුණුම් මිල රු.130.6300 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.1700 , විකුණුම් මිල රු.209.0300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.6800 , විකුණුම් මිල රු.166.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.133.5300 , විකුණුම් මිල රු.139.2900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.125.1600 , විකුණුම් මිල රු.130.2900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.125.0800 , විකුණුම් මිල රු.130.5300 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.7800 , විකුණුම් මිල රු.103.7400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.5700 , විකුණුම් මිල රු.1.6346 |

දෙවි බවට පත් කිරීමෙහි පහන් සිත බලපෑ සැටි

2011 සැප්තැම්බර් මස 09 18:11:07 | nugawela

Share

යුගල වග

පින් කළ අය කරා සැප එන               සැටි

කුසල් අකුසල් නමැති දේ                 දහම්

සිතිනි ඉපැදේ සිත පෙරටු                   වේ

සුසිතෙකින් කීවහොත්              කෙරුවොත්

සැපත නිති සියොළඟ ම වනු             ඇත

සෙවණැල්ල පසු පස හඹන              ලෙස

(මට කොඩොල් දෙවි පුතුන් වෙනුවෙනි)

ගී පබැඳුම - තිලක් නවරත්න

2. යමක වග්ගෝ

මනෝ පුබ්බංගමා ධම්මා  මනෝසෙට්ඨා මනෝමයා

මනසා වේ පසන්නේන  භාසති වා කරෝති වා

තතො නං සුඛමන්චේති  ඡායාව’ අනපායිනි

නිදාන කතාව

දෙවි බවට පත් කිරීමෙහි පහන් සිත බලපෑ සැටි

ඉතා දනවත් බමුණෙකි. වාසය කෙළේ සැවැත් නගරයේ. බමුණා හරිම ලෝබයා. මහා දනයක් තිබුණත් අනුනට හුණු විටකට තම් දෙයක් වත් දුන්නේ නෑ. ඒ නිසා ‘‘ අදින්න පුබ්බක’’ නම පට බැඳුණා. අදින්න පුබ්බක ගේ ගෙදර කෑවේත් x බීවේත් බෝහෝම නිසරු දේ. ඔවුනට පුතෙක් හිටියා. නම ‘‘මට්ටකුණ්ඩලී’’ රන්කරුවකුට කරාබු තැනීමේ දී ගෙවිය යුතු හෙයින් ඊට ලෝබ වූ අදින්න පුබ්බක පුතුට කරාබු තමන් විසින් ම තැනුවා. කැටයම් නැති මට කඩොල් දෙකක් තනා කන පැළැදුවුවා. පුතු පාසල් යැව්වේ වත් නෑ.මට කඩොල් පුතු උගත් නොවුණට ගුණවත්. පවු කෙළේය නෑ. හරි හැටි කෑමක් බීමක් නැතිව කටුක ව වැඩුණු පුතා ලෙඩ වුණා. වෙදුනට ගෙවීමෙහි පවා ලෝබ වූ පියා ලෙඩ වූ පුතුට වෙදකම් ද පැහැර හැරියා. ලෙඬේ වැඩි වුණා. පුතු මරණාසන්න වුණා.පුතු මළොත් මරණයට ගෙට එන අය සිය දනය දකිති යි බියෙන්, පුතු පිලෙහි නිදිකැරැු වුවා. මේ ලෙඩ පින්වත් දරුවා කෙරෙහි කරුණාවෙන් නිවෙස ළඟින් වැඩම කළ බුදුරදුන් දැක මටකොඩොල් පැහැදුණා. මේ ලොව ඔසු නොලත් දරුවා පරලොවට පිළියම් ලැබුවා. පසන් සිතින් කලූරිය කළා. ඒ පහන් සිත් වැඩූ කුසල් බලයෙන් දෙවි ලොව උපන්නා. ‘ මට්ටකුණ්ඩලී’ වෙනුවෙන් බුදුන් වදාළේ පහන් සිතින් කැරෙන කුසල් හේමලයකු සේ පසුපස අත් නොහැර පැමිණ සැප සදනවග‘යි.

 

අදහස්(0) බැලූවෝ (2012)

දෙවි බවට පත් කිරීමෙහි පහන් සිත බලපෑ සැටි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :