2012-05-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.126.7700 , විකුණුම් මිල රු.130.6300 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.1700 , විකුණුම් මිල රු.209.0300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.6800 , විකුණුම් මිල රු.166.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.133.5300 , විකුණුම් මිල රු.139.2900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.125.1600 , විකුණුම් මිල රු.130.2900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.125.0800 , විකුණුම් මිල රු.130.5300 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.7800 , විකුණුම් මිල රු.103.7400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.5700 , විකුණුම් මිල රු.1.6346 |

වෛරය නිවාගැනීම මනා ය.

2011 සැප්තැම්බර් මස 09 18:16:31 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

Share

බැන්න වග ගැහුව             වග

පැරැදු වග පැහැරු            වග

යළි සිතා වෙර             කළොත්

නිම නො වේ බැදුණු          වෙර

( තරතිස් තෙරුන් වෙනුවෙනි )

ගී පබැඳුම - තිලක් නවරත්න

යමක වග්ගෝ

අක්කොච්ඡි මං අවධිමං අජිනි මං අහාසිමේ

යේ තං උප නයිහන්ති වේරං තේසං න සම්මති

නිදාන කතාව

වයිරය නිවාගැනීම මනා ය.

දෙවුරම් වෙහෙරේථුල්ලතිස්ස නම් තෙර නමක් වාසය කළා.රජකුල නෑකම් ඇති තරතිස් තෙර ගේ මවත් සුදොවුන් රජුත් සෝවුරු සොයුරියෝ. ඒ කියන්නේ බුදුරදුන් ගේ නැන්දනී දේවිය ගේ පුතා. තරතිස් තෙර පැවිදි වූයේ මහලු වියේ දී. වයසින් මහලු යි. ගුණයෙන් නම් මහලු නෑ. ඒ නෑකම් හෙයින් උඩඟු යි. රජකුල මානයෙන් මහ තෙරුනට පවා ගරුසරුවක් නෑ. බුදුරදුනට ලැබෙන මියුරු දනින් යැපී කයින් මහත් ව තරබාරු ව උජාරුව වෙසෙනවා.

දෙවුරමට එන සැදැහැතියන් තරතිස් තෙර මහ තෙර නමකැ’යි සිතා බුහුමන් කරනවා. ථුල්ල තිස්ස තෙරත් ඒ සැලැකුම් නොසොල්මන් ව ඉවසනවා. ඒ මහලු පැවිද්දා ගේ බොල් සිරිත ගැන තරුණ හිමිනමක් දොස් නැඟුවා. පැවිදි බවින් වැඩිමහල්ලනට ගරු නොකිරීම ගැන දොස් නැඟුවා.වැඩිහිටියන් කෙරේ සුළු වත්පිළිවෙත් හෝ නොකිරීම ගැන ගැරැහුවා. තරතිස් තෙර කෝප වුණා.‘තොප මා ගැන දන්නේ නැතැ’යි කියිමින් බුුදුරදුන් බැහැදැක පැමිණිලි කළා.

බුදුරජාණන් වහන්සේ හැබෑව දැනගත්තේ තරතිස් තෙර ගෙන් ම යි. වැඩිිහිටියන් කෙරේ වත්-පිළිවෙත් නොකිරීම මෙන් ම වැඩිහිටියන් නො පිදීමත් වරද බව දක්වා වදාළා. වරදෙන් මිදෙන්නට සඟුන් කමා කැරැ ගැනීමට අවවාද කළා. වරද පිළිගැනීමට අකීකරු වුණා. දඩබ්බර වුණා. ඒ තෙර ගේ අකීකරු පෙර බව පුවත ද ගෙනහැර පෑවා.

‘කොව සහිත වෙර බැදුම මෙනෙහි නොකැරැ අමතක කිරීමෙන් වෙර සංසිඳෙන වග’ සිරි මුවින් වදාළා.

අදහස්(0) බැලූවෝ (2284)

වෛරය නිවාගැනීම මනා ය. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :