වෛරය නිවන සනාතන නියමය
2011 සැප්තැම්බර් මස 09 18:15:17 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
කවර දාවත් ලොවේ
වෙරින් වෙර නිම නොවේ
අවෙරින් ම වෙර නිවේ
සතිර දම එය ම වේ
( කාළි යකිනිය වෙනුවෙනි )
යමක වග්ගෝ
න හි වේරේන වේරානි සම්මන්තිධ කුදාචනං
අවේරේන ව සම්මන්ති ඒස සනත්තනෝ
සැවැත් නුවර එක් තරුණ විවාහකයෙක් වාසය කළා. සිය පියාණන් ගේ මරණින් පසු ගේ-දොර වතු-පිටි බලා-හදාගෙන වැඩිදියුණු කැරැුගෙන මවට ද නෑසියනට ද සලකා බලාගෙන හොඳින් වාසය කළා. පුතු ගේ මනා පැවැතුම ද දියුණ ද දුටු මව ඔවුනට කරකාරයක් කරදුන්නා. රූ සිරි නො අඩු වූවත් ලේලියට දරුවන් ලැබුණේ නෑ.දරුවන් නැතිකමින් පවුලේ දේපල අපතේ යති’යි සලකා වෙනත් තරුණියක ද පුතුට පාවා දෙන්නට මව අදහස් කළා. වඳ බිරිය ද ඊට කැමැත්තදුන්නාබිරියන් දෙදෙනා ම සමඟි ව එකගෙයි විසුවා.
දරුවන් ලදොත් දෙ වන බිරිය වැඩි සැලැකිලි ලබනු ඇතැ’යි පළමුවන බිරිය ඉසි සිත් ඇති කළා. දෙවන බිරිය දෙවරක් ම ගබ් ගත්ත ද දෙවන බිරියට ගබ්සා ඔසු අහරට මුසු කැර ඇයට හොරා ම ගබ්සා වන තැනට වැඩ යෙදුවා. තෙ වන වර ගබ් ගත් වග වහන් කළ නිසා ගබ මේරුවා මේරූ ගබ දුටු පළමු බිරිය කෝප ව අහරට ගබ්සා ඔසු යළි දු මුසු කළා.
මේරූ කලලය ගබ්සා වුණේ නෑ.දෙවන බිරිය නුඹ මගේ දරු දෙ දෙනකු ම මැරුවා. දැන් තුන් වැන්නාත් මාත් මියැදෙනවා.‘මම මතු බවයන්හි යකිනියක ව ඉපිද නුඹත් නුඹේදරුවනුත් මරනවා’ යි පැතුවා. මතු බවයන්හි ඒ කුපැතුම එසැටි ම ඉටු වුණා.මෙ බවයන්හි දී යකිනියක වී දරු දෙදෙනකු ම මැරුවා. බුදු රදුන් විසින් තෙ වන දරුවා බේරා ගැනුණා. වයිරයෙන් වයිරය නොසන්සිඳෙන වග වදාළා. දෙ දෙන සමඟි කරවා වෙර සංසිඳවා වදාළා.
අදහස්(0)
බැලූවෝ (2067)
වෛරය නිවන සනාතන නියමය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
මර්වින්ගේ රන් රහස හෙළිවෙයි
(83)
(23043)
තාත්තාගෙන් බේරෙන්න පෙම්වතා සමග හෝටලයට රිංගූ තරුණිය අයියාට අසුවේ
(55)
(22265)
අධික වේගයට නොවරදින බේතක්
(16)
(18134)
යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි
(32)
(17841)
ඉබේ ඇරෙන ගේට්ටුවට ඉබේම ගෙල සිරවේ
(35)
(16997)
බසයක් කිරිබත්ගොඩදී පාලමේ එල්ලෙයි
(42)
(15742)
පියාසර කොමදෝරු කාමරයේ දී මරුට
(18)
(15341)
හීනෙන් දුටු පෙම්වතිය සොයා පෙම්වතා මහ රෑ ගෙදර ගිහින්
(16)
(14294)