2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

මාලිංග බණ්ඩාර දෙවැනි එක්දින තරගයට කැදවයි

එංගලන්ත ‘ඒ’ ක‍්‍රිකට් පිලේ ශ‍්‍රී ලංකා සංචාරය

2012 ජනවාරි මස 28 14:42:44 | යොහාන් භාසුර , රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ සිට...

Share

ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගයට දකුණතින් පා ද`ග පන්දු යවන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක මාලිංග බණ්ඩාර ක‍්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වේ.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල මෙම තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 68 ක පරාජයක් ලැබීය. එහිදී ශ‍්‍රී ලංකා පිලේ පා ද`ග පන්දු යවන්නා ලෙස ක‍්‍රීඩා කළ සීකුගේ ප‍්‍රසන්න (74/1) දැඩි ප‍්‍රහාරයට ලක්විය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (28) පෙරවරුවේ පැවැති පුහුණු සැසියේදී මාලිංග බණ්ඩාර පන්දු යැවීය. මෙම පුහුණු සැසියට ක‍්‍රීඩකයන් හත් දෙනකු පමණක් සහභාගි වී සිටි අතර වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් පන්දු කීපයක් පමණක් යවා ආබාධයකට ලක්වීමෙන් පන්දු යැවීමෙන් ඉවත්ව සිටියේය.

ටෙස්ට් ක‍්‍රීඩක 32 හැවිරිදි මාලිංග බණ්ඩාර එක්දින ජාත්‍යන්තර තරග 31 කදී කඩුලූ 36 ක් දවා ගැනීමට සමත්ව සිටින අතර ටෙස්ට් තරග 8 කදී කඩුලූ 16 ක් දවාගෙන තිබේ.

දෙවැනි තරගයට ක‍්‍රීඩා කරන කණ්ඩායම තේරීම සදහා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජික දොන් අරුණසිරි මහතා හෙට (29) දඹුල්ලට පැමිණීමට නියමිතය. පළමු තරගය පැවැති තණතීරුවේම හෙට තරගය ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පළමු තරගයේ පරාජයෙන් පසු ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් ක`ඵවිතාරණ මහතා පැවසුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් හො`දින් ක‍්‍රීඩා නොකිරීම හේතුවෙන් පරාජයට පත්වූ බවයි.

”අපි හො`දින් ක‍්‍රීඩා කළේ නෑ, දෙවැනි තරගයේදී බොහෝ විට කණ්ඩායමේ වෙනසක් වෙයි” යැයි ක`ඵවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය.

(ඡායාරූපය: ශාන්ත රත්නායක)

මාලිංග බණ්ඩාර පුහුණු සැසියේදී පන්දු යවමින්..

අදහස්(0) බැලූවෝ (2801)

මාලිංග බණ්ඩාර දෙවැනි එක්දින තරගයට කැදවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :