2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

කතක් පණපිටින් පෙට්ටියට දාලා

දොස්තර යන විට මැරිලා

2012 ජනවාරි මස 27 20:00:49 | වියලූවේ නිශාන්ත කුමාර

Share

මළ නෑයකුගේ නියමය පරිදි උණ හැඳුණු රෝගී කතක රෝහලට ගෙන නොගොස් පණ පිටින් වළ දැමීමට සුදානම් කැර තුබූ සිද්ධියක් කන්ද කැටියේ මාලියද්ද නාරංගස්තැන්නෙන් අද වාර්තා විය.  කන්දකැටියේ  සිට කිලෝමීටර් දහයක් දුරින් පිහිටි මේ ගමට කිලෝ මීටර් පහක් කඳු නැඟ පයින්ම යා යුතුය. කන්දකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනුජ ලක්මිණ විපුලදාස අද එහි ගියේය. ඔහු එහි ළඟා වන්නට පැයකට පමණ පෙර ඇය අවසන් හුස්ම හෙළුවාය. මිය ගියේ ඩබ්ලිව්. ඇම්. නන්දාවති (45) නම් දෙදරු මවකි. මැරෙන්නට පෙර ඇගේ නාස් පුඩු වලට පුළුන් ඇබ ගසා, පෙට්ටියක බහා  තුබූ නමුත් වෛද්‍ය නිලධරයා එහි ළඟා වන විට රෝගීයා ඇඳක තබා තිබිණි. ඇය රෝහලකට රැගෙන ගියේ නම් ජිවිතය බේරාගත හැකිව තුබූ බව වෛද්‍ය විපුලදාස කියයි. සිරුර භුමදානය කිරීම නතර කළ වෛද්‍ය නිලධරයා කන්දකැටිය පොලිසිය දන්වා පශ්චාත් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගත්තේය. ලෙඩකට  ප්‍රධාන ප්‍රතිකාරය කොළ අතු ඇඳ රැය පහන් වනතුරු මල්එළිය හෙවත් යකුන් නැටවීම  මේ ගමේ සිරිතයි. පවුලේම කෙනකු ආවේශ වී මල්එළිය නටයි. මොවුන්ගේ මේ වැඩ පිළිවෙළ ආදිවාසීන්ගේ ‘කිරි කොරහට‘ සමානය.

අදහස්(7) බැලූවෝ (17680)

කතක් පණපිටින් පෙට්ටියට දාලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අමිල 2012-01-27 22:20:10

පව් ඒ අම්මා

ශාන් 2012-01-28 00:24:24

මෙහෙම අය ලංකාවෙ ඉන්නවා කියලා හිතාගන්නත් බෑ..

ආසිරි 2012-01-28 08:33:08

මෙහෙම අය තාමත් ලංකාවෙි ඉන්නව‍නේ

gajan99 2012-01-28 09:03:37

පවු ඒ අහිස්ක අම්මට. මගේ නැන්දනම්ම නම් තව කමක් නැහැ.

darshana 2012-01-28 09:27:26

ඒ අතින් දබානේ ආදිවාසීන් ඉදිරියෙන්

රංජිත් 2012-01-29 23:21:19

දැනුම්වත් කිරීම ඉතා වටිනවා. ඉදිරියේදී නැවතත් මෙවැනි දේවල් නොවෙන්න

නිලුපුල් 2012-01-30 08:14:24

මෙවැනි මරණ තව නොවන්නට යමක් කල හැකිද?

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :