2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

දේශීය සිනමාවට එක්වූ අලූත්ම කතා නායිකාව "මාතා"

පාර්වතී (යශෝධා)

2012 ජනවාරි මස 27 13:18:51 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

Share

දේශීය සිනමාවට වසර 65ක් සපිරුණුදා රිදී තිරයට එක්වූ අලූත්ම කතා නායිකාව ඇයයි. මේ දිනවල තිරගතවෙන ”මාතා” චිත‍්‍රපටයේ ත‍්‍රස්තවාදී තරුණියකගේ චරිතයක් වන පාර්වතී නමැති ප‍්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇයයි. නුවරඑළිය ඩයගම ප‍්‍රදේශයේ උපන් ඇය නැටුම් ගුරුවරියක් වීමට හීන මැව්වාය. භරත නාට්‍යම් ඇතුළු නර්තන අංග රැසක් නටන්න පුළුවන් ඇය අහම්බෙන් මෙන් ”වසන්තන් ඔඪ හි නිවේදිකාවක් බවට පත්වන්නීය. එය ඇයගේ ගමන වෙනස් කරන්නට සමත් විය.

ශක්ති ඔඪ හි මියුසික් වීඩියෝවකටද පෙනී සිටි ඇය, ”මාතා” චිත‍්‍රපටයේ තිර පරීක්ෂණයකට ගොස් එහි ප‍්‍රධාන නිළි චරිතය ලබා ගත්තේ තම හැකියාව පෙන්වමිනි. ”පාර්වතී චරිතය කළේ හරිම අසීරුතා මැද්දේ. අද චිත‍්‍රපටය බලද්දී ගොඩක් සතුටුයි. මම හොඳට රඟපාලා තිබෙනවා කියා හිතනවා. මගේ සැමියා ඉජාස්. ඔහු සංගීත ශිල්පියෙක්. ඔහුත්, අම්මා, තාත්තා ඇතුළු පවුලේ හැමෝමත් මට සුබපැතුවා. ඉදිරියේදීත් හොඳ චරිත ලැබුණොත් දිගටම රඟපානවා.”

ඇය සතුටින් පැවසුවේ ඒ අයුරිනි. දැනට ශක්ති ඔඪ හි ”කාදල්. කොම්” හා ”ක්ලැසිකල් ඩාන්ස් ස්ටාර්” වැඩසටහන්වල නිවේදිකාව ලෙසින් කටයුතු කරන ඇය නමින් යශෝධා රාධකි‍්‍රෂ්ණන්ය.

යහම්පත්

අදහස්(5) බැලූවෝ (5985)

දේශීය සිනමාවට එක්වූ අලූත්ම කතා නායිකාව "මාතා" සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

චමිත් 2012-01-27 22:44:44

සියලු දෙනාම බැලිය යුතුම සිනමා නිර්මාණයකි.

නලීන් සංජීව 2012-01-28 06:16:17

අපේ උණුස් සුභපැතුම්..

රමනී 2012-01-28 07:35:23

සුභ අනාගතයක්..

ආර්.කේ.එස්.කේ. කල්දේරා 2012-01-29 21:26:51

ශ්‍රී ලංකාවේ තවත් එක් අනර්ඝ චිත්‍රපටයක්

විසන්කා උදාරා 2012-02-07 12:47:52

තවත් එක් අනර්ඝ චිත්‍රපටයක් බූ ඩී කීර්තිසේනගේ

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :