2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

ආධුනික චෙස් ශූරයා කොළඹ සරසවියේ ඉසුරු

2012 ජනවාරි මස 27 10:50:27 | සජීක ජයසිංහ

Share

ශ්‍රී ලංකා චෙස් සංගමය සංවිධානය කළ ජාතික ආධුනික චෙස් තරගාවලියේ (2012) ශූරතාව දිනා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉසුරු කොඩිතුවක්කුආරච්චි සමත්විය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 172 නෙක් සහභාගි වු මෙම තරගාවලිය පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේදී නිමාවිය.

තරග වට හතකින් ස්විස් ක‍්‍රමය යටතේ පැවැති මෙම තරගාවලියේදී ඉසුරු තරග වට හතම සම්පුර්ණ කරමින් ලකුණු 7.0 ක් ලබා රන් පදක්කම ලැබීය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සිවු දෙනෙක් ලකුණු 6.0 බැගින් ලබා රිදී පදක්කම දිනා ගැනීමට තියුණු සටනක් දුන්හ. එහිදී වැඩි ලකුණු හිමිකර ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පරදවමින් ඉදිරියට පැමිණි ජයනි බලපිටිය රිදී පදක්කම හිමිකර ගත්තාය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පී. ජී. වික‍්‍රමසුරිය, යාපනය හින්දු විද්‍යාලයේ ඒ. ඇන්ඩෘ සහ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ ඞී. ආර්. නාඔටුන්න පිළිවෙලින් ලකුණු 6.0 බැගින් ලබා තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය ලබා ගැනීමට සමත්වුහ.

තරගාවලියේදී ලකුණු 5.0 ට වැඩියෙන් ලබාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 33 දෙනෙක් ජාතික ප‍්‍රවීණ චෙස් තරගාවලියට සුදුසුකම් ලැබුහ.

අදහස්(0) බැලූවෝ (338)

ආධුනික චෙස් ශූරයා කොළඹ සරසවියේ ඉසුරු සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :