2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

කරච්චියේදී පාකිස්තාන නීතිඥවරු තිදෙනෙක් වෙඩි වරුසාවකට බිලිවෙති

2012 ජනවාරි මස 27 10:27:39 | ඒ.එෆ්.පී , කරච්චි නුවරදීය

Share

කරච්චි නුවර දී පෙරේදා (25) යතුරු පැදි දෙකකින් පැමිණි නානඳුන තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි තැබිමකට හසුවි පාකිස්තාන නීතිඥ වරු තිදෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ.

වෙඩි ප‍්‍රහාරයට හසුවෙද්දී නීතිඥවරු තිදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියහ. යතුරු පැදි දෙකකින් පැමිණි තුවක්කුකරුවෝ මෝටර් රථය හරස් කොට ඊට වෙඩි තබා පලා ගිය බව සිද්ධිය දුටුවෝ පවසති. වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ කරච්චි නුවර දකුණින් පිහිටි අරම්බා පළාතේය.

මියගිය නීතීඥවරුන් තිදෙනාගෙන් දෙදෙනකු පියකු හා පුතකු බව කරච්චි පොලිස් නිලධාරීහු පවසති.

මෝටර් රථයේ සිටි තවත් නීතීඥවරයකු ද වෙඩි ප‍්‍රහාරයට හසුවී තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට රෝහල් ගත කර සිටියි. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ බවය.

එම නීතීඥවරුන් ෂියා මුස්ලිම්වරුන් පිරිසක් වන හෙයින් එය ආගමීක ගැටුමක් යැයි පොලිසිය අනුමාන කරයි. කරච්චි නුවර අයත් සිංද් ප‍්‍රාන්ත මහ ඇමැති මන්සූර් වසාන් ඊයේ (26) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ද එය ආගමික ගැටුමක් කියාය. සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ දිගටම පැවැත්වේ.

මේ අතර කරච්චි නීතිවේදීන්ගේ සංගමය එම ඝාතනයන්ට එරෙහිව කරච්චි නුවර විරෝධතාවක්  සංවිධානය කර තිබුණි.

 

අදහස්(0) බැලූවෝ (748)

කරච්චියේදී පාකිස්තාන නීතිඥවරු තිදෙනෙක් වෙඩි වරුසාවකට බිලිවෙති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :