2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

පාපැදි අතුරු කමිටුවේ පත්වීම් ලිපි ප‍්‍රදානය සඳුදා

2012 ජනවාරි මස 27 09:26:53 | නාමල් පතිරගේ

Share

නව පාපැදි අතුරු කමිටුවට පත්වූ නිලධාරීන්ට පත්වීම් ලිපි ලබාදීම ලබන සඳුදා (30) කී‍්‍රඩා අමාත්‍යාංශයේදී සිදුකෙරේ.

එයාර් වයිෂ් මාර්ෂල්  ගගන බුලත්සිංහල මහතාගේ සහභාගිත්වයෙන් යුතු නව පාපැදි අතුරු  කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස බි‍්‍රගේඩියර් රවී මායාදුන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න හා ජාතික ඔලිම්පික් කමිටුවේ උප භාණ්ඩාගාරික නිෂාන්ත පියසේන යන මහත්වරු ද පත්ව සිටිති. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි නව කමිටුව පත් කළේ මේ වනවිට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය කි‍්‍රයාත්මක නොවන බැවිනි.

පාපැදි පරිපාලනය ඇණහිටීමෙන් පසුගිය කාලයේ තමන්ට දෙස්විදෙස් තරග රැුසක් අහිමිව ගිය බව පාපැදි තරගකරුවෝ පවසති. පාපැදි සම්මේලනයේ නිලවරණය (2011-12) අත්හිටුවීමට සිදුවුයේ ඒ සම්බන්ධයෙන් නිලධාරීන් අතර ආරවුල් පැන නැගීම නිසාය.

අදහස්(0) බැලූවෝ (214)

පාපැදි අතුරු කමිටුවේ පත්වීම් ලිපි ප‍්‍රදානය සඳුදා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :