2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

දැන්වීමට ආ රත්තරන් මනාලයා අල්ලන්න දැල් දාන්න වෙලා

2012 ජනවාරි මස 27 09:02:27 | හිඟුරක්ගොඩ චාමර උදිත බණ්ඩාර

Share

රජරට පදිංචි මැදි වයසේ කාන්තාවකි. වසර ගණනාවක් විදේශගතව සිට මුදල් උපයාගෙන මවු රටට පැමිණෙන විට ඇයගේ කල වයස ද පසුවී තිබුණි. ඉක්මනින්ම විවාහයක් කර ගන්නා අදහසින් ඇය පුවත්පතක මංගල දැන්වීම් තීරයේ දැන්වීමක් පළ කළාය. දැන්වීම පළ දරමින් දින දෙකක් යන්නට මත්තෙන් මනාලයෙක් ඈ සොයා පැමිණියේය.

මනාලයා හොඳ සල්ලිකාරයෙක් වගේය. ඔහුගේ අතෙහි පවුම් හතරක් පහක් පමණ වෙතැයි සිතිය හැකි පළඳනාවකි. ගෙලෙහි බලූ දම්වැලක් තරම් මහත රන් මාලයකි.

මම මේව ගත්තෙ ඊයෙ. ගෙදර ගියොත් ඔයාට මෙච්චර ලොකු රත්තරන් බඩු  ඕන නෑ කියල අම්මා ගලවා ගන්නවා. මේව ඔයා ළඟ තියාගන්න” මනාලයා රන් දම්වැලත්, අත් පළඳනාවත් ගලවා කාන්තාව අත තැබුවේය. හමුවූ පළමු දිනයේදීම තමා ගැන විශ්වාසවන්තව සිතන සල්ලිකාර මනාලයකු හමුවීම ගැන ඇය ඉමහත් සතුටට පත්වූවාය.

”ඔයාගේ කර පාළුයිනෙ. මේක දාගන්න” කාන්තාව විදේශයක බැල මෙහෙවර කර ඉපයූ මුදලින් මිලට ගෙන තිබූ පවුම් හතරක රන් මාලය එක් දින මනාලයාගේ ගෙලෙහි පැළඳුවාය. මනාලයා කාන්තාවගේ නිවසින් පිටව ගියේ දිවා ආහාරය ද ගැනීමෙන් අනතුරුවය.

එදින රැයේම අදාළ කාන්තාව සිය මනාලයාට දුරකතන ඇමතුමක් ලබාගත්ත ද එම අංකය භාවිතයේ නොමැති බව දැනගන්නට ලැබුණි. රන් භාණ්ඩ හොඳින් පරීක්ෂා කරන විට ඒවා ව්‍යාජ රන් භාණ්ඩ බව හෙළිවිය. අවසානයේදී මනාලයා සොයන්නට පොලිසියේ සහාය පතන්නට ඇයට සිදුවිය. ඒ විවාහ අපේක්ෂාවෙන් නොව, තමාගේ වටිනා රන් මාලය සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.

අදහස්(0) බැලූවෝ (10343)

දැන්වීමට ආ රත්තරන් මනාලයා අල්ලන්න දැල් දාන්න වෙලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :