2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

පාන්දර හතරට ‘‘මෝහිණී ’’ ඇවිත් ගෙහිමියාට තරු පෙනිලා

2012 ජනවාරි මස 26 10:33:34 | මිහින්තලේ රෝහණ චන්ද්‍රදාස

Share

දුෂ්කර ගමක පදිංචි ඇය තරුණ එක්දරු මවකි. සිය අත දරුවාට වැළඳුන රෝගයකට ප‍්‍රතිකාර සඳහා පසුගිය දිනයක රෝහලට ගියාය. රෝග පරීක්ෂාවෙන් පසු වෛද්‍ය නිගමනය වූයේ දරුවාට නේවාසික ප‍්‍රතිකාර දිය යුතු බවය.

දින කිහිපයක් නේවාසිකව සිය දරුවාට රෝහලේ දී ප‍්‍රතිකාර ගැනීමෙන් පසු සුවය ලැබූ හෙයින් ටිකට් කපා නිවෙසට යාමේ අවස්ථාව ඇයට සැලසිණි.

සවස හතරෙන් පසුව ටිකට් කැපූ නිසා එක එල්ලේම තම ගමට යාමට මේ තරුණ මවට ඉඩ ලැබුණේ නැත. මේ නිසා ඇය කල්පනා කළේ පුංචිඅම්මාගේ නිවෙසෙහි එදින රාත‍්‍රිය ගත කර පසු දින අලූයම් කාලයේ ගමට යාමටය.

තමාගේ සහ දරුවාගේ ඇඳුම් පැළඳුම් ඇතුළු කළමනා සියල්ල ගමන් මල්ලක දමාගත් ඇය සවස පහට පමණ රෝහලෙන් නික්මුනාය.

අත දරුවා වඩාගෙන එක් අතක ගමන් මල්ලත් අනෙක් අතෙහි අත් බෑගයත් එල්ලාගත් ඇය පාරට ගොස් බස් රථයකට නැංගාය. කිලෝමීටර් තුන හමාරක් පමණ ගිය පසු බසයෙන් බැස්සාය.

පුංචි අම්මාගේ නිවෙසට යාමට ප‍්‍රධාන පාරෙන් බැස තවත් දුරක් පා ගමනින් යා යුතු විය. ගමන් මල්ලත් අත දරුවාත් අත් බෑගයත් රැුගෙන යාමේ අසීරුව නිසා ගමන් මල්ල ප‍්‍රධාන පාර සමීපයේ තරමක් දන්නා හඳුනන නිවෙසක තබා යාමට තරුණ මව තීරණය කළාය.

රාත‍්‍රිය ගත කළ ඇය පසුදා අලූයම හතරට පිබිදී දරුවා ද කරපින්නාගෙන ඒ නිවෙසින් පිට වූවාය. පෙර දින ගමන් මල්ල තබා ගිය නිවෙස සොයා ගැනීම ඇයට අසීරු වූයේ වටපිටාවේ පැවැති අඳුර නිසාය.

ඇය අත දරුවා ද සමග නිවෙසක් අසල නැවතිණ. එකෙණෙහිම ඒ නිවෙසේ සිටින බල්ලා මහ හඬින් බුරන්නට විය.

මේ අවස්ථාවේ අලූයම නැගිට මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කරමින් සිටි ඒ නිවෙසේ ගෙහිමියා බල්ලා බුරන්නේ ඇයි දැයි විමසිලිමත් විය. බිරිය ද ඔහුට කීවේ බල්ලා බුරන්නේ ඇයි ද යන්න බලන ලෙසයි.

නිවෙසේ ඉදිරිපිට විදුලි පහනක් දැල්වීමෙන් පසු ගෙහිමියා මුළුතැන්ගෙයි පැත්තේ දොර විවර කර ඉස්සරහට ගියේය.

ගෙහිමියා කඩුල්ල දෙසට ගොස් බලද්දී දුටු දසුන අදහාගත නොහැකි විය. අත දරුවකු ද සමග තරුණ කාන්තාවක ඔහුට පෙනිණ. තිගැස්මක් ද සමග ගෙහිමියාට සිහිපත් වූයේ මහ ? යාමේ මගතොට දී හමුවන බව කියන ”මෝහිණී”ය.

ඔහු දුටු විගස කාන්තාව ගෙදර කවුද ඉන්නේ?” යැයි ඇසීය.

ගෙහිමියා ”මේ... මේ ඇයි....?.... ඇයි? අපි....... අපි ඉන්නවා? යැයි උත්තර දුන්නේය.

”මං ඊයේ හැන්දෑවේ බෑගය තියල ගියා. ඒක ගෙනියන්නයි ආවේ....” තරුණ කාන්තාව කීවාය.

ගෙහිමියාට කුතුහලය වැඩි විය. මේ මොන ඉලව්වක් ද දෙයියනේ යැයි සිතමින් ”මෙහේ තියපු බෑගයක් නැහැ...” යැයි ඔහු කීය.

එවිට කාන්තාව පැවසුවේ පෙර දින සවස අසවල් කාන්තාවගේ නිවෙසෙහි බෑගය තබා ගිය බවය. ඒ නිවැසි කාන්තාව කවුදැයි යන්න අත දරු මව ඉඟි කළ පසුව ගෙහිමියාට කාරණය වැටහිණි. ඔහු ඒ නිවෙස පිහිටි තැන කී පසු ඇය පිටත්ව ගියාය.

ඉන්පසු ගෙහිමියාගේ තරුණ දියණියන් දෙදෙනාත් බිරියත් ගෙහිමියාට උසුළු විසුළු කරන්නට විය. ”මහ පාන්දර ඒ ආවේ මෝහිණී යැයි රැුවටුණා නේද?” යන්න ඔවුහු විටින් විට අසති.

අදහස්(2) බැලූවෝ (11209)

පාන්දර හතරට ‘‘මෝහිණී ’’ ඇවිත් ගෙහිමියාට තරු පෙනිලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ෆාරු 2012-01-26 13:07:20

ඒ අම්මා අසරණයි. ඒත් ටිකක් කල්පනා කළ යුතුයි

රෝහිනී 2012-01-30 08:02:08

මේ මෝහිනී නොවෙයි රෝහිනී

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :