2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

පෙම්වතාගේ දුරකථන ඇමැතුමට පිළිතුරු දෙන්න ගොස් ශාන්ති කර්මයකුත් කරලා

2012 ජනවාරි මස 25 09:10:36 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

Share

රජරට දුෂ්කර පැත්තකි. හිරු ද අවරට ගොස් සිටියේය. ගොවිතැන් කටයුතු හමාරයේ මවුපියන් ද ගෙදර ආහ. දියණියගේ වයස විස්සකි. පෙම්වතාගෙන් ඇමතුමක් ලැබිණි. එවැනි ඇමතුමක් ආ විට ඇවිදිමින් සිනාසෙමින් සතුටු සයුරේ ගිලෙමින් ඇය පිළිතුරු දෙන්නීය.

දුරකතන සමාගමෙන් තර බිලක් ආවත් ඇයට එය දැණෙනුයේ මාසය අන්තිමටය. ඇය කෙතරම් වෙලා දුර අල්ලාප සල්ලාපයේ යෙදුණේ දැයි කිවහොත් නොදැනුවත්වම සැතැපුම් බාගයක් දුර ගොස් සිටියාය.

වේලාව රාත‍්‍රි අටට පමණ ඇත. ඈත සුදු රෙදි කඩක් සුළෙඟ් හෙල්ලෙද්දී ඇය මරහඬ තැලූවාය.

ඈත සිටි පෙම්වතා සමග කතාව ද විසන්ධි විය. ගැමියෝ පොලූ මුගුරු රැගෙන එහි දිව ආහ. දක්නට ලැබුණේ සොහොන් පිටිය අසල බිරන්තට්ටු වී සිටි තරුණියකි. ”පෙම් පුවත” සඟවා ගැනීමට ඇය ගත් උත්සාහය ගැමියන්ගේ හරස් ප‍්‍රශ්න නිසා අසාර්ථක විය.

නිවෙසට කැඳවාගෙන ආ ඇයට පිරිත් කියා නූල් බැඳ ශාන්තිකර්මයක් ද කළ බව වාර්තා වෙයි.

අදහස්(5) බැලූවෝ (10281)

පෙම්වතාගේ දුරකථන ඇමැතුමට පිළිතුරු දෙන්න ගොස් ශාන්ති කර්මයකුත් කරලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

දුමිංද 2012-01-25 14:26:35

ආලය අන්ධයි කියන්නෙ ඕක නොවැ... එහෙම උනාම හොල්මංවත් පේන්නෙ නෑ...

ඉන්දිකා 2012-01-25 21:20:20

තරුණ විසේනෙ

milano .T.D 2012-01-27 02:41:51

හොඳ වෙලාවට හොල්මනක්දැකල හරි නැවතුනේ

ධනංජය විමුක්ති 2012-01-27 16:47:27

ඔයින් ගියා මදැයි.

නිශාන්ත 2012-01-28 09:41:56

පෙම්වතා කලුකුමාරයාද දන්නේ නෑ

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :