හොරුන් ඇල්ලීමේ නාටක
අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම, අධිකරණ පද්ධතිය මගින් ද දඬුවමක් ලෙස සිතීමට දැන් දැන් පුරුදුව සිටී ද? 2015 වසරේ සිට ආරම්භ වූ මේ “අත්අඩංගු දඬුවම” පිළිබඳ පසුබිම, එහි අරමුණ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ඊට දායකවන ආකාරය ආදිය මෙන්ම එමගින් නීතියේ ආධිපත්‍යට සිදුවන බරපතළ හානිය ද මෙම ලිපිය මගින් සාකච්ඡා කෙරේ.