IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නෙදර්ලන්තයේ පළමු ලිබරල් අගමැති ‘ මාර්ක් රට් ’

මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සෑබෑ ලෙසින්ම වෙහෙසෙන ජන නායකයින් එදා මෙදා ලෝකයේ බිහිවී ඇත්තේ ඉතාම කලාතුරකිනි. ඒ අතරින් මාර්ටින් ලූතර් කිං, ඒබහ්‍රම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි ආදී ජන නායකයෝ සැබෑ ලෙසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනු ලැබූහ.

 
වර්තමානයේ නවීන තාක්ෂණය ඔස්සේ සිදුවන බලපෙරැළි තුළින් රාජ්‍යයක බලය හිමි කර ගන්නා රාජ්‍ය නායකයින් පිරිසෙන් බහුතරයක්ම මේ කරුණ අමතක කරමින් තමන්ගේ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් පෙනී සිටින්නෝ වෙති. සාමාන්‍යයෙන් මේ රාජ්‍ය නායකයින් එසේ නැත්නම් ලෝකෙට ලොක්කන් පුරුදු වී සිටින්නේ සියලුදේම සේවකයින් ලවා සිදු කරවා ගැනීමටයි. සාමාන්‍යයෙන් අතේ තිබ්බ පෑනක් බිම වැටුණත් ඇහිඳින්නෙත් සේවකයෙක්. අඩුම තරමේ පෑනක් ගන්නත් දේශපාලනඥයන්ගේ කොන්ද නැවෙන්නේ නෑ.


වත්මන් ලෝකෙම ඉන්න සියලුම දේශපාලනඥයන්ට ඉතා හොඳ ආදර්ශයක් දුන් ලෝක නායකයෙක් වන්නේ නෙදර්ලන්තයේ පනස්වැනි අගමැති ලෙසින් දිවුරුම් දුන් මාර්ක් රට්. නෙදර්ලන්තය යනු නෙදර්ලන්ත රාජධානියට අයත් රටවල් 4න් විශාලතම රට වන අතර ස්වෛරී රාජ්‍යයකි. එරට වසර 92ක ඉතිහාසය තුළ බිහිවූ පළමු ලිබරල්වාදී අග්‍රාමාත්‍යවරයා වේ. තවමත් පනස් එක් හැවිරිදි වියේ පසුවන මේ අගමැතිවරයා ගේ විශේෂත්වය වන්නේ හැමවිටම සිය රාජකාරියේ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමයි. එම කටයුතුවලට එහා මෙහා යෑමට ඔහු භාවිත කරන්නේ ද අපූරු වාහනයකි. මේ සියලු දේ නිසාම ඔහු මාධ්‍යයේ නිතර කතාබහට ලක්වන රාජ්‍ය නායකයෙකි.


එරට ප්‍රතිසංස්කරණවාදී පවුලකින් පැවැත එන ආයෝජකයෙකු වූ ඉසැක් රට් සහ හර්මිනා කොර්නේලියාට දාව 1967 පෙබරවාරි 14 වැනිදා උපන් නෙදර්ලන්ත අගමැති මාර්ක් රට් සිය උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වූයේ කලා විෂයන්වලිනි. තරුණ කාලයේ ග්‍රීෂ්ම ඍතුවල දී සංගීත ප්‍රසංගවල පියානෝ වාදකයෙකු ලෙස ද කටයුතු කළේය. පසුකාලීනව එනම් 1992 වසරේ ඉතිහාසය විෂය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමෙන් පසුව රට් පිවිසෙන්නේ තමා ඉගෙන ගත් විෂයන් හා කිසිදු සහ සම්බන්ධයක් නොමැති ව්‍යාපාරික ලෝකයටය. ඒ ලොව ප්‍රකට බහුජාතික සමාගමක් වන යුනිලීවර් සමාගමේ මානව සම්පත් අංශයේ නිලධාරියෙකු ලෙසිනි. 1997 වන විට එහි කළමනාකරුවෙකු ලෙසින් උසස්වීම ලැබීය.


ලේකම්වරයකු ලෙසින් ඇරැඹි පරිපාලන සේවා වෘත්තිය පසෙකලා ආධුනිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි මාර්ක් 2003 වසරේ දී නෙදර්ලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2006 වසරේ එරට පැවති මහ මැතිවරණයේ දී නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජනතා පක්ෂයේ නායකයා ලෙසින් පත්වීම ලැබූ මාර්ක් රට් එම මැතිවරණයේ දී ඔහු පළමුවරට එරට විපක්ෂ නායක ධුරයට තේරී පත් විය.


ක්‍රියාකාරී විපක්ෂ දේශපාලනයේ වසර 4ක් සිට මාර්ක් රට් 2010 වසරේ දී බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් එරට අගමැති ධුරයට තේරී පත්විය. නමුත් අගමැති ධුරයට තේරී පත්වී වසර දෙකක් සම්පූර්ණ වන විට මාර්ක් අගමැතිවරයාගේ පාලක රජය දැඩි අර්බුද ගණනාවකට මුහුණපෑවේය. ඊට හේතු වූයේ ඔවුන් විසින් ඉදිරිපත් කළ වියදම් කපා හැරීමේ අයවැය නිසාවෙනි. මේ අයවැය ගැටලුව නිසාම නෙදර්ලන්ත අගමැතිවරයා 2012 අප්‍රේල් 23 වැනිදා තමන් අගමැති තනතුරින් ඉල්ලා අස්වන බව නිවේදනය කර සිටියේය. අවසානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් පසුව ඔහු ඉල්ලා අස්වීම වැළැක්විණි.


එතැන් පටන් නෙදර්ලන්තය මෙහෙයවන මාර්ක් රට් පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා එරට පැවති මහ මැතිවරණයේ දී ආසන විශාල සංඛ්‍යාවකින් පරාජයට පත් විය. නමුත් හවුල්කාර පක්ෂ කිහිපයක් සම්බන්ධ කරවා ගනිමින් එරට විලියම් ඇලෙක්සැන්ඩර් රජතුමන් විසින් මාර්ක් රට් අගමැතිවරයා ලෙසින් තෙවනවරටත් පත් කරනු ලැබුවේ රජතුමන්ට ලැබූ බලතල ප්‍රකාරවය.


නෙදර්ලන්තයේ අගමැතිතුමා පසුගිය කාලවකවානුවේ දී මාධ්‍ය ඔස්සේ වඩාත් අවධානයක් යොමු වූ ආදර්ශවත් චරිතයක් විය. ඉන් වඩාත් ප්‍රචලිත නෙදර්ලන්ත අගමැති මාර්ක් රට් මහතා පාර්ලිමේන්තුව ඇතුළට එද්දී ඔහුගේ අතේ තිබ්බ කෝපි කෝප්පය බිම වැටීමේ දී ඔහු හැසුරුණු ආකාරයයි.


නෙදර්ලන්තයේ අගමැති මාර්ක් රට් සුපුරුදු පරිදි පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වෙන්න ඔහු පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ තමන්ට හුරු කෝපි කෝප්පයත් අරගෙන. නමුත් එසේ පැමිණි ඔහුට සිද්ධ වුණේ කවුරුත් බලාපොරොත්තු නොවුනු දෙයක්. ඒ ආරක්ෂිත පිවිසුමේ දී ඔහුට අත්වැරැදීමකින් කෝපි කෝප්පය බිම වැටෙනවා. නමුත් පාර්ලිමේන්තු කොරිඩෝව පුරා කෝපි විසිරිලා තිබිය දී එතැනින් ඉවත්ව නොගිය නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා මඳක් බලන් සිටියේ එය පිරිසිදුකරන පුද්ගලයා පැමිණෙන තුරුයි.


බිම විසිරී තිබෙන කෝපි ටික පිරිසිදු කරන්න පැමිණි සේවිකාව පැමිණි පසු ඇයගෙන් “මොප්” එක ඉල්ලා ගත් නෙදර්ලන්ත අගමැතිවරයා තමන්ගෙන් සිද්ධ වූ අත්වැරැද්ද තමන් විසින්ම නිවැරැදි කර ගන්නවා මෙන් බිම පිරිසිදු කළ අයුරු කැමරාවේ සටහන් වෙලා තිබුණා. දේශපාලඥයෙක් කියන්නේ ජනතා සේවකයෙක් කියන එකට නෙදර්ලන්ත අගමැතිවරයා නව අරුතක් එක් කළ බවයි එරට ජනතාව මෙම වීඩියෝව නැරඹීමෙන් පසුව ප්‍රකාශ කර තිබුණේ.


තවත් අවස්ථාවක, එනම් 2017 වසරේ මාර්ක් රට් ගේ නායකත්වයෙන් යුතු පාලක රජය මැතිවරණයෙන් පාරජය වූ පසුව නෙදර්ලන්ත අගමැතිවරයා එරට විලියම් ඇලෙක්සැන්ඩර් රජතුමා හමුවීම සඳහා රජ මාලිගයට පිටත්ව යන අයුරු විදෙස් මාධ්‍යයේ වාර්තා කර තිබුණි. ඒ අග්‍රාමාත්‍යවරයා සිය බයිසිකලයෙන් මෙලෙස රජ මාලිගය වෙත පිටත්ව ගොස් ඇති ආකාරයයි. නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව රජතුමා දැනුවත් කිරීම සඳහා රජ මාලිගාවට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා මාලිගාව තුළට ඇතුළු වන්නේ, බයිසිකලය ලොක් කිරීමෙන් පසුවයි.


සමහර දේශපාලඥයින් තමන්ගේ තත්ත්වය ලොව ඉදිරියේ පෙන්වන්න උත්සහ කරද්දී යුරෝපයේ සිටින දේශපාලඥයින් තමන්ගේ තිබෙන නිරහංකාරත්වය පෙන්නුම් කරන සුළු සිදුවීම් රැසක් පසුගිය කාලයේ අන්තර්ජාලය පුරා සැරිසරන ආකාරය අපි දුටුවා. නෙදර්ලන්ත අගමැතිවරයාගේ ක්‍රියාවත් එවැනි අවස්ථාවක්.


නෙදර්ලන්තය යන්නෙහි තේරුම ‘පහත රට’ යන්නයි. එම නම යෙදී ඇත්තේ එම රටෙහි පවතින පහත් භූමි සහ තැනිතලා ස්වභාවය නිසාවෙනි. එමෙන්ම කෙසේ වෙතත් නෙදර්ලන්තය ලොව දෙවන විශාලතම ආහාර සහ කෘෂි නිෂ්පාදන අපනයනකරු වෙයි. එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. සාරවත් පසක් පැවැතීම හා සෞම්‍ය කාලගුණයක් තිබීම යන සාධක මෙයට යම් පමණකට දායක වෙයි. ඡන්ද බලයෙන් තෝරා ගත් පාර්ලිමේන්තුවක් සහිත ලොව තෙවැනි රට වූයේ නෙදර්ලන්තයයි. 


1848 සිට එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාමය රාජාණ්ඩුව යටතේ ඒකීය රාජ්‍යයක් වශයෙන් පාලනය වෙයි. ඉවසීමේ හැකියාවෙන් ඉහළ සමාජයක් පැවතීම පිළිබඳව නෙදර්ලන්තය සතුව ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. 


නීත්‍යානුකූල ගබ්සා සැත්කම්, ගණිකා වෘත්තිය වැනි ප්‍රතිපත්තීන් ද ක්‍රියාත්මක නෙදර්ලන්තය, නිදහස් මතධාරී රටක් වශයෙන් සලකනු ලබයි. 2001 වසරේ දී එය, සමලිංගික විවාහ නීත්‍යනුකූල කළ ලොව ප්‍රථම රට වන නෙදර්ලන්තය තවදුරටත් මාර්ක් රට්ගේ නායකත්වයෙන් සීග්‍ර වර්ධනයක් කරා යනු දැකීම නෙදර්ලන්ත ජනතාවගේ අපේක්ෂාවයි.

 

 


තිළිණි ද සිල්වා

ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

නෙදර්ලන්තයේ පළමු ලිබරල් අගමැති ‘ මාර්ක් රට් ’

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site