IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සත්‍යයට පිටුපෑම ආ වැඩීම

ජයතිලක ද සිල්වා

පසුගිය 26 වැනි දා ජනාධිපති තුමන් විසින් නව අගමැතිවරයෙක් පත් කරනු ලැබීය. ඒ 2015 අගෝස්තුවෙහි පාර්ලිමේන්තු මැතිවරණයෙහි දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් හෙයින් පාර්ලිමේන්තුවෙහි බහුතර කැමැත්තෙන් තෝරා ගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියදීම ය. අගමැති අස් කළ බව ජනාධිපතිතුමන් කීව ද ව්‍යවස්ථානුකූල ව තවමත් තමා අගමැති යැයි වික්‍රමසිංහ මහතා පවසයි. මෙහි ප්‍රතිඵලය වන්නේ එක්වර අගමැතිවරුන් දෙදෙනකු සිටීමෙහි අසාමාන්‍ය සහ අවිනිශ්චිත තත්ත්වයකට රට ඇද වැටීම ය. නිදහස් ශ්‍රී ලංකාවෙහි පෙර නොවූ විරූ ව්‍යවස්ථාමය අර්බුදයක් එයින් ජනිත ව ඇත.

ජනාධිපති තුමන් ගත් පියවරෙහි ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳ මහත් විවාදයක් රටෙහි පවතී. නීති විශාරදයන් සහ සියල්ල දත් දේශපාලනඥයන් ගේ ප්‍රකාශ ද ජනතාව ගේ සිත් සතන්හි පවත්නා වියවුල දුරු කිරීමට උදවු ව නැති සේය. ඔවුහු තවමත් කම්පිත ව සිටිත්. ඇති ව තිබෙන තත්ත්වය යුක්තියුක්ත කිරීමට අතීත පූර්වාදර්ශ ද ගෙන හැරැ පානු ලැබේ. එහෙත් වර්තමාන සන්දර්භයෙහි දී ඒවා වලංගු නොවන්නේ ව්‍යවස්ථාවෙහි ඇති කරන ලද සංශෝධන හේතුවෙන් ම ය. නිදසුනකට අගමැති දි මු ජයරත්න ඉවත් කිරීම සහ දැන් අගමැති වික්‍රමසිංහ ඉවත් කිරීම සමාන කළ නොහැකි වන්නේ දැන් 19 වැනි සංශෝධනය හේතුවෙනි. අපේ මතය අනුව අගමැති වික්‍රමසිංහ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති වශයෙන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එහි 19 වැනි සංශෝධනයට පටහැනි ය. එයට අනුව අගමැතිවරයා ඉවත් කළ හැකි අවස්ථා තුනක් පවතී. අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, පාර්ලිමේන්තුවෙහි විශ්වාස භංග යෝජනාවකින් පරාජය වීම හෝ අය-වැය යෝජනාව පරාජය වීම ය. මේ එකක් වත් සිදු ව නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාලක සන්ධානයෙන් ඉවත් වීම නිසා සම්මුති ආණ්ඩුව ඉබේ ම අහෝසි විනැයි ද, එහෙයින් ජනාධිපති තුමන් ගත් පියවර ව්‍යවස්ථානුකූල යැයි ද කියනු ලැබේ. එහෙත් පාලක සන්ධානවලින් එක් පාර්ශ්වයක් ඉවත් ව ගිය පසු ද ආණ්ඩුව දිගට ම පවත්නා බවට ජාත්‍යන්තර පූර්වාදර්ශ එමට ය. මවු පාර්ලිමේන්තුව ලෙස සැලැකෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ද එබඳු පූර්වාදර්ශ සැපැයෙයි. එවන් අවස්ථාවන්හි ද ආණ්ඩු ඉවත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුව තුළ විශ්වාස භංග යෝජනාවක් මඟින් පමණකි.මෙහි දී වැදගත්ම කාරණය ජනාධිපති තුමන් ගේ ක්‍රියාව 2015 ජනවාරි 8 ජන වරමට සහ එය අනුමත කළ 2015 අගෝස්තු මහා මැතිවරණ ජන වරමට පටහැනි ව යාම ය. එයට දේශපාලන හෝ සදාචාරමය හෝ සුජාතභාවයක් ලැබෙන්නේ නැත.

ජනාධිපති තුමන් ගත් පියවර හැඳින්විය හැකි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ යුක්තියට එල්ල කළ ප්‍රහාරයක් සේ ය. යහපාලනය ශක්තිමත් කිරීම සඳහා එය යමපාලනය ලෙස දක්වමින් එයට අද වන තෙක් ම අභියෝග කළ බලවේගය සමඟ ම, ගෝත්‍රික හා ඒකාධිපති පාලකයෙකැ යි ජනතාව විසින් පිටුදක්නා ලද තැනැත්තා සමඟ ම එකතු ව ප්‍රජාතන්ත්‍රය සහ මානව හිමිකම් ශක්තිමත් කරන බවට ජනාධිපතිවරයා පවසන කතාව අත දරුවකු වත් විශ්වාස නොකරන තරම් ය.පැන නැඟ ඇති ව්‍යවස්ථාමය අර්බුදයට ව්‍යවස්ථානුකූල විසඳුමක් සොයන මෙන් අපි දෙපාර්ශ්වයෙන් ම ඉල්ලා සිටිමු. ඒ අතින් බලන කල පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීම ව්‍යවස්ථානුකූල වුව අනුවණ ක්‍රියාවකි. පාර්ලිමේන්තුව යුහුසුළු ව රැස් කර විසඳුමකට එළැඹීම හදිසි අවශ්‍යතාවක් වන්නේ එහෙයිනි.
ජනතාව ප්‍රකෝප විය හැකි කියුම් කෙරුම් වලින් වැළැකෙන ලෙස අපි දෙපාර්ශ්වයෙන් ම ඉල්ලා සිටිමු. කවරාකාරයෙන් වුව ප්‍රචණ්ඩත්වයකට මඟ පෑදීම දුක් විඳින ජනතාව කබලෙන් ළිපට ඇද දැමීමක් වනු ඇත. බාහිර බලවේගවලට මෙහි කටයුතුවලට අත පොවන්නට අවස්ථා උදා කර දීමක් වනු ඇත.

අප රට කලක් තිස්සේ පවත්නා අර්බුදයක වෙළී ගිලී පවතී. එය සමාජ ආර්ථික, දේශපාලන, සාංස්කෘතික හා නෛතික යනාදී සාර්වාංශික ය. පාලකයෝ ද එය පිළිගනිත්. එයට මෙතෙක් රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ වගකිව යුතු ය. ප්‍රධාන වශයෙන් ම එජාපය, ශ්‍රීලනිපය සහ දැන් පොදු ජන පෙරමුණ වශයෙන් හැඳින්වෙන පිරිස ද අයත් ය.

රට බේරා ගන්නවෝ යැයි කෑමුර ගැසුව ද මේ එක ද කණ්ඩායමකට වත් විසඳුමක් නැත. ඔවුන් දන්නේ ජනතාවට පටි තද කර ගන්නට කියමින් සිය උදර පෝෂණය සඳහා තමන් ගේ පටි බුරුල් කර ගැනීම සහ අල්ලසෙහි, නාස්තියෙහි, දූෂණයෙහි සහ කාමසුඛල්ලිකානු යෝගයෙහි ගැලීම පමණකි. ඔවුන් සියල්ලන් ම කරන්නේ අවිචාරයෙන් බටහිර නව ලිබරල් දර්ශනය හඹා යාමට වැඩි දෙයක් නො වේ. ගිරවුන් මෙන් විදේශ ආයෝජන ගුණ ගායනා කළ ද රටට වුවමනා කවර ආයෝජන ද?, කවර ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව දිය යුතු ද? යනු සොයා නොබලන ඔවුහු පෞද්ගලික ලාභ ප්‍රයෝජනවලට මුල් තැන දෙති. ඔවුන් සියල්ලෝ ම රාජ්‍ය පරිපාලනයට මෙන් ම මූල්‍ය කළමනාකරණයට ද අසමත් ව ඇත්තා හ. නීතිය සහ සංවරය අනතුරේ ය. රට අරාජිකත්වයෙහි මුව විතය.

කවරෙකු අගමැති වුව රට ගොඩගන්නට මෙම එක ද නඩයකට වත් නොහැකි ය. තනි තනි වත් නොහැකි ය. හවුලේ වත් නොහැකි ය. ඒ අපේ අත්දැකීම ය. එහෙත් විකල්පයක් තවමත් ක්ෂිතිජයෙහි පහළ ව නැත. ඇති හැකි අය රට හැර යති. නැති බැරි අය පමණකි අවසානයෙහි මෙහි රැඳෙන්නේ.

අපි කුමක් කරමු ද? පාලකයනට බැණ වදිමින් හෝ කරුමයට ඉඩ දෙමින් හෝ දෑත් බැඳ බලා සිටිමු ද? නැතහොත් කිසි යම් ගැලැවුම්කරුවකු සොයා යමු ද? ඒකාධිපතියකු හෝ දියසේන කුමාරයකු පහළ වන තෙක් බලා සිටිමු ද? නැත. අපට එසේ කළ නොහැකි ය. අපේ ජනතාව ඊට ඉඩ නොදෙනු ඇත. රට ගලවා ගත හැකි වන්නේ අපට ම ය. ජනතාවට ම ය. එහෙයින් වසර 70 ක් ආ මඟින් බැහැර වන නව මාවතක් අපි ම සෙවිය යුත්තෙමු. ජාතියෙහි හොඳම මොළ ඒ සඳහා එක් තැන් කළ යුත්තෙමු.

ජනතා දුක හඳුනන සහ ජනතාවාදී පිළිවෙතක් ගෙන යන නව සමාජ බලවේගයක් ගොඩනැඟීම සහ ඒ තුළින් විකල්ප සංවර්ධන මාවතකට පිවිසීම හදිසි කටයුත්තකි. එය ප්‍රගතිශීලීන් ගේ සැබෑ දේශප්‍රේමීන් ගේ වගකීම ය. එවැන්නෝ එක්සත් වෙත්වා!



අදහස් (5)

සත්‍යයට පිටුපෑම ආ වැඩීම

G.D.U.Wickramasinghe Thursday, 01 November 2018 08:54 AM

හරිම නිවැරදියි... ඔබ සමඟයි...

:       54       24

OMG Thursday, 01 November 2018 01:53 PM

අපේ වචනයෙන් කියනවනම් බොක්කටම ගැහුවා. මේ ඔක්කොම අපිට ආදරේට නෙමෙයි. මේ දුෂිත දේශපාලකයන් (පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා) ඉන්න තාක්කල් මේ රට දියුණු වෙනවා බොරු. ඊට අමතරව ඊට ගෑවිච්ච රජයේ ඉහල සිට පහල තෙක් විහිදිලා ඉන්න නරුම දුෂිත රාජ්‍ය සේවකයෝ අතොලොක්සක් නිසා මේ රට පිට රැටියන්ගේ කොලනි බවට පත් වෙන එක කිසිම ජගෙතෙකුට වලක්වන්න බැහැ. එක කෑල්ලක් ඉන්දියාවට, තව කෑල්ලක් චීනයට, තව කෑල්ලක් ඕස්ට්‍රේලියාවට වගේ අයිති වෙනවා. මහාමාන්‍ය D. S. සේනානායක මහතා ඇතුළු නිදහසට උරදුන් සියලුම දෙනා දැන් ජීවතුන් අතර සිටිනවානම් අනිවාර්යෙන් හිතෙනවා අපරාදේ සුද්දාගෙන් රට බෙර ගත්තේ කියලා. ඒ තරමටම රට ජරා ජීර්ණ කරලා. වෙනම අපායක් හදන්න වෙනවා මේ රොත්ත ගාල් කරන්න. අපිට රට ගැන තියෙන කැක්කුම මේ දේශපාලකයන්ට නැති එක ගැන අපිටම කලකිරෙනවා. ලියන්න තව බොහෝ දේවල් තිබුනත් වැඩක් නැහැ. අපේ දුක, ආවේගය අපි පිට කරන එක විතරයි මේ අදහස් පල කිරීමෙන් අපට ලැබෙන්නේ.

:       25       64

Deepal Nirosh Friday, 02 November 2018 05:59 AM

අතිගරු ජනාධිපතිතුමා මේ පියවර ගත්තෙ යහපාලනය ශක්තිමත් කිරීමට නොව ගෙනගිය ඒක පුද්ගල යහපාලනය අනිවාර්යයෙන් වෙනස් කළ යුතු නිසයි. ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය යනා දී මේ සියල්ලටම පළමුවයි රට හා රාජ්‍යාරක්ෂාව තිබෙන්නෙ. ඒ සඳහා වෙනත් කවර හෝ විකල්ප පියවරක් තිබුණා නම් එතුමා මේ තීරණයට එළඹෙන එකක් නැහැ. ඒ විකල්ප අවස්ථා අහිමි කළේ 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන්.

:       83       102

suranga Monday, 05 November 2018 07:56 AM

ජයතිලක ද සිල්වා දැක්වු අදහස් සමග එකඟවේ.

:       0       1

fasmy Tuesday, 06 November 2018 10:02 AM

ජනතා විමුක්ති පෙරමුණ තමයි එකම විසදුම

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 281 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 221 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 65 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 212 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site