IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෙන මොනවත් එපා - පුත්තලමේ වේලාසිය විදුහලට ගොඩනැගිල්ලක් දෙන්න

 (සටහන සේයාරු ආණමඩුව  හිරාන් ප්‍රියංකර ජයසිංහ)

“අනේ වැස්සට තෙමෙන්නේ නැතිව, අව්වට වේලෙන්නේ නැතිව අපිට ඉගෙන ගන්න  ගොඩනැගිලි දෙන්න, වේලාසිය රජයේ විද්‍යාලයේ දරුවෝ අධ්‍යාපනය භාරව සිටින වගකිව යුත්තන්ට ආයාචනා කරන්නේ තමන් පත්ව සිටින අසරණකම කියා ගන්නට කෙනෙකු නොමැති විටය .

හුඹස් බැඳ ඇති මැටි ගැසු අවදානම් ගොඩනැගිල්ලක අකුරු කරමින් සිටින වේලාසිය රජයේ විද්‍යාලයේ හත අට, නවය ‍ශ්‍රේණීවල දරුවෝ පාසලේ පවතින ගොඩනැගිලි හිඟය නිසා අසීරුතාවකට පත්ව සිටිති.

පුත්තලම අධ්‍යාපන කොට්ඨාසයට අයත් වේලාසිය රජයේ විද්‍යාලයේ දරුවෝ 550 ක  සංඛ්‍යාවක්  පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණි දක්වා අධ්‍යාපනය හදාරති. මේ වන විට පාසලේ පවතින උග්‍ර ගොඩනැගිලි හිඟය මේ දරුවන්ට නිදහසේ තම අධ්‍යාපනය කර ගැනීමට  මහත් පීඩාවක් ගෙන දී තිබේ .

වේලාසිය විද්‍යාලය පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි අති දුෂ්කර පාසල් අතරින් දුෂ්කරම පාසලක් වන අතරම මෙම දරුවන්ගේ දෙමාපියන් ගඩොල් කපමින් සහ දෛනික කුලී වැඩ වලට යමින් තම දරුවන් වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරන්නේ ඇත්තේ දැඩි අසිරුතාවන් මැදය. එවන් පසුබිමක පාසලේ ගොඩනැගිලි හිඟයට මොවුන්ට තවත් පිළියම් සොයාගත නොහැකි නිසාම දරුවන් වෙනුවෙන් තාවකාලික පොල් අතු ශාලාවක් සමග තාවකාලික පංති කාමර කිපයක්ද  ඉදිකර දෙන්නට සිදුවු බව මොවුහු පවසති.

පාසලේ පවතින ගොඩනැගිලි හිඟය අධ්‍යාපන බළධාරින් හටද දන්වා ඇත්තේ කළක පටන් වන අතර ඒ සඳහා කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු නොවූ බව පාසල් සංවර්ධන කමිටුව පවසන්නේ දැඩි කළකිරිමකිනි.

කටු මැටි ගැසු දැඩි අවදානම් සහිත  තාවකාලික ගොඩනැගිල්ල තුළ අකුරු කරන මෙම දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපන බළධාරින් නිහඬව සිටිනුයේ ඇතැම්  පාසල්වලට අතිරික්ත ගොඩනැගිලි පද්ධති  ලබාදෙන පසුබිමකය.

 තම දරුවන් මුහුණදි ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පාසල් සංවර්ධන සමිතියේ ලේකම් කේ .ශීවකුමාර් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“මේ පාසලේ දරුවන් අධ්‍යාපනය කරන්නේ බරපතළ ප්‍රශ්න ගණනාවක් සමග මේ වන විට අධ්‍යාපනය ලබන සිසුන් ට උවමනා මුලික පහසුකම්වත් ලබා දෙන්න බලධාරින් කටයුතු කරලා නැහැ. ඒ අතරින් නිදහසේ අධ්‍යාපනය ලබන්න උවමනා ගොඩනැගිලි නැහැ . අනික් කාරණය පාසලට බිමට ජල පහසුකම් නොමැති විම අනික මේ දරුවන්ට විද්‍යාගාරයක් තිබෙන්නේ නමට බෝඩ් එකට එක සිමා වෙලා කිසිම උපකරණයක් මේ දරුවන් දැකලා නැහැ.ගුරු නේවාසිකාගාර නැහැ.මේ දරුවන්ගේ මානසිකත්වය ආරක්ෂා කරගන්න දෙමාපියන් වන අපි ගන්නා උත්සාහය කියා ගන්න බැරි තරම් දුකයි.

තම දරුවන් මුහුණ පා ඇති දුක්ඛිත තත්ත්වය පිළිබඳව එල්.පි.වජිරා මහත්මිය හැඬූ කඳුලින් මෙලෙස අදහස් දැක්වූවාය. 

 වේලාසිය කියන්නේ පුදුම දුෂ්කර ගම්මාන කිපයකන් හැදිලා තිබේන ප්‍රදේශයක් .බොහෝ දෙනෙකු ගඩොල් කර්මාන්තය කරනවා දහසක් ප්‍රශ්න මැද අනිත් පිරිස් තැන් තැන්වලට කුලියට යනවා.එහෙම තිබෙන පසුබිමක තමයි. දරුවන් ගේ දෑස් පාදන්න මේ ආකරයට කටයුතු කරන්නේ. නමුත් පාසලේ සම්පත් නැති වුණාම දරුවන්ට වැඩිය අසරණ අපියි. මොකද දරුවෝ කියනවා අම්මේ අපිට අරවා ඉස්කොලේ නැහැ මේවා ඉස්කොලේ නැහැ කියලා අපි මොනවා කරන්නද හිතා ගන්න බැහැ.අපිට හරියට ඉගෙන ගන්න බැරි වුණු නිසා අපි දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න විශාල මහන්සියක් ගන්නවා .නමුත් ඒ සඳහා රජය මැදිහත්විම මදි . අපිට හිතා ගන්න බැහැ මොකද කරන්නේ කියලා. 

දරුවන්ගේ අනාගතය පිළිබඳව දැඩි බියකින් සිටින ජී. පි .දිපානි තනුජා මහත්මිය පවසා සිටියේ කුමක් ඉදිරියේදි සිදුවනු ඇතැයි ද යන සැකයෙනී.

 “ අපිට පුදුම බයක් තිබේන්නේ මොකද මේ දරුවන් පිළිබඳව මේ රටේ දරුවෝ නොවෙයිද කියන ප්‍රශ්නය නිසා. අවුරුදු 10 ක් 15 ක් විතර කාලයකින් පාසලට කිසිම ගොඩනැගිල්ලක් ලැබිලා නැහැ. අපි අන්ත අසරණ වෙලා කරන්න දෙයක් නැතිව. මොකද අපිට පුළුවන් දරුවන්ට කන්න අදින්න දෙන්න ඇදුම් පැළදුම් අරන් දෙන්න පොත් පත් අරන් දෙන්න .නමුත් පාසලට උවමනා සම්පත් අපි කොහොම අරන් දෙන්නද? මේ පාසලේ රජයෙන් කරන එකම දෙයයි තිබෙන්නේ ඒ ගුරුවරුන්ට පඩදෙන එක විතරයි . හැබැයි ඉස්සරහාට අපිට එකත් කරන්න වෙයිද දන්නේ නැහැ යැයි පැවැසුවාය.

එස් .පි.රේණුකා ප්‍රියදර්ශනි වේලාසිය විද්‍යාලයේ ආදි ශීෂ්‍යාවකි.එසේම ඇයගේ දරුවන්ද මේ වන විට අධ්‍යාපනය හදාරන්නේද මෙම පාසලේය .මේ ඇය හඬ නැගු ආකාරයි.

“ අපි ඉගෙන ගත්තේ මේ පාසලෙන් අදට වඩා එදා අපි හුඟාක් අසරණයි. හැබැයි එදා වගේ නොවෙයි අද  දැන් අනිත් පාසල් දිහා බලපුහාම අපි ඉන්න තැන ගැන තියෙන්නේ දුකක් . අපිට ප්‍රශ්නය මේ පාසල ගැන ඇයි වගකිව යුතු බලධාරින් කියන අය සොයා බලන්නේ නැත්තේ කියලා යැයි ඇය පවසා සිටියේ දැඩි කනගාටුවකිනි .

 මේ පිළිබඳව තම අදහස් එක්කල චන්දිමා සමන්ති මහත්මිය පැවැසුවේ මෙවැන්නකි .

 “මේ පාසලට එන දරුවෝ කිසිම කෙනෙකු අම්මලා තාත්තලා දොස්තරලාගේ ඉංජීනේරුවන්ගේ දිසාපතිලාගේ දරුවෝ නොවෙයි .ඒ නිසා වෙන්න ඇති අපේ දරුවන්ට කුඩම්මාගේ සැලකිලි. මේ දරුවෝ වහින වෙලාවට තේමෙනවා තදින් හිරු පායන කොට පිච්චේනවා . නිදහසේ අධ්‍යාපනය කරන්න මේ දරුවන්ට අයිතියක් නැද්ද කියන එක විතරයි මම අහන්නේ යැයි ඇය පැවසා සිටියාය.

 මෙම පාසලේ දරුවන් පංති කාමර නොමැතිව අධ්‍යාපනය ලබන අසිරු තත්ත්වය පිළිබඳව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකි.

“ මටත් දැන ගන්න ලැබුණා මේ පාසල ගැන මේ වන විට ප්‍රතිපාදන තියෙනවා කියලා අපිට බොරු කියන්න බැහැ. නමුත් 2019 දි මේ පාසලට අවශ්‍ය ගොඩනැගිලි කිපයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. බෝහෝම ස්තුතියි දැනුම්වත් කළාට යැයි පැවසිය.



අදහස් (19)

වෙන මොනවත් එපා - පුත්තලමේ වේලාසිය විදුහලට ගොඩනැගිල්ලක් දෙන්න

විජිත් Tuesday, 31 July 2018 09:39 AM

දියවන්නාවේ සිටන පාලකයන්ට අහිංසක රටවැසියන්ගේ දරුවන් විඳින දුක පේන්නේ නෑ. 1948 දී සුද්දා අපේ රට දාලා ගියදා සිට බලයට පත්වුණ සෑම දෙස්පාලුවක්ම කලේ රටේ ජනතාවගේ මුදල් කොල්ලකන එක, උන්ගේ පවුල් හදා වඩා ගැනීම සහ ජනතාව භේද කිරීම පමණයි...මම මේ රටේ ජනාධිපති වුනොත්........... මුලින්ම කරන්නේ ඔය දියවන්නාවේ සිටින අය පන්නා දැමීමයි

:       0       627

BamunuarachchiThursday, 02 August 2018 12:06 AM

එක කොරන්න ගියොත් ඔහේ දියවන්නාවේ පාවෙනවා කියා පසුදින පත්තරේ තියේවි.

:       2       2

Chanak Los angeles Wednesday, 01 August 2018 01:14 AM

බැංකුව හොරාකාපු සල්ලි දේශපාලකයන්ට නොදී අඩුගානේ මේවගේ පාසල් වලට වියදම් කලානම් ජනතාව කිසිවක් කියන එකක් නැහැ .

:       30       71

ravi Wednesday, 01 August 2018 06:32 AM

ටැබ් එපාද?

:       31       89

සුචිත්රා සේනානායක Wednesday, 01 August 2018 11:58 AM

රවී... දුප්පත්කමට, අහිංසකකමට නින්දා කරන්න එපා. මේ දරුවන් ඉල්ලන්නේ ගොඩනැගිල්ලක් විතරයි.. ඔයාගේ ඔය හත්තිලව් ටැබ් නොවෙයි..

:       19       146

BamunuarachchiThursday, 02 August 2018 12:10 AM

ඔබ කලබල වෙන්න එපා එයා වැස්ස කාටවත් පාසලකට ගොඩවී නැතිබව පෙන්නුවා

:       1       88

ධනුෂ්කSaturday, 04 August 2018 02:41 AM

අමනයා.

:       0       0

Lakshman Morais Wednesday, 01 August 2018 12:05 PM

මගේ ෆර්ම් එක තියෙන්න වේලාසිය පාසලට නුදුරින්. දැනට මම විදෙස් රටක රැකියාවක් කරනවා. එන වසර ලංකාවට එනවා නැවත රට නොයන්න. මට වයස හැටක් වෙනවා එතකොට. මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්, පසුගිය වසරේ මිය ගියා. මම හරිම ආශාවෙන් ඉන්නේ මගේ ෆර්ම් එකේ වැඩ කරන ගමන්, උදය වරුවේ පාසලේ දරුවන්ට නොමිලයේ ඉංග්‍රීසි ඉගැන්වීමට. මට එයට අවස්ථාවක් ලැබුනොත් එම යුතුකම අම්මා වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරනවා.

:       0       68

සවින්දWednesday, 01 August 2018 05:41 PM

ලොකු පිනක් මහත්මයාණෙනි.

:       0       15

BamunuarachchiThursday, 02 August 2018 09:27 AM

ඔච්චර ලොකු ෆෙර්ම් එකක් තිබෙන ඔබට පුලුවනිනේ ස්ථීර පන්තිකාමර ටිකක් සාදා දෙන්න. පසුව ඒ කාමර වලම වැස්සට නොතෙමී ඉංග්‍රීසි කියා දෙන්න...............

:       8       16

janatha anuraSunday, 05 August 2018 02:28 PM

ඔහු අගය කරමු.

:       0       0

Lalith Wednesday, 01 August 2018 01:48 PM

කවුරු හරි මේක ලැප්ටොප් ඇමැතිට පෙන්නනවද?

:       27       123

BamunuarachchiFriday, 03 August 2018 10:42 PM

එ්කනම් ටිප් ටොප් වැඩක්...

:       0       0

Bamunuarachchi Thursday, 02 August 2018 12:00 AM

කොහෙද ළමයිනේ ඉස්කෝල හදන්න සල්ලි? 50000 කට වාඩිවෙලා ක්‍රිකට් ගහනවා බලන්න පුළුවන් ක්රීඩාන්ගණයක් ගාල්ලේ හදන්නතිබෙනවා.

:       0       48

Senanayake Thursday, 02 August 2018 03:57 PM

කට්ටියම එකතුවෙලා මේ පාරත් දෙන්න හොදේ...

:       0       15

tommyThursday, 02 August 2018 10:24 PM

වැඩේ කියන්නේ දැන් මොකටද දෙන්නේ? බලාගෙන ගියාම ඔක්කොම එකයි.

:       0       7

Sanath KandySunday, 05 August 2018 08:30 AM

මෙච්චර කල් නොදීපු පිරිසකට දීලා බලමුද? තමන්ගේ මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරලා දුෂ්කර ප්‍රදේශවල පරිගණක පාසල් හදන අයත් ඉන්නවා. වෙනසකටත් එක්ක ලබන සැරේ එයාලට දීලා බලමු.

:       2       203

ධනුෂ්කSaturday, 04 August 2018 02:55 AM

සේනානායක කියන්නේ මේ මැටි ගොඩනැගිල්ල මේ අවුරුදු 03ට හදපු එකක් කියලද? මේකේ පෙනුමේ හැටියටනම් අවුරුදු 10ක් වත් පරනයි. ඊට කලින් සමහරවිට මේ ළමයි ගහක් යට ඉන්න අැත්තේ. මේ දරුව්න්ගේ දෙමාපියන් උදේ සිට රෑ වන තුරු ජීවත් වෙන්න දැඩි අරගලයක් ගෙනියනවා. බඩ පුරවා ගන්න තුන් වේල කනවා නොවේ. මොනාහරි ගිලිනවා. මේ රටේ බහුතරයක් එහෙමයි.එ්ත් සමහර නරුමයින් කියනවා පිනට උගන්නන්න එපාලු. මං හිතන්නේ නැවත වහල් සේවය වැඩි කරගන්න වෙන්නැති

:       0       0

බද්රානි Tuesday, 07 August 2018 04:19 PM

මෙවැනි පාසල් අප රටේ තිබෙනවා දැකීම අතිශය කණගාටුදායක කරුණක්. ඇත්තෙන්ම කල යුත්තේ, හතු පිපෙනවා වැනි කුඩා පාසල් සෑම තැනම බිහි කිරීම නොවෙයි. මෙවැනි කුඩා පාසල් වල අධ්‍යාපනය හැදෑරීමෙන් දැනුමෙන් සපිරි පරපුරක් බිහි කල නොහැකියි. රජයේ හෝ පළාත් සභාවේ අනුග්‍රහය ඇතිව මෙවැනි පාසලක ගොඩනැගිලි ඉදිකළත්, එය ප්‍රාථමික අධ්‍යාපනයට පමණක් සීමා කොට අනෙක් සිසුන්ව ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන පාසලකට අනුයුක්ත කල යුතුයි. ඒ වගේම ඔවුන්ට ගමනාගමනා පහසුකම් සැපයිය රජයේ කාර්යභාරයයි.. එසේ නොමැතිනම් සිදුවන්නේ, මෙවැනි පාසල් තුල කොතරම් අධ්‍යාපනය හැදෑරුවත් ඔවුන්ගේ මනස එක්තරා පටු සීමාවකට කොටුවීමයි. වඩා පුළුල් විවෘත මනසකින් හා යහපත් ආකල්ප වලින් යුතුව ලෝකය දෙස විවෘත මනසකින් බැලීමට නොහැකි අධ්‍යාපනයේ ප්‍රති විපාක දැනටමත් අප ජාතියක් ලෙස බුක්ති විඳිමින් සිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 257 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 63 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 608 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 294 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 116 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 335 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site