IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුහුදට කුණු දැමීම ලොකු ප්‍රශ්නයක්

හර්ෂණ තුෂාර සිල්වා

ධීවරයන් සාගරයට මුදා හරින ප්ලැස්ටික් ප්‍රමාණය ඉතා අධික බැවින් එය නැවැත්වීමට ස්ථීරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර උපදේශක සභාවට උපදෙස් දී ඇත.

මේ අනුව ධීවර යාත්‍රාවල රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණය පරීක්ෂා කිරීම, රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණය සීමා කිරීම, නිසි උපදෙස් පිළිනොපදින ධීවර යාත්‍රාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ආදී යෝජනා ධීවර උපදේශක සභාවට ඉදිරිපත් වී තිබේ.

සාගරයට එකතුවන ප්ලාස්ටික් සහ පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ප්‍රමාණය හැකිතාක් අඩු කිරීම සඳහා කඩිනමින් ස්ථීර වැඩපිළිවෙළක් සැකසීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි දැනටමත් පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සඳහන් කළේය. 

ධීවරයන්ගෙන් දිනකට මුහුදට එක්වන ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 6ත් 10ත් අතර බව සඳහන් කරන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය ඒ හේතුවෙන් ශීඝ්‍ර වේගයකින් මුහුදු සම්පත විනාශ වෙමින් තිබෙන බව ද පෙන්වා දෙයි.

 මේ තත්ත්වයට ධීවරයන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලු දෙනාම වගකිව යුතු බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවැසීය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ ද කීය.

“ධීවරයන් පමණක් නෙමෙයි ලංකාවේ සියලු දෙනාම මේ තත්ත්වයට වගකිව යුතුයි. සාගරයට අපද්‍රව්‍ය මුදා හරින රටවල් අතර අපි පස් වැනි තැනට පත්වෙලා. අපේ මිනිස්සු කසළ බැහැර කරන්න තෝරාගෙන තිබෙන්නේ අපේ ගංඟා. අපි අද ලෝකයට විස බෙදා හරින තැනක් බවට පත්වෙලා. 

ප්ලාස්ටික් පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය එකතු වීමෙන් ලංකාවට අයත් සාගරය වගේම සමස්ත ඉන්දියානු සාගරයේම සාගර ජෛව විවිධත්වය අවදානමකට ලක්වෙනවා. අපේ රටේ ගංඟා 103ක් තිබෙනවා. අපේ මිනිස්සු ගංඟාවලට කසළ බැහැර කරනවා. ධීවරයන් පමණක් නෙමෙයි, රටේ සියලු දෙනාම ඊට වගකිව යුතුයි. මහනුවරින් බැහැර කරන කුණු පවා එකතු වෙන්නේ සාගරයට. කොරොල් පර මත පොලිතින් හා ප්ලාස්ටික් රැඳෙනවා. ඒ නිසා කොරොල් පරවලට ඉර අව්ව වැටෙන්නේ නැහැ. අපද්‍රව්‍ය නිසා කොරොල් පර හදන්න උපකාරී වන මුහුදු ජීවින් පවා විනාශ වෙනවා. මේ දේවල් නිසා කොරොල් පර නිෂ්පාදනය වීම නවතිනවා. 

මේ දේවල් නිසා දරුණු සෞඛ්‍ය සහ පාරිසරික හානියක් ඇතිවෙලා තිබෙනවා. පොලිතින් සහ ප්ලාස්ටික් නිසා ජලයේදී විස නිපදවෙනවා. මාළු බිත්තරවලටවගේම මත්ස්‍යයන් සමඟ විස මුහුවෙනවා. අපි මත්ස්‍ය අපනයනයේ යෙදෙනවා. අවසානයේදී අපි අපනයන කරන්නේ විස සහිත මසුන්. අපි තවමත් සිටින්නේ පසුගාමී තත්ත්වයක. කසළ බැහැර කිරීම, පොලිතින් භාවිත කිරීම සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් විවිධ අත්හදා බැලීම් කරනවා. පරිසරයට හිතකර අයුරින් කටයුතු කරනවා. ඊට අදාළ නීතිරීත අනුගමනය කරනවා. එහෙත් අපි එහෙම නැහැ. මෙය මහා ඛේදවාචකයක්” යැයි ද ඔහු තවදුරටත් කීය. 



අදහස් (6)

මුහුදට කුණු දැමීම ලොකු ප්‍රශ්නයක්

apo Friday, 16 June 2017 05:08 PM

අනේ මන්දා මේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද කියල

:       0       11

chaminda Saturday, 17 June 2017 02:36 AM

වැඩි වශයෙන් මුහුදට අපද්‍රව්‍ය එකතු කරන්නේ ඉන්දියාවෙන් , ඒවා දිය පාරවල් සමග විවිධ පති වලට යනවා , ලංකාව ළඟම රට නිසා බලපෑම වැඩියි.

:       0       0

nandaka Saturday, 17 June 2017 05:15 AM

අපේ කර්මාන්තශාලා වල අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රනයකර මුදාහැරීම සිදුවන්නේ කලාතුරකින් පරිසරයට ආදරය කරන මිනිහෙක් මහා පුටුවේ හිටියොත් පමනයි. නැත්නම් ඒසඳහා වන විදුලි ඇතුළු අනෙකුත් ලක්ෂ ගණනක වියදම් කපා හැර ලාබ ලැබීමට විශේෂයෙන්ම වැහි කාලයෙදී රසායනික අපද්‍රව්‍ය ඇළ දොළ ගංගා වලට නිදහස් කිරීම ලංකාවේ සාමාන්‍ය දෙයක්. කැළණි ගඟට එක්වෙන රුවන්වැල්ල ගෝනගල මාපිටිගම ඇලෙන් මීට වසර 10 කට පමණ පෙර නිදහසේ තම ජල අවශ්‍යතා ඉටුකරගත් මිනිස්සු වතුරට ඇඟ කසන නිසා දැන් ඇලට බහින්නේත් නැහැ. හිටපු මාලුවොත් නැහැ. හේතුව ඇළ උඩහ .......කර්මාන්තශාලාවෙන් ඇලට "ජරාව" එකතුවෙනවා කියල මිනිස්සු දන්නවා. එත් ඒ "ජරාව" (chemical waste ) කොච්චර දරුණුද කියල ඒ අසරණ මිනිස්සුන්ට ලොකු අවබෝදයක් නැහැ බලන්න හොයන්න නිසි අවංක බලදාරියොත් නැහැ. බුදුහාමුදුරුවොත් ජලයට අඩුම තරමේ කෙල බිඳක්වත් හෙලන්න එපා කියල වදාරලා තියෙන්නේ එහි ප්‍රතිවිපාක වලින් මිනිසුන්ට දරුණු ප්‍රතිපල අත්වෙන නිසා. අද අපි අත්විඳින්නේ ඒ හේතුපල දහමම තමයි !

:       0       12

athula Sunday, 18 June 2017 06:41 AM

හොදින් හෝ නරකින් මිනිසුන්ට මෙම විනාසය ගැන දැනුවත් කිරීම කලයුමයි එහෙම නොවුනොඅහොත් අපි සැමට මෙම ලෝකය අහිමි වෙන දිනය අතලගයි අද මාලුන්ටත් පිලිකා හැදෙනවා මෙහෙම ගියොත් ලෝකෙයට අත්වන ඉරණම කුමක් වේවිද ?

:       0       0

[email protected] Sunday, 18 June 2017 06:43 AM

මුහුදට කුනු දාන එක හොද නෑ. ඒත් අපේ රටේ මිනිස්සු කුනු හින්ද විදින දුක් දැක්කම මේ වෙලාවෙ හැටියට කරන්න තියෙන්නෙ කුනු මුහුදට දාන එක තමයි. ලොකෙම මුහුදට කුනු දානවනන් අපි විතරක් නොදා ඉදල වැඩකුත් නෑ. පොලිතින් කියන මාරය තහනම් කරනකන් මේකෙන් ගැලවීමක් නෑ.

:       1       0

දිලිප් මාතර Sunday, 18 June 2017 11:55 AM

ලංකාවේ ධිවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ඉඳල පහළට ඉන්න නිලධාරින් එක්කෙනෙක්වත් ධීවර කටයුතු ගැන සාර්ථක දැනුමක් තිබෙන අය නෙමෙයි.. මෙවැනි නිලධාරින් ඉන්න ආයතනයකින් ධීවරයන්ට සහ රටේ ජනතාවට කිසිම යහපතක් වෙන්නේ නැහැ. ධීවරයන් හෝ මත්ස්‍ය සම්පත නගාසිටුවන්න කිසිම සාර්ථක සැලැස්මක් හෝ අදහස් මොවුන් සතුව නැහැ. මොවුන් දන්නේ තමන්ගේ රැකියාවේ පහසුවට නව නීතිරීති ඇතුලත් කර පුටු රත්කරමින් කාලය ගෙවා වැටුප් ලබාගැනීමට පමණයි.. වර්තමාන ඇමතිතුමා මේ ගැන අවධානය යොමුකළොත් හොඳයි.. විශේෂයෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල් ලඟට ගිහින් කිසිම ප්‍රශ්නයකට පිළිතුරක් ලබාගන්න බැහැ. ධිවර දෙපාර්තමේන්තුව තියෙන්න ඕන ධීවරයන්ගේ කටයුතු කිරීමට මිස නිතරම විවිධ නීති යොදා ඔවුන්ව අපහසුවට පත්කිරීමට නොවෙයි.. ලංකාවේ ධිවර දෙපාර්තමේන්තුව සහ නිලධාරින් වැඩ කරන්නේ ඔවුන්ට හිතෙන හිතෙන හැටියටයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 281 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 221 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 65 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 212 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site