IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මිලේනියම් ගිවිසුම හොඳද? නරකද?

වඩාත් විවාදයට ලක්වුණු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම මගි​න් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් වර්ධනයට හා ඉඩම් පරිහරණ අයිතීන්ට අදාළව මූල්‍යාධාර සපයන බවට පොරොන්දු වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ප්‍රදානය දෙස අයෙක් සැකමුසුව බැලූහ. තවත් අයෙක් ඊට පක්ෂව කතාකළහ. හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති හා ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ඩබ්ලිව්.ඒ. විජේවර්ධන MCCගිවිසුම සම්බන්ධයෙන් කතාකරමින් සිය අදහස් Daily Mirror පුවත්පතට ලබාදුන්නේය. මෙම ප්‍රදානය මගින් සාර්ථක ජාතික ආර්ථිකයක් කරා යන අනාගත ගමනට පහසුකම් සැලසෙන බවත් මාර්ග සංවර්ධනය හා ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා මෙම කාර්ය සිදුවන බවත් හෙතෙම කියා සිටියේය.

එම සම්මුඛ සාකච්ඡාවේ උපුටනය පහත සඳහන් වේ.

ප්‍රශ්නය:- මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම යන්නෙන් කුමක් අදහස් වේද? එයින් රටකට මූල්‍යාධාර අනුමත කරනුයේ කුමන පදනමක් මතද?

පිළිතුර:- MCC යනු 2004 දී එක්සත් ජනපද කොංග්‍රසය විසින් ගොඩනගන ලද මූල්‍යාධාර ගෙවීමේ නව ඒජන්සියක්. එය බොහෝ සෙයින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියට (USAID) සමානයි. මෙම ආයතනය බොහෝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. MCC ආයතනය ජනයාගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් ඊට සුදුසුකම් ලැබූ රටවල සංවර්ධන ව්‍යාපෘති උදෙසා මූල්‍යාධාර සපයනු ලබනවා. පහළ මැද ආදායම් ලබන හෝ ඉන් පහළ මට්ටමේ ආදායම් ලබන රටක් MCC ආධාර ලැබීම සඳහා සුදුසුකම් ලබනවා. එසේම ප්‍රධාන අංශ 3ක පරීක්ෂාවන් 20කට එම රට ලක්විය යුතුයි. ප්‍රධාන අංශ 3 නම්, ආර්ථික නිදහස, යුක්තිසහගත පාලනය සහ ජනතාව උදෙසා ආයෝජනය කිරීම යන ඒවායි. ආර්ථික නිදහස යන්න උප අංග හයකින් සමන්විත වෙනවා. එනම් මූල්‍ය ප්‍රතිපත්තිය, උද්ධමනය, වෙළඳ ප්‍රතිපත්තිය, ආර්ථිකය, කාන්තාවන්ට සලකන ආකාරය, ඉඩම් අයිතිය හා ප්‍රවේශය, ණය ලබාගැනීමේ හැකියාව හා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පහසුව යන අංශයි.

යුක්තිසහගත පාලනය යන්නට, දේශපාලන අයිතීන්, සිවිල් නිදහස, දූෂණය පාලනය කිරීම, රජයේ කාර්යක්ෂම බව, නීතිමය පාලනය සහ තොරතුරු දැනගැනීමේ යන්න අයත් වෙනවා. අවසාන අංගය වූ ජනතාව උදෙසා ආයෝජනය යන්න යටතේ, සෞඛ්‍යය සඳහා දරන වියදම්, ප්‍රාථමික අධ්‍යාපනය සඳහා වියදම් දැරීම, ස්වාභාවික සම්පත් සංරක්ෂණය, ප්‍රතිශක්තිකරණ අනුපාත, ගැහැනු දරුවන්ගේ ද්විතීයක අධ්‍යාපනයේ නියැලීම් අනුපාතය සහ ළමා සෞඛ්‍යය යන උප, අංග අයත් වෙනවා. රටක් මෙම ආධාර ලබන්නට සුදුසුකම් ලැබීමට නම් මෙම අංග 20 න් අවම වශයෙන් 12 ක් සමත් විය යුතුයි. මේ අරමුණෙන් MCC ය රටකට ලකුණු සැලැස්මක් සූදානම් කොට තිබෙනවා. ශ්‍රී ලංකාව සතුව ඇත්තේ 2019 දී සැකසූ ලකුණු සැකසුමයි. එකී ලකුණු සැකසුමේ ශ්‍රී ලංකාව අංග 13කින් සමත්ව තිබෙන අතර මූල්‍ය ප්‍රතිපත්තිය, ආර්ථිකය තුළ ලිංගික සමානාත්මතාව, ඉඩම් අයිතිය හා ප්‍රවේශය, තොරතුරු දැනගැනීමේ නිදහස, සෞඛ්‍යය උදෙසා වියදම් යන අංග ප්‍රාථමික අධ්‍යාපන වියදම් යන අංශවලින් අසමත් වී තිබෙනවා. මෙම අංශ හත අනාගතයේදී වර්ධනය කළ යුතුයි. ශ්‍රී ලංකාව මෙම ආධාර ලබාගැනීමට 2005 තරම් අතීතයක පටන් උත්සාහ දරා ඇතත් අවම අංශ 12 සමත් නොවූ නිසා එය ලබාගන්නට අපොහොසත් වුණා.

කෙසේ වෙතත් 2016 දී ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇති බවට MCC මණ්ඩලය නිර්දේශ කළා. ඒ අනුව ශ්‍රී ලංකාව ආණ්ඩුව 2017 දී ආධාර ලබාගැනීමට පෙරාතුව අනිවාර්යයෙන් සම්පූර්ණ කළයුතු විග්‍රහය වන Constraints Analysis (සීමාකාරී විග්‍රහය) සම්පූර්ණ කරනු ලැබුවා. ඕනෑම සංවර්ධන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම විග්‍රහය ඉතා වැදගත් වෙනවා. මන්දයත් රටක් මුහුණපාන සීමාකාරී සාධක හඳුනාගැනීමකින් තොරව එරටට ප්‍රතිපත්තිය ක්‍රියාවට නැඟිය නොහැකි නිසා. මෙම විෂයයේ විශේෂඥයන් කියන්නේ එම සීමා රටක් දිනා නොගතහොත්, එම සීමා රට කුදලාගන්නා බවයි. පසුගිය සංවර්ධන ප්‍රතිපත්තීන් සාර්ථක නොවූ බව මෙහිදී කිව යුතුයි. එහිදී සිදුවූයේ රට විසින් සීමාකරණ සාර්ථක ලෙස ජය නොගැනීමයි.

ප්‍රශ්නය - ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක් වටිනා MCC ප්‍රදානය මේ වන විට මතභේදයට තුඩු දෙන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය කුමක්ද? මෙම MCC ප්‍රදානය ලබා ඉදිරි කටයුතු කිරීම නුවණට හුරුද?

පිළිතුර:- අපට එක් දෙයක් සම්බන්ධයෙන් පැහැදිලිව දැනගන්නට අවශ්‍ය වූවා. අප දැන් පහළ මැද ආදායම් ලබන රටක් වශයෙන් හිඳ 2019 ජුනි මාසයේදී ඉහළ මැද ආදායම් මට්ටමේ එළිපත්තට පැමිණ, ඉහළ මැද ආදායම් ලබන රටක් බවට පත්වුණා. එවිට තවදුරටත් MCC ආධාර ලැබීමේ සුදුසුකම් නැතිවී යනවා. ඒ ආකාරයට 2019 ජනවාරි 1 දායින් පසුව ශ්‍රී ලංකාවට මෙම පහසුකම් ලබන්නට බැහැ. වර්තමාන ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීම ඇරඹුවේ 2016 පටන් නිසා ඒ ගැන MCC සලකා බැලුවා. කෙසේ වුවද මෙම පහසුකම් ලබන්නට 2019 දෙසැම්බර් 15 ට පෙර ශ්‍රී ලංකාව අවශ්‍යතා 2 ක් සපුරාලිය යුතුයි. ඉන් එකක් වන්නේ ශ්‍රී ලංකාව විසින් එම ගිවිසුමට අත්සන් තැබිය යුතුවීමත් ඊට අවශ්‍ය නීති පාර්ලිමේන්තුවෙන් සම්මත කරගතයුතු වීමත්. MCC මණ්ඩලය ඉන් පසු දෙසැම්බරයේ රැස්වීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා ඊට පෙර මෙම අවශ්‍යතා සපුරාගත යුතුයි. වර්තමාන රජය ලහි ලහියේ ඒ ගැන කටයුතු කිරීමට හේතුව එයයි. එම අවසන් දිනට පෙර රජයට එය කළ හැකි නොවේ නම් ශ්‍රී ලංකාවට සදහටමMCC ගිවිසුමේ ආධාර නොලැබී යනවා.

වර්තමාන ගිවිසුම MCCය ශ්‍රී ලංකාව මත බලෙන් පැටවූවක් නොවෙයි. එය මහජනයා පෙළනු ලබන බොහෝ අවශ්‍යතා හඳුනාගත් පසුව ශ්‍රී ලාංකික බලධාරීන් MCCයෙන් ඉල්ලුම් කරනු ලැබූ ආධාරයක්. වර්තමාන ඩොලර් මිලියන 480 ක ප්‍රදානය යොමු කරනුයේ ප්‍රධාන ව්‍යාපෘති දෙකකටයි. මාර්ග සංවර්ධනයට සහ ඉඩම් ඔප්පු නවීකරණය ඒ ව්‍යාපෘතියයි.
ඩොලර් මිලියන 480 න්, ඩො. මිලියන 350 ක් භාවිත කරන්නේ මාර්ග සංවර්ධන අංශවලටයි. ඊට අදාළ ප්‍රධාන අංග තුනක් තිබෙනවා. එකක් බස්නාහිර පළාතේ රථවාහන තදබදය ලිහිල් කිරීම උදෙසා. ඇත්ත වශයෙන්ම රථවාහන තදබදය කරදරකාරී ප්‍රශ්නයක්. මෙම ව්‍යාපෘතියේ අරමුණ එම කරදරය සම්පූර්ණයෙන් දුරුකිරීමට නොවෙයි. එම තදබදය ලිහිල්කොට යම් සහනදායි මට්ටකට ගෙන ඒමයි. එවිට පූර්ණ විසඳුමක් ඇතිකිරීම උදෙසා යම් සහනයක් ලබාගත හැකි අවකාශයක් රටට ලැබෙනවා. ඊට අදාළව කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග 8 ක් සංවර්ධනය කොට වාහන තදබදය සිදුවන හන්දි 132ක් පහසුවෙන් වාහන යා හැකි වන පරිදි පුළුල් කිරීමට නියමිතයි. ඊට අමතරව වාහන ගමනාගමනය මන්දගාමී බවට පත්වන පාර මාරුවන ස්ථාන 50කට ඉහළින් හෝ යටි බිම් හරහා පාර මාරුවීම් සකසා වාහන ගමන්කිරීමට සිදුවන බාධා ඉවත්කිරීමට නියමිතයි. මීට අමතරව (CTB) ශ්‍රී ලංගම සහ පෞද්ගලික යන දෙවර්ගයේම බස්රථ සේවාවලට ඉහළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතයෙන් නවීකරණය කෙරෙන්නේ ටිකට් භාවිතය හා සම්බන්ධීකරණ කාල සටහන් හඳුන්වාදීමෙන්. තුන්වන අංගය වටරවුම් මාර්ග ජාල පද්ධති සම්බන්ධතා වර්ධනයයි. එහිදී දඹුල්ල, මහියංගණ, බිබිලේ, මොනරාගල, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, දඹුල්ල යන නගර මාර්ග ජාලයකින් රටේ ප්‍රධාන වෙළඳ පොළ ඇති බස්නාහිර පළාතට සම්බන්ධ කෙරෙනවා.

ඉඩම් ඔප්පු නවීකරණයේදී ආධාර මුදල් පරිහරණය කෙරෙන්නේ දැනට භාවිතාවන කඩදාසි ඉඩම් ඔප්පු e- ඔප්පු බවට වර්ධනය කිරීමටත් තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු කිරීමේ ධාරිතා වර්ධනයට වෙනුවෙන්.
මෙම ව්‍යාපෘතියෙන් රටේ වර්ධන වේගය ක්ෂණිකව ඉහළ දමන්නෙ නෑ. වඩාත් බැරෑරුම් ගැටලු කිහිපයකට ඒ මගින් විසඳුම් ලැබෙනවා. ඒවා අද රටේ ආර්ථිකය මුහුණපාන ගැටලු. මෙය පහසු කාරකයක් ලෙස ක්‍රියාකරනවා. අවසාන විසඳුම් සපයන්නක් නොවෙයි.

ප්‍රශ්නය - MCC ආධාර මගින් ශ්‍රී ලංකාවට සලසා දෙන වාසි මොනවාද?

පිළිතුර:- ඉහත සඳහන් කළ ආකාරයට මේ ව්‍යාපෘතියෙන් බස්නාහිර පළාතේ දැනට පවතින වාහන තදබදය ලිහිල් කරනවා. උදාහරණයක් කියතොත් දැන්, හෝමාගම සිට කොළඹට ඇති කි. මී. 24 ගමන් කරන්නට මගියෙකුට පැය 2 ක් ගත කළ යුතුයි. මෙය පැය එකකට අඩු කරන්නට මේ මගින් බලාපොරොත්තු වෙනවා. ගමන් පහසුව මගින් ජනයාට වඩාත් ඵලදායි ලෙස ආර්ථික වර්ධනයට දායකවීමේ හැකියාව ලැබෙනවා. ඒ හා සමානවම පිට පළාත්වල ප්‍රධාන නගර බස්නාහිර පළාතේ විශාල වෙළඳ පොළ හා සම්බන්ධ කෙරෙනවා. වෙළඳ පොළට ප්‍රවේශවීමේ හැකියාව වර්ධනය කිරීම නිසා එම පළාත්වල වාසය කරන අයට තම නිෂ්පාදනය පහසුවෙන් අලෙවි කර ගැනීමේ අවස්ථාව සැලසෙනවා.

e- ප්‍රවේශපත් නිසා බස්වල කටයුතු කරන අයට ගාස්තු එකතු කරගැනීම පහසු වෙනවා. ඒ අතරම මගීන්ට ගෙවීම් කරන්නටත්, වඩා දියුණු බස් කාලසටහනක් සම්බන්ධීකරණයටත් එය උපකාරී වෙනවා.

e- ඉඩම් ඔප්පු නිසා ඉඩම් හිමියාට තම ඔප්පු ආරක්ෂිතව තබාගත හැකිවනවා මෙන්ම බැංකු ණය අයැදුම් කරද්දී ඒවා පහසුවෙන් බැංකුවල තැබීමේ හැකියාව උදාවෙනවා.

ප්‍රශ්නය:- මෙම ආධාර ප්‍රදානයට විරුද්ධ අය අදහස් කරන ආකාරයට MCC ගිවිසුම අත්සන් කිරීම මගින් ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලු මතුවෙනවාද?

පිළිතුර:- මා මේ ගිවිසුම සම්පූර්ණයෙන් අධ්‍යයනය කළා. රටේ ජාතික ආරක්ෂාවට මැදිහත් වෙන ප්‍රතිපාදනයක් එහි කිසිම තැනක මට හමුවුණේ නැහැ. මෙය සාමාන්‍යයෙන් තුන්වැනි ලෝකයේ උදවියට ඇමෙරිකා එක්සත් ජනපදය ගැන තිබෙන සාමාන්‍ය අමෙරිකානු භීතිකාවක්. ඒ අයගේ සිතේ මෙවැනි බියක් සනිටුහන් කරන්නට එක්සත් ජනපද බලධාරීන්ගේ අතීත, ආත්මාර්ථකාමී, අන්තගාමී ක්‍රියාකලාපය දායකවුණා. කෙසේ වුවද එක්සත් ජනපද පරිපාලනයට කුමන හෝ රටක ජාතික ආරක්ෂාවට මැදිහත් වෙන්නට අවශ්‍ය නම් එය ආධාර ගිවිසුමක් හරහා කරන්නට ඊට අවශ්‍ය නැහැ. තාක්ෂණය විසින් මෙහෙයවනු ලබන ලෝකයේ, ඕනෑම රටක දත්ත හා තොරතුරු ඒකාරාශී කරගන්න ඒ අයට හරිම පහසුයි. එවැනි මහ පරිමාණ දත්ත විරුද්ධ ක්‍රියාවක් හෝ ආරක්ෂාකාරී ක්‍රියාවලියක් වෙනුවෙන් විෂ්ලේෂණය කරගැනීමත් අපහසු නැහැ. ඔවුන්ගේ තොරතුරු ඒකරාශීකර ගැනීමේ හැකියාව ඉතා ඉහළයි. රුසියානුවෙක් ගෙදරින් දොට්ට බැස්සත් ඒ රුසියානුවාගේ නාසයේ වහල ඉන්න මැස්සෙකුගෙ ඡායාරූපයක් නිසි වෙලාවට ඔවුන්ට ගත හැකි බව කතාවට කියනවා. එවැනි යෝධ රටක් හා ගැටෙනවාට වඩා සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාව වැනි රටවලට හැම අතින්ම නිතරම පහසුයි.

ප්‍රශ්නය:- MCC ගිවිසුම ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන්නේ ප්‍රවාහන යටිතල පහසුකම් වර්ධනයට සහ ඉඩම් අයිතිය හා ප්‍රවේශය වර්ධනය කිරීමටයි. MCC ප්‍රදානවල ඇත්තේ ඔය කියන අරමුණ වග ශ්‍රී ලාංකිකයින් විශ්වාස කරතැයි ඔබ කෙරතම් දුරට සුබවාදී ලෙස කල්පනා කරන්නේද?

පිළිතුර:- මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ ශ්‍රී ලංකාව පවත්වා ගන්නා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය මතයි. අවුරුදු පහක් කියන්නේ දීර්ඝ කාලයක්. අපේ රට නිසි සැලැස්මක් අනුව වැඩ ආරම්භ කරන්නේ නම් එම කාල පරිච්ඡේදය ඇතුළත ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකි වන බව විශ්වාස කිරීමට අමාරු නැහැ. නියමිත දිනට ප්‍රගතිය අත්පත් කරගන්නා රටවලට MCCය දින දීර්ඝ කිරීම් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාව එම ක්‍රමෝපාය අනුගමනය කළයුතු නෑ. ව්‍යාපෘතිය නිසි සැලැස්මක් අනුව ආරම්භ කොට හරි වෙලාවට නිම කළ යුතුයි.

ප්‍රශ්නය:- MCCයේ ප්‍රධාන අරමුණ ආර්ථික වර්ධනයෙන් දරිද්‍රතාව අඩුකර ගැනීමයි. ඔබේ අදහස අනුවMCC ණයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවිය හැකි ධනාත්මක හා සෘනාත්මක බලපෑම් මොනවාද?

පිළිතුර:- මෙම ව්‍යාපෘතිය ආර්ථික වර්ධනය හරහා දුප්පත්කම අවම කිරීමට පහසුකම් සලසන ව්‍යාපාතියක්. එම නිසා ආර්ථික වර්ධනය වේගවත් කිරීමට මෙම පහසුකම් උපයෝගී කරගනිමින් රජය අවධානය යොමුකළ යුතු ක්ෂේත්‍ර බොහෝ තිබෙනවා. මාර්ග සංවර්ධනයේ සහ e- ඉඩම් ඔප්පු ආර්ථිකයට ගෙන එන්නේ ධනාත්මක ප්‍රතිඵලයක් තමා.

ප්‍රශ්නය:- MCC ගිවිසුම අවුරුදු පහකින් අවසන් වන්නේ නම්, ඒ වන විට MCC මගින් මූල්‍යාධාර සැපයූ ව්‍යාපෘති නියමිත කාලයට නිම නොවුණහොත් පස් අවුරුදු කාලරාමුවක් තුළ අවසන් නොවුණ එවැනි ව්‍යාපෘති වලට කුමක් සිදුවේද?

පිළිතුර:- නියමිත පස් අවුරුද්ද තුළ නිම කිරීමට නොහැකි වුවහොත්, යම් රටකට අවසන් දිනය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිය හැකිබව මම කලින් සඳහන් කළා.

සාකච්ඡා කළේ - සාරා මුවිස්
පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (6)

මිලේනියම් ගිවිසුම හොඳද? නරකද?

ගාමිණී ඌපොල.. Tuesday, 26 November 2019 01:39 PM

එහි කිසිම දොසක් නොදකිමි...

:       10       8

vidya Wednesday, 27 November 2019 02:14 AM

එතකොට අර දේශපාලන වේදිකාවල කෑකෝ ගහපු අය කීවේ මොනවද? මිනිසුන් සත්‍ය තේරුම ගන්නේ කොහොමද .

:       12       47

Rohana Wednesday, 27 November 2019 02:43 PM

මේක තමයි සත්‍ය. එතකොට පසුගිය දවස්වල දේශපාලකයින් විශේෂයෙන් බන්දුල ගිරිය පුප්පාගෙන මේකට විරුද්ධ වුනේ අහවල් මගුලකටද? දේශපාලන වාසියට ඕනෑම කතාවක් දෙසාබාන දේශපාලකයින් අපට අවශ්‍ය නොවන අතර මොවුන් පිළිබඳ තීන්දු, තීරණ ගැනීම ජනතාව සතු වගකීමකි.

:       0       13

hesha Thursday, 28 November 2019 10:33 AM

අර රුසියව කතාව බොරුවක්... බම්බුව තමයි.

:       0       10

Sidu Friday, 29 November 2019 06:16 AM

ඇයි දැන් MCC හොඳ ? ඡන්දෙට කලින් නරක ?

:       0       0

සමන් Friday, 29 November 2019 08:21 AM

මේ මහත්මයා පිලිතුරු දීමේදී බොහොම පරිස්සමින් පිලිතුරු දීලා තියෙනවා. පහුගිය ආණ්ඩුව විරුද්ධ වුණේ වෙන ඉඩම් ව්‍යාපෘතියට මිසක්, ප්‍රවාහන ව්‍යාපෘතියට නෙවෙයි. ඒක පළවෙනි කාරණය. ඉඩම් ව්‍යාපෘතිය කියන එක මේතරම් සරල නම් මොකටද ඒකට පාර්ලිමේන්තු පනතක් අවශ්‍ය වන්නේ. ඉඩම් ඔප්පු විද්‍යුත් මාධ්‍යයෙන් නිර්මාණය කරනවා කියන එකට පාර්ලිමේන්තු පනත් අවශ්‍ය වෙන්නෙ නෑ. ඕක විතරක් නෙවෙයි පාර්ලිමෙන්තු පනත් පෝලිමක් මේකට ආවා කලින්ම... වෙලාවට ඒවා අධිකරණයේදී ප්‍රතික්ෂේප වුනා. ඕකෙ ඔප්පුව ඉලෙක්ට්‍රොනිකව හදන එක විතරනම් මොකටද අර ආර්ථික කොරිඩෝව කියලා එකක් ත්‍රිකුණාමලයෙ ඉදන් කොළඹ එනකම් හැදුවෙ? මොකටද ලංකාවට ඇමරිකාවෙ අයට බඩු භාණ්ඩ චෙක් කරන්නෙ නැතිව, ටැක්ස් නැතිව ගේන්න පුලුවන් වෙන විදියට නීති වෙනස් කරන්න ඕන වුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 144 1

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 46 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 546 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 280 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 106 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 326 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site