IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ කොමිසමට ඇබැද්දියක්

මහ මැතිවරණයේ කටයුතු ආරම්භ වී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ජූලි මස 01 වැනි දින සිට කොමිෂන් සභාව මැතිවරණ ක්‍රියාවලිය ශීඝ්‍රයෙන් ආරම්භ කළ බවය.

ඒ අනුව තරග කරන පක්ෂ හා අපේක්ෂකයෝ වෙන වෙනමත් පක්ෂ ලෙසත් ඡන්ද ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටිති. මැතිවරණ ප්‍රචාරණයේදී තරග කරන අපේක්ෂකයන්ගේ නම් සහ ඡායාරූප ප්‍රදර්ශනය තහනම් කිරීම සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ කොමිසමට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් තිබේ. ඇතැම් අපේක්ෂකයෝ සෘජුවම මැතිවරණ කොමිසමට ඇඟිල්ල දිගුකරමින් සිටිති. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම ගත් තීන්දුව වෙනස් කිරීමේ අදහසක් නැතැයි කොමිසමේ ආරංචිමාර්ග කියයි.

මැතිවරණ කොමිසමට මුලින් ගණන් බලා තිබූ මුදලට වඩා වැඩි මුදලක් මහ මැතිවරණය වෙනුවෙන් වැය කිරීමට සිදුවනු ඇති බවද පැවසේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ මැතිවරණයට රුපියල් කෝටි 1000කට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවය.

‘‘අපි මුලින් හිතන් හිටියේ රුපියල් කෝටි 700ක් පමණ වියදමක් දැරීමට සිදුවන බවයි. ඒත් හිතුවට වඩා වැඩි මුදලක් වැය වෙනවා. රුපියල් කෝටි 1000 පනීවි. අපි වියදම අඩුකර ගන්න බලනවා. මුව ආවරණ ලක්ෂ තුනහමාරකට වඩා වැඩියෙන් ගෙන්වන්න වෙනවා. අත්සෝදන දියරවලටත් මුදල් වැය වෙනවා යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේය.

මැතිවරණ නීති උල්ලංඝණය වෙනවා නම් ඒ ගැන අපි බලනවා.’’ මැතිවරණ කාලයේදී එවැනි නීති කඩ කරන්නන්ට එරෙහිව ‘‘මැතිවරණයෙන් පස්සෙත් පියවර ගන්නවා. යම් අපේක්ෂකයෙක් මැතිවරණ නීති උල්ලංඝණය කළ බව අධිකරණයේදී ඔප්පු වුවහොත් ඔහු ජයග්‍රහණය කර තිබුණත් ඔහුගේ මන්ත්‍රී අසුන අහිමි වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ රෝදය කැරකැවෙන්නේ සෙමින්. ඒත් එය කුඩු කළ යුතු සියල්ල කුඩු කරනවා.’’ සියල්ල කුඩු වෙනතුරු කැරකැවෙනවා යැයි දේශප්‍රිය කියන්නේය.

මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ මෙවර දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ඉතාම අවම මට්ටමක තිබෙන බවය. සැබැවින්ම මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නොමැති අතර පොලිසිය සඳහන් කරන්නේ නීතිය තදින් ක්‍රියාත්මක කරන බවය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සාමාන්‍යයෙන් ලබා දෙන්නේ සති පහක කාලයකි. එසේත් නැතිනම් දින 35කි. ජූලි මස 01 වැනි දින සිට අගෝස්තු මස 03 වැනි දින දක්වා තරග කරන අපේක්ෂකයන්ට ප්‍රචාරණ කටයුතුවල නිරත විය හැකිය. රටපුරා ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 14,000කි. දේශපාලන පක්ෂයකට සෑම ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද කාර්යාලයක් ස්ථාපිත කළ හැකිය. ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කරන දේශපාලන පක්ෂයකට ඡන්ද කාර්යාල 14,000ක් ස්ථාපිත කළ හැකිය. එම ඡන්ද කාර්යාලවල ප්‍රදර්ශනය කළ හැක්කේ පක්ෂයේ නම හා පක්ෂ ලාංඡනය පමණි.

සමගි ජනබලවේගයෙන් නාම යෝජනා බාරදුන් මංගල සමරවීර සහ අම්බලන්ගොඩ එජාප ආසන සංවිධායක මෙවර තරගයෙන් ඉවත් වූ නිසා සමගි ජනබලවේගයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඇතැම් අපේක්ෂකයන් ප්‍රකාශ කර ඇත්තේ මංගල සමරවීරගේ ප්‍රකාශ නිසා තවදුරටත් සමගි ජනබලවේගය පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයට අවාසියක් සිදුවන බවය. එහෙත් තවත් පිරිසක් පෙන්වාදී ඇත්තේ ඔහු තරගයෙන් ඉවත් වූ නිසා ඔහුගේ ප්‍රකාශ සමගි ජනබලවේගයට ගැටලුවක් නොවන බවය. කෙසේ වෙතත් මැතිවරණ නීතියට අනුව කිසියම් අපේක්ෂකයකුට නාමයෝජනා බාරදුන් පසුව නිල වශයෙන් ඉල්ලා අස්වීමේ හැකියාවක් නැත. ‘‘මංගල සමරවීර සමගි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා බාරදී තිබෙනවා. ඔහුගේ නම බැලට් පේපර් එකේ තිබෙනවා. සමහර විට මනාප වැටෙන්නත් පුළුවන්. නාමයෝජනා දීලා මම තරග කරන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඔහු තවදුරටත් අපේක්ෂකයෙක් ලෙස තමයි මැතිවරණ කොමිසම පිළිගන්නේ. යම් හෙයකින් ඔහුට මනාප වැටිලා තිබ්බොත් අපි ඒ මනාප සංඛ්‍යාවත් නිල වශයෙන් ප්‍රකාශ කරනවා’’ යැයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙක් පවසන්නේය.

සෞඛ්‍ය කොන්දේසි අනුව මහ මැතිවරණය පැවැත්වීමට සිදුවීම නිසා ඡන්දපොළ මධ්‍යස්ථානවල පිටත පරිශ්‍රද රාජකාරී කටයුතු සඳහා යොදා ගැනීමට මැතිවරණ කොමිසම තීන්දුවක් ගෙන තිබේ. කැනපි හට් ගසා තාවකාලික මඩුවල නිලධාරීන් රැඳවීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන තිබේ. එහෙත් කැනපි හට් සියල්ලම රතුපාට කොළපාට හා නිල්පාටවලින් යුත් නිසා මැතිවරණ කොමිසම බලවත් අපහසුතාවකට පත්ව තිබේ. සුදුරෙදි  හෝ වෙනත් පාටකින් යුත් කැනපි හට් තොගයක් සොයා ගැනීමේ මෙහෙයුමක් මේ දිනවල මැතිවරණ කොමිසම ආරම්භ කර තිබේ. ‘‘අපට දුඹුරුපාට රෙදි තියෙන කැනපි හට් හමු වුණා. ඒත් ඒක කුරහන් පාටට සමානයි. අපි ඒකත් අත්හැරියා’’ යැයිද මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙක් පවසන්නේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණ පනතට අනුව ඡන්දය ප්‍රකාශ කළ හැකි කාලය පෙරවරු 7 සිට පස්වරු 4  දක්වාය. එහෙත් මෙවර ඡන්ද විමසීම පැවත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසමට අවශ්‍යවී තිබේ. ඒ සඳහා තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් ඉකුත් අඟහරුවාදා පැවැත්වීමට කොමිසම තීන්දුවක් ගෙන තිබිණි. එහෙත් මහාචාර්ය රත්නජීවන් හූල් එදින කොළඹට පැමිණියේ නැත. යාපනයේ සිට දුරකතනයෙන් ඔහු ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය. මැතිවරණ කොමිසමේ එදිනට නියමිතව තිබූ රැස්වීම කල් දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් තිබේ. එම පක්ෂය මෙවර අලුත් ආකාරයකින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ද නියමිතය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ එකම වේදිකාවකට නොයෑමට තීන්දුවක් ගෙන තිබේ.

‘‘ජනාධිපතිතුමා විශාල රැස්වීම් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ලොකු රැස්වීම් මාලාව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙනවා. ජනාධිපතිතුමා වෙනත් ආකාරයකින් ජනතාව ආමන්ත්‍රණය කරනවා. හරියට සමාන්තර රේඛා දෙකක් වගේ. දෙන්නා වෙන වෙනම කැම්පේන් කරනවා’’ යැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කියන්නේය.

මහ මැතිවරණ වේදිකාවේ මේ දිනවල තවත් කතාවක් ඇහෙන්නට පටන්ගෙන තිබේ. ඒ ඇමෙරිකානු එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙනි. ආණ්ඩුවේම දේශපාලනඥයෝ ඇමරිකාවටත් ගිවිසුමටත් තදින් දොස් නගන්නට පටන්ගෙන සිටිති. මේ පසුබිම යටතේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඉකුත් සඳුදා පස්වරුවේ දුරකතනයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට කතා කළේය. සඳුදා පස්වරු 6.30ට පමණ ආරම්භ කෙරුණු එම දුරකතන ඇමතුම විනාඩි විස්සක පමණ කාලයක් පුරා පැවතියේය. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙවත් විදේශ කටයුතු ඇමැතිවරයා එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් අදහස් කීවේ සුළු වේලාවක් පමණි. විදේශ ඇමැතිවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවේදී වැඩිදුර අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ අපනයන ඇමෙරිකාවට යැවීමේ ගැටලු හා ගතයුතු ක්‍රියාමාර්ගයද එහිදී සාකච්ඡා වූ බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවත් සමඟ එකඟතාවකට පත්ව කටයුතු කිරීමේ සූදානමක් ඇති බවට උතුරේ වෙනත් දේශපාලන පක්ෂ චෝදනා එල්ල කරමින් තිබේ. ඔවුන් සඳහන් කරන්නේ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා ආණ්ඩුවත් සමග ඩීල් එකකට සූදානමින් සිටින බවය. ‘‘විපක්ෂයේ දේශපාලන පක්ෂයක් හැටියට අපට දිගින් දිගටම ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න බැහැ. ආණ්ඩුවේ යම් යම් දේවල් සමග අපි එකඟ වෙනවා. ඒක අවස්ථාවට අනුව කළ යුත්තක්’’ යැයි දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කර තිබේ.


*** කස්තුරි



අදහස් (0)

මැතිවරණ කොමිසමට ඇබැද්දියක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​එදා වැටුණු ආර්ථිකයේ අද දවස
2024 මැයි මස 08 251 1

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මු


විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන්නට දෙනු එපා
2024 මැයි මස 08 309 1

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියම මේ වන විට අකර්මණ්‍ය තිබේ. ඒ, විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 3345 3

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා


නිදහස් අධ්‍යාපන ඝෝෂාව
2024 මැයි මස 07 292 6

ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස්


මධ්‍යම අධිවේගයේ බාල්කයක් කඩාවැටුණේ කාගේ වරදින්ද?
2024 මැයි මස 07 1294 3

අතරමග නවතා දමා තිබෙන කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමේ පුවත අධිවේගී මාර්ගවල ගමනා ගමනයේ යෙදෙන ඕනෑම කෙනකුට ස


ආර්ථිකයේ අනාගතය අඳුරුද?
2024 මැයි මස 06 392 0

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනු දැකිය හැකිය. මැතිවරණයක් ආසන්නයට ගමන් කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. අපායේ ඉන්ටර්වල් එකක් ගත කරමින් සි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site