IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දුම්රිය උරුමය සුරකින්න කෞතුකාගාරයක්

04-Page-01S2-(1)     

 

ගමනාගමනය හා සම්බන්ධයෙන් අද පවතින අලුත්ම රැල්ල අධිවේගී මාර්ග පද්ධතියයි. නැව් මඟින් සිදුකළ දේශ ගවේෂණයන්ට පසුව ඒ ඒ රටවල අභ්‍යන්තර ප්‍රවාහන මාර්ග මාදිලි බොහෝමයක් ඇති විය. උදාහරණයක් ලෙස දහනව වැනි සියවසේ අපේ රට තුළ ක්‍රියාත්මක වූ ට්‍රෑම් කාර් සේවාව දැක්විය හැකියි. එයින් නොබෝ කලකට පසුව අපේ රටේ ගමනාගමන ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙනස්කමක් ඇතිවිය. අදින් වසර එකසිය පනහකට වඩා වැඩි ඉතිහාසයක් හිමි එනම් 1845 වසරේදී ඇති වූ මෙම වෙනස්කම දෙස රට අභ්‍යන්තරයේ වූ බොහෝ ජනතාව පුදුමයට පත්කරවීමට සමත් වූවකි. ජනයා ඒ වෙනස දුටුවේ යකඩ යකෙකුගේ පැමිණීමක් ලෙසය. අද ඒ යකඩ යකා අඟුරු කන්නේද වතුර බොන්නේද නැත. නමුත් තවමත් අපේ රටේ ප්‍රවාහන අවශ්‍යතාවන්ගෙන් වැඩි කොටසකට දායකත්වය සැපයීමට දුම්රිය සේවාවට හැකිවී තිබේ. කඳු ගැට නැඟ පල්ලම් බැස බැස සද්දෙන් හොස හොස කෝච්චි එනවා. 

 

කලක් යද්දී මිනිසුන් කෝච්චියට ආදරය කරන්නට පටන් ගත්තේය. අන්තිමේදී එය නැතුවම බැරි තත්ත්වයට ද පත් විය. මුල් කාලයේ ලත්තෑරුම් මඟින් සිදු කළ සංඥා දැක්වීම් අද වන විට විද්‍යුත් සංඥා පද්ධති දක්වා වර්ධනය වී ඇත. වසර එකසිය පනහක් තරම් දුර අතීතයක් සහිතව වර්ධනයවූ දුම්රිය සේවාවේ, කෞතුක වස්තු රාශියක්ද ඉතිරිව ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව මෙරට පෞද්ගලික සේවා අංශ කිහිපයක් සමඟ එක්ව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මෙරට ප්‍රථම ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය කෞතුකාගාර ව්‍යාපෘතිය තවත් නොබෝ දිනකින් ආරම්භවීමට නියමිතය. 

04-Page-01S2-(3)


ඒ සඳහා සංකල්පීය දායකත්වය සැපයූ මෙරට ප්‍රකට නිර්මාණ ශිල්පියෙක් වූ අතුල මහවලගේ මහතා ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස් සහ අප විසින් සොයා ගන්නා ලද තොරතුරු ආශ්‍රයෙන් මෙම ලිපිය සැකසේ.


යෝජිත නව දුම්රිය කෞතුකාගාරය ඉදිවන්නේ කොළඹ කොටුවත් මරදානත් යන දුම්රිය ස්ථාන දෙකට මැදිව පිහිටි සුවිශේෂී ස්ථානයකදීය. විමර්ශනය කරන ලද තොරතුරුවලට අනුව මෙරට ප්‍රථම දුම්රිය ස්ථානය වන්නේද එම ස්ථානයයි. 1845 වර්ෂයේදී කොළඹ සිට අඹේපුස්සට ගමන්ගත් ප්‍රථම දුම්රිය ගමන ආරම්භ වී ඇත්තේද එම ස්ථානයෙනි.


දුම්රිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා දුම්රිය තාක්ෂණික කොටස් පන්සියයක පමණ ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන ඇත. ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් භාවිතා කරන ලද උපකරණ, නිලධාරි ඇඳුම් ආකෘති, මුද්දර, දුම්රිය සම්බන්ධ ලේඛන, පුවත්පත් ආදී සම්පත් රාශියක් මෙම කෞතුකාගාරය සඳහා මේ වන විට එක්රැස්වෙමින් පවතියි. ඇතැම් දුර්ලභ දුම්රිය එන්ජින් වැනි දෑ ශ්‍රී ලංකාව පුරා පිහිටි විවිධ ප්‍රදේශවල ඇති දුම්රිය ස්ථානවල සංරක්ෂණය නොකෙරීම නිසා දිරාපත් වෙමින් පවතියි. ඒ සියල්ල මෙම කෞතුකාගාරයට එකතු කිරීමට නියමිත අතර දැනට දුම්රිය කෞතුකගාර වශයෙන් කොළඹ කොටුව හා කඩුගන්නාව දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඇති දුම්රිය කෞතුකාගාරවල නියම ආකාරයෙන් සුරක්ෂිත නොවී පවතින දුම්රිය කෞතුක වස්තු ද මේ මගින් යළි සංරක්ෂණය කිරීමට ද නියමිතව පවතියි.

04-Page-01S2-(4)


මෙරට විදේශ සංචාරක ආකර්ෂණයට ලක්වීම සඳහා කොළඹ ආශ්‍රිතව පවතින්නේ ස්ථාන සීමිත සංඛ්‍යාවකි. ඒ අනුව යෝජිත නව ජාතික දුම්රිය කෞතුකාගාරය මගින් සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා ද ඍජු දායකත්වයක් සැපයීමට නියමිතය. ව්‍යාපෘතියේ මූලික අරමුණක් වශයෙන් පවතින දකුණු ආසියාවේ හොඳම දුම්රිය කෞතුකාගාරය අප රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණ මේ ඔස්සේ සපථ කිරීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටියි. වසර එකසිය පනහකට වැඩි දුම්රිය ඉතිහාසය තුළ අප රටට ඉතිරි වූ මුල් කාලින දුම්රිය තාක්ෂණයේ උපාය මාර්ග පිළිබඳව ලෝකයේ බෝහෝ දෙනා අදටත් ඍජු අවධානයකින් පසුවේ. දුම්රිය ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කරන බොහෝ අය අදටත් අප රටට පැමිණ විවිධ අධ්‍යයනයන්හි නිරත වේ. දේශීය මෙන්ම විදේශීය මට්ටමෙන් ද දුම්රිය ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කරන බොහෝ අයට මෙම කෞතුකාගාරගත තොරතුරු බොහෝ අත්වැලක් සපයනු ඇත. 


යෝජිත නව දුම්රිය කෞතුකාගාරය තුළ විශාල ප්‍රමාණයේ පුස්තකාලයක්, දුම්රිය ආකෘති, පැරණි දුම්රිය ස්ථාන ඒ ආකාරයටම නිරූපණය කිරීම සඳහා විඩියෝ පට, විවිධ නිරූපණයන් ආදිය ද යොදා ගැනීමට නියමිතය. මෙම දුම්රිය කෞතුකාගාරය ආශ්‍රිතව ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය කෞතුකාගාරවල ආදර්ශයන් රැසක් එක් කිරීමට යෝජිත අතර දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවිධ ආකාරයේ නැරඹුම් කුටි, ආපනශාලා, රථවාහන අංග, සමරු සටහන් මිලදී ගත හැකි වෙළෙඳකුටි ආදී අංශ රාශියක් ඇතුළත් කිරීමට නියමිතය. ඒ ඔස්සේ දේශීය ආයෝජකයන් රැසකට සහන සැලසීමට ද මෙම ව්‍යාපෘතිය මඟින් සැලසුම් කොට ඇත.


දිනකට පන්සියයක පමණ විදේශීය සංචාරකයන් ප්‍රමාණයක් මෙම දුම්රිය කෞතුකාගාරය නැරඹීමට පැමිණෙනු ඇතැයි මේ වන විට කරන ලද සමීක්ෂණ අනුව හෙළිදරව්වී ඇත. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදයන්ගේ කිසිදු දායකත්වයකින් තොරව ඉදිවන මෙම කෞතුකාගාරය සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ බැංකු ඇතුළු ආයතන රැසක් මේ වන විට සිය මූල්‍ය ආධාර ලබාදීම සඳහා කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

04-Page-01S2-(2)

04-Page-01S2-(6)


දුම්රිය කෞතුකාගාරය සඳහා මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෘත්තීය සමිති රැසක අනුමැතිය ලැබී ඇත. අදාළ යෝජනාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ඇතැම් පුද්ගලයන් දක්වන විරෝධතාවය පදනම් විරහිත බවද තොරතුරු මගින් හෙළිදරව්වී ඇත. ජාතික මට්ටමේ කාර්යභාරයක් වන මෙම කෞතුකාගාරය ඉදිකිරීම් ක්‍රියාවලිය සඳහා විරුද්ධත්වය ප්‍රකාශ නොකරන මෙන් බොහෝ දෙනා ඉල්ලා සිටිති. රටට යම් ආදායම් මාර්ගයක් උත්පාදනය කරගැනීමට හා රැකියා අවස්ථාවන් උත්පාදනය කළ හැකි මෙම කෞතුකාගාරය ඉදිකිරීම සඳහා සහයෝගය ලබාදෙන මෙන් වෘත්තීය සමිති නියෝජනයන් තම සේවක ප්‍රජාවගෙන් ද ඉල්ලීම් සිදුකොට ඇත. තවද දුම්රිය හා සම්බන්ධ සමරු සිහිවටන සුරක්ෂිතව තබා ගෙන ඇති බොහෝ අයට මෙම ජාතික කෞතුකාගාරයට එවා එක්කිරීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කිරීමට ද හැකියාව, අවකාශය ඔබටද හිමිවේ.


පැරණි ආකෘතිවලට අනුව හා පැරණි සම්ප්‍රදායන්ට අනුව සියයට සියයක් පෞරාණික බව අරක්ෂිත කරමින් ඉදිකෙරෙන මෙම කෞතුකාගාරය දේශීයත්වයට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් ඉදිකෙරෙන්නකි.


දුම්රිය හා ලබැඳි ඔබටද මෙම කෞතුකාගාර ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට හැකියාව ඇති අතර ඔබ සතු ශ්‍රම සම්පත් හා භෞතික සම්පත් මෙන්ම දැනුම් සම්පත් ද ඒ වෙනුවෙන් එක් කළ හැකිය.

04-Page-01S2-(5)

 

m



අදහස් (0)

දුම්රිය උරුමය සුරකින්න කෞතුකාගාරයක්

සෑම් Thursday, 09 February 2017 04:53 AM

මුළු ලෝකෙටම තිබුණ එකම පටු ආමාන ගැරට් එන්ජිම පරණ යකඩ වලට කපලා විකුණපු රටට මොන කෞතුකාගාරද?? (නි)

:       0       1

රංග Wednesday, 08 February 2017 03:55 PM

දැනටමත් ප්‍රමාදයි.. (නි)

:       0       1

රංග Thursday, 09 February 2017 04:07 PM

සෑම් එක්ක එකඟයි..!! කැළණිවැලි මාර්ගයේ ඉතා වටිනා උපකරණ තිබුනා. ඔය ෆොටෝ එකේ තියන පටු ආමාන "සෙන්ටිල් කැමල්" රේල් කාර් එක ලෝකයටම ඉතිරි වෙලා තියෙන්නේ දෙකයි. සමහර එන්ජින් විදේශිකයෝ දැනටමත් ලංකාවෙන් රැගෙන ගිහින්..!! (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 60 0

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 25 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 505 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 271 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 97 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 323 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site