IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ජනප්‍රිය නවකතාවෙන් කරන්නෙත් සමාජ මෙහෙවරක්

නවකතාකරුවකු, නාට්‍ය නිෂ්පාදකවරයකු, ගුවන්විදුලි නාට්‍ය රචකයකු, ටෙලි නාට්‍ය පිටපත් රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු වශයෙන් කලා ක්ෂේත්‍රයට මෙහෙවරක් ඉටු කළ එඩ්වඩ් මල්ලවආරච්චි ශාස්ත්‍රවේදී උපාධිධරයෙකි. ඔහු රචනා කළ ලොකු දුව නවකතාව සුමිත්‍රා පීරිස් මහත්මියගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටයකට නැගිනි. 1970 දී ප්‍රාර්ථනා නවකතාව තුළින් නවකතා ක්ෂේත්‍රයට පිවිසි එඩ්වඩ් මල්ලවආරච්චි නවකතා 100ට වඩා රචනා කර ඇත. ජනප්‍රිය රැල්ලේ නවකතාකරුවකු වන ඔහුගේ අලුත්ම නවකතා පහක් පසුගියදා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්විණ. මේ එම පොත් පිළිබඳ ඔහු සමග කළ සංවාදයයි.

ප්‍රශ්නය  - ඔබගේ නවතම නවකතාව වන භූපති රචනා කිරීමට බලපෑ කාරණා මොනවාද? මෙවැනි තේමාවක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?
පිළිතුර  - නිර්මාණකරුවකු තුළින් ඉටුවිය යුතු සමාජ මෙහෙවරක් තියෙනවා. අපි අමතන්නෙ කාටද? කුමන පිරිසටද? කුමක් අරබයා ද? යන්න පිළිබඳව අවබෝධයක් නිර්මාණකරුවකු තුළ තියෙන්ට ඕනෑ. මේ සමාජය අද මේ වන විට රසඥතාව අතින් බිඳවැටිලා.
“භූපති” වැනි තේමාවක් තෝරාගත්තේ බුද්ධිමත් පාඨකයන්ට යමක් පැවසීමටයි. මේ භූමිය අපට ලැබී තිබෙන සම්පතක්. අතීතයේ රජවරු වැව් අමුණු සාදා කෘෂිකර්මයෙන් රට ස්වයංපෝෂිත කළා. විදේශීය ආක්‍රමණ නිසා අපේ කෘෂිකර්මය විනාශ වුණා. අද චීනයෙන්, බුරුමෙන් මෙන් තායිලන්තයෙන්, ඉන්දියාවෙන් හාල් ගෙන්වන්ට වෙලා. භූමිය අවභාවිතා කරලා. තේ, රබර්, කුරුඳු, ගම්මිරිස් වාණිජ වගාවන්ට පමණක් තැන දීලා. කෙනෙකුට මේක ඇහුවම වාර්තාමය අදහසක් ඇතිවෙන්ට පුලු‍වන්. මේ රටේ පාලකයෝ මේ ජාතික ව්‍යසනයට වගකියන්න ඕනෑ. නිර්මාණකරුවකු විදිහට භූපති තුළින් මේ අදහස පවසන්න මම උත්සාහ කළා.

ප්‍රශ්නය  - භූපති වගේම ඔබ මීට පෙර ලියූ “උදක” නවකතාවත් කිසියම් සමාජ ගැටලු‍ පිළිබඳ පර්යේෂණ කරමින් ලියන්න උත්සාහ කළ එකක්. බොහෝ කාලයක් ආදර කතා ලියමින් සිටි ඔබ වෙනත් තේමාවක් තෝරාගත්තේ ඇයි?
පිළිතුර - ඔබේ ප්‍රශ්නයට මා එකඟ නෑ. 1970 ප්‍රාර්ථනා ලියනකොට මම විශ්වවිද්‍යාලයෙන් සමත්වෙලා රැකියාවක් නැතිව සිටි උපාධිධරයෙක්. අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ දුෂ්කරතා මැද. අද ඉන්න තරුණයන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා බිඳවැටිල. එදා නමසිය හැත්තෑ එක තරුණ නැගීසිටීමත් මේ හේතු සෘජුව හෝ වක්‍රව බලපෑවා. ඒ ප්‍රශ්න අපට තිබුණා. ඒවා සපුරාගන්න ක්‍රමයක් නෑ. අපේ ප්‍රාර්ථනා බිඳවැටිලා හිටියේ. “ප්‍රාර්ථනා” ආදර කතාවක් වෙන්නේ කොහොමද? “හිමි අහිමි” ආදර කතාවක් වෙන්නෙ කොහොමද? බුද්ධිය හිමි ධනය අහිමි පන්තියක් අදත් ඉන්නවා. ජාතක කතාවලත් ප්‍රේමය තියෙනවා. ඒවා මිනිස් සන්තානවලින් අයින් කරන්න බෑ. කුස කුමරු පබාවතීට ආදරය කරන හැටි කවදාවත් කිසිවෙක් සමච්චලයට ලක් කරලා නෑ. ආදරය බොළඳ විදිහට පරිහරණය කරන අය ඇති. එහෙත් මම හැම නවකතාවක්ම ලිව්වේ හේතුවක් අරමුණක් ඇතිවයි. භූපති ලිව්වේ අඳ ගොවීන් පිළිබඳ පර්යේෂණය කරන්න යන තරුණයකු ගැන. 1958 අංක 1 දරණ කුඹුරු පනත, 2011 අංක 46 ගොවිජන සංවර්ධන සංශෝධන පනත ගැනත් සාකච්ඡා කළා. ඒ විතරක් නෙවෙයි භූමිය අවභාවිතා කිරීම ගැනත් කතා කළා. ඔබ ඇසුව ප්‍රශ්නයෙනුත් කිව්වේ ජලයට කෘෂිරසායන එක්වීමෙන් ජනතාව ලෙඩ වීම ගැනයි. නිර්මාණකරුවෙකු හැටියට අපි මේවා අමුවෙන් ඉදිරිපත් කළේ නෑ. අපි බොළඳ ප්‍රේමය විකුණලා නෑ. භූපති වාගේම උදය තුළත් ආදරය කරන මානව හිතවාදී ගැහැනු පිරිමි හිටියා. ඔබ පැවසුවාක් මෙන් අදත් අපිට ආදරය කරන පිරිසක් ඉන්නවා. දශක භාගයක් ගෙවුනත් බුද්ධිමත් පාඨක පිරිසක් අපට ඉන්නවා.

ප්‍රශ්නය - ලේඛන අනන්‍යතාවත් පාඨක විශ්වාසයත් සාර්ථකත්වයත් තහවුරු වුණේ සමාජ පර්​ යේෂණවලින් නොව ජනප්‍රිය ආදර කතාවලින් බවයි පාඨක නිරීක්ෂණවලින් හෙළිවී තිබෙන්නේ. මේ ගැන මොනවද කියන්නේ?
පිළිතුර - ඕනෑම නිර්මාණයක් කිරීමේ දී විශ්වාසනීයභාවයක් තියෙන්න ඕනෑ. කතාව ගොතන ශෛලියක් තියෙන්න ඕනෑ. කතාව නිර්මාණය කිරීමේදී කතාවේ විශ්වාසනීය බවක් තියෙන්න ඕනෑ. අතිශයින් ජනප්‍රිය වන පර්යේෂණ කතා තියෙනවා. රසවිඳීම පෞද්ගලිකයි. ආදර කතාව රසඥතාවය මත මිනුම් දණ්ඩක් විදිහට තියාගන්න බෑ. අද සමාජයේ පොතපතට ළැදි තරුණ තරුණියන් අඩුයි. මේ සමාජ ඛේදවාචකය පොදුවේ සමස්ත සමාජය කෙරෙහිම බලපෑම වැළැක්විය නොහැකියි. අද මල් කතා කියා විචාරකයන් හඳුන්වන පොත්පත්වල කවිවල තියෙන්නේ නොමේරූ යෞවනයයි. පාඨකයන් පරිණත උනාම නියම මගට පිවිසෙනවා. ඒක තමා මනුෂ්‍ය ස්වභාවය.

ප්‍රශ්නය -  මල් නවකතා ලෙස පසුගිය කාලේ ඇතැම් විචාරකයන් නිර්දය විවේචනය කළ ජනප්‍රිය ප්‍රේම කතාවල තිබූ ඉල්ලු‍ම හා පිළිගැනීම දැන් අවලංගු වී ඇති බව ඔබ පිළිගන්නවාද?
පිළිතුර - සාහිත්‍ය කලා නිර්මාණ සැබැවින්ම ජනප්‍රිය වෙන්න ඕනෑ. නැත්නම් ඒවා පාඨකයන් අතර රැඳී තිබෙන්නේ නෑ. ඕනෑම කෘතියක් තම අභිමතයට එකඟ නැත්නම් නිර්දය ලෙස විවේචනය කරන විචාරකයන් පිරිසක් ඉන්නවා. මාර්ග උපදේශනයක් විදිහට ගන්න පුලු‍වන් කිසිම පොතක් ඔවුන් ලියල නෑ. කතාවක වටිනාකම රඳා පවතින්නේ ඒවායේ නිර්මාණකරුගේ අනුභූතිය මතයි. කිසියම් කලා නිර්මාණයක් පාඨකයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට හේතුවන සාධක තියෙනවා.
    
ගොළු හදවත අතිශයින් ජනප්‍රිය වුණු කතාවක්. එහි ඇති ගැඹුර සමාජ පණිවිඩය මොකක්ද? එයට රාජ්‍ය සම්මාන හිමි වුණා. එම කතාවෙන් සිනමාපටයක් ද කළා. ඕනෑම කතාවක් කියවා රසවිඳීමට අයිතියක් පාඨකයාට තිබිය යුතුයි. ඒ ඒ මතවලට ගැළපෙන පොතපත නිර්මාණය විය යුතුයි. විචාරකයන් නිසා පොතපත කියවීමේ පෙරළියක් මෙතෙක් සිදුවෙලා නෑ. වරදක් සිදුවෙලා තියෙනවා නම් කලාවේ නාමයෙන් පෙන්වා දීමට විවෘත අයිතියක් තියෙනවා. ජනප්‍රිය සාහිත්‍යයක් බිහි වීම එමගින් නවත්තන්නත් බෑ, නැවතිලත් නෑ.

ප්‍රශ්නය - පාඨකයා සිටින තැනින් ඉහළට ඔසවා තබන ඉහළ රසවින්දනයක් හා ජීවිතාවබෝධයක් ලබාදීමේ අරමුණින් ගුණදාස අමරසේකර වැනි ප්‍රවීණ ලේඛකයන් මුල් කාලයේ ඔවුන් ලියූ ඇතැම් පොත් ගැන ස්වයං විවේචන ඉදිරිපත් කරනවා. ඔබ මුල් කාලයේ ලියූ ඇතැම් නවකතා දෙස ආපසු හැරී බැලීමේදී ඔබට එවන් විවේචන නැද්ද?
පිළිතුර  - පැහැදිලිව කියන්නම් මට එවන් විවේචන නෑ. මම ලියූ නිර්මාණ දිහා බලලා පශ්චාත්තාප වෙන්න තරම් පොත් මා රචනා කරලා නෑ. පාඨකයා සිටින තැනින් ඉහළට ඔසවා තැබිය යුතු තැන මා ඉන්නවා. පනස් වසරක් තුළ මා රචනා කළ පොත් ලිව්වේ සමාජ පණිවිඩයක් දීමට යි. හරසුන් කතා ලියල නෑ. සෞන්දර්යාත්මක ආදර කතාවක් ඔස්සේ මගේ තේමා ගෙනියන්නයි මා උත්සාහ කළේ.

ප්‍රශ්නය - ජනප්‍රිය නවකතා හරහා බොහෝ පාඨක පිරිස් පොතපත කියැවීමට හුරු පුරුදු වූ වග පිළිගත යුතු සත්‍යයක්. එහෙත් ප්‍රබුද්ධ පාඨක ප්‍රජාවක් අප රටේ බිහිකරීමේ අභියෝග තියෙනවා. එම අභියෝග ජය ගැනීමට ඔබ කරන යෝජනා මොනවාද?
පිළිතුර  - කලාව කියන්නේ වාසනා ගුණයක්. එය හැම පුද්ගලයා කෙරෙහි ම පිහිටන්නේ නෑ. ලේඛකයකු වෙන්න නම් ඔහු හෝ ඇය හොඳ පාඨකයෙක් වෙන්න ඕනෑ. දෙස් විදෙස් පොතපත කියවන හොඳ බහුශ්‍රැතයෙක් වෙන්න ඕනෑ. බොහෝ රැකියා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මෙවලම් එක්ක සම්බන්ධ වෙලයි තියෙන්නේ. හැම ලේඛකයකුට ම ආවේණික භාෂාවක් ශෛලියක් තියෙනවා . මේ ලියන්නෙ කවුද කියලා නිර්මාණය දැක්ක ගමන් කියන්න පුළුවන්.

අද හොඳ සංවේදී කලාකාරයන් රටට අවශ්‍ය යුගයක්. මව්පියන් තම දුව පුතා වෛද්‍යවරයකු, නීතිඥවරයකු, ඉංජිනේරුවරයකු කරන්න සිතනවා හැර හොඳ පුවත්පත් කලාවේදියකු, ජනමාධ්‍යවේදියකු, ලේඛකයකු කරන්න සූදානම් නෑ. දේශපාලනඥයින් හෝ වෙනත් වෘත්තිකයන්ට වඩා ලේඛකයන් මේ රටේ පමණක් නොව ලෝකයේම සම්භාවනාවට ලක් වෙනවා. අපට ජනතාව එක්ක ඉන්න පුළුවන් වෙන්නේ හොඳ දේ හරවත් දේ ලිව්වොත් විතරයි. විචාරකයන් අතින් සේවයක් සිදු නොවෙනවා නොවේ. ඒ අයටත් සිය අදහස් පැවසීමට අයිතියක් තියෙනවා. ඇතැම් විචාරකයන් පක්ෂග්‍රාහී විදිහට සිය අභිමතය කිව්වට අලු‍ත් ලේඛක ලේඛිකාවන් බිහි වීම නතර වෙලා නෑ. අදහස් ප්‍රකාශ කිරීමට පුද්ගලයකුට අයිතියක් තියෙනවා. මාගේ ලිවීමේ රටාව වෙනස් කළේ මගෙ රට වෙනුවෙන් කළ යුතු මෙහෙයක් මට තියෙන නිසයි.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)

 



අදහස් (1)

ජනප්‍රිය නවකතාවෙන් කරන්නෙත් සමාජ මෙහෙවරක්

පූජා. Tuesday, 24 November 2020 09:20 AM

"හැම ලේඛකයකුටම ආවේණික භාෂාවක්, ශෛලියක් තියෙනවා. මේ ලියන්නෙ කවුද කියලා නිර්මාණය දැක්ක ගමන් කියන්න පුළුවන්."...මොන තරම් සත්‍යක්ද ඒ වැකිය..? ඉතාමත් හරවත්, ආසාවෙන් කියවන්නට හැකි ලිපියක්.. ස්තූතියි ලංකාදීපයට...

:       0       10

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​එදා වැටුණු ආර්ථිකයේ අද දවස
2024 මැයි මස 08 197 1

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මු


විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන්නට දෙනු එපා
2024 මැයි මස 08 205 1

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියම මේ වන විට අකර්මණ්‍ය තිබේ. ඒ, විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 3178 3

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා


නිදහස් අධ්‍යාපන ඝෝෂාව
2024 මැයි මස 07 287 6

ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස්


මධ්‍යම අධිවේගයේ බාල්කයක් කඩාවැටුණේ කාගේ වරදින්ද?
2024 මැයි මස 07 1262 3

අතරමග නවතා දමා තිබෙන කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමේ පුවත අධිවේගී මාර්ගවල ගමනා ගමනයේ යෙදෙන ඕනෑම කෙනකුට ස


ආර්ථිකයේ අනාගතය අඳුරුද?
2024 මැයි මස 06 386 0

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනු දැකිය හැකිය. මැතිවරණයක් ආසන්නයට ගමන් කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. අපායේ ඉන්ටර්වල් එකක් ගත කරමින් සි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2027 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site