IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කොටි නැටිලි

යුදමය වශයෙන් පරාජය කර වසර හයකට පසු උතුරේ නැවත වරක් එල්.ටී.ටී.ඊ ය අවදි වන ලකුණු පෙනෙන්නට ඇති බව ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විශ්වාස කරයි

මිට අදාළ තොරතුරු පොලිස් ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කරන ලද වාර්තාවක අන්තර්ගතය. කෙසේ නමුත් පොලිස් ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ අදහස් සමග වෙනත් විමර්ශන ආයතන එකඟව ඇති බවක් පෙනෙන්නට නැත.

සන්ඬේ ටයිම්ස් හට ද දැකගන්නට හැකිවූ මෙම වාර්තාවට අනුව පසුගිය ජනවාරි 13 වැනිදා කිළිනොච්චියේ දී ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් වන තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. කරලාසිංහම් හෙවත් මාස්ටර්, ලූවිස් මාරියානයාකම් අජන්තන් හෙවත් ජානා සහ පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වන තවේන්ද්‍රන් හෙවත් වෙන්ද්‍රන්, ඔවුහු තිදෙනාය.

පොලිස් වාර්තාවට අනුව ඔවුන් තිදෙන අත්අඩංගුවට ගෙන ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය ප‍්‍රතිසංවිධානය කිරීමේ සහ ත‍්‍රස්ත කටයුතු වල යෙදී සිටියදීය. කුලේන්ද්‍රන්ගේ නිවසේ තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගැනීමටත්, අජන්තන් අත තිබී සී 4 වර්ගයේ පුපුරන උපාංග සොයාගැනීමටත්, හැකිවූ බව වාර්තාවේ වැඩිදුරටත් සදහන් විය. මෙම පුපුරන ද්‍රව්‍ය යොදාගෙන යාපනයෙන් කිලෝමීටර 30 ක් දුරින් පිහිටි මාරුතකර්නි බලා යමින් සිටි ප‍්‍රභූවරයකු ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කිරීම සැළැස්ම වී ඇත. එහෙත් වාර්තාවෙන් මෙම ප‍්‍රභූවරයා කවුරුන්ද යන්න හෝ සැළැස්ම කි‍්‍රයාත්මක වී ඇත්තේ කෙසේද යන්න අනාවරණය කර නොතිබිණි.

මත්කුඩු ජාවාරමේ යෙදුණේයැයි මෙම තිදෙනා සමග පසුව අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් කිළිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ලැබූහ. විදෙස් කණ්ඩායම් වලින් ලැබුණු සහයෙන්, දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට සැළසුම් කළේ යැයි ඔවුනට පසුව චෝදනා එල්ල විය. සුමන්තිරන් ඝාතනය කිරීමට සැළසුම් කළේ ඔහු රජයට පක්ෂපාතී පුද්ගලයකු වීම නිසාවෙන් බව සැක කැරිණ. මෙයත් සමග සුමන්තිරන්ගේ ආරක්ෂාව තර කිරීමට බලධරයෝ පියවර ගත්හ. නඩුව අද දිනයේ නැවත කැදවීමට නියමිතය.

එල්.ටී.ටී.ඊ කි‍්‍රයාකාරකම්?

පොලිස් ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගේ වාර්තාවට අනුව මුලින්ම අත්අඩංගුවට ගත් තිදෙන ගෙවුණු මාස තුනක කාලය පුරා නිදහසේ කටයුතු කරමින්, ඔවුන්ගේ අරමුණු කරා ළගා වීමට මාර්ගය පාදාගෙන තිබේ. පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා ඔවුන් කිළිනොච්චියේ යම් තැනක එල්.ටී.ටී.ඊ ධජය ප‍්‍රදර්ශනය කර ඇතැයිද, එහි ඡායාරූප රටෙන් පිට කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් වෙත යවා ඇතැයිද, වාර්තාවේ සදහන්ව තිබිණ. ඔවුන් මෙසේ කටයුතු කර ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය තවමත් කි‍්‍රයාකාරීව පවතින බව පෙන්වීමටය.

පසුගිය ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී කිළිනොච්චියේ මුර සංචාරයේ යෙදෙන පොලිස් කණ්ඩායමකට ප‍්‍රහාරයක් එල්ල කර, ඔවුන්ගේ අවි පැහැර ගැනීමේ සැළැස්මක තතුද වාර්තාවෙන් අනාවරණය කර තිබිණ. එහෙත් පරස්පර විරෝධී අයුරින් වැඩිදුරටත් කරුණු දක්වා තිබූ වාර්තාවට අනුව, මොවුන් තිදෙන එල්.ටී.ටී.ඊ ය අවි හා උණ්ඩ වළදමා තිබූ ප‍්‍රදේශ වලටද රාතී‍්‍ර කාලවලදී ගොස් ඇත. ඒවා ගොඩට ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. මේ අයුරින් ඔවුන් අත්අඩංගුවට පත් නොවුනේ නම් මහත් ව්‍යසනයක් වන්නට තිබිණ. කෙසේ නමුත් මොවුන්ගේ ප‍්‍රහාරයන්ට ලක්වන්නට ඉඩතිබූ පුද්ගලයින් ගැන සදහනක් වාර්තාවේ නොවීය. එහි පොලිසිය මෙම තිදෙන අත්අඩංගුවට ගැනීමට ලබාදුන් දායකත්වය ද යම් පමණකින් ඇගයීමට ලක් කර තිබිණ.

වාර්තාව ලැබී දින තුනක් ගතවීමට මත්තෙන් පොලිස්පතිවරයා උතුරු පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා වෙත ලියමින්, මේ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් දුන්නේය. සන්ඬේ ටයිම්ස් හට පොලිස්පතිවරයා ලබාදී තිබූ උපදෙස් දැකගත හැකිවූ අතර, පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබා දී තිබුණි.

ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන

ජනතාවගේ ආරක්ෂාව සහතික කෙරෙන පරිසරයක් තිබෙනවාද යන්න

උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය විරෝධී කණ්ඩායම්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැවත නැගිටීමක උද්දාමයෙන් සිටිනවාද යන්න

කිළිනොච්චියේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර ප‍්‍රමාණවත් නොවන බව වටහාගත් තැන පොලිස්පතිවරයා විශේෂ විමර්ශන කණ්ඩායම් සහ නිලධාරීන් කිළිනොච්චිය වෙත යවමින්, එල්.ටී.ටී.ඊ යේ ප‍්‍රතිසංවිධාන ගත වීමක් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඔවුන්ට උපදෙස් දුන්නේය. විශේෂයෙන් අන්තවාදී අදහස් වපුරමින් සිටින පුද්ගලයන් ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු කීවේය.

තත්ත්වය ක‍්‍රමයෙන් ජනතාවගේ මෙන්ම පොලිසියේ අවධානයට ලක්විය. දෙපාර්ශවයම එයත් සමග කලබල විය. කිළිනොච්චියේ පොලිස් ස්ථාන වල ස්ථාන බාර නිලධාරීන්, ප‍්‍රාදේශීය මට්ටමේ කි‍්‍රයාත්මක බුද්ධි අංශ, මෙන්ම පොලිස්පතිවරයා යටතේම කි‍්‍රයාත්මක වන විශේෂ බුද්ධි අංශය, ඔහු වෙත එවා තිබූ වාර්තා සන්ඬේ ටයිම්ස් හටද දැකගත හැකිවිය. ඒ සියල්ලේ සදහන්ව තිබූයේ එල්.ටී.ටී.ඊ යේ නැවත සංවිධානය වීමක් ගැන කිසිදු සාක්කියක් නොමැති බවයි. එසේ නම් ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව එසේ නොවන බව පවසා සිටින්නේ කෙසේද? එයට ලැබී තිබෙන පිළිතුරු ද එතරම් පැහැදිලි නැත.

බෙදුම්වාදී යුද්ධයේ, එල්.ටී.ටී.ඊ යේ ඝාතන සැළසුම් සකස් වුණු, මෙහෙයුම් නියාමනය කැරුණු, මර්මස්ථානය වූයේ කිළිනොච්චියයි. අනෙක් ප‍්‍රදේශ වලට සාපේක්ෂව මහාවීර පවුල් වැඩි ප‍්‍රමාණයක් වාසය කරන්නේද කිළිනොච්චියේය. යුද්ධයේ මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ ළගම ඥාතීන් වන්නේ ඔවුන්ය.මේ නිසාවෙන්ම එල්.ටී.ටී.ඊ ය කිළිනොච්චිය යටත් කරගෙන සිටි සමයේ මෙම කණ්ඩායමට වැඩි සැලකිල්ලක් හිමිවිය. ආහාර හා ඖෂධ බෙදාදීමේ දී ප‍්‍රමුඛතාවක් හිමිවූයේ ඔවුනටය. වෙනකක් තබා රජයේ ආධාර බෙදා දීමේ වැඩපිළිවෙළවලදී ද ප‍්‍රමුඛතාව ලැබුණේ ඔවුනටය. මේ හරහා එල්.ටී.ටී.ඊ පාලන ප‍්‍රදේශ දක්වා වුවද, තම බලය විහිදෙන බව පෙන්වා දීම ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ වල අරමුණ විය. හමුදා බුද්ධි වාර්තා වලට අනුව පවුල් වලට අමතරව, පුනරුත්ථාපනය නොකෙරුනු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 2000 කට අධික පිරිසක් කිළිනොච්චියේ වාසය කරති.

එදිනෙදා සිදුවන බුද්ධි කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් හුවමාරු කරගත්තේය.

‘‘ එල්.ටී.ටී.ඊ ය භෞතික වශයෙන් නැවත සංවිධානය වෙමින් සිටින බව කීමේ කිසිම පදනමක් නැහැ. ඔය කතා ඇත්ත නෙවෙයි. අපට එහෙම දෙයක් සිදුවන බවක් පේන්න නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අපි අවධානයෙන් නොසිටින බව නොවෙයි. පුනරුත්ථාපනය කර නිදහස් කරලා තියෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 12000 උදාහරණයකට ගනිමු. මේ අය විවිධ අවි සහ විවිධ හමුදා උපකරණ භාවිතා කරන්නත් ඒවා හසුරුවන්නත්, එල්.ටී.ටී.ඊ යෙන් පුහුණු කරලා තියෙන තරුණ තරුණියෝ. මේ හින්දාම ඔවුන් නිසා ඇතිවන ගැටලූ ගැන අපි අවධානයෙන් ඉන්නේ. මේ ගණනින් සැලකිය යුතු ප‍්‍රමාණයක් සිවිල් ආරක්ෂක බළකායේ සහ වෙනත් ආරක්ෂක සේවා වල, මෙහෙයුම් නොවන අංශ වල සේවයට අනුයුක්ත කිරීමේ සැළසුමක් තිබෙනවා. දැනටමත් පිරිසක් හමුදා ගොවිපොළට අනුයුක්ත කරගෙන අවසන්. පරාජය කෙරුණු එල්.ටී.ටී.ඊ යට දැන් නායකයෙක් නැහැ. ඒ වගේම ත‍්‍රස්තවාදය දැන් ලෝකයේ කොහේවත් පිළිගැනෙන්නේ නැහැ. අවි ආයුද පරිහරණයට ඇති ඉඩකඩත් ඉතාම දැඩිව සීමා කරලයි තියෙන්නේ.‘‘

‘‘ අපේ අවධානයට යොමුවෙලා ඉන්න තවත් කෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයා එල්.ටී.ටී.ඊ නායකත්වය සමග බොහොම සමිප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය ප‍්‍රාදේශීය දේශපාලඥයෙක්. ඔහු ඩයස්පෝරා කණ්ඩායම් වලින් මුදල් ලබාගෙන, එම මුදල් මහාවීර පවුල් වෙත ලබාදෙමින් සිටින බව අපි දන්නවා. ඔහු එහෙම මුදල් ලබාදෙන්නේ අර පවුල් වල පැවැත්ම තහවුරු කරන්න පමණක් නම් එතන වැඩිය කලබල වෙන්න දෙයක් නැහැ. ඒත් අපි ඉතාම පරිස්සමෙන් තත්ත්වය නිරීක්ෂණය කරමිනුයි සිටින්නේ.

උතුරේ කි‍්‍රයාත්මක වඩාත්ම කාර්යක්ෂම බුද්ධි යාන්ත‍්‍රණය හමුදා බුද්ධි අංශය බව සියලූම දෙනා දන්නා කරුණකි. හමුදා කි‍්‍රයාන්විතයන්ගේ කොටසක් වීම නිසාවෙන්ම, එහි නිලධරයන්ට යුද සමයේ, හමුදා කඳවුරු පිහිටුවා තිබූ ප‍්‍රදේශ වල සේවය කිරීමට අවස්ථාව හිමිවිය. සාපේක්ෂව සැලකූ විට, යුද සමයේ පොලිසියේ බුද්ධි අංශය කි‍්‍රයාත්මක වූයේ සීමා මැදය.

ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව සකී‍්‍රය වූයේ එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කැරුණු පසුවය. ඊට පෙර පොලිසිය හා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගන්නා ගරිල්ලා සැකකරුවන් සෘජුවම යොමු කැරුණේ හමුදා බුද්ධි අංශයටය. ජාතික ආරක්ෂාවට අදාළ වන හෙයින්, හමුදා බුද්ධි අංශයේ කි‍්‍රයාකාරීත්වය ගැන වැඩිදුර තොරතුරු සඳහන් කිරීමේ හැකියාවක් නැත. එහෙත් බුද්ධි අංශ ආරංචි මාර්ගයක් නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා මෙසේ අදහස් දැක්වූයේය.

’‘ අපි ඔවුන් සියලූමදෙනාගේම කටයුතු ගැන ඉතාම හොඳ අවධානයකින් සිටින්නේ. කුමන හෝ සැකකටයුතු දෙයක් සිදුවනවා නම් දවස් නෙවෙයි, පැය කිහිපයකදී අපිට ඒ දේ ගැන දැනගන්න පුළුවන්. කණ්ඩායම් ගතවීමට, ඉතා දියුණු පන්නයේ ගරිල්ලා සටන් ක‍්‍රමයකට අනුගත වීමට, ඔවුන්ට වසර 30 ක්ම ගතවුණා. දැන් අපෙන් සැගවී රැුස්වීමක් පවත්වන්නවත් පුලූවන් තත්ත්වයක් ඔවුන්ට නැහැ. ඒ සමයේ පීඩාවට පත් වුණු සිවිල් වැසියන්ට නැවත යුද්ධයක් වුවමනා නැහැ. ඔවුන්ට ඒක ඇති වෙලා.ඒ නිසාම ඔවුන් අපට උදව් කරනවා. ඔවුන්ට එදිනෙදා ජීවන කටයුතු වලට බාධා ඇති කරගන්න වුවමනාවක් නැහැ. ඒත් ඇත්ත, සමහර අයට ආර්ථික අපහසුතා තියෙනවා. මේ කියන එල්.ටී.ටී.ඊ ය නැවත සංවිධානය වීමේ, නැවත නැගිටීමේ වාර්තා ගැන ඉතාම සැලකිලිමත් විය යුතුයි. මේ වාර්තා එන්නේ රජය පුනරුත්ථාපන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරලා තියෙන කාලයක. බිම් මට්ටමේ එල්.ටී.ටී.ඊ ය ප‍්‍රතිසංවිධානය වෙමින් සිටිනවා කියලා සඳහන් වෙන සාවද්‍ය වාර්තාවක ඇත්ත අරමුණ වෙන්නේ උතුරේ ආරක්ෂක අංශ වඩාත් සීරුවෙන් තැබීම වෙන්න පුළුවන්. වර්තමානයේ ඔවුන් තම තමන්ගේ කඳවුරු වලට සීමා වෙලා ඉන්නවා. මහා පරිමාණ සෙවුම් මෙහෙයුම් වලින් සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණවෙනවා. ඒ වගේම සිවිල් වැසියන්ට හිංසනයන් සිදුවන බවට පැමිණිලි ඉදිරිපත් වෙන්නත් මාර්ගය සකසනවා.‘‘

’‘ එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කෙරුණත් ඉදලා හිටලා අපි පුපුරා නොගිය බෝම්බ, අවි, උණ්ඩ වගේ දේවල් ඒවා සගවලා, වළදාලා තියෙන තැන් වලින් හොයාගන්නවා. ඒක ඇත්ත. සමහර අය ඒවා යොදාගෙන අපරාධ වල යෙදෙනවා. මේ සියල්ලක්ම වගේ එල්.ටී.ටී.ඊ ය ඉතාම හොදින් සගවලා තියෙන්නේ. අපි අවදියෙන් සිටිනා තාක් කල් ඉතාම කුඩා කණ්ඩායමකට වුනත් කි‍්‍රයාත්මක වන්නට බැහැ. එහෙම කරන්න ඔවුන්ට කිසිම ඉඩක් නැහැ. ඒත් අවාසනාවකට වගේ, මේ වගේ වාර්තා දකුණට ගියාම, ජනතාව කලබල වෙනවා. අස්ථාවර බව ඇතිවෙන්න ඒක ප‍්‍රධාන හේතුවක්.‘‘

සූදානම

ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව එල්.ටී.ටී.ඊ යේ නැවත නැගිටීමක් පිළිබදව සිදුකළ අනාවරණය ආරක්ෂක අංශ වල කි‍්‍රයාත්මක බුද්ධි අංශ වලට නිල වශයෙන් දැනුම්දීමක් සිදුව නොමැත. ජාතික ආරක්ෂාවට වැදගත් වන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ඒකාබද්ධව විමර්ශනයක යෙදීමට විවිධ බුද්ධි අංශ එකට එක් කැරෙන වැඩපිළිවෙළක් හෝ යාන්ත‍්‍රණයක් හෝ ආරක්ෂක අංශ අතර නොමැති බව මෙයින් හොදින්ම පැහැදිලිය. මෙවැනි සිදුවීම් ගැන අවධානය යොමු නොකෙරෙන තැන දක්වා, එසේ අවධානය යොමු විය යුතුම අංශ එවැනි සිදුවීමක් ගැන කිසිවක් නොදන්නා තත්ත්වයක් ඇති වීම දක්වා, රටේ ආරක්ෂක කටයුතු බාර පරිපාලනයේ තත්ත්වය පහළ බැස ඇත.

නිදහස ලැබීම සංකේතවත් කිරීමට පසුගිය හතර වැනිදා ගාලූමුවදොරදී පැවැති නිදහස් සමරු උළෙලේ දී මෙය වඩාත් පැහැදිලි විය. සමරු උළෙලට එක් කර තිබූ ආරක්ෂක අංශ සතු සම්පත් සියල්ල පසුගිය පාලන සමයේ අත්පත් කරගත් ඒවා විය. එල්.ටී.ටී.ඊ ය පරාජය කර ඇති නිසා කාලයේ තාලයට ගැලපෙන ලෙස වෙනස්විමේ අවශ්‍යතාවක් නොමැති බව ඇතැම් විට පාලනාධිකාරිය සිතනවා විය හැකිය. ප‍්‍රමුඛතාව දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වල සේවය කිරීම සදහා විවිධ අංශ අනුයුක්ත කිරීමට පමණකි.

‘‘නව අභියෝග වලට මුහුණදීමට හැකිවන සේ ආරක්ෂක අංශ සන්නද්ධ කිරීමට  ඕනෑම රටක, ජාතික ආරක්ෂක කටයුතු වලදී ප‍්‍රමුඛතාව හිමිවනවා. තර්ජන එල්ල වීමේ බිය නිසාම යුද සමයේ නම් බොහොම හදිසියෙන් අලූත් උපකරණ ආදිය අත්පත් කරගැනීම සිදුවුණා. ‘‘ජ්‍යෙෂ්ඨ හමුදා නිලධරයෙක් අදහස් දැක්වූයේය.

රට වඩාත් සූදානමින් සිටිය යුත්තේ දැන් පවතින සාමකාමී වාතාවරණයේ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. එසේ කිරීමට නොහැක්කේ රටේ ආර්ථිකය අතිශයින් දුර්වල මට්ටමක පැවතීම බව සත්‍යයකි. ඒ හමුවේ ආරක්ෂක අවි, උපකරණ ආදිය මිලයට ගැනීමට, රටේ අනෙක් අවශ්‍යතා ඉදිරියේ ලැබී ඇත්තේ අඩු ප‍්‍රමුඛතාවකි.

නිදහස් සමරුවට අදාළ වූ තවත් කරුණු පසුගිය අගහරුවාදා පැවැති සතිපතා අමාත්‍ය මණ්ඩල හමුවේ දී අවධානයට ලක්විය. ජනපති මෛතී‍්‍රපාල සිරිසේන අදහස් දක්වමින්, පැමිණීම සහතික කළ පසු, හදිසියේවත් එම අවස්ථාවට පැමිණිය නොහැකි තත්ත්වයක් ඇති නම් එය දැනුම්දීමට සියලූදෙනා පුරුදු විය යුතු බව පැවසුවේය. නිදහස් සමරුව යෙදී තිබූ පසුගිය හතර වැනිදා රටේ ජනපතිවරයා ලෙස තමා සාම්ප‍්‍රදායයිකව පිළිගැන්වූ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට, පැමිණෙන බව දැනුම්දී පසුව නොපැමිණ සිටි අමාත්‍යවරුන් ගැන සදහන් කරමින් ජනපතිවරයා මේ බව කීවේය. රාජ්‍ය උත්සව වලට සහභාගී නොවී සිටීම, විශේෂයෙන් තමා සංවිධානය කරන උත්සව වලට සහභාගී නොවී සිටීම, සුදුසු නොවන බව ජනපතිවරයා පැවසුවේය. නොපැමිණෙන බව කල්තියාම දැනුම්දී තිබුණේ නම් ඔවුන්ගේ අසුන්, මෙම අවස්ථාවට සහභාගී වීමට බලා සිටි වෙනත් පුද්ගලයන් වෙනුවෙන් වෙන් කිරීමට තිබූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තු විවාද සදහා අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සහභාගීත්වයද අතිශයින් දුර්වල මට්ටමක පවතින බවය. මෙයට පිළියමක් යෙදීමට තමා ඉදිරියේදී කටයුතු කරන බව ඔහු පැවසුවේය.

ජනපති සිරිසේන, සයිටම් ආයතනය අරබයා තම ප‍්‍රතිවාදියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කි‍්‍රයාකලාපය විවේචනය කළේය. පසුගිය අගහරුවාදා අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදෙමින්, සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබන සිසුන් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි කරන ලෙස, ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේය. අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද, මාස ගණනක් මුලූල්ලේ සිට විරෝධතා වල නියැළී සිටි සන්දර්භයකය. මහින්ද රාජපක්ෂ දැන් සයිටම් ආයතනය එරෙහිව පෙනී සිටින බවත්, බලයේ සිටියදී රුපියල් ලක්ෂ 6000 ක මුදලක් සයිටම් ආයතනයට ලබාදීමට ඔහු කටයුතු කළ බවත් ජනපතිවරයා කීවේය. මහින්ද රාජපක්ෂ හිතවාදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම දැන් බෙදී සිටින බවද ඔහු කීවේය. සංවර්ධන කටයුතු සදහා වන මන්නාරම් දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක කමිටුවේ සභාපතිවරයා අරබයා මතුව තිබෙන ගැටලූකාරී තත්ත්වය සම්බන්ධයෙන්ද ජනපතිවරයාගේ අවධානය යොමු විය. රිෂාද් බදියුදීන්, ෆයිසර් මුස්තාපා සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරු මෙම කමිටුවේ සම සභාපතිවරුය.

බලය බෙදීම ගැන ගැටලූ

බලය බෙදීම සම්බන්ධයෙන් ජනපති සිරිසේනගේ ස්ථාවරය පැහැදිලි වූ අවස්ථාවක් පසුගිය සදුදා ජනපති ලේකම් කාර්යාලයේ දී පැවැති රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේ දී සනිටුහන් විය. එයට මුල පිරූවෝ අමිර් අලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන නියෝජ්‍ය අමාත්‍යවරු දෙපළය. නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඞ් මහතාගේ කි‍්‍රයාකලාපය ඔවුන්ගේ ප‍්‍රශ්න කිරීමට ලක්විය. දෙදෙනගේ අදහස් දැක්වීමට අනතුරුව සම්බන්ධ වූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තම සාමාජිකයන් අතරින්ම නැගෙන විවේචනවලට මුහුණදී සිටින අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ය. ගෙවුණ සතියේද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු, බද්යුදීන්ට එරෙහි චෝදනා ජනපති සිරිසේනට ඉදිරිපත් කරමින්, ඔහු සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියහ. නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා තමා සියල්ලට ඉහළින් සිටින පුද්ගලයකු සේ හදුනාගනිමින් කටයුතු කරමින් සිටින බව පැවසින. මෙහිදී අදහස් දක්වමින් තවත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කියා සිටියේ ඔහු පමණක් නොව, දැනට සිටින ඇතැම් මහ ඇමතිවරුන් පවා හැසිරෙමින් සිටින්නේ ඒ ආකාරයට බවය.

නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා ඇතැම් අවස්ථාවල කිසිවෙකුත් ගණන් නොගන්නා අයුරින් කටයුතු කරන බව අමාත්‍ය රවුෆ් හකීම් පිළිගත්තේය. එහෙත් එය පසුපස බල අරගල රැුසක් ඇති බව ඔහු පැවසුවේය. දයා ගමගේ අමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබෙන බව සිහිපත් කළ ඔහු, නැගෙනහිර පළාත් සභාවේ එක්තරා සාමාජිකයකුට දයා ගමගේ සහය දක්වා තිබෙන බවත්, මෙම සාමාජිකයා හා පළාත් මහ ඇමැතිවරයා වන අහමඞ් අතර යහපත් සබදතාවක් නොමැති බවත් කීවේය. අවසානයේ සියල්ල යොමු වන්නේ අභ්‍යන්තර දේශපාලන කටයුතු වලට බවට හකීම් තර්ක කළේය. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රස වාර්ෂික සමුළුවේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡුා කෙරෙනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේය.

‘‘ ඕවා ඔක්කොම හරි.‘‘ ජනපති සිරිසේන පැවසුවේය. උතුරු මැද පළාත් සභාවෙත් ගැටලූ තිබෙන බව ඔහු කීවේය. ඒවා විසදා ගත යුතුව තිබෙන බව ඔහු පැවසුවේය.

‘‘පක්ෂ අභ්‍යන්තරයේ වගේම පක්ෂයෙන් පිටතත් ගැටලූ තිබෙනවා. බලය බෙදීමක් සිදුකරන බවට අපි ජනතාව ඉදිරියේ කැපවීමක් වෙලා තියෙනවා. කොච්චර දුරකට අපට යන්න පුළුවන්ද?‘‘

පළාත් මහ ඇමැතිවරුන් සම්බන්ධයෙන් ගැටලූ ඇතිවීමට ගත්තේ රජය වැඩිදුරටත් බලය බෙදා දීමට අවධානය යොමු කිරීමත් සමග බව ජනපතිවරයා සිහිපත් කළේය. මේ හමුවේ තවත් බලය ලබා දුනහොත් කුමක් සිදුවේවිද? 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ කි‍්‍රයාත්මක සමගාමී ලැයිස්තුව ඉවත් කෙරුණොත් කුමක් සිදුවේවිද? ඔහු විමසුවේය.පවත්නා වාතාවරණය සැලකිල්ලට ගත් විට තත්ත්වය තවත් බරපතළ වීමට ඉඩ ඇති බව ජනපතිවරයාගේ මතය විය. මධ්‍යම රජය සහ පළාත් සභා අතර බෙදා ඇති විෂය ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් වන කටයුතු සමගාමී ලයිස්තුවේ අන්තර්ගත වේ. සැළසුම් කිරීම්, ආර්ථික කටයුතු, උසස් අධ්‍යාපන, ජාතික නිවාස සහ සංවර්ධන, කෘෂිකර්මය කෘෂිකර්මාන්තය ආශ‍්‍රිත සේවා, සෞඛ්‍ය, ජල සම්පාදන, ධීවර කර්මාන්තය, සත්ත්ව පාලනය, සංචාරක කර්මාන්ත සංවර්ධන, වෙළෙදාම් සහ වානිජ්‍යය කටයුතු, පරිසර ආරක්ෂණ, ආදී විෂයයන් එහි අඩංගුය.

ජනපති සිරිසේන වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු නොකළද, එක් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුට අනුව ජනපතිවරයා දැක්වූ අදහස් වලින් පැහැදිලි වන්නේ ජනපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේදී බලය බෙදාදීමට දුන් පොරොන්දුව ගැන ඔහු නැවත වරක් සිතමින් සිටින බවය. මෙම පොරොන්දුව ජනතාවට ලබාදුන්නේ ජනපති සිිරිසේන පමණක් නොවේ.එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයද බලය බෙදා හරින බව මැතිවරණ වේදිකාවේ කියා සිටියහ. ප‍්‍රතිපත්තියේ වෙනසක් සිදුවන බව ඇගවෙන්නේ නම් ඉහත එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයා පවසන දෙය නිවැරැුදිය. එසේ වුවද ජනතාවට දුන් පොරොන්දු මත පිහිටා සකස් කෙරුණ ප‍්‍රතිපත්තියේ පැහැදිලි වෙනසක් සිදුවන බව පෙනී ගියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායම විධායක ජනපතිධූරය එලෙසම පවත්වාගත යුතුයැයි පසුගියදා තීරණය කිරීමත් සමගය. එපමණක් නොව එළැඹෙන ජනපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයා විය යුත්තේ මෛතී‍්‍රපාල සිරිසේනම බවටද ඔවුහු තීරණය කළහ.

තවත් වැදගත් කරුණක් වන්නේ බලය බෙදීමක් සිදුවන්නේ නම් එය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව සිදුවිය යුතුය යන තීරණයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩයාම සිටීමය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ නියමුවා වන ව්‍යවස්ථා මණ්ඩලය, ඒ සම්බන්ධයෙන් සකස් කර ඇති වාර්තා හයක් පාර්ලිමේන්තු විවාදයකට යොමු කිරීම දැනට දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත. රජය නව ව්‍යවස්ථාවක් හදුන්වාදී ජන මත විචාරණයකට යොමුවන බව පසුගිය සතියේ අධිවේගී මාර්ග සහ පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය. මෙම ප‍්‍රකාශයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ඇත්තේ ගැටලූවකි. කැබිනට් මණ්ඩලය මෙවැනි තීරණයක් ගෙන නොමැති අතර, ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද මේ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැත.

කැබිනට් තනතුරු වෙනසක් කිරීමට ලබන මාර්තු මාසය වන තෙක් සිටීමට ජනපතිවරයා තීරණය කර ඇත. එයට හේතුවක් මේ දක්වාම ඉදිරිපත් කර නොමැති මුත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කියා සිටියේ, එය සියල්ලන් මවිත කරවමින් සිදුකිරීමට ජනපතිවරයාට අවැසි බවයි. තනතුරු වෙනස කල් දැමිීමට ගෙන ඇති තීරණයෙන් අනිසි පීඩන එල්ල වීම වැළැක්වෙනවා සේම, පාලන තන්ත‍්‍රයට හානි පැමිණවීම වැළැක්වෙන බවද, ඔහු පෙන්වා දුන්නේය.

මෙම තීරුවලින් අනාවරණය කෙරුණු පරිදි, කැබිනට් මණ්ඩල තනතුරු වෙනසක් සිදුකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුම්වත් කිරීමට ජනපති සිරිසේන දැනටමත් කටයුතු කර අවසන්ය. ජනපතිවරයාට සමිීප ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට අමාත්‍යාංශ තුනක් සම්බන්ධයෙන් මේ වන විට ජනපතිවරයාට පැමිණිලි ලැබී ඇත. මෙම අමාත්‍යංශ සම්බන්ධ බව පැවසෙන්නේ එක්සත් ජාතික පක්ෂයටය. ජනපති සිරිසේන, අගමැති වික‍්‍රමසිංහ නැවත වරක් හමුවූ අතර, මෙම හමුවේ අරමුණ වූයේ රජයේ ප‍්‍රධාන පාර්ශව ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර ඇතිව තිබෙන ගැටලූ නිරාකරණය කර ගැනීමය. ජනපතිවරයා සමග මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරු, අගමැතිවරයා සමග කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරු මෙම හමුවට සහභාගී වූහ.

සිරිසේන - රනිල් හමුව

ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් වන කැබිනට් කමිටුවේ තීරණ සහ නිර්දේශයන් වඩා ගැඹුරින් අධ්‍යයනය කිරීම සදහා ජනපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සහ තෝරාගත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ සාමාජිකත්වයෙන් යුතු ව්‍යුහයක් ඇතිකළ යුතු බවට ජනපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ එකග වූහ. වර්තමානයේ මෙම කමිටුවේ සභාපතීත්වය හොබවන්නේ අගමැතිවරයා වන අතර, කමිටු වාරයකදී ගත් තීරණ හා නිර්දේශ සම්බන්ධයෙන් වන රැුස්වීම් වාර්තාවක් ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරයි. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ පසු, එම රැුස්වීම් වාර්තාව කැබිනට් මණ්ඩල රැුස්වීම් වාර්තාවට ඇතුළත් කිරීම සිදුවේ.

මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් වන කැබිනට් කමිටුවේ කි‍්‍රයාකාරීත්වය නිසා ඇතිවූ අර්බුද කිහිපයක් හමුවේය. වොක්ස්වාගන් සමාගමට අයත් කර්මාන්තශාලාවක් මෙරට පිහිටුවන බව කියා සිටීම, හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ තත්ත්වය සහ හොරණ ටයර් කම්හලේ අර්බුදය, එවැනි අවස්ථා කිහිපයකට උදාහරණය. සංවර්ධන මූලෝපාය සහ අන්තර්ජාතික වෙළෙදාම් අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා කුමක් පවසා සිටියද වරාය ව්‍යාපෘතිය බාර චීන සමාගම සමග ඇතිකරගැනීමට යන අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

වොක්ස්වාගන් නාටකය රජය අතිශය අපහසුතාවට පත් කරමින් නිමාව දුටුයේ, ජර්මනියේ වොක්ස්වාගන් සමාගම, ශී‍්‍ර ලංකාවේ එවැනි කර්මාන්තශාලාවක් පිහිටුවීමට යන බව කියමින් සිටි පුද්ගලයන් හා තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි නිල වශයෙන්ම නිවේදනය කිරීමත් සමගය. ටයර් කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට යැයි කියා හොරණ ප‍්‍රදේශයේ සිදුවෙමින් තිබූ ඉඩම් එළිපෙහෙළි කිරීමක් බලය යොදා වැළැක්වීමට ජනපති සිරිසේනට සිදුවූයේ, ගිවිසුමක් ඇති කරගැනීමට ප‍්‍රථමයෙන් එම කටයුතු ආරම්භ වී ඇති බව අනාවරණය වීම හමුවේය. ව්‍යාපෘතිය සදහා ඉඩම් අක්කරයක් ලබාදී ඇත්තේ රුපියල් 100 ක් වැනි අතිශය සුළු මුදලකට බවද හෙළිදරව් විය.

ආයෝජන මණ්ඩලය අනුව ජනපති ලේකම් කාර්යාලය දැන් මෙම ව්‍යාපෘතියේ නෛතික පසුබිම විමසුමට ලක් කරමින් සිටින්නේය. මෙම අනාවරණය කරගැනීම් සිදුකර ඇත්තේ නීතිපතිවරයා බවද සඳහන්ය. ව්‍යාපෘතිය හා සම්බන්ධ සමාගම මෙහෙයවූයේ කවුරුන්ද යන්නත්, ගිවිසුමක් අත්සන් තැබීමක් නොකරම ව්‍යාපෘති කටයුතු ආරම්භ වූයේ කෙළෙසද යන්නත් සොයා විමර්ශන කටයුතු කි‍්‍රයාත්මකය. දැනගන්නට ලැබෙන ආකාරයට ඉහත කී සමාගමේ හිමිකරු හිටපු ජනපති රාජපක්ෂ හා සම්බන්ධව සිට ඇති පුද්ගලයෙකි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ අවබෝධතා ගිවිසුම

මෙවැනි සිදුවීම් රජයේ ප‍්‍රධාන පාර්ශව ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇති සම්බන්ධතාවට බාධකයන් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. 2015 අගෝස්තු 21 වැනිදා, කරුණු දහයකින් යුත් ගිවිසුමකට අත්සන් තබමින්, එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එළැඹුණ මෙම සම්බන්ධතාව නිල වශයෙන් විවරණය කිරීමට නියමිත මෙම වසරේදීම මෙවන් තත්ත්වයක් ඇතිව තිබීම දෛවෝපසහගතය. ජනපති ලේකම් කාර්යාලයේදී එදා මෙම ගිවිසුමට අත්සන් තැබූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක සහ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම්ය.

ගිවිසුමේ අන්තර්ගතව තිබූ කරුණු අතරින් නව ව්‍යවස්ථාවක් හදුන්වාදීම සහ දුූෂණ මර්දන කිරීම සදහා අන්තර්ජාතිකව පිළිගත් ¥ෂණ මර්දනය කිරීමේ ආචාර ධර්මවලට අනුකූලව කි‍්‍රයාත්මක වන ස්වාධීන කොමිසමක් පිහිටුවීම ප‍්‍රධාන විය. ඉදිරි කාලයට බලපැවැත්වෙන පරිදි අවබෝධතා ගිවිසුම කෙසේ පවත්වා ගැනෙනු ඇතිදැයි පැහැදිලි නැත. 2020 වසර දක්වාම එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සන්ධානය පැවතෙන බව ජනපති සිරිසේන පවසා සිටියද, වසර දෙකක අවබෝධතා ගිවිසුම ගැන කිසිදු සදහනක් සිදු නොකළේය.

පසුගිය සති කිහිපයේ සිදුවීම් වලින් ජාතික ආරක්ෂාවට වැදගත් වන පිළිවෙත් නිසි කි‍්‍රයාපටිපාටියකින් තොරව කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බවත්, ආරක්ෂක අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන ආරක්ෂක අංශත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන පොලිසියත් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති බවත්, එම අමාත්‍යාංශ වල පරිපාලනයන් අතර පවා නිසි සම්බන්ධීකරණයක් නොමැති බවත් මොනවට පැහැදිලි විය. එල්.ටී.ටී.ඊ ය නැවත නැගිටිමින් සිටින බවට පළවන වාර්තා රජය අපහසුතාවට පත් කරද්දී, විපක්ෂයට ස්වර්ගයෙන් ලැබෙන මන්නා හා සමානය. 2009 දී පරාජය කෙරුණු එල්.ටී.ටී.ඊ සංවිධානයට නැවත හිස එසවීමට තරම් තත්ත්වයක් නිර්මාණය කළේ මන්දැයි පොලිස් දෙපාර්තමේන්තුවේම වාර්තා භාවිතා කරමින් සාක්කි ඇතිවම විමසීමට ඔවුනට හැකිය. මෙම තත්ත්වය හමුවේ ජාතික ආරක්ෂාව සහ මහජන සුබසාධනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්විය යුතුවීමේ දැඩි අවශ්‍යතාවක් ඇත. එම අවශ්‍යතාව ඉටු කිරීම තවත් ප‍්‍රමාද කළහොත්, ඉදිරියේ ඇති වෙනත් බාධක වන ජීවන මිල ඉහළ යාම, නීතිය සෝදා පාලූ වෙමින් තිබීම ආදී ගැටලූ විසදීමට කඩිනමින් මැදිහත් නොවුනහොත්, රජයේ ගමන තවත් දුෂ්කර වනු ඇති බවට සැකයක් නැත.



අදහස් (0)

කොටි නැටිලි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 395 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 96 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 707 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 319 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 139 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 349 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site