IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ආණ්ඩුවේ පරණ තුරුම්පු

( පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත් )

ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක වන එජාපය සහ ශ‍්‍රීලනිපය අතර ගැටුමක් ඇතැයි පෙනෙන්නට පටන් ගත්තේ මේ ආණ්ඩුව හැදූ දිනවල සිටමය. එහෙත් ඒ ගැටුම එතරම් තදින් එළියට නොපෙනුණේ එක කාරණයක් නිසාය. එනම් ඒ දෙගොල්ලොන්ගේම පොදු හතුරා මහින්ද රාජපක්ෂ වීම නිසාය. මේ අය කළේ තමන්ගේ ආණ්ඩුවේ තියෙන අභ්‍යන්තරික අවුල් එහෙමම තියෙද්දී ඒ ප‍්‍රතිවිරෝධතා වසා ගැනීමේ කෝකටත් තෛලය වුණේ මහින්දට ගහන එකය. ආණ්ඩුවට මුදල් නැත්නම් ඒකට හේතුව මහින්දගේ කාලයේ ප‍්‍රශ්නයක් ලෙසින් දෙගොල්ලන්ම රටට කීවේ ඒ නිසාය. රටේ විදේශ විනිමය නැත්නම් ඒකට හේතුව මහින්දගේ කාලයේ ප‍්‍රශ්නයක් වගේ දෙගොල්ලන්ම රටට පෙන්නුවේ ඒ නිසාය. හම්බන්තොට වරාය චීනයට භාරදීම වගේ දෙයක් ගත්තත් ඒ ගැන ආණ්ඩු පක්ෂයේ එජාපයත් ශ‍්‍රීලනිපයත් එකිනෙකාට අභ්‍යන්තරව චෝදනා කර ගත්තත් පොදුවේ රටට පෙන්නුම් කළේ ප‍්‍රශ්නයට හේතුව මහින්ද බවය. මහින්ද හම්බන්තොට හදන්නට ගත් ණය ගෙවන්න නම් වරාය බදු දිය යුතුම බවය. අනෙකුත් කුඩා අනු කුඩා හැම ප‍්‍රශ්නයකම හේතුව ලෙසින් ඔවුන් කළේ මේ න්‍යායම අනුගමනය කිරීමය.

ආණ්ඩු කිරීම යනු මහින්දට බැණීම වගේ දෙයක් බව රටට පෙනුණේ මේ නිසාය. රටේ ප‍්‍රශ්නවලට හොඳම පිළිතුරු තියෙන්නේ එජාපයේ මොළයේ බව කියන ගමන් මහින්දට බැණ ඇණ ගැසීමෙන් එහාට දෙයක් කරන්නට ඒ මොළයේ නැති බව පෙනෙන්නට පටන් ගත්තේ මේ නිසාය. මේ තත්ත්වය එක දිගටම කරන්නට ගොස් ආණ්ඩුවට සිදුවුණේ එහාට යන්නත් බැරි මෙහාට එන්නත් බැරි අර්බුදයක හිරවීමය. සරලවම පෙන්නුම් කළේ රටේ ප‍්‍රශ්නවලට හරිහමන් පිළිතුරක් යහපාලන කණ්ඩායමට නොමැති බවත් ඒ නොහැකියාව වසා ගන්නට ඒ අය කරන්නේ ප‍්‍රශ්නයක් පැමිණි හැම විටම ‘මහින්ද මුව හමට තඩි බෑම’ බවත්ය.

එහෙත් පසුගිය සති කීපය පුරා කැබිනට් සංශෝධනය පිළිබඳව ආණ්ඩුව ඇතුළෙන් එළියට පැන්න ගැටුමෙන් පෙනෙන්නේ තවදුරටත් ආණ්ඩුවට පරණ සිංදුවම ගහමින් ඉදිරියට යන්නට නොහැකි බවය. ලෝකයේ හොඳම මුදල් ඇමැති ලෙසින් තමන්ම උඩට ඉස්සූ මුදල් ඇමැතිවරයා කිසිම හොඳක් නැති කෙනෙක් බවට එළිපිටම කියන්නට සිදුවීමෙන් පෙනී යන්නේ මේ කාරණයයි. පසුගිය වසර දෙකේ මේ රටේ ආර්ථිකයේ ඇති කළ බරපතළ තත්ත්වයට හේතුව රවි බව නොකියා කියන්නේ ඒ නිසාය.

පසුගිය කැබිනට් සංශෝධනය එතරම් ලොකු දෙයක් නොවන බව සමහරෙකුගේ මතය විය හැකි වුවත් මා සිතන්නේ මේ සිද්ධියේ ප‍්‍රමාණය කුඩා වුණාට එය මඟින් මේ රටේ අනාගත දේශපාලනයට සිදුකරන බලපෑම ඉතාමත් විශාල බවය. එක පැත්තකින් යහපාලන කණ්ඩායමේ පළමු පිපිරීම ලෙසින් එය තේරුම් ගැනීමේ හැකියාවක් ද තිබෙන බවය. මෙයින් මා කියන්නේ එජාපයත් ශ‍්‍රීලනිපයත් එකට ආණ්ඩු කිරීම හෙට අනිද්ද ඉවර වෙයි කියා  නොවේ.  මේ සිදුවීමෙන් පසුව ශ‍්‍රීලනිපයේ දේශපාලනය එජාපයෙන් හදිසියේ ගැලවී ඇවිත් යළිත් පාක්ෂිකයන් සමග ගැට ගැසේවී යැයි උපකල්පනය කරමින් ද නොවේ. මා සිතන්නේ මේ කැබිනට් සංශෝධනය සමඟ අලූත් ආරම්භයක් දේශපාලනිකවම පටන් ගත් බවයි. මෙතැනින් එහාට එජාපයේ දේශපාලනය ජනවාරි 8 දේශපාලනයෙන් ක‍්‍රමානුකූලව විතැන් වෙන්නට පටන් ගන්නා බව මාගේ නිරීක්ෂණයයි. ජනවාරි 8 ලැබුණු ජනවරම සහ එජාපයේ දේශපාලනය අතර පිපිරීමක් පෙන්නුම් කරන පළමු අවස්ථාව ලෙසින් මේ තත්ත්වය තේරුම් ගැනීම වඩාත් නිවැරැදි වන්නේ ඒ නිසාය. එජාපයට තමන්ගේ දේශපාලනය තවදුරටත් කරන්නට නම් තමන්ගේම පිටියක් හදා ගන්නට ඒ අයගේ ඇති වුවමනාව ගෙඩි පිටින් එළියට එන දිනය වැඩි ඈතක නොවන බව මේ සිද්ධියත් සමග ඉතාමත් පැහැදිලි බව මේ කාරණාවලින් පෙනී යන කාරණාය. ආණ්ඩුවේ දෙගොල්ලන් එකිනෙකාට එරෙහිව මරාගන්නා තත්ත්වයක් තවම පෙනී යන්නේ නැති වුණත් එවැනි ගැටුමකට අවශ්‍ය වටපිටාව ඉතාමත් වේගයෙන් ගොඩනැෙඟමින් තිබෙන බව නම් ඉතාමත් පැහැදිලිය. එවැනි විරසකයක් දේශපාලනිකව නිර්මාණය කිරීමේ අවකාශය හැදී අවසන්ය. එකිනෙකා අතර ගැටුම් පිටිය සකස් වී ඇති අතර විරුද්ධ පාක්ෂිකයන්ට කරන්නට ඉතිරිව ඇත්තේ මේ තත්ත්වය හරියට කළමනාකරණය කිරීමය. මේ ගෙවල් දෙක ගහ මරාගන්න සූදානම් වී අවසන්ය. දැන් විරුද්ධවාදීන්ට ඉතිරි වී ඇත්තේ ගෙවල් දෙක මැදින් ගල් ටිකක් දැමීම පමණය. දෙගොල්ල වෙලාවට ගල් ගහගන්නවා ඇත.

මේ තත්ත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු එජාප විරෝධී බලවේගයේ දේශපාලනය සංවිධානය කළ යුත්තේ කෙසේද යන්න තීරණය කිරීම ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරියේ ඇති බරපතළම අභියෝගය බව මගේ වැටහීමය. ආණ්ඩුවේ අභ්‍යන්තර පිපිරීම මේ වනවිට  ඕනවටත් වඩා එහාට තල්ලූ වෙමින් තිබෙන තත්ත්වයක් තුළ කළ යුතු මූලිකම දේ වන්නේ එජාපයට විරුද්ධ දේශපාලනය යළි වරනගා ගන්නේ කෙසේද යන කාරණය පැහැදිලි කර ගැනීමය. එවැනි හරි ගණන් බැලීමකින් තොරව අනාගත බලය පිළිබඳව නිවැරැදි තක්සේරුවක් කිරීමට හැකියාවක් නොමැති නිසා මේ මොහොත නිවැරැදිව කළමනාකරණය කිරීම ඉතාමත් වැදගත් බව මගේ අදහසය.

මා සිතන ආකාරයට මෙම මොහොත කළමනාකරණය කරගැනීම සඳහා කළ යුතු කාරණා කීපයක්ම අප ඉදිරියේ ඇති බවය.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම් මුලින්ම කළ යුත්තේ ආණ්ඩුවේ මේ විරසකය සමහන් කරගැනීමට සහාය නොදෙන ආකාරයෙන් වැඩ කිරීමය. එම විරසක තව තවත් වර්ධනය කෙරෙන ආකාරයෙන් වැඩ කිරීමය. ඒ සඳහා කළ යුතු එක් වැඩක් වන්නේ තමන් සතු ජනතා බලවේගය ශක්තිමත් කර ගන්නා අතරම ආණ්ඩුවේ විරසකයෙන් කැඩෙන කෑලී එක්කර ගන්නා ආකාරයට බලවේග හැසිරවීමය.  ඕනෑම පිපිරීමක් දේශපාලනිකව සිදු වන්නේ කැඩෙන අයට යන්න තැනක් හැදෙන ප‍්‍රමාණයට සාපේක්ෂකවය. මේ තත්ත්වය තුළ ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිපයේ අය එජාපය දෙසට ගමන් කරවීමෙන් වැළකී සිටීමෙන් සහ කැඩෙන  ඕනෑම කෑල්ලකට එක්වෙන්නට ඉඩක් තබමින් ඉදිරියට ගමන් කිරීම ඉතාමත් අවශ්‍යය.

අනෙක් කාරණය වන්නේ පක්ෂයක් ගොඩනැඟීමේ ක‍්‍රියාවලිය යන අතර එජාපය ඇතුළු ආණ්ඩුවට එරෙහිව දේශපාලන පෙරමුණක් වෙත ගමන් කිරීම ඉක්මන් කිරීමය. දැන් තියෙන තත්ත්වය අනුව මහින්දගේ නායකත්වයෙන් පක්ෂයක් දැනටමත් හැදී තිබෙන නිසා අලූතින් පක්ෂයක් හදනවා දැයි අසන ප‍්‍රශ්නයේ කිසිම අදාළත්වයක් දැන් නැත. දැනටමත් ශ‍්‍රීලනිපයේ මහින්දවාදී කණ්ඩායම් ඉන්නේ පක්ෂයක් ලෙසින් ඉතාමත් සංවිධානාත්මකවය. ඒ නිසා තවදුරටත් පක්ෂයක් හැදීම ගැන කථා කිරීම හෝ පක්ෂයක් නොහැදීම ගැන කථා කිරීමෙන් එතරම් පලක් වන්නේ නැත. ශ‍්‍රීලනිපයේ සංවිධායකකම්වලින් අස්කිරීම් වැනි දේවල්වලින් කෙරෙන්නේ ආණ්ඩුවේ ඉන්න ශ‍්‍රීලනිපයේ ශක්තිය තවත් දුර්වල කිරීමට මිස ශක්තිමත් කිරීමට නොවේ. නිල ශ‍්‍රීලනිපයට එජාපයට විරුද්ධ දේශපාලනයක් කරන්නට අනාගත බලාපොරොත්තුවක් තිබෙන්නේ නම් දැන්වත් කළ යුත්තේ පක්ෂයේ නායකයන්ගේ සංවිධායකකම් සමඟ සෙල්ලම් කිරීම නැවැත්වීමය. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු අනෙකුත් බලවේග මේ තත්ත්වයට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ ආණ්ඩුවේ අභ්‍යන්තර විරසකය වර්ධනය වන පරිදි බලවේග හප්පන ගමන් විපක්ෂයේ දේශපාලන බලවේගය  පෙරමුණක් ලෙසින් පළල් කරවීමය.

ඊළඟ වැදගත්ම කාරණය වන්නේ සිවිල් සමාජය ලෙසින් අද පවතින විකෘතිය පරාජය කිරීමය. මේ රටේ සිවිල් සමාජය ලෙසින් අද ගොඩනැගී ඇත්තේ බරපතළ විකෘතියක් බව මා කියන්නේ හේතු ගණනාවක්ම නිසාය. 1980 වර්ජනයෙන් පසුව මෙරට වාමාංශික ව්‍යාපාරය එවකට සිටි එජාප රජය පොඩි පට්ටම් කර දැමීමත් අනෙක් අතින් රුසියාවේ කඩා වැටීම හරහා ලෝකය පුරාම වාමාංශික ව්‍යාපාර යටපත්වීමත් නිසා දේශපාලන සමාජයේ මතු වූ හිස් තැන පිරවූයේ සිවිල් සමාජය ලෙසින් මතු වූ ප‍්‍රවණතාව විසින්ය. 1977 ගොඩනැගුණ නව යටත්විජිතවාදී ආර්ථිකයේ ‘අදහස් විකිණීමේ’ වෙළඳාම ඉදිරියට ඒමත් සමග මේ සිවිල් සමාජ ව්‍යාපෘති නව ආකාරයක කොම්පැනි වර්ගයක් බවට පත්විය. බටහිර සමාජයේ මතු වූ සිවිල් සමාජය යන සංකල්පයේම තියෙන පරිදි බල දේශපාලනයේ අභිලාෂයට වඩා උඩින් පවතින ගතිය අපේ රටේ මේ කියන සිවිල් සමාජවල වැඩ කරන්නේ අනෙක් පැත්තටය. අපේ සිවිල් සමාජය වැඩ කරන්නේ දේශපාලන සමාජයේ කිහිලිකරුවක් ලෙසින් මිස එයට ඉහළින් සිටින කණ්ඩායමක් ලෙසින් නොවන්නේ ඒ නිසාය. අපේ අද තියෙන්නේ ලූම්පන් සිවිල් සමාජයක් යැයි මා මාගේ නූතන කුමාරයා කෘතියේ තර්ක කළේ ඒ නිසාය. දොස්තරලාගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන ඒ වෘත්තීය සංගමය වර්ජනය කරන විට ඒකට එරෙහිව ආණ්ඩුව යොදවන්නේ හෙද වෘත්තීය සමිති හා බස් වෘත්තීය සමිතිය. මේවා දකින විට සිහිවෙන්නේ පැසිස්ට් ඉතාලියේ ඒ කාලයේ විද්වතුන්ට පහර දෙන්නට ‘දුඹුරු කමිස ව්‍යාපාරය’ කියා රස්තියාදුකාරයන්ගේ සංගමයක් හදා සියලූම වෘත්තිකයන්ට පහර දුන් ආකාරයය. මා සිතන්නේ මේ තත්ත්වයට අභියෝග කිරීම විපක්ෂයේ කේන්ද්‍රීය කාර්ය භාරයක් බවට පත් වී තිබේ.  

වර්තමාන සිවිල් සමාජ අවකාශය තුළ මතුවෙමින් පවතින පාදෙනියගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායම මනෝහරගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායම සහ ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම වැනි නව ජාතිකවාදී හා වෘත්තීයවේදී සිවිල් සමාජ බලවේගයක් හරහා මේ පවතින තත්ත්වයට අභියෝග කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් බව මගේ හැඟීමය.

මෙම නිශ්චිත අවකාශය නිසි පරිදි දේශපාලනිකව කළමනාකරණය කිරීම මේ පැයේ අප සතු මූලිකම වගකීම විය යුතුය.



අදහස් (8)

ආණ්ඩුවේ පරණ තුරුම්පු

kumara Friday, 26 May 2017 08:27 AM

එක්සත් ජාතික පක්ෂය තනියම ආණ්ඩු කරන කාලය ඉතාම ළඟයි. එ්කට මුස්ලිම් හා දෙමල පක්ෂද එකතු වෙනවා.

:       2722       2834

dami Friday, 26 May 2017 08:32 AM

මේ අය කියන ඒවා හිතන්න බැහැ...

:       6       14

Thushara Friday, 26 May 2017 09:37 AM

ලේකම් කම නැති වීමේ වේදනාව බව නම් හොඳටම පැහැදිලිය. බුද්ධ චීවරය දරමින් ධර්මයේ නිවැරදිව පිළිවෙත්වල පමණක් යෙදුණා නම් නේද හොඳ ....?

:       58       116

Sahan Sunday, 28 May 2017 01:52 PM

මේකට ඔය කියන දේවල් අදාලද? නැද්ද? කියලා පළමුව කියන්න...

:       1       0

pansilu Friday, 26 May 2017 10:10 AM

කළින් ආණ්ඩුවේ අය නම් අසාවෙන් ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යනකම්... ඒවා නම් වෙන්නේ නැහැ...ඒවා දවල් හීන

:       1302       1564

sahan Friday, 26 May 2017 12:17 PM

මම ඉස්සෙලාම බැලුවේ ආර්ටිකල් එක... බලනකොට මේ දවල් හීනේ දැකල තියෙන්නේ පුදුම කෙනෙක්ටනේ..

:       197       335

d.upul Friday, 26 May 2017 12:58 PM

මේක හරියට මෙගා ටෙලි නාට්‍යයක කොටසක් වගේ...

:       88       112

duminda Saturday, 27 May 2017 03:34 AM

ඔළුව අවුල් වෙලා වගේ ඉන්නේ .... මොකක්ද ප්‍රශ්නේ?

:       39       64

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 386 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 93 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 702 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 318 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 139 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 349 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site