( කාංචන කුමාර ආරියදාස)
කණ්ඩලම ජලාශයට අද සිදුව ඇති විනාශය පිළිබඳව මීට වසර 26 කට පෙර එනම් 1992 වසරේදී තමන් බුද්ධියෙන් දුටු බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියෝ පවසති.
නා හිමියන් මේ බව ප්‍රකාශ කළේ පසුගිය දිනවල දිගින් දිගටම කණ්ඩලම වැව ඉස්මත්තේ ඉදිකෙරුණු සංචාරක හෝටල් බොහෝමයක අපජලය කණ්ඩලම වැවට මුදාහැර ඇතැයි ජනමාධ්‍ය මගින් පෙන්වා දීමත් සමඟයි.
උන්වහන්සේ විශේෂයෙන් කියා සිටියේ කණ්ඩලම ප්‍රදේශයේ වැව ආශ්‍රිතව හෝටල් ඉදිකර ඇති සමාගම්කරුවන් අනාගතයේ වැසිකිලි හා අපද්‍රව්‍ය කණ්ඩලම වැවට හොර රහසේ මුදාහරින බවට කළ අනාවැකිය එදා බුද්ධියෙන් දැක ගැනීමට අසමත් වූ එවකට පැවති ආණ්ඩුවේ සිටි ඇතැමෙකුට දැන් එය පියවි ඇසින්ම එය දැක ගැනීමට හැකිව පවතින බවය.
භූ විද්‍යාත්මක වශයෙන් පහත් බිමක් ලෙස හඳුනාගෙන ඇත්තේ කණ්ඩලම වැව බවත් හෝටල්කරුවන් විසින් දිනපතා මහා පරිමාණයෙන් එකතුවෙන අපද්‍රව්‍ය යාන්ත්‍රික වශයෙන් ප්‍රතිචක්‍රීකරණය කරන බවට ව්‍යාපෘති වාර්තා සැකසුවද ඇත්ත වශයෙන් ම කර ඇත්තේ බලධාරීන් රැවටීම බවත් උන්වහන්සේ පැවසූහ.
අධික වියදම් සහිත කාර්යයක් බැවින් ලාභ ලැබීම අරමුණු කර ගනිමින් මෙම අපජලය වැවට මුදා හැරීම සම්බන්ධයෙන් තමන් මීට වසර 26කට පෙර අනතුරු ඇඟ වූ බවද උන්වහන්සේ පැවසූහ.
කණ්ඩලම වැව ඉස්මත්තේ පිහිටි සංචාරක හෝටල් කිහිපයකම රාත්‍රී කාලයේ අපජලය වැවට මුදා හරින බව දිගින් දිගටම මාධ්‍ය මඟින් රූප රාමු සහිතව පෙන්වා දුන්නේය. ඒ පිළිබඳව අවධානය යොමු කළ සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ සුමංගල මහා නාහිමියෝ මෙසේද පැවසූහ.
"එදා මෙම කරුණු පෙන්වා දුන් පසු එවකට පැවති ආණ්ඩුව මට නින්දා අපහාස වෙන පරිදි ලංකාවේ සෑම ප්‍රදේශයකම පෝස්ටර් පවා අලවා තිබුණා. මරණ තර්ජන තිබුණා. මා එදා කී දේ සැබෑ වන තෙක් ජීවත්ව සිටීමට ලැබීම ගැන එක් අතකින් සතුටු වෙනවා. ඒ දේශපාලකයන් වත්මන් ආණ්ඩුවේ පාර්ශවයක් වශයෙන්නුත් සිටිනවා.
පසුගිය දිනක විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයෙකු ප්‍රධානත්වයෙන් සීගිරියේ දී පවත්වන ලද රැස්වීමකදී කණ්ඩලම හෝටල් කරුවන් රාත්‍රී කාලයේදී හෝටලේ වැසිකිලි ඇතුළු අපද්‍රව්‍ය එම වැවට මුදා හරින බවට කණ්ඩලම වැව සුරැකීමේ සංවිධානය විසින් ඡායාරූප සහිතව රාජ්‍ය ඇමතිවරයාට පෙන්වා දී තිබුණා.
වැව්තාවුල්ලේ අක්කර 25 කට අධික ප්‍රමාණයක් පුරවා හෝටලය සෑදීම හේතුවෙන් වැවේ ජල ධාරිතාව විශාල වශයෙන් අඩුවී තිබෙනවා. ඒ හේතුවෙන් මහවැලි හුරුලු කලාපයේම ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.
තමන් සියල්ල දන්නා බවට සිටිමින් මහජන මතය තුට්ටුවකට මායිම් නොකරන අපේ රටේ මෝඩ දේශපාලකයන් කණ්ඩලම හෝටලයට ගොස් බඩ පැලෙනකම් නොමිලේ සප්පායම් වෙනවා වෙනුවට හෝටලය ඉදිකිරීමට උඩගෙඩි දුන් එවුන් වැවකට කළ ජාතික අපරාධය සියැසින් දැකගැනීමෙන් පසු සසර මතු භවයකදී හෝ ප්‍රඥාවන්තයෙකුව ඉපදීමට ඉටා ගනිත්වා යැයි මම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.”
COMMENTS
උනුත් එකයි මුනුත් එකයි. දෙකම එකයි.
ප්‍රමාණවත් සාධක සහිතව චෝදනා කලත් නීතිය ක්‍රියාත්මක නොවන්නේ කුමන බලවේගයක් නිසාද...? බලධාරීන් නිහඬ අැයි...? ඊට හේතුව ආචාර්ය ඉනාමළුවේ සුමංගල මහ නාහිමියෝ මෙසේ වදාරති. "තමන් සියල්ල දන්නා බව සිතමින් මහජන මතය තුට්ටුවකට මායිම් නොකරන අපේ රටේ මෝඩ දේශපාලකයන් කණ්ඩලම හෝටලයට ගොස් බඩ පැලෙනකම් නොමිලේ සප්පායම් වෙනවා." ඔන්න ඕකයි හේතුව. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ බලධාරීන්ගේ කැමැත්ත පරිදි බවට තවත් සාධක කුමටද...?
හල්දුමුල්ල ජල විදුලි බලාගාර කිහිපකින් මහා පරිසර විනාසක් සිදුවී ඇත.
උනුත් මුනුත් දෙකම එකයි තමයි හැබැයි අවුරුදු 26 කලින් කියන්නේ 1992. එතකොට ආණ්ඩුව කරේ කවුද. ඒ නිසා මුන් සහ මුන් නේද කියන්න ඕනා. ඒ ආණ්ඩුවේ සමහර ඇමතිලා අදත් ඇමතිලා හෝ ඊටත් වැඩිය ලොක්කෝ.
තව දශක දෙක තුනකට පස්සේ අපේ දරුවන්ටත් කියන්න වෙන්නේ මේ ටිකම තමයි.
අපිට මතක තියෙනවා ඔබ වහන්සේ ඒ දවස්වල උද්ඝෝෂණය කරා. පාරේ සැතපිලා හිටියා. අන්තිමට හිතුවේ ඔබවහන්සේවත් සල්ලි වලට ගත්ත කියලා.
ඔබවහන්සේට පෙර නිමිති කීමට හැකිවීම සතුටට කරුණක් ..! අද විහාරස්ථානවල පවතින දුෂණ නිසා බුද්ධ සාසනයට යන කලදසාවත් .. ඔබගේ පෙරනිමිති කීමේ ශක්තියෙන් කිව හැකිද ..??? ඒ.. මොන පෙරනිමිතිද ...???
අනේ හාමුදුරුවනේ. ඔබත් ලංකාවේ වෙනත් ආගමික නායකයොත් එදා කණ්ඩායම එපා කියල උද්ඝෝෂණය කරපු වීරයන් සේ මා සිතුවත්. පසුකාලීනව ඔබ වහන්සේ කණ්ඩායම හෝටලයේ යාවජීව සාමාජිකයෙක් වූ බව දඹුල්ලේ වැසියන්ට අරුමයක් නෙවෙයි. රංගිරි දඹුල්ල පුද බිමත් අද තත්වය ශෝචනීයයි..
මමත් ඔය හෝටලයේ වැඩකරා. කවදාවත් වැවට අපද්‍රව්‍ය දැම්මේ නෑ. ආදර්ශමත් පරිසර හිතකාමී හෝටලයක් ලෙසින් ක්‍රියාත්මක උනේ
අප රටේ බූරු දේශපාලකයින් කොටසක් සහ ගොන් නිලධාරින් පිරිසක් සහ හාවුන් හා මීමින්නන් බදු මහජනතාවක් සිට්න රටත්. එකෙක්වත් මිනිසුන් විදියට වැඩකරන්නේ නෑ. බුද්ධිය පාවිච්චි කරන්නේ නෑ.දේශපාලකයින් හසුරවන්න පාලනය කරන්න පුලුවන් ජනතාවට ඡන්දෙන් විතරයි. අප රටේ ඡන්ද බලයත් සාධාරණ නොවන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරන පුද්ගලයින්ටත් ඇමතිකන් දෙන නිසයි. ඡන්ද පොරොන්දු අමු අමුවේ උල්ලංඝණය කරමින් ජනතාවත් ගොනාට අන්දන නිසයි. නිලධාරින් සිටින්නේ රාජ්‍ය ආයතන ඵලදායිව කාර්යක්ෂමව පවත්වාගෙන යන්නයි. රාජ්‍ය සෙවකයින්ගේ පරිපාලනයේ නියමුවන් හැටියට සිටින පරිපාලන සේවය අද කරන්නෙත් දේශපාලයින්ගේ රෙදි අපුල්ලමින් ඔවුන්ටම කඩේ යාම නිසා කොන්ද පණ තියෙන වෙනත් රජයේ සේවාවන්ටවත් රට වෙණුවෙන් යමක් කරන්න විදියක් නෑ.
මම කීව. මම දන්නවා....... වෙන මොනවාද ලකුණු දාගන්න කියන්න පුළුවන්? අනාගතය අද කියන්න පුවන්ද? සිදුවුණාට පස්සේ මටත් පුළුවන් මෙහෙම කතාකරන්න. ප්‍රසිද්ධියට මෙහෙම කීවට අනාවැකි අහගන්න අපිට පුලුවන්ද?