වර්තමාන නියෝජන ප‍්‍රජාතන්ත්‍රවාදය තුළ නීතියේ ආධිපත්‍යය ඇති කිරී​ෙමහිලා අඩිතාලම ​ෙගාඩනැඟුණේ 1215 දී එංගලන්ත රාජකීයත්වය හා මහජන නියෝජිතයන් අතර ඇති කර ගත් මැග්නා කාර්ටා ගිවිසුම මත ය. නීතියේ ආධිපත්‍යය සුරකිනු වස් ස්වාධීන අධිකරණයක පැවැත්ම ඉන් තහවුරු වූ අතර යුක්තිය ඉෂ්ට කිරීම සර්ව සාධාරණ ​ෙලස ඉටු කිරී​ෙම් වගකීම රාජ්‍ය බාර ගනු ලැබීය. එහෙත් එංගලන්තයේ ස්ථාපිත වී තිබූ අනුල්ලංඝනීය ​ෙද්ව නීතිය වූයේ ‘‘රජු කිසිදු මිනි​ෙසකුට යටත් නැත” (King is under no man) යන ප‍්‍රතිපත්තියයි. 

එහි විප්ලවීය ​ෙවනසක් සිදු කරමින් ​ෙහන්රි බ‍්‍රැක්ටන් (1210-1268) නමැති නීතිවේදියා ප‍්‍රකාශ ක​ෙළ් ‘‘රජු ​ෙදවියන්ට සහ නීතියට හැර කිසිදු මිනිසකුට යටත් නැත” (King is under no man, but under the God and the law) යන්නයි. එය යථාර්ථයක් වන්​ෙන් 1949 දී ජෝන් බ‍්‍රැඩ්ෂෝ විසින් පළමුවන චාර්ල්ස් රජුට මරණීය දණ්ඩනය නියම කිරීමත් සමඟ ය. ඒ අනුව අධිකරණයේ වගකීම වන්​ෙන් ‘‘දිව්‍ය ලෝකය බිමට පාත් ​ෙවද්දී වුවත් යුක්තිය ඉටු කිරීමයි” (Let justice be done though the heaven falls) යන්න බවට විශාරදයෝ අදහස් පළ කළහ.

අධිකරණයට බාර අනිකුත් කාර්යයන්ට අමතර ​ෙලස ව්‍යවස්ථාදායක සහ විධායකය අතර ගැටුම් ඇති වී​ෙම් දී ඒවා විනිශ්චය කිරී​ෙම් වගකීම ද පැවරී ඇත. වර්තමානයේ අප දුටුවේ එවැනි අවස්ථාවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එය අර්ථ නිරූපණය කිරී​ෙම් පූර්ණ සහ අනන්‍ය බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. 

ශ්‍රේෂ්ඨාධිකරණයට පහළින් ති​ෙබන සෑම අධිකරණයක් විසින්ම ​ෙදනු ලබන තීන්දු ඉහළ අධිකරණයකට අභියාචනා කිරීමට අතෘප්තියට පත් පාර්ශ්වවලට අයිතියක් ඇති නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට එ​ෙරහිව අභියාචනා කිරීමට බල අධිකාරියක් ​ෙනාමැත. එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශයට පත්කරන සෑම තීන්දුවක්ම අවසාන ​ෙලසින් වලංගු තීන්දුව ​ෙලස බාරගත යුතු ය. ශ්‍රේෂ්ඨාධිකරණය ​ෙදනු ලබන සෑම තීන්දුවක් ම නිවැරැදි තීන්දුවක්ය යන්න ඉන් අදහස් ​ෙනාවේ. ඒ පිළිබඳව ඇමරිකාවේ අගවිනිසුරු පදවිය වසර 34ක් තරම් දීර්ඝ කාලයක් ​ෙහබවූ ජෝන් මාර්ෂල් පවසා ඇත්තේ ‘‘අප ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ​ෙදනු ලබන සියලුම නඩු තීන්දුවලට ගරු කළ යුතු ය. එ​ෙස් කරනුයේ ඒවා සියල්ලම නිවැරැදි නිසා ​ෙනාව ඊට එ​ෙරහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සුපිරි ශ්‍රේෂ්ඨාධිකරණයක් ​ෙනාමැති නිසා ය.” යනු​ෙවනි.

මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයට විසඳීමට සිදුවූ ආන්දෝලනාත්මක හබය වූයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගන්නා ලද තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන කාරණයයි. 19 වන සංශෝධනයට පෙර පාර්ලිමේන්තුව රැස්වී වසරක් යන තෙක් එය විසුරුවා හැරීමට ජනාධිපතිට බලයක් නොවීය. එහෙත් මෙම සංශෝධනය මගින් එම කාලසීමාව වසර හතර හමාරක් දක්වා දික් කරන ලදී. එහෙත් තුනෙන් දෙකක බහුතර සම්මුතියෙන් පාර්ලිමේන්තුව ඉල්ලා සිටියහොත් එය විසුරුවා හැරීමට ජනාධිපතිට බලය ඇත.

එකී නව සංශෝධනය ඇතුළත් කරනවාත් සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව ලෙස එකතු කළ වගන්තියේ මෙසේ සඳහන්ය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතර ව ජනාධිපතිවරයාට -

(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය.” ඊට අමතර ලෙස 62 (2) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ,

“සෑම පාර්ලිමේන්තුවක්ම පළමු වරට රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට නොවැඩි කාලයක් පවතින්නේය. එහෙත් නියමිත කාල සීමාව ඉක්මවීමට පෙර විසුරුවා හැරිය හැක්කේ ය....”

එසේ විසුරුවා හැරිය හැකි වුවත් එහිදී 70 (1) ව්‍යවස්ථාවේ අතුරු විධානයේ සඳහන් පාර්ලිමේන්තු යෝජනා සම්මුතියක් අවශ්‍යය යන සරල කාරණය තීරණය කිරීමට අධිකරණයට සිදුවිය. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපාදන දෙකක් එක ම ව්‍යවස්ථාවක පවතින විටක මෙවැනි ගැටලු මතුවන අතර, එහිදී අධිකරණය වෙත යම් ප්‍රමාණයක අභිමතයක් හිමි වනු අැත. මෙම නඩුවේ තීන්දුව අනුව එම සංශෝධනය හඳුන්වාදීමේදී ව්‍යවස්ථාදායකයේ චේතනාව කුමක් වී ද යන්න පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කර ඇත. අවසානයේ සියලු දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිළිගෙන කටයුතු කිරීම සාධනීය කරුණකි.

එහෙත් එම සාධනීය කාරණයට යටින් තිබෙන ඛේදනීය කාරණය පිළිබඳව ද සඳහන් කළ යුතු කරුණු බොහෝය. ප්‍රජාතන්ත්‍රවාදය රඳා පවතිනුයේ නීතිය මත හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත බවට යමෙකු මතයක් දරන්නේ නම් ඔහු මිත්‍යාවේ ගිලුණු අයෙක් වේ. ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්වත් නොමැති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය රැකුණේ කෙසේ ද යන්න එවැන්නකුට හිතාගත නොහැකි වේ. ප්‍රජාතන්ත්‍රවාදය රඳා පවතිනුයේ විශ්වාසය මත ය. ජනතාව තුළ ඒ පිළිබඳ විශ්වාසය බිඳ වැටුණොත් ජනතාව නීතිය අතට ගැනීම වැළැක්විය නොහැක. එවන් අවස්ථා වලදී අවි ආයුධ සහිත ගැටුම්, කලකෝලහල, යුද්ධ වැනි දේ හට ගැනීම ස්වාභාවික ව ම සිදු වන දේවල්ය.

මහින්ද චින්තන ප්‍රකාශනයේ මිහිඳු මාහිමියන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් “අප රට පාලනයකරනු ලබන්නේ රටේ අයිතිකරුවන් ලෙස නොව භාරකරුවන් ලෙසිනි” යනුවෙන් සඳහන් කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිරන්තරයෙන් පවසන්නේ බුදුන් කල ලිච්ඡවි රජ දරුවන් මෙන් සමගියෙන් රැස් වී සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යමින් සාමකාමී ලෙස රටේ ප්‍රශ්න විසඳමින් පාලනය ගෙන යන බවය. මෛත්‍රීපාල මහතා ජනාධිපති වූයේ මැදි මාවතක සිට නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස විධායකය මෙහෙය වීමටය. රටේත් මහජනතාවගේත් සුබසිද්ධිය අරමුණු කොට ගෙන රට තුළ නිර්මාණය වී තිබූ අරාජික තත්ත්වය අවසන් කිරීම පිණිස සාකච්ඡා මාර්ගයෙන් තීරණයකට එළඹීමට සියලු නායකයන් හට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය නොගෙන නීතිය මගින් විසඳීමට ඉඩ හැරීම නිසා ඔවුන්ගේ ආත්මාර්ථකාමීත්වය ම ප්‍රදර්ශනය කළහ. අනෙක් අතට ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ සියලු ප්‍රශ්න අධිකරණය මගින් තීන්දු කිරීමට ඉඩ හැරීම දැලි පිහියෙන් කිරි කෑම වැනි තත්ත්වයක් දක්වා දිව යෑමට ඇති ශක්‍යතාව ද ප්‍රතික්ෂේප කළ නොහැක. දරුවකුගේ හිමිකම වැදූ මවට දිය යුතු ද නැත හොත් හැදූ මවට දිය යුතු ද යන උභතෝකෝටික නීති ප්‍රශ්නය සොලමන් රජතුමාට විසඳීමට සිදු වූ අවස්ථාවේ එම දරුවා දෙපළු කොට ඔවුන් දෙදෙනාට බාර දෙන ලෙස නියම කළේය. එහි දී එක් මවක් හිමිකම් පෑම අතහැර දැමූ අතර එම තැනැත්තියට දරුවා බාර දෙන ලෙසට රජු අණ කළේය. එම ප්‍රස්තූතය පදනම් කරගෙන පසු කාලීනව ජර්මන් සාහිත්‍යධර බර්ටෝල් බ්‍රෙෂ්ට් (Bertolt Brecht) ‘‘ද කොකේෂියන් චෝක් සර්කල්’’ (The Caucasion Chalk Circle) නාට්‍ය නිර්මාණය කළ අතර ප්‍රවීණ සාහිත්‍යධර හෙන්රි ජයසේනයන් එය හුණු වටයේ කථාව නමැති ශ්‍රේෂ්ඨ නාට්‍ය නිර්මාණය සිංහලෙන් ඉදිරිපත් කළේය.

මයිකල් නම් දරුවා හුණු වටය මැද සිටුවා ඔහු වැදූ මවට සහ හැදූ මවට දරුවාගේ දෑතින් ඇද ඉන් ජය ගන්නා තැනැත්තියට හිමි කම ලබා දීමට නියම කළේය. එහි දී ඔහුගේ වැදූ මව වන නතාලියා ඔහුගේ එක් අතකින් අදිද්දී හැදූ මව වන ගෲෂා ඔහුව අත හැර දැමුවේ ඔහුට හානියක් වේ යැයි යන බිය නිසාය. අෂ්ඩෙක් විනිශ්චයකරු එහිදී නීතිය පසිඳලීමෙන් ඔබ්බට ගොස් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අනුගත වෙමින් දරුවාගේ හිමිකම ගෘාෂාට ලබා දෙන ලදී. ඉන් සමාජයට දුන් පණිවිඩය නම් පොතේ නීතියට උඩින් යුක්ති ධර්මය ක්‍රියාත්මක වීමේ වැදගත්කමයි. පසුගියදා ශ්‍රී ලංකාව තුළ පැවති දේශපාලන අර්බුදය තුළ ද දක්නට ලැබුණේ නූතන හුණු වටයේ පුවතයි. පාර්ශ්ව ගණනාවක් දෙකට බෙදී සහභාගී වූ කඹ ඇදීමේ තරගයෙන් කවුරුන් දිනාවි ද යන්න ජනතාව නොඉවසිලිමත්ව බලා සිටියහ. එහෙත් එය දෙපාර්ශ්වයටම ළඟා කර ගත නොහැකි ජයග්‍රහණයක් වූ විට දෑස් බැඳ ගත් යුක්තියේ දෙවඟන අත ඇති කඩුවෙන් කඹය කපා දැමුවාය. දෙපාර්ශ්වයම කඹය ඇදි වේගයෙන්ම පසු පසට ගොස් පස්ස බිම ඇණ ගෙන බිම ඇද වැටුණි. එහිදී දෙපාර්ශ්වයම නතාලියාගේ චරිතයට පණ පෙවූ නමුත් ගෲෂා කෙනෙකු නොසිටියාය. සත්‍ය ලෙසින් රටට ආදරය කෙරුවේ කවුරුන්ද යන්න හඳුනා ගැනීම පිණිස ජනතාවට එය හොඳ අවස්ථාවක් වූ බවට සැකයක් නැත.
නීතිය සෑම විටම ජනතාවගේ හිත සුව පිණිසම නොපවතින නමුත් යුක්තිය සෑම විටකම ජනතාවගේ හිත සුව පිණිසම පවතී. අධිකරණය වෙත පැවරී ඇති පරම වගකීම වන්නේ නීතිය පදනම්ව යුක්තිය ඉටු කිරීමය. පසුගියදා මෙරට ඇති වූ දේශපාලන අර්බුදය වූයේ විධායකයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා නිකුත් කළ විධාන ව්‍යවස්ථාදායකය විසින් ප්‍රතික්ෂේප කිරීම සහ ව්‍යස්ථාදායකය විසින් ගන්නා ලද තීරණ විධායකය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හටගත් අර්බුදයකි. එවැනි තත්ත්වයක් ඇති වූ විට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඇන සිටින (constitutional deadlock) තත්ත්වයක් ඇති වේ. එවන් අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ අධිකරණය විසින් අවශ්‍යතා වේ මූලධර්මය (doctrine of necessity) නම් වූ නීති ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය ජනතාවට ලබා දේ. ඊට හේතුව ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය වෙත තැන්පත් කර ඇති ජනතා පරමාධිපත්‍යයේ සැබෑ අයිතිකරුවන් පාලකයන් නොව පාලනය පත් කිරීමේ බලය ලත් ජනතාව නිසාය. එම බලය යටපත් කරමින් යම් අධිකරණ තීන්දුවක් ලබා දුන්නේ වුවද ඒ මත යා හැකි දුර ඉතා සීමිත එකක් බව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඉතිහාසය මැනවින් ප්‍රකාශ කොට ඇත.

ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ඉතා දුර ගමනක් යෑමේ අභිමතාර්ථයෙන් පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව හෙවත් යහ පාලන ආණ්ඩුවේ දෙදරා යෑම මුලින්ම ආරම්භ වූයේ මහ බැංකු බැඳුම්කර වංචාව හෙළිදරව් වීමත් සමගය. දෙවනුව දෙමළ ඩයස්පෝරාවේ සහ බටහිර රාජ්‍යවල න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රීලංකාවේ යුද විරුවන් දඩයම් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකා ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දැක්වීමයි. තුන්වැනුව හම්බන්තොට වරාය චීනයට පැවරීම රටේ ස්වාධීපත්‍යයට මෙන්ම කලාපයේ ආරක්ෂාවට බලවත් බාධාවක් බව පැහැදිලිය. හම්බන්තොට වරාය චීනයට ලබා දුන් නිසාම ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ගැලවිල්ලක් ලැබෙන්නේ නැත. මත්තල ගුවන් තොටුපොළ, කොළඹ නැගෙනහිර වරාය පර්යන්තය සහ ත්‍රිකුණාමලය වරාය ඩැහැ ගැනීමට ඉන්දියාව කැසකවමින් සිටින බව නොරහසකි. ඉහත කී සිදුවීම් සියල්ල විධායක ජනාධිපතිගේ දැනුමකින් තොරව හෝ පාලනයකින් තොරව සිදුවීම යහපාලන ආණ්ඩුව පුපුරා යාමට බලපෑ කාල බෝම්බ ලෙස ක්‍රියාත්මක විය.

දූෂිතයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ඉදිරිපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධනය සම්මත කිරීම ආණ්ඩුව විසින් හිතාමතා වැළැක්වූ බවට ජනාධිපති විසින් චෝදනා කරනලදී. රටට මහත් අගතියක් ඇති කරමින් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව ද ඔහු කනස්සල්ලට පත්ව ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ අධිකරණ තීන්දුවල බලපෑම නිසාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත්කිරීම ගැන ජනාධිපතිට විකල්පයක් නොවීය. එම තනතුර බාර දීමේදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා අභිමුඛයෙහි සිට සිදු කළ බරපතළ චෝදනා ඉදිරියේ අගමැතිධුරය කොතෙක් දුරට හෑල්ලුවට ලක් වූයේද යන්න රටේ ජනතාවට දැක බලාගත හැකි විය.

අනෙක් අතට පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය බලා සිටි රටවැසියන්ට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති වූ පිළිකුල තවත් දශක ගණනාවක් යන තෙක් එලෙසම පවතිනු ඇත. ජාත්‍යන්තරය තුළ රට පිළිබඳව ඇති වූ මතය ගැන කුමන කථාද? මෙවන් වූ මහජන නියෝජිතයන් කණ්ඩායම් වලට එකට එකතුවී මහජනයාගේ අයිතිය සුරක්ෂිත කළ හැකි ක්‍රමවේදයක් සඳහා අනුගත වීමට නොහැකි වන විට මහජනයාගේ අයිතිය සුරක්ෂිත කළ හැකි ක්‍රමවේදයක් සඳහා අනුගතවීමට නොහැකි වන විට රටේ ජනතාවගේ ප්‍රශ්න ඔවුන් කෙසේ නම්, කවදා විසඳාවි ද යන ප්‍රශ්නය ජනතාව අභිමුඛයෙහි ඇති ප්‍රශ්නය බවට පත්වී ඇත.

නොයෙකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ සිටින්නේ මහජනයා විසින් තෝරා පත්කරගත්  මිනිසුන් සහ ගැහැනුන්ය. ඔවුන් තුළින් පිළිඹිඹු වන්නේ මේ ජන සමාජයම බව අමතක නොකළ යුතුය. අගෝචර පැවැත්මෙන් යුත් නොසරුප් දොඩන්නන් තෝරාපත්කර එවන්නේ මෙරට ජනතාව මිස පිටරැටියෝ නොෙවති. ජනමාධ්‍ය මෙන්ම ජනතාවද ඔවුන්ව නිරන්තරයෙන් දෝෂ දර්ශනයට ලක් කළත් එය ජනතාවගේ තේරීමය.

පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස යමෙකු තෝරා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය රටට අවශ්‍ය ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීමය. ඒ සඳහා අවශ්‍ය උගත්කම, බුද්ධිමත් භාවය, පරිණතභාවය, සංවරකම, දේශහිතෛශීභාවය අත්‍යවශ්‍ය කරුණු බව ඡන්ද දායකයා නොදන්නා කරුණු නොවේ. අද ඡන්දදායකයන් වැදගත් ලෙස සැලකිල්ලට භාජනය කරන කරණා මොනවාද?

විමධ්‍යගත මුදලින් ගමේ පාරට තාර දැමුවාද? ලයිට් කණු හිටැවූවාද? මළගමට, මඟුලට කොටහළු උත්සවයට, බණට, පිරිතට, දානෙට ආවාද? ඡන්ද කාලයේ කාන්තා පක්ෂයට වියළි සලාක බෙදුවාද? පිරිමි පාර්ශ්වයට මත් වතුර බෙදුවාද? ළමයින්ට පාසල් පොත් බෙදුවාද? වෙසක් තොරණට, පොසොන් දන්සැලට, අවුරුදු උත්සවයට, සංගීත සංදර්ශනයට කොතරම් මුදල් ආධාර දුන්නාද? ගංවතුරට, නියගයට හසු වුවන්ට ආධාර බෙදුවාද? පන්සලට දහම් පාසලට මුදල් ආධාර බෙදුවාද? මහජන ඡන්ද අපේක්ෂකයකු හෝ නියෝජිතයකු එසේ ජනතාවට උපකාර කළත් ඔහුට රැකියාවකින් හෝ ව්‍යාපාරයකින් හෝ විශාල ආදායමක් නොමැති නම් එසේ බෙදනු ලබන්නේ අල්ලස්, කොමිස්, කප්පම් යනාදී ක්‍රමයට ලබාත් මුදලින් බව ජනතාව නොදන්නා කාරණාවක් නම් නොවේ. කෙසෙල් ගෙඩියක් පවා නම අලවා අසරණයන්ට බෙදා දෙන මහජන නියෝජිතයා එසේ කරනුයේ ඡන්ද ගැනීමේදී කෙහෙල් ගෙඩිය වෙනුවෙන්ද ඡන්දයක් දීමට තරම් නිවට ඡන්දදායකයන් සිටින බව දන්නා නිසාවෙන් නොවේද? වර්තමානයේ ජාතික දේශපාලනයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතරත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අතරත් වෙනසක් ජනතාව නොදකී.

රටේ සුප්‍රසිද්ධ පන්සලක නායක හිමිනමක් වරක් මට පැවැසූ කාරණයක් ද මෙහිදී සිහිපත් කරනු වටී. ‘අපේ ප්‍රශ්න ගැන මම අහවල් ඇමැතිතුමාට කිව්වා විතරයි එතුමා රුපියල් ලක්ෂ ගණනාවක් වියදම් කරලා ඉතා ඕනෑකමින් අපට මේ වැඩේ කරලා දුන්නා. මිනිස්සු නම් කියන්නෙ මිනිහ ළඟ තියෙන්නේ කුඩු විකුණල ගත්ත සල්ලි කියලා. අපිට ඒක අදාළ නැහැනේ. අපේ වැඩේ කරලා දුන්න නේ.’

මෙවන් වූ දේශපාලන සංස්කෘතියක් පවතින රටක මහජන නියෝජිතයකු ලෙස තේරීපත්වීම පිණිස උගත්, බුද්ධිමත් කුසලතාවලින් පිරුණු වෘත්තිකයකු ඉදිරිපත් වීම ඉබ්බාගෙන් පිහාටු ගැනීමක් බවට පත්වී ඇත. දේශපාලනඥයාට එරෙහිව සමාජය තුළ පවතින වෛරයට පාත්‍ර වීමට ඔවුන් සූදානම් නැත. මාධ්‍යයෙන් හංවඩු ගසා ඇති මගෝඩිස් කෙනෙකු වීමටද ඔවුන්ට වුවමනාවක් නැත. ඉතා ඉහළ ආදායම් ඇති වෘත්තිකයන් සොච්චම් වැටුපකට මෙම මඩ වගුරට පැනීමටද සූදානම් නැත. ඉහත කී පරිදි ජනතාව බලාපොරොත්තු වන ආකාරයට උදව් උපකාර කිරීම සඳහා මහජන මුදල් සොරකම් කිරීමට හෝ ජාවාරම්කරුවන්ගේ සහ පාතාලයන්ගේ මුදල් ගැනීමටද ඔවුන් සූදානම් නැත. එමෙන්ම ඒකාධිපතින් ලෙසින් කටයුතු කරන පක්ෂ නායකයන් යටතේ ඔවුන්ගේ විධාන පිළිගනිමින් සංඥා කණු මෙන් නායකයාගේ දුරස්ථ පාලනය මගින් පාලනය වීමට ද ඔවුන් සූදානම් නැත.

අනෙක් අතට එවැනි වෘත්තිකයන් ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයන්ටද කිසිදු කැමැත්තක් නැත. එය සාධාරණීය කළ හැකි කාරණා ද නැතිව නොවේ. එවැනි වෘත්තීය මට්ටමින් ඉහළ අයෙකු ඉදිරිපත් කළත් ජනතාව ඔහුට ඡන්දය ලබා නොදෙන බව නායකයෝ දනිති. එවන් වූ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් තුළ කවර ආකාරයක යහපාලනයක් බලාපොරොත්තු වන්නේද?