IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම වූ ඉන්දිරාජා

 

 

චමිල් රූපසිංහ

 

මහනුවර ‍ඓතිහාසික දළදා මාළිගාවේ ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩිම වාර සංඛ්‍යාවක් වැඩම වීමේ භාග්‍ය දළඳා මාළිගාවේ ඇත් පන්තියේ ‘ඉන්දිරාජා’ට පැවරෙන බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

මෙම ඇතු දළදා වහන්සේ වැඩමවීමට අවශ්‍ය මනා ශරීර සෞඛ්‍යකින් හා මනා පෞරුෂත්වයකින් සිටීම හේතුවෙන් මෙම අවස්ථාව ලද බව ද, 2009 වසරේදී දළදා කරඬුව වැඩමවීම සඳහා දළ ඇතුන් හිඟ අවස්ථාවලදී හා පුරුදු දළ ඇතෙකු නොමැති අවස්ථාවේදී පෙරහරේ දින 10 තුළදීම මෙම ඉන්දිරාජා කරඬුව වැඩම වූ බව ද නිලමේවරයා පැවසීය.

දළදා මාළිගාවේ රාජා ඇතාට පසු වසර 20 ට අධික කාලයක් ඇසළ පෙරහරේ දළඳා කරඬුව වැඩමවන ඉන්දිරාජාට විශේෂ ස්ථානයක් හිමිවන බව දළදා මාළිගාවේ ඇත් පංතිය භාර ‍වෛද්‍යාචාර්ය මියෙනපලාව මහතා ද පවසයි.

එම්.පී. ඇහැළමල්පේ මහතාගෙන් පසුව දළදා කරඬුව වැඩමවන හස්ති රාජයන් සැරසීමේ කටයුත්තේ යෙදී සිටින්නේ ඔහුගේ පුත් ඇහැළමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර මහතාය. පරම්පරාවෙන් උරුමවූත් රාජ නියෝගයෙන් ලද්දාවූත් මෙම රාජකාරිය ඔහු වසර 45ක පමණ කාලයක් පුරා ඉටුකරමින් සිටී. 1974 දී දළදා පෙරහර සඳහා රාජා ඇතු සැරසුවේ ද ඇහැළමල්පේ මහතාය. එතුමාගේ අදහස වන්නේ ද රාජා ඇතුට පසු දළදා මාළිගාවේ කරඬුව වැඩමවීමේ එක ම සුදුස්සා ඉන්දිරාජා ඇතු බවයි.

“මගේ පියා වන එම්. පී. ඇහැළමල්පේ මහතා 1974 මිය යෑමෙන් පසු මෙම රාජකාරිය මම භාරගන්නා විට මට වයස අවුරුදු 18 ක්. තාත්තා පෙරහරට ඇත්තු සරසවද්දී මාත් උදව් කරලා පුරුදු වුණා. ඊට පස්සෙ රාජකාරිය භාර ගන්න ඉන්න කෙනා ඇතාව අන්දන්න එකතු කර ගන්නවා. මගේ පුතා අනුෂ්ක බණ්ඩාර ඇහැළමල්පේ මේ වන විට ඇතුන් සරසවන්න එකතු වී සිටිනවා”

ඉන්දිරාජා මේ වන විට අවුරුදු 20 ක් දළදා  කරඬුව වැඩමවා ඇති බවත්, 2009 වසරේදී පෙරහරවල් 10 ක් සඳහා කරඬුව වැඩම වූ බවත් ඔහු පවසයි.

2014 වසරේ කොටුගොඩැල්ල වීදිය කෙළවරේ  දෑලේ ඇතෙකු විසින්  ඉන්දිරාජාට පහර දෙන ලදී. ඉන්දිරාජා බියසුළු සත්ත්වයෙක් නොවෙතත්, ඇතු පිට කරඬුව තිබූ හෙයින් දෑලේ ඇතුන්ගේ පහරවල් ඉවසමින් ඔවුන් නොමැතිව ම කරඬුව වැඩමවාගෙන දළදා මාළිගාවට පැමිණ ඇත. කරඬුව වැඩමවීම නැමැති උතුම් කාර්යයට කැප වී සිටින ඉන්දිරාජා ඇතු තමා සරසවන අවස්ථාවේදී ඉන්පසුව කළ යුතු කටයුත්ත පිළිබඳව ද සවිඥානිකව සිටින බව බණ්ඩාර මහතා පැවසීය.

දළදා පෙරරේ අඩසියවසක් අඛණ්ඩව සධාතුක කරඬුව වැඩම වූ රාජා බෞද්ධ ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වූ ඇතෙකි. එවන් භාග්‍යයක් ලද හස්තිරාජයෙකු පිළිබඳව දළදා පෙරහර ඉතිහාසය තුළ ම අසන්නට ලැබී නැත. මේ වන විට එම තත්ත්වයට ඉන්දිරාජා ද ළඟාවෙමින් සිටී.

රාජා ඇතුගේ පටන්‍ කන්දා, ජයරාජා, රත්නපුර සමන් දේවාලයේ ඇතා, ගංගාරාමේ දළ පූට්ටුවා, මිල්ලන්ගොඩ ලොකු ඇතා, මිල්ලන්ගොඩ පොඩි ඇතා, ඉන්දිරාජා, සිංහරාජා, තායිරාජා, මිගාර, ඒක දන්තයා, කතරගම වාසනා, නඳුන්ගමුවේ රාජා යනාදී ඇත්තුන්ව තමන් සරසා ඇති බවත් මින් සමහර ඇතුන් මේ වනවිට මිය ගොස් ඇති බව ද හෙතෙම පැවැසීය.

සධාතුක කරඬුව වැඩම කරන ඇතා හොඳින් වැඩුණු ඉහ කර ඔසවා තේජසට ගමන් කරන කෙනෙක් විය යුතුය. වම් දළය දකුණු දළයට වඩා මදක් ඉහළින් පිහිටලා ඇත්නම් එය මංගල සලකුණකි. පාද සමඟ හොඬය, වලිගය හා ලිංගය පොළොව ස්පර්ශ වීමත් මංගල සළකුණුය. මේ සළකුණු සියල්ලම මාළිගාවේ රාජා ඇතු සතු විය.

රන් හා රිදී අලේප කර ඇති රන්සිවිගේ කිලෝ 200 ක් පමණ ද, වත පුටුව කිලෝ 50 ක් පමණ ද, ඇතුට අන්දවන ඇඳුම් කට්ටලේ බර කිලෝ 50 ක් පමණ ද, රන්සිවිගේ හා ඇතුගේ ඇඳුමේ දැල්වෙන බල්බ හා  විදුලිය සපයන ලොකු බැටරි 04 ක් සඳහා කිලෝ 100 ක් පමණ ද බර ප්‍රමාණ දරයි.

එබැවින් මේ සියල්ල මැනවින් තැන්පත් කිරීමට කරඬුව වැඩම කරන ඇතුට පැතලි පිටක් තිබීම අවශ්‍ය වේ. රාජා ඇතුට පැවති ඒ සියලු සුදුසුකම් වත්මනෙහි දරන්නේ ඉන්දිරාජාය. නඳුන්ගමුවේ රාජාගේ  උස වැඩි අතර කරඬුව බැඳීම සඳහා දැඩි වෙහෙසක් දැරිය  යුතුවේ.

ඇතාගේ ශරීරය පමණට වඩා විශාල වුවහොත් පෙරහරේ ගමන් කරන විට හිරි ඇරීමේ දී රන්සිවිගේ ඇද වීමට ඉඩ තිබේ. ඉන්දිරාජා මෙම කාර්යය සඳහා හොඳින් පුහුණුව ලද්දෙකි. රාජා ඇතු පාවඩය එළනතුරු කරඬුව වඩමවා ගෙන ඉස්සරහට නොයන බව ද, පාවඩය එළීම පමා වුවහොත් පය ඔසවාගෙන සිටිනා බව ද, එලෙසින් ම ඉන්දිරාජා සිටින බව ද එතුමා පවසයි.



අදහස් (8)

වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම වූ ඉන්දිරාජා

ලුම්බිණි Tuesday, 28 August 2018 04:28 AM

එකම දුක දම්වැල් වලට මේ ඇතාගේ පාද තුවාල වී තිබීමයි.

:       30       315

upali Tuesday, 28 August 2018 01:20 PM

මොන ඇතා උනත් ඔවුනට මද කිපෙන කාලයක් ඇති නිසා එම කාලයට දම්වැල් නොදා බැරිය. එබැවින් ඕනෑම අලියෙකුගේ/ ඇතෙකුගේ ඔවැනි තුවාල කැළැල් තියෙන්ට පුළුවන්

:       268       274

Perera Wednesday, 29 August 2018 11:53 PM

දහස් සංඛ්‍යාත සුනඛයින් දිනපතා බැද දමා සිටී. කිසිවෙකු කිසිවක් නොකියයි.

:       68       72

Siri Thursday, 30 August 2018 04:11 AM

එතකොට මේ සැරේ මහපෙරහැරේ ගියේ නැදුන්ගමුවේ නොවේද ?

:       77       3

Sam Friday, 31 August 2018 03:04 PM

කොච්චර බැන්නත් එකටත් ඉන්දියාවෙන්ම ගේන්න උනා.

:       1       29

V.warnakulasuriya Sunday, 02 September 2018 10:06 PM

අපේ රටේ සිංහල බෞද්ධයන්ගේ සත්ව කරුණාව මහා පුදුම එකකි. මිනිසුන්ට ධර්මයේ හැසිරීමට සත්ත්ව හිංසාව අවශ්‍ය වන්නේද? පන්සල් නිසා අලිඇතුන් හිංසාවට ලක් නොවන්නේ යයි කෙනෙක් කියන්නේ නම් ඔහුට කිසිම ධර්මයක් නොමැති අයෙක් වියයුතුය. කැලේ ජිවත් වියයුතු සතා වර්ග අඩි කිහිපයකට කොටුවී කරුමයක් ගෙවීමෙන් කැලේ ඉන්න අනෙක් අලිඇතුන් නිවන් යන බව මිනිසුන් සිතන්නේද?ඇතා ගැන මහා උජාරුවෙන් කතා කරන අපිටත් ජිවිත කාලයම දම්වැලකින් ගැට ගසා ජීවිතය ගෙවන්නට වුයේ නම් කෙසේද?

:       69       53

leelananda Tuesday, 04 September 2018 04:57 AM

සත්ත්ව කරුණාව ප්‍රස්නයක් කරගත යුතු නැත ..එහෙත් වනාන්තරයේ ජීවත් වෙන සතෙකු විසින් උතුම් දළදා පෙරහෙරට මෙසේ සහභාගි වීමට පින්කර තිබීමය දහස් ගණන් අලි එතුන් සිටින වනාන්තරයක මෙවෙනි උතුම් අවස්ථාවකට සහභාගි වීමට මෙම ඇතා පෙර ආත්මයක විසල කුසල කර්මයක් කර ඇත රාජකාරිය අවසන්ව තම නිවහනට ගමන් කරන විට මග දෙපස ජනතාවගෙන් පිදුම් ලබන විට මිනිසුන් වන අපට ඉගෙනගන්නට බොහෝ දේ ඇත.....

:       66       91

මහින්ද Monday, 10 September 2018 09:46 AM

මේ ඇතා තරමක් කලබලකාරී ඇතෙක්... නැදුන්ගමුවේ ඇතාට තරම් ඉවසීමක්, පින්වන්ත, තේජාන්විත පෙනුමක් ඇත්තේ නැහැ. මීට දින කිහිපයකට පෙරත් සාමාන්‍ය පෙරහැරකදී මේ ඉන්දිරාජා ඇතා කුලප්පු වෙලා කලබලයක් වුණා...

:       17       55

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 259 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 64 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 608 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 295 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 116 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 335 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site