IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


චීනයේ විස්මිත පාලම

‘ආසියාවේ ප‍්‍රබලයා වන චීනය, ඇමෙරිකාවට අභියෝග කරමින් ලෝක බලවතා වන දිනය වැඩි ඈතක නොවෙයි.’ ජගත් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස එයයි. කොරෝනා ජරමර මැද, ලොවට තම හපන්කම් පෙන්වමින් චීනය හඳෙන් පස් සාම්පල රැගෙන ඒමට රොබෝ යානයක් ද යැවීය. ඒ අනුව, ඇමෙරිකාව සහ සෝවියට් දේශයට පසු හඳෙන් පස් රැගෙන එන තෙවැනි රට වනු ඇත්තේ චීනයයි.

ශ්‍රී ලංකාවේ අපට නම් චීනය කිසිසේත් ආගන්තුක නොවෙයි. අප පමණක් නොව, ලොව බොහෝ රටවල, ඇමෙරිකාවේ පවා, ‘මේඩ් ඉන් චයිනා’ චීන නිෂ්පාදන බහුලය.

වොෂින්ටන් අගනුවරට ගොස්, සිහිවටන ලෙස, ධවල මන්දිරයේ හෝ කැපිටල්හිල් ගොඩනැගිල්ලේ කුඩා ස්මාරකයක් මිලදී ගත්තොත්, එහිද ඇසට පෙනෙන නොපෙනන අයුරින් ‘මේඩ් ඉන් චයිනා’ යනුවෙන් සඳහන් වෙයි.

ඉන්ජිනේරු විස්කම් සඳහා ප‍්‍රකට ආසියාවේ බලවතා ජපානය වුවත්, මේ වනවිට ජපානයට නොදෙවැනි ලෙස චීනය ඉදිරියට පැමිණ අවසන්ය. චීන ඉන්ජිනේරුවන්ගේ බලමහිමය කියාපාන පාලම් රැසක් චීනයේ දකින්න ලැබේ. ‘අසිහායි එල්ලෙන පාලම’ එයින් එකකි. මෙම පාලම ඉදිකර ඇත්තේ කඳුකර ප‍්‍රදේශයකට ඉහළින් කඳු අතරේය.

චීනයේ හුනාන් පළාතේ, ජිෂෝ කඳුකරයේ ඉදිකළ අසිහායි පාලම අයත් වන්නේ, ‘ජී 65 බෝටෝ’ සහ ‘මැයෝමිංග්’ අධිවේගී මාර්ගයටය. නිරිතදිග චීනයේ ෂොංග්චිංග් නගරසභා බලප‍්‍රදේශය සහ ෂැංග්ෂා පළාත යා කෙරෙන්නේ මෙම පාලම හරහාය. පාලම ඉදිකර ඇත්තේ මීටර් 1,146 ක් (අඩි 3,760 ක්) ඉහළින් අහසේය. උමඟකින් උමඟකට යා වෙන, ලොව උසින්ම පිහිටි එල්ලෙන පාලම මෙයයි. මෙය වචනයේ පරිසමාප්තියෙන් ‘ගුවන් පාලම’කි.

2013 වනවිට, මෙය ලෝකයේ 13 වැනි උසම පාලම වන අතර, ලොව නව වැනි ස්ථානයේ ඇති දිගම එල්ලෙන පාලම ද වෙයි. රාත්‍රී කාලයේ මාර්ගය ආලෝකවත් කිරීමට මෙම පාලමට විදුලි බුබුළු 1,888 ක් සවි කර තිබේ. පාලම ඉදිකිරීම ඇරඹුණේ 2007 වසරේ ඔක්තෝබරයේය. ඉදිකිරීම් අවසන් වූයේ 2011 වසරේදීය. 2012 වසරේ, චීන වසන්ත උළෙල වෙනුවෙන් තාවකාලිකව පාලම විවෘත කෙරුණත්, එය නිල වශයෙන් විවෘත වූයේ 2012 මාර්තු මාසයේය.

පාලම ඉදි කිරීමට චීනයට ණයක් ලබාගැනීමට සිදුවිය. ඒ, ආසියානු සංවර්ධන බැංකුවෙනි. එම ණය මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 208 කි. පාලම ඉදිකිරීම සඳහා වැය වුණු සම්පූර්ණ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 610 කි. අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 64 ක් ඉදි කිරීමට ද එම මුදල වැය කෙරුණු බව පැවැසෙයි. පාලම සහ අධිවේගී මාර්ගය භාවිතයට ගැනීමෙන්, ජින්ෂු පළාතේ සිට ෂාඩොං පළාතට යෑමට ගත වන කාලය පැය 4 කට සීමා වෙයි.

2012 සැප්තැම්බරයේ, ‘අසිහායි එල්ලෙන පාලම’ ජාත්‍යන්තරයට ගියේය. ඒ, පාලම මත පැවැත්වුණු ජාත්‍යන්තර ‘බේස් ජම්පිං’ උළෙල හේතුවෙනි. ‘බේස් ජම්පිං’ යනු වීර වික‍්‍රමවල යෙදීමට ප්‍රිය කරන තරුණ තරුණියන් ඇදෙනසුළු රැහැනකින් (ඉලාස්ටික් බෑන්ඩ් වැනි) පාද ගැට ගසාගෙන උස් තැනක සිට පහළට පැනීමය. අසිහායි එල්ලෙන පාලම යොදා ගනිමින් පැවැත්වුණු ‘බේස් ජම්පිං’ සැණකෙළියට රටවල් 13 ක් නියෝජනය කරමින් තරුණ තරුණියන් 40 කට වැඩි දෙනකු සහභාගී වූ බව ද පැවැසෙයි.

චීනය අද ලොව සෑම අංශයකින්ම ඉදිරියෙන් සිටී. ලෝකයේ ආනයන අපනයන ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන්ම සිටින රට චීනයයි. ලොව කිසිම රටකට නොදෙවැනි අයුරින්, විදෙස් සංචිත මුදල ඇත්තේ චීනය සතුවය. ඇමෙරිකාවට වඩා දෙගුණයකින් මෝටර් රථ චීනය නිෂ්පාදනය කරයි. ඇමෙරිකාවේ ප‍්‍රධාන සමාගම් 11 ක හවුල්කරුවා වන්නේ චීනයයි. ලොව අංක එකේ රත්තරන් නිෂ්පාදකයා චීනයයි. ලොව වැඩියෙන්ම සිමෙන්ති භාවිතයට ගන්නා රට චීනයයි. ඇමෙරිකන් ඔලිම්පික් කණ්ඩායම අඳින ඇඳුම් කට්ටල පවා නිර්මාණය කරන්නේ චීනයයි. රට රටවල නත්තලට භාවිත කරන ප්ලාස්ටික් නත්තල් ගස්වලින් සියයට 80 ක් නිපදවන්නේ චීනයයි.

2001 වසරේ අල් කයිඩා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශ වී යළි ඉදිවන නිව්යෝක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ජනෙල් වීදුරු ලබා දීම කරන්නේ චීනයයි. ලෝකයේ දුර්ලභ අමුද්‍රව්‍යවලින් සියයට 90 ක් නිෂ්පාදනය කරන රට වන්නේ ද චීනයයි. ඇමෙරිකාවට වඩා 6 ගුණයකින් ගල් අඟුරු සහ 11 ගුණයකින් වානේ නිෂ්පාදනය කරන්නේ චීනයයි. ලොව වැඩිම බලශක්ති පාරිභෝගිකයා චීනයයි. ලොව ප‍්‍රමුඛ පෙළේ සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදකයා චීනයයි.

අනාගතයේ දිනෙක, චීනය ඇමෙරිකාව පරදා ලෝක බලවතා වනු නිසැකය. වත්මත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පමණක් නොව, ඇමෙරිකාවේ නව ජනාධිපති වීමට නියමිත ජෝ බයිඩන් ද ඒ බව අවබෝධ කරගෙන අවසන්ය. ට‍්‍රම්ප් මෙන්ම, බයිඩන් ද චීනයට කිසිදු බුරුලක් ලබා නොදීමට තීරණය කර ඇත්තේ එහෙයිනි. 2016 වසරේ දී ඩොනල්ඩ් ට‍්‍රම්ප් බලයට පත් වූයේ ද, චීනය ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා උදුරා ගැනීමට විරෝධය පළ කරමිනි. පසුගිය 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කර, ජනපති ධුරයට තේරී පත් වුණු ජෝ බයිඩන් ද ට‍්‍රම්ප්ටත් වඩා චීනය සම්බන්ධයෙන් දළදඬු ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමට සූදානම් වෙයි. අනාගතයේ දිනෙක  ඇමෙරිකානුවන් මිලියන ගණනින් චීන සමාගම්වල රැකියාව කරනු ඇත.

චීන පුවත් සේවා ඇසුරිනි

(*** ලුසිත ජයමාන්න)



අදහස් (11)

චීනයේ විස්මිත පාලම

janahotha UAE Wednesday, 25 November 2020 09:15 AM

අපි චීනය ගැන කතා කරමු... අපේ රටේ මොකද වෙන්නේ? ජනතාව කම්මැලි වී සිටිනවා. දරිද්‍රතාවය නිසා දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් වෙලා ලංකාවේ මෙන් චීන තරුණයන්ට ත්‍රීවීල් එළවීමට ඉඩ නැහැ. අඩුම තරමින් මුදලට මෝටර් සයිකල්වත් මගී ප්‍රවාහනයට ඉඩ නැහැ. චීනයේ වැඩකර ඇති මා දුටු අත්දැකීමක් ... එල්ලෙන පාලම හොංකොං දිවයිනට නිෂ්පාදනය කළේ චීනයේ සිට රාජ්‍ය නිලධාරීන්ට වංචනික ක්‍රියා තහනම්.. දිනකින් දෙකකින් නඩු අසා මරණ දඬුවම ප්‍රසිද්ධියේ ලැබෙනවා. අපේ රටේ එකිනෙකා ආරක්ෂා කරනවා. මේ දූෂිත දේශපාලනය අවසන් වෙන තෙක් මේ රට ගොඩගන්න බැහැ.

:       2       46

Raani Bulathwela Wednesday, 25 November 2020 10:40 AM

චීනය ණය ගන්නේ ADB එකෙන්. අපි ණය ගන්නේ චීනෙන්. අනේ මන්ද ඔලුවත් රිදෙනව මේවා කල්පනා කරලා

:       4       27

විජිත් Wednesday, 25 November 2020 11:06 AM

මේ සටහනේ සඳහන් සියලුදේම ආදරයෙන් පිළිගන්නවා. නමුත් මෙය නොකීවොත් මේ සටහනේ සමබරතාව නැතිවේවි... කූඩුවක් තුල ඉපදුණු කුරුල්ලෙක් කිසිම දවසක බාහිර පරිසරයේ ඇති නිදහස අත්විඳින්නේ නැහැ. කොටින්ම කිව්වොත් අත්තටුසලා පියඹා යන්න දන්නේ නැහැ. ඒ සතාට නිදහස යන්න සිහිනයක්වත් නොවේ. මොකද ඒ සිහිනයවත් අත්විඳලා නැහැ. බහුතරයක් චීන ජනතාව දිනකට පැය 14ක් රැකියාව කරන බව අද මුළු ලෝකයම දන්නා කරුණක්. එහි තිබෙන්නේ වහල් සේවයක්. වැඩකළ යුතුයි. නැත්නම්.. ඒ වගේම අධික මහන්සිය නිසා මිය යන චීන ජනතාව ගැන කිසිම කෙනෙක් ඒ රටේ කතාකරන්නේ නැහැ. කතාකළොත් ඔහුව නිහඬ කරනවා. මගේ පුද්ගලික මතය චීනයේ ජනතාවගේ නිදහස් සටන දැනටමත් හොංකොං වලින් පටන් අරගෙන තියෙන්නේ. 21 වෙනි සියවසේ දෙවෙනි කොටසේ සිටින ලෝකයේ චීනය වැනි නිලධාරිවාදී රටක් තව කොපමණ දුර යාවිද කියා තීරණය කරන්නේ නිදහස යන්න උපරිමයෙන් විඳින ඇමෙරිකාව සහ බටහිර රටවල් විසිනුයි. ඒ අරගලයේදී ලංකාව වැනි චීනාගේ නය උගුලට අසුවුණු දුප්පත් (දේශපාලුවන් විසින් දුප්පත් කරනලද) රටවල ස්ථාවරය කුමක් වේවිද...? කොටින්ම අපි පරිහරණය කරන චීන භාණ්ඩවල ඇත්තටම තිබෙන්නේ දුප්පත් චීන ජනතාවගේ කඳුළු, දහදිය, ලේ සමග ඔවුන්ගේ සෝ සුසුම්...

:       8       43

පූජා Wednesday, 25 November 2020 11:48 AM

සඳ මතුපිට සිට මීටර් දෙකක් යටින් ඇති පාෂාණ කිලෝග්‍රෑම් දෙකක් සහ වෙනත් සුන්බුන් රැගෙන එන්නටත් මෙයාලා හඳට ගියානේ. ඒ පරීක්ෂන වාර්ථාවන්ගෙනුත් මෙයාලා විස්මිත දේවල් හොයාගනී මම හිතන විදිහට...

:       4       40

Rathnaveera kumarage Thursday, 26 November 2020 12:13 AM

ඔව් පූජා.. චීන්නු කොණ්ඩෙ බැන්දේ ඒ කාලේ... චීනයේ ජනගහනය වැඩි හින්දා හඳේ ගෙවල් හදලා මිනිස්සුන්වත් පදිංචි කරයි. අනාගතයේ චීනය බලවත්ම රාජ්‍යය වෙන එක කාටවත්ම නවත්වන්න බැරිවෙයි.

:       2       26

nimal Wednesday, 25 November 2020 05:54 PM

හමුදා කඳවුර පිහිටි ඉඩම චීනාට දුන්නා වගේ ලංකාවත් චීනාට දෙමු 99 බද්දට දෙන්නේ එජාපය රාජපක්ෂලාගේ රජය දෙන්නේ චීනයට සින්න වෙන්නම. සම්පූර්ණ අයිතිය චීනාට...

:       2       12

Bunkunndaa Wednesday, 25 November 2020 08:17 PM

චීනය ලෝකයේ සාපය හා විනාශය වන දිනය වැඩිදුර නැත.

:       5       14

NM Friday, 27 November 2020 01:40 AM

චීනය ප්‍රජාතන්ත්‍රවාදීව වට්ටන්න අපහසු නැත. චීනය බලවත්ව සිටින්නේ ජනගහනයෙන් පමණි. ලෝකයේ බලවත් රටවල් චීනයෙන් ඉම්පෝර්ට් කරන්නාවූ සියලු නිෂ්පාදන මාසයක් නතර කළහොත් සහ වෙළඳ ගිවිසුම් නතර කළහොත් චීනයට සිදුවන්නේ කුමක්ද? චීන රජයට විරුද්ධව කිසිඳු ජනතා අරගලයක් (පාසල් සිසුන් නොව Tiananmen Square 1989) වැඩකරන ජනතාවගේ අරගලයක් සිදුවනවා මෑත ඉතිහාසයේ දැක තිබේද? එසේ සිදුකිරීමට අවස්ථාවක්ද නැත. ඇමෙරිකාව මේ වනවිට ලෝකය පුරා ඔවුන්ගේ බලය තහවුරු කොට ඇත. ඇමෙරිකාව පිටුපස ලෝකයේ බලවත් රටවල් සිටියි. චීනයට ලෝකයේ මහා බලවත් වීමට ඇමෙරිකාව ඇතුළු ප්‍රජතන්ත්‍රවාදී රටවල් අකමැති සේම එ් සඳහා අවස්ථාවක්ද නැත...

:       4       11

deeeSunday, 29 November 2020 12:37 PM

කරන්න පුළුවන් ඔක්කොම කරලා තියෙන්නේ... !!! ඒත් වැටුණාද? දවල් හීන දකින්න එපා... යුද ශක්තිය අතින් වුණත් දැන් චීනෙ එක්ක හැප්පෙන්න ඇමෙරිකාව ප්‍රමාද වැඩියි.

:       0       0

kamal Friday, 27 November 2020 11:52 AM

මේ විශ්මිත දේවල් කරන ගමන් ලෝකෙටම වසංගත බෝ කරන එක තමයි නරක...

:       5       14

adb Saturday, 28 November 2020 12:39 AM

අපිට දැන් ආයතනවලින් ණය ගන්න සුදුසුකම් නැහැ. ඔවුන්ගේ කොන්දේසිවලට එකඟ වෙන්න හැකියාවක් නැහැ.

:       1       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 398 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 96 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 708 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 319 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 140 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 350 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site