IMG-LOGO

හොරිවිල වෙද පරපුරේ දස්කම්

වෙදගම හොරිවිල කැඩුම්  බිඳුම්  විශේෂඥ වෛද්‍ය  සේන බණ්ඩාර  හා ඔහුගේ පුත් ප්‍රසාද් සේනානයක මහතා හොරිවිල හේරත් හාමි වෙද පරපුරේ සාඩම්බර් උරුමකාරයෝ දෙදෙනෙකි. ප්‍රසාද් සේනානායක  උපාධිධරයෙකි. වෙදගම හා රදාවාන, වෙදගම හොරිවිල වෛද්‍ය  මධ්‍යස්ථාන අධිපති ඔහුය.

හොරිවිල මහ වෙදගෙදර රෝහල හා බෙහෙත් හල වෛද්‍ය සේන බණ්ඩාර මහතාගේ බාල සහෝදර වෛද්‍ය ශාන්ත සෙනෙවිරත්න මහතා පාලනය කරයි.

තම සීයා වන දේශිය වෙදකමේ චක්‍රවර්තී නාමය හිමිකර ගත්  හොරිවිල හේරත්හාමි  වෙද මහතාගේ මඟ යමින්  ඔහු  සුවිශේෂි  වෛද්‍ය  සේවාවක්  ඉටු කරයි.

සියලු බෙහෙත් , තෙල් බෙහෙත් වර්ග එක්රැස්  කර  නිෂ්පාදනාගාරවල නිෂ්පාදනය කරයි.

කැඩුම් බිඳුම්  වෙදකමට  අවශ්‍ය  තෙල්  බෙහෙත්  නිෂ්පාදනයේ දී  අතීතයේ පටන් ම සිරිත් විරිත්  වලට  අනුව සිදු කරයි. විශාල තටාක වැනි  තඹ හැලි වැනි  භාජන වල තෙල් සීදිමට  පෙර, උඩු වියන්  බැඳ සෙත් පිරිත්  ගායනා කර තෙල් උණු  කිරිමේ  කාර්ය දැකගත හැකිය.

සන්ධි තෛලය, කැස්ස පැණිය,හර්බල් හෙයා,කැඩුම් බිඳුම් මෙන්ම සියලුම  ශරීර ගත රෝග මුත්‍රාගල් පැණිය, ස්නායු  රෝග ක්ෂණිකව ගුණදෙන ප්‍රතිකාර, ඖෂධ වගී නිෂ්පාදනය කරයි.

කිරිඳිවැල, මාලිගාවත්ත නිවස අසල නිෂ්පාදනාගාර  පවත්වාගෙන යයි. දිළිදු හා වැඩිහිටියනට නොමිලේ ප්‍රතිකාර කරයි.

20160926_141805 20160926_141821 20160926_141832

 35 28929horiviladoctors

 

2-1

(හොරිවිල මහ වෙදගෙදර)

(වීඩියෝ - ලාල්සිරි ආරියදාස)

(වීඩියෝ - කාංචන කුමාර ආරියදාස)



අදහස් (0)

හොරිවිල වෙද පරපුරේ දස්කම්

අබරන් Monday, 26 September 2016 10:50 AM

ලංකාවේ සිටින දක්ෂතම වෙද පරපුරක්...... (ම)

:       3       2

අනු Monday, 26 September 2016 11:47 AM

මෙහි දුරකථන අංකයක් ඇත්නම් දමන්න .ගෙඩි අර්සස් වලට වෙදකම් කරනවද මෙතන (ම)

:       6       22

ලක්ෂිත පැරිසිය Tuesday, 27 September 2016 08:56 AM

අනු ශ්‍රී ලන්කන් ට්‍රැඩිෂනල් ආයුර්වේද හෝම් ..බලන්න (බ)

:       3       4

සෑම් Tuesday, 27 September 2016 09:11 AM

77 පශ්චාත් මැතිවරණ හිංසාවට ලක්වූ ප්‍රසිද්ධ තැනැත්තෙකුට බටහිර වෙදකමෙන් "කිසිදිනක ඇවිදින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ සදාකාලිකව රෝද පුටුවේ ඉන්න සිදු වෙනවා" කියා තිබියදී හොරිවිල වෙද මහතා ඒ තැනැත්තාට ඇවිදින්න පමණක් නොවෙයි කාර් එක එළවාගෙන යන්නත් පුළුවන් විදියට සුවපත් කළ බව මම පුද්ගලිකව දන්නවා. (නි)

:       0       1

කසුන් Wednesday, 28 September 2016 03:20 AM

මේ වගේ දේශීය දෙයක්වත් අගයන්න දන්නේ නැති මෝඩ මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ. මේ පෝස්ටුවට වැටිලා තියෙන අදහස් ප්‍රමාණයෙන්ම එ්ක පේනවනේ. අපරාදේ කියන්න බෑ බටහිර වෙදකමේ හෙම්බිරිස්සාවක් සනීප කළා කියල පොස්ටුවක් තිබ්බනම් බලන්න තිබ්බ මෙයාල පැනගෙන අදහස් දක්වල කළගුණ සලකන හැටි. (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 26 September 2016 03:06 PM

මගේ වම් පාදය යතුරුපැදි අනතුරකින් තුනට කැඩුණා. පාදය සුවකළේ ගරු සේන බණ්ඩා වෙද මහතාය. මේ මොහොතේ එය සිහිපත් කර‍මි. ඔබතුමාට චිරං ජයතු! (නි)

:       0       1

මධුෂංක Tuesday, 27 September 2016 10:00 AM

ඔබට තවත් විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මුහුණු පොත පිටුවට පිවිසෙන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න් \nhttps://www.facebook.com/www.Wedhagama/

:       3       0

අන්වර් Saturday, 01 October 2016 05:28 AM

මොවුන් රටටම සම්පතක් (නි)

:       0       1

සෙනරත් බණ්ඩාර-අඹගස්වැව Wednesday, 28 September 2016 11:12 AM

මට වයස අවුරුදු 8 දී පමණ පොඩි අනතුරකින් අතෙහි අස්ථි බිඳී ගියා. මගේ පියා මෙතුමන් වෙත රැගෙන ගොස් හේරත් හාමි වේද මහතා වෙත ගොස් බෙහෙත් කලෙමි. දැන් මගේ වයස අවුරුදු 30 කි. මේ වනතුරු එම අතෙහි කිසිදු වේදනාවක් ඇති වී නොමැත. එමෙන්ම ම ඉතා ගෞරවයෙන් සිහිපත් කරනුයේ කිසිදු රෝගියෙක් වෙත මුදල් අයකිරීමක් හෝ නියම කිරීමක් නොකරයි. රෝගියාගේ කැමැත්ත පරිදි මුදලක් පරිත්‍යාග කිරීමට හැක. එය ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට සහ සේවක පඩි නඩි ගෙවීමට ඔවුන් වෙත දක්වන සහයෝගයකි. (ර)

:       0       1

බණ්ඩාර -කැකිරාව Tuesday, 27 September 2016 12:17 PM

කැකිරාවේ අපිටනම් හොරිවිල වෙදපරම්පරව මහගු සම්පතක් , බටහිර වෙදකමට සුවකිරීමට නොහැකි ලෙඩ්ඩු විශාල ප්‍රමාණයක් මේ වෙදකම් වලින් සම්පුර්න සුවය ලබා තියෙනවා. මේ වේද පරපුර අතිතයේ පටන්ම නොමිලේ ප්‍රතිකාර කරනලදී. මම දන්නා පරිදි හොරිවිල හේරත්හාමි වෙද මහතා මියයාමට පෙර තම දරුවන්ට උපදෙස් දුන්නාලු,අහල ගම් හතකින්වත් කිසිදු සතයක් නොගෙන නොමිලේම වෛද්‍ය සේවාව ලබාදෙන්න කියලා, (බ)

:       0       0

සුනිල් විජේසේන Friday, 30 September 2016 06:58 AM

මම හොඳට දන්නා මිහිපිට දෙවිකෙනෙක් ඔබතුමාට දීර්ඝායුෂ පතමි (බ)

:       1       22

ලීල් Saturday, 01 October 2016 09:57 AM

මෙතුමන්ලා කරන්නේ උතුම් සේවයක්. ඔබ සැමට තුණුරුවන්ගේ පිහිට ලැබේවා! (නි)

:       0       5

බණ්ඩාර Thursday, 29 September 2016 04:09 AM

මෙම ලිපියේ සඳහන් කැස්ස පැණිය ලබාගන්නේ කෙසේද ? (බ)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 264 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 791 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site