1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.


 

 

ඉන්දු-ලංකා ගිවිසුමට වසරක් පිරෙන දිනය හා ජනතා විමුක්ති පෙරමුණේ තහනමට වසර පහක් පිරීම සනිටුහන් කරමින් 1988 ජූලි 29 හා 30 රට පුරා පැය 48ක විරෝධතාවක් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද අතර, එය ඉතාමත් සාර්ථක විය.


එසේම 1988 අගෝස්තු මාසයේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ සුමිත් අතුකෝරාල සහෝදරයා පුත්තලම් දිස්ත්‍රික්කයේ මාරවිලදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන වධ දී මරා දැමීමට එරෙහිව රට පුරා විරෝධතාවක් දියත් විය. එම ජාතික විරෝධතා ව්‍යාපාරය ඉතාම සාර්ථක විය. එහිදී ඊට සමගාමීව වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ගේ කැරැල්ලක්ද ඇතිවිය. 1988 නොවැම්බර් 03 දින වැලිකඩ හිරගෙදර සිරකරුවන් විසින් කැරැල්ලක් ආරම්භකොට සිරගේ ඇතුළත පාලනය ඔවුන් අතට ගන්නා ලදී. මෙම පක්ෂයේ මෙහෙයවීම මත සිදුවූවක් නොවීය. දින කිහිපයකට පසු මෙම කැරැල්ල මැඩපවත්වනු ලැබීය. ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීම දිගටම සිදු කරගෙන ගියේය. 


1988 සැප්තැම්බර්හිදී විජේදාස ලියනාරච්චි සහෝදරයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන වධ දෙනු ලැබ බටලන්ද වධාකාගාරයට ගෙන ඒමෙන් පසුව 1988 සැප්තැම්බර් 12 වැනිදා ඝාතනය කරන ලදී. ඊට එරෙහිවද ජාතික ශෝක දිනයක් නම්කොට රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් විය. එසේම උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට එරෙහිව 1988 සැප්තැම්බර් 10 රට පුරා හාර්තාල් ව්‍යාපාරයක් දියත් විය. මෙලෙස විවිධ ජනතා විරෝධී සිදුවීම්වලදී විශාල ජන සහභාගිත්වයක් සහිතව විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ අතර, ශිෂ්‍ය උද්ඝෝෂණ, පංති වර්ජන හා කම්කරු පංති සටන්ද සිදු කෙරිණි. 1988 ඔක්තෝබර් 26 සමස්ත මහා සංකේත වැඩවර්ජනය ඊට නිදසුන්ය.


ජනතා විමුක්ති පෙරමුණ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් තීව්‍ර වෙද්දී ආණ්ඩුව තම ප්‍රතිවිප්ලවීය ක්‍රියාවලිය ද උත්සන්න කළේය. මෙහිදී නිල සන්නද්ධ හමුදා හා ජනතා විමුක්ති පෙරමුණ අතර බරපතළ ප්‍රතිවිරෝධයක් නොවූයෙන් ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පොදුවේ යොදා ගැනීමට නොහැකිවීම නිසා ආණ්ඩුව විවිධ නිල නොවන ඝාතන කල්ලි නොඩනැගීය. එක්සත් ජාතික පාක්ෂිකයන් හා එජාපයට හිතවත් හමුදා නිලධාරින් යොදා ගනිමින් ගොඩනැගූ “කොළ කොටි” සංවිධානය හා “වමේ” කණ්ඩායම් යොදා ගනිමින් ගොඩනැගූ “ප්‍රා” :ඡරර්* වැනි මිනීමරු සංවිධාන එහිදී පෙරමුණේ විය.

 

ජනතා විමුක්ති පෙරමුණ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් තීව්‍ර වෙද්දී ආණ්ඩුව තම ප්‍රතිවිප්ලවීය ක්‍රියාවලිය ද උත්සන්න කළේය. මෙහිදී නිල සන්නද්ධ හමුදා හා ජනතා විමුක්ති පෙරමුණ අතර බරපතළ ප්‍රතිවිරෝධයක් නොවූයෙන් ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පොදුවේ යොදා ගැනීමට නොහැකිවීම නිසා ආණ්ඩුව විවිධ නිල නොවන ඝාතන කල්ලි නොඩනැගීය. එක්සත් ජාතික පාක්ෂිකයන් හා එජාපයට හිතවත් හමුදා නිලධාරින් යොදා ගනිමින් ගොඩනැගූ “කොල කොටි” සංවිධානය හා “වමේ” කණ්ඩායම් යොදා ගනිමින් ගොඩනැගූ “ප්‍රා” වැනි මිනීමරු සංවිධාන එහිදී පෙරමුණේ විය.


දේශප්‍රේමී ජනතා ව්‍යාපාර ද මේ අතර හමුදා කඳවුරුවලට හා පොලිසි ගණනාවකට ඇතුළුවී අවි ලබා ගත් අතර, ඒ අවස්ථාවලදී පුද්ගල හානි අවම කිරීමට ද පියවර ගෙන තිබිණි. එවැනි මෙහෙයුම් අතර 1987 සැප්තැම්බර් 26 තල්ගස්වල හමුදා කඳවුරටත්, 1987 ඔක්තෝබර් 04 කල්ලාර් හමුදා කඳවුරටත්, 1987 ඔක්තෝබර් 31 පන්නල හමුදා කඳවුරටත්, 1987 දෙසැම්බර් 30 කහවත්ත පොලිසියටත්, 1988 අප්‍රේල් 22 කටුනායක ගුවන් හමුදා කඳවුරටත් (දෙවැනි වරට) 1988 නොවැම්බර් 01 වත්තල පොලිසියටත් එල්ල කළ ප්‍රහාර ද විය. 


මීට අමතරව රටපුරා තවත් පොලිසි ගණනාවකින් අවි පැහැරගෙන තිබිණි. එසේම 1988 දෙසැම්බර් 13 වනදා මැගසින් බන්ධනාගාරයට ප්‍රහාර එල්ලකර එහි සිටි දේශපාලන සිරකරුවන් මුදා ගැනීමද වැදගත් සිදුවීමක් විය. මීට අමතරව විවිධ රැඳවුම් කඳවුරුවලින් පලායාමේ සිදුවීම් ද තිබිණි. ඒ අතර ප්‍රධාන එකක් වූයේ පැලවත්ත රැඳවුම් කඳවුර ඇතුළේ සිට ඉන් පිටතට කපාගත් උමගකින් විටින් විට රඳවා සිටි පිරිස් පලා යාමය.


මේ වන විට ආණ්ඩුවේ බොහෝ මැති ඇමැතිවරුද නිල නොවන සන්නද්ධ කණ්ඩායම් හා වධකාගාර පවත්වාගෙන ගියහ. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බොහෝදෙනා ඒවා තුළදී වධදී මරා දමනු ලැබීය. ඒ අතරින් දරුණු ඝාතන වූයේ 1988 ඔක්තෝබර් අගදී වෛද්‍ය ශිෂ්‍යයකු වූ ත්‍රීමා විතානත් ඔහු සමග පැහැර ගත් රංජිත් හා බන්දුවර්ධන යන අය වධදී මරා දැමීමය. ඊට රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයකු වූ සුසන්ත පුංචිනිලමේ සම්බන්ධවී තිබුණු බව කියැවේ. මෙම ඝාතනයන්ට එරෙහිව 1988 නොවැම්බර් 03 වැනිදා දැවැන්ත විරෝධතා ව්‍යාපාර ඇතිවූ අතර ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු විශාල ජනතාවකගේ සහභාගිත්වය සහිතව ත්‍රීමා විතාරණගේ අවමඟුල් කටයුතු කොළඹදී සිදු කරනු ලැබීය.


දේශද්‍රෝහී, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මිනීමරු එජාප පාලනය පරාජය කිරීම සඳහා එක්සත් පෙරමුණක් ගොඩනැගීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ හා තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර සාකච්ඡා ආරම්භ වූයේය. මේ තත්ත්වය යටතේ 1988 අග භාගයේදී ආරම්භ වූ මෙම සාකච්ඡා ජාතිය ගලවා ගැනීමේ එක්සත් පෙරමුණක් ගොඩනැගීම ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් සමඟ සිදු කරනු ලැබීය. ආණ්ඩුව 1988 අග ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කළේ මෙම වටපිටාව තුළය.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි.