මැද මුලන මහ ගෙදර ලොකු අයියාගේ කතාව 03

 

මුල්කිරිගල අතුරු මැතිවරණ ව්‍යාපාරය අරක්ගත්තේ නැවතත් එක්සත් ජාතික පක්ෂයේ මැර බලයයි. එපමණකින් නොනැවතුණු එය මැතිවරණ දිනයේ දී රාජ්‍ය බලයේ යකඩ හස්තයට නතු වූ නිලධාරිවාදයට ද යට විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරගකරුවා වූ චමල් රාජපක්ෂ අමරසිරි දොඩංගොඩ මහතා සමග ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයට ගිය ද ඡන්ද රාජකාරියේ සිටි නිලධාරින් හදිසියේ මාරු කෙරුණේ ඒ නිසාය. කොළඹ සිටි මුල්කිරිගල මැතිවරණයට අත ගසන්නට පැමිණි කණ්ඩායමේ ප්‍රධානියා වූ ඔස්ටින් ප්‍රනාන්දු සිය පාසල් මිතුරන් වූ බැවින් කාර්ය මණ්ඩල මාරුව ගැන චමල් රාජපක්ෂලා ඒ තරම් වධ වුණේ නැත. 


රාජ්‍ය මර්දනයේ කුරිරු හස්තය සමග සටන් කරමින් සම්මත ප්‍රජාතන්ත්‍රවාදයේ දී මැතිවරණ කිරීමේ නීරස අත්දැකීම් සමග තම පළමු මැතිවරණ ප්‍රතිඵලයට මුහුණ දෙන්නට චමල් රාජපක්ෂට සිදුවිය. ඡන්ද එක්දහස් තුන්සිය විසි නවයකින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආනන්ද කුලරත්න ජයගෙන තිබුණි. මුල්කිරිගල මැතිවරණ කලබල ඉදිරියට දමා තම කනිටු සොයුරා වූ මහින්ද රාජපක්ෂ රිමාන්ඞ් බාරයට ගැනීම ද චමල්ගේ සිතට සහනයක් නුදුන්නේය. එය වඩාත් පීඩාකාරී ලෙස බලපෑවේ එතුමන්ගේ මෑණියන්ටය. රාජපක්ෂ සොයුරන්ගේ ආදරණීය මෑණියන් අවසානයේ දී තම දිවිසැරිය නිමා කළේ ඒ වේදනාවෙන්මය. මෑණියන් වියෝ වන විටත් මහින්ද රාජපක්ෂ මහතා සිටියේ බන්ධනාගාරයේය. අවසානයේ දී මහින්ද රාජපක්ෂ මහතාට මෑණියන්ගේ අවමංගල්‍ය උළෙලට සහභාගිවීමේ අවස්ථාව ලබාගැනීමට එවක විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මහතාට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් පවා කරන්නට සිදුවිය. 


කෙසේ වෙතත් අතුරු මැතිවරණයෙන් චමල් ඉගෙනගත් පාඩම් ඉලක්කම් ප්‍රතිඵලයට වඩා වැඩි විය. ඉන් ප්‍රධාන කරුණ වූයේ මුල්කිරිගල ආසනයේ ගෙයක් ගෙයක් ගානේ ඇවිදින්නට ඔහුට ලැබුණු අවස්ථාවයි. එය ද ඉතාම උත්ප්‍රාසජනක අවස්ථාවක් විය. මන්දයත් ආණ්ඩුව අතුරු මැතිවරණය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කල් තැබුවේ අවස්ථාවාදයට යටවීමෙනි. චමල් රාජපක්ෂ කළේ ආණ්ඩුවේ අධිකාරිවාදය ද පෙරළා තම වාසියට හරවා ගැනීමය. ලැබුණු මාස ගණනක විරාමය මුල්කිරිගල ආසනයේ අස්සක් මුල්ලක් නෑර නිරීක්ෂණය කරන්නට ඔහු හිතාගත්තේ ඒ අනුවය. මුල්කිරිගල වැසියන් කන බොන තැන සිට හුස්ම හෙළන තැන දක්වා ජීවන රිද්මය හඳුනාගන්නටත් ආසනය සතු භෞතික හා මානව සම්පත්වල තරම මැනගන්නටත් හැකිවීම චමල් ලද විශාල දේශපාලන සමාජ අත්දැකීමක් විය. මෙසේ සිය ප්‍රදේශවාසීන්ගේ ජීවන සුවඳ හදුනාගනිමින් ගමේ දේශපාලනයට පිවිසි තරුණ චමල්ට මහින්ද රාජපක්ෂ මහතා ද රිමාන්ඞ් බාරයෙන් නිදහස් වීම යෝධ හයියක් විය. 

 

  • චමල් රාජපක්ෂට මේ අව් අස්සේ පැටවුණේ ලොකු රාජකාරියකි. ඒ මිද්දෙණිිය නගරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ රැස්වීම සංවිධානය කිරීමය. දෙපැත්තේම භීෂණය මැද වුව හැකි සියලු වැර යොදා රැස්වීම සංවිධානය කිරීමට චමල්ලා පැකිලුණේ නැත්තේ ඊට අවශ්‍ය නිර්භීතභාවයේ අඩුවක් ඔවුන්ට නොතිබුණු නිසාය. එහෙත් ජන හමුවට පෙර දිනයේ සිදුව තිබුණේ අනපේක්ෂිත දෙයකි. එවක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ ද මානව හිමිකම් ක්‍රියාධරයකු වූ ද නීතිඥ විජයදාස ලියනාරච්චි මහතා ඝාතනය කර තිබුණේ ඊට පෙරදා රාත්‍රියේය.


රාජපක්ෂ අයියා මලෝට ඊළඟ දේශපාලන සැතපුම වූයේ තවත් විශාල අභියෝගයකි. වසර තුනක පමණ වෙහෙසකර දේශපාලන වැඩවලින් පසුව 1988 දී ජනාධිපතිවරණයකට මුහුණ දීම ඒ ඉලක්කය විය. විධායක ජනාධිපති ධුරය බිහිකිරීමෙන් පසුව පැවැත්වෙන දෙවැනි ජනාධිපතිවරණය වූ මෙය පැවැත්වීමට සිදුවූයේම රට තුළ අතිශය බිහිසුණු දේශපාලන පරිසරයක් පවතිද්දීය. ඒ වනවිටත් රට පැවැතියේ හදිසි නීති තත්ත්වය යටතේය. ඊට අමතරව ඇඳිරි නීතිය ද පනවා තිබූ බැවින් තත්ත්වය තවත් නරක් විය. ජනතා විමුක්ති පෙරමුණ නැවතත් කැලෑ වැද තිබූ අතර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතුය යන්න ඔවුන්ගේ ස්ථාවරය විය. “සිය අණසකට යටත් නොවන්නේ නම් සමාවක් නොදෙන්නේය” යන්න එහි ඊළඟ පණිවුඩය විය. එහෙත් රාජපක්ෂවරුන්ට සිය ජන්ම භූමියේ දී ඊට අවනතව සැඟවන්නට නොහැකිය. එක් අතෙකින් ජවිපෙ භීෂණයයි. අනෙක් අතින් රාජ්‍ය මගින් මුදාහළ ප්‍රතිභීෂණයයි. 

 

 


චමල් රාජපක්ෂට මේ අතරේ පැටවුණේ ලොකු රාජකාරියකි. ඒ මිද්දෙනිය නගරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ රැස්වීම සංවිධානය කිරීමය. දෙපැත්තේම භීෂණය මැද වුව හැකි සියලු වැර යොදා රැස්වීම සංවිධානය කිරීමට චමල්ලා පැකිළුණේ නැත්තේ ඊට අවශ්‍ය නිර්භීතභාවයේ අඩුවක් ඔවුන්ට නොතිබුණු නිසාය. එහෙත් ජන හමුවට පෙර දිනයේ සිදුව තිබුණේ අනපේක්ෂිත දෙයකි. එවක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ ද මානව හිමිකම් ක්‍රියාධරයකු වූ ද නීතිඥ විජයදාස ලියනාරච්චි මහතා ඝාතනය කර තිබුණේ ඊට පෙරදා රාත්‍රියේය. සිය ප්‍රබල ක්‍රියාකාරිකයාගේ මරණය සැලවීමෙන් වෙඩි කෑ ඌරන් බවට පත්ව සිටි ජවිපෙ කැරැලිකරුවන්ගේ ප්‍රතිචාරය ද තවත් දරුණු වන බව කවුරුත් දැන සිටියහ. ඒ නිසාම සිය මැතිවරණ රැස්වීමේ දී කිසිවෙකුටත් හිංසාවක් නොවන පරිදි සාමකාමීව සියල්ල අවසන් වනු දැකීම චමල් රාජපක්ෂගේ අරමුණ විය. ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේම ඔවුන්ට සිය දේශපාලන රැස්වීම ගැන සන්නිවේදනය කිරීමට ඔහු පෙලඹුණේ ඒ අනුවය. රැස්වීම පවත්වන්නට නියමිත වූවේ මිද්දෙනිය නගර මධ්‍යයේය. එහෙත් හැමතැන ඇත්තේ විජයදාස ලියනාරච්චි වෙනුවෙන් ජවිපෙ එසැවූ සුදු කොඩිය. සුදු කොඩි වෙනුවට නිල් කොඩි ඔසවන්නේ කෙසේ ද? චමල් රාජපක්ෂ සිටියේ උභතෝකෝටික ගැටලුවකය.

 

 


ධාරා අබේගුණවර්ධන
ඡායාරූප අන්තර්ජාලයෙනි